අලුත් ගිවිසුම 2023
නොවැම්බර් 13–19. යාකොබ්: “නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා”


“නොවැම්බර් 13–19. යාකොබ්: ‘නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“නොවැම්බර් 13–19. යාකොබ්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යෞවනයෙකු බිත්තියක් පිරිසිඳු කරමින්

නොවැම්බර් 13–19

යාකොබ්

“නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා”

ඔබ යාකොබ්ගේ ලිපිය කියවන විට, ඔබට කැපීපෙනෙන වාක්‍ය ඛණ්ඩ කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම වචන “කරන්නෙකු” වීමට ඔබ පෙළඹී ඇත්තේ කෙසේද? (යාකොබ් 1:22).

ඔබේ හැඟීම් සටහන් කරන්න

සමහර අවස්ථා වල ශුද්ධලියවිල්ලේ එක් පදයකට පමණක් ලෝකය වෙනස් කළ හැකිය. යාකොබ් 1:5 සරල උපදෙස් මෙන් පෙනේ—ඔබට ප්‍රඥාව අවශ්‍ය නම් දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න. නමුත් 14 හැවිරිදි ජෝසෆ් ස්මිත් එම පදය කියවූ විට, “එය [ඔහුගේ] හදවතේ සෑම හැඟීමකටම බලවත් ලෙස ඇතුල් වන බවක් පෙනෙන්නට තිබුණි” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:12). මෙයින් පෙළඹවීමක් ලද, ජෝසෆ් යාකොබ්ගේ අවවාදයට අනුව ක්‍රියා කළ අතර යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ලබාගත්තේය. දෙවියන්වහන්සේ සැබවින්ම නොමසුරුව දුන් අතර, ජෝසෆ්ට මිනිස් ඉතිහාසයේ වඩාත්ම කැපීපෙනෙන ස්වර්ගීය සංචාරයක් වන—පළමු දර්ශනය ලබාදුන්නේය. මෙම දර්ශනය ජෝසෆ්ගේ ජීවිතයේ ගමන්මග වෙනස් කළ අතර පොළොවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට එය හේතුවිය. ජෝසෆ් ස්මිත් යාකොබ් 1:5 හි කියවා ක්‍රියා කළ නිසා අද අප සැම අශිර්වාදිතය.

ඔබ යාකොබ්ගේ ලිපිය අධ්‍යයනය කරන විට ඔබට සොයාගත හැක්කේ කුමක්ද? සමහරවිට පදයක් හෝ දෙකක් ඔබව හෝ ඔබ ආදරය කරන කෙනෙකුව වෙනස් කරයි. ඔබ ඔබේ ජීවිතයේ මෙහෙවර ඉටුකිරීමට උත්සාහ කරන විට ඔබට මගපෙන්වීමක් සොයාගත හැකිය. කාරුණිකව කතාකිරීමට හෝ වඩා ඉවසිලිවන්තව කටයුතු කිරීමට ඔබට දිරිගැන්වීමක් ලැබිය හැකිය. ඔබේ ක්‍රියාවන් ඔබේ ඇදහිල්ල සමඟ වඩා හොඳින් සමපාත කිරීමට ඔබ පෙලඹිය හැකිය. ඔබව පෙලඹවූ දේ කුමක් වුවත්, මෙම වචන වලට “ඔබේ හදවතේ සෑම හැඟීමකටම ඇතුල්වන්නට” ඉඩදෙන්න. ඉන්පසුව, ඔබ “නිහතමානීව … වචනය පිළිගන්නා විට,” යාකොබ් ලියා ඇති පරිදි, අසන්නෙකු පමණක් නොව, වචනය පිළිපදින්නෙකු වන්න (බලන්න යාකොබ් 1:21–22).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යාකොබ් යනු කව්ද?

යාකොබ්ගේ ලිපියේ කතුවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව වූ මරියාගේ පුත්‍රයෙකු බවත්, එබැවින් ගැලවුම්කරුවාණන්ගේ අර්ධ සහෝදරයෙකු බවත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මතෙව් 13:55; මාර්ක් 6:3; ක්‍රියා 12:17; 15:13; 21:18; සහ ගලාති 1:19; 2:9 හි යාකොබ් පිළිබඳ සඳහන් වේ. යාකොබ් යෙරුසලමේ සභාවේ නායකයෙකු වූ අතර ඔහුව ප්‍රේරිතයෙකු ලෙස කැඳවා තිබූ බව මෙම ශුද්ධලියවිලි පද වලින් පෙනේ (බලන්න ගලාති 1:19).

