අලුත් ගිවිසුම 2023
නොවැම්බර් 6–12. හෙබ්‍රෙව් 7–13: “මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්”


“නොවැම්බර් 6–12. හෙබ්‍රෙව් 7–13: ‘මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“නොවැම්බර් 6–12. හෙබ්‍රෙව් 7–13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

රූපය
මෙල්කිසදෙක් ආබ්‍රම් හට ආශිර්වාදයක් ලබාදෙමින්

වෝල්ටර් රනේ විසින්, Melchizedek Blesses Abram [මෙල්කිසදෙක් ආබ්‍රම්ව ආශිර්වාද කිරීම] කලාකරුවාගේ ත්‍යාගය

නොවැම්බර් 6–12

හෙබ්‍රෙව් 7–13

“මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්”

ඔබ හෙබ්‍රෙව් 7–13 කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ඔබට හැඟීම් ලැබිය හැකිය. ඒවා සටහන් කරගත හැකි ක්‍රම ගැන සලකා බලන්න; උදාහරණයක් ලෙස, ඔබට ඒවා මෙම ආකෘතිය තුළ, ඔබේ ශුද්ධලියවිලි මායිම් වල, හෝ සටහන් පොතක හෝ දිනපොතක සටහන් කළ හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් පවා ඇතැම් විට ඔවුන්ගේ ආත්මවිශ්වාසය සෙලවිය හැකි “නින්දා සහ පීඩා” විඳිති (බලන්න හෙබ්‍රෙව් 10:32–38). ක්‍රිස්තිස්යානි ආගමට හැරුණු යුදෙව්වන් ඔවුන්ගේ නව ඇදහිල්ල නිසා දරුණු පීඩා විඳින බව පාවුල් දැනසිටියේය. ඔවුන්ගේ සාක්ශියට සත්‍යවන්තව සිටීමට ඔවුන්ව දිරිගැන්වීම සඳහා, ඔවුන්ගේ ඉතිහාසයෙන්ම විශ්වාසවන්ත ඇදහිලිවන්තයන්ගේ දීර්ඝ ඉතිහාසය ඔහු ඔවුන්ට මතක්කර දුන්නේය: ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා, යෝසෙප්, මෝසෙස්—වැනි “මහත් සාක්ශිකාර සේනාවක්” තුළින් දෙවියන්වහන්සේගේ පොරොන්දු සත්‍ය බව සහ ඒ සඳහා බලාසිටීම වටින බව මතක්කර දුන්නේය (බලන්න හෙබ්‍රෙව් 11; 12:1). මේ සම්ප්‍රදාය ඔබේද වේ. එය “අපගේ ඇදහිල්ලේ කතුවරයා සහ නිමකරන්නා [ලෙස] යේසුස්වහන්සේ දෙස බලන” සියලුදෙනා විසින් බෙදාගත් ඇදහිල්ලේ උරුමයකි. (හෙබ්‍රෙව් 12:2). විපත්තීන් අපට “පසුබසින්න” ඉඩ සැලැස්සුවද, ඒ වෙනුවට, උන්වහන්සේ නිසා, අපට “ඇදහිල්ල පිළිබඳ පූර්ණ සහතිකයකින් යුත් සැබෑ හදවතක් සමග ලංවිය හැකිය” (හෙබ්‍රෙව් 10:22, 38). අපට මෙන්ම, පුරාණ ශුද්ධවන්තයින්ටද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ “මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයාය” (හෙබ්‍රෙව් 9:11).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හෙබ්‍රෙව් 7

මෙල්කිසදෙක් පූජකවරය මාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරයි.

ශතවර්ශ ගණනාවක සිට, යුදෙව්වරුන් ලෙවීගේ පූජකවරය ක්‍රියාත්මක කළ අතර එය ආරෝනික පූජකවරය ලෙසද හඳින්වේ. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වයත් සමඟ එයටත් වඩා උසස් ආශිර්වාද පිරිනැමෙන, උසස්ම මෙල්කිසදෙක් පූජකවරයේ නැවත පිහිටුවීම පැමිණියේය. හෙබ්‍රෙව් 7 හි ඔබ මෙල්කිසදෙක් පූජකවරය ගැන ඉගෙනගන්නේ මොනවාද? සියලුම ශුද්ධලියවිලි මෙන්—මෙම ලිපියේ අරමුණ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීම බව මතකතබා ගනිමින්, ඔබට උන්වහන්සේ ගැන සාක්ෂි දෙන ඡේද සටහන් කළ හැකිය.

ඔබට සොයාගත හැකි වෙනත් සත්‍යයන් කිහිපයක් සඳහා උදාහරණ මෙන්න:

  • මෙල්කිසදෙක් පූජකවරය සඳහා නියමකරනු ලබන අය “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ට සමාන වන අතර” සදාකාලිකවම පූජකයන් වේ (බලන්න හෙබ්‍රෙව් 7:3, 21).

  • හෙබ්‍රෙව් 7:11: ලෙවීගේ පූජකවරය තුලින් “සම්පූර්ණත්වය” පිරිනොනැමෙන අතර එනිසා එය මෙල්කිසදෙක් විසින් අවලංගු කරන ලදි (බලන්න දහම සහ ගිවිසුම් 84:18–22).

  • හෙබ්‍රෙව් 7:20–21: මෙල්කිසදෙක් පූජකවරය ලැබෙන්නේ “දිවුරුම් දීමක් සහ ගිවිසුමක්” තුළින්ය (බලන්න දහම සහ ගිවිසුම් 84:33–44).

මෙල්කිසදෙක් පූජකවරයෙන් සහ ඒ ආශ්‍රිත නියෝග වලින් ඔබට ලැබී ඇති ආශිර්වාද මොනවාද? (දහම සහ ගිවිසුම් 84:20). ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට මෙල්කිසදෙක් පූජකවරය ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?

තවත් බලන්න ඇල්මා 13:1–13; දහම සහ