යාකොබ් 1:2–4; 5:7–11

ඉවසිලිවන්ත විඳදරාගැනීම පරිපූර්ණත්වයට මගපාදයි.

යාකොබ් 1:2-4; 5:7–11 කියවීමෙන් පසු, ඉවසීම පිළිබඳ යාකොබ්ගේ ප්‍රධාන පණිවිඩය කුමක් යැයි ඔබ කියන්නේද? වැඩිහිටි ජෙරමි ආර්. ජග්ගිගේ පවුලේ අය මෙම පද වලින් ඉවසීම ගැන ඉගෙනගත්තේ කුමක්දැයි මෙනෙහි කිරීම උපකාර විය හැකිය (බලන්න “ඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදී, ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න!,” ලියහෝනා, නොවැ. 2020, 99–101). ඉවසීමේ “පරිපූර්ණ කාර්යය” කුමක්ද? (යාකොබ් 1:4). ඔබ ඉවසිලිවන්ත වීමට කැමති බව ස්වාමින්වහන්සේට ඔබ පෙන්වන්නේ කෙසේද?

යාකොබ් 1:3–8, 21–25; 2:14–26; 4:17

ඇදහිල්ලට ක්‍රියාව අවශ්‍යයි.

ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තිබෙනවාදැයි ඔබ දන්නේ කෙසේද? ඔබේ ක්‍රියාවන් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල පෙන්නුම් කරන්නේ කෙසේද? ඇදහිල්ල පිළිබඳ යාකොබ්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්න ගැන සිතන්න. යාකොබ් සඳහන් කළ උදාහරණ දෙකක් වන, ආබ්‍රහම් සහ රාහාබ් ගැන කියවීමද සිත්ගන්නාසුළු වියහැකිය (බලන්න උත්පත්ති 22:1–12; යොෂුවා 2). ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් ඇති බව ඔවුන් පෙන්වූයේ කෙසේද?

යාකොබ් 1:3–8, 21-25; 2: 14–26; 4:17 කියවීම, ඔබට වචනයට අනුව හොඳින් ක්‍රියාකළ හැකි ක්‍රම ගැන සිතීමට උපකාරී වේ. ඔබට ලැබෙන ඕනෑම පෙළඹවීමක් සටහන් කර, ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්න.

තවත් බලන්න ඇල්මා 34:27–29; 3 නෙපි 27:21.

රූපය
ආබ්‍රහම් තම කූඩාරමෙන් පිටත යාච්ඤා කරමින්

“ආබ්‍රහම් දෙවියන්වහන්සේව විශ්වාස කළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය” (යාකොබ් 2:23). ග්‍රාන්ට් රොම්නි ක්ලවුසන් විසින්, Abraham on the Plains of Mamre [ආබ්‍රහම් මාමරේ තැනිතලාව මත]

යාකොබ් 1:263:1–18

මා කතා කරන වචන වලට අන් අයට රිදවීමට හෝ ආශිර්වාද කිරීමට බලය ඇත.

යාකොබ් සිය ලිපිය පුරාම භාවිතා කළ පොහොසත් නිරූපණයන් අතර, ඔහුගේ වඩාත් විචිත්‍රවත් භාෂාව, භාෂාව පිළිබඳ ඔහුගේ උපදෙස් වලින් සොයාගත හැකිය. යාකොබ් දිව හෝ මුඛය විස්තර කළ සියලු ආකාර පිළිබඳ ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. අප කතා කරන වචන ගැන එක් එක් සංසන්දනය හෝ රූපය යෝජනා කරන්නේ මොනවාද? ඔබේ වචන වලින් කෙනෙකුට ආශිර්වාද කිරීම සඳහා ඔබට කළ හැකි දෙයක් ගැන සිතන්න (බලන්න දහම සහ ගිවිසුම් 108:7).

යාකොබ් 2:1–9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වශයෙන්, සියලු මිනිසුන්ගේ තත්වයන් නොසලකා මම ඔවුන්ට ප්‍රේම කළ යුතුයි.

යාකොබ් ශුද්ධවන්තයන්ට විශේෂයෙන් අනතුරු ඇඟවූයේ ධනවතුන්ට අනුග්‍රහය දැක්වීමට හා දුප්පතුන් හෙළාදැකීමට එරෙහිවය, එහෙත් ඔහුගේ අනතුරු ඇඟවීම අන් අය කෙරෙහි අපට ඇති ඕනෑම පක්ෂග්‍රාහී හෝ අගතියකට අදාළ වේ. ඔබ යාකොබ් 2:1–9 යාච්ඤාපූර්වකව අධ්‍යයනය කරන විට, ඔබේම හදවත සොයන්න සහ ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් වලට සවන්දෙන්න. ඔබ අසාධාරණ ලෙස විනිශ්චය කිරීමට පෙළඹිය හැකි කෙනෙකු විස්තර කරන වෙනත් වචන හෝ වාක්‍ය ඛණ්ඩ සමඟ “නීච වස්ත්‍ර හැඳගත් දුප්පත් මිනිසෙක්” (2 වන පදය) වැනි පද වල ඇති වාක්‍ය ඛණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීම උපකාර විය හැක. ඔබ අන් අයට සලකන ආකාරයට හෝ සිතන ආකාරයට කළ යුතු වෙනස්කම් ඔබට දැනෙනවාද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

යාකොබ් 1:5.යාකොබ් 1:5 කියවීමෙන් පසු, ඔබේ පවුලේ අයට පළමු දර්ශනය පිළිබඳ වාර්තාව සාරාංශ කළ හැකිය ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා පිළිබඳ සාක්ෂි සහ ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරු දුන් ආකාරය බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

යාකොබ් 1:26–27. ඉන්පසු යාකොබ් 1:26–27 හි යාකොබ්ගේ “නිර්මල ආගම” පිළිබඳ අර්ථදැක්වීම කියවා, ඔබේ පවුලට ඔබගේ ආගමේ භාවිතාව වඩාත් පිරිසිඳු කිරීමට හැකි ක්‍රම සාකච්ඡා කරන්න.

යාකොබ් 3.ඔබේ පවුලේ අයට කාරුණිකව කථා කිරීමට මතක තබාගැනීමට මතක තබාගත හැකි භාණ්ඩ යොදාගන්නා පාඩම් සඳහා පෙළඹවිය හැකි බොහෝ රූප යාකොබ් 3 හි ඇතුළත් වේ. නිදසුනක් වශයෙන්, ඔබට එකට ගින්නක් ගොඩනඟා කුඩා, අකාරුණික වචනයක් විශාල ගැටලුවක් ඇතිකළ හැකි ආකාරය ගැන කතා කළ හැකිය (5–6 පද බලන්න). හෝ පැණි බඳුනක ලෙමන් යුෂ වැනි—සාමන්‍යයෙන් පැණි රස ආහාරයක් සඳහා ඇඹුල් යමක් දමා ඔබට ලබාදිය හැකිය. මෙය මිහිරි සහ උසස් වචන භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡාවකට තුඩුදිය හැකිය (9–14 පද බලන්න).

යාකොබ් 4:5–8.අපි පරීක්ෂාවන්ට මුහුණදෙන විට අපි “දෙවියන්වහන්සේට ලංවිය යුත්තේ” (යාකොබ් 4:8) ඇයි?

යාකොබ් 5:14–16.සභාපති ඩැලන් එච්. ඕක්ස් ඉගැන්වූයේ “දෙමව්පියන් පවුල තුළ පූජකවර ආශිර්වාද වැඩියෙන් ලබාගැනීමට දිරිමත් කළ යුතු බවයි” (“පූජකවරයේ බලයන්,” ලියහෝනා, මැයි 2018, 67). සමහරවිට යාකොබ් 5:14–16 කියවීම සහ පූජකත්ව ආශිර්වාදයක් ලැබීම පිළිබඳ අත්දැකීම් බෙදාගැනීම තුළින් පවුලේ සාමාජිකයන් අසනීප වූ විට හෝ ආත්මික ශක්තියක් අවශ්‍ය වූ විට ආශිර්වාදයක් ඉල්ලා සිටීමට දිරිගැන්විය හැකිය.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබ ඉගෙනගන්නා දේ අනුව ක්‍රියාකරන්න. ඔබ අධ්‍යයනය කරන විට, ඔබ ඉගෙනගන්නා දේ ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ආත්මයාණන්ගෙන් ලැබෙන පෙළඹවීම් වලට සවන්දෙන්න. මෙම ඉල්ලීම් පිළිපැදීමටත් ශුභාරංචියට අනුව වඩාත් හොඳින් ජීවත්වීමටත් කැපවන්න. (බලන්න Teaching in the Savior’s Way35.)

රූපය
ජෝසෆ් ස්මිත් බයිබලය කිවමින්

“දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න” (යාකොබ් 1:5) යන යාකොබ්ගේ අවවාදය නිසා ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ලබාගැනීමට පෙලඹුණි. ඡායාරූපය ක්‍රිස්ටිනා ස්මිත් විසිනි.

මුද්‍රණය කරන්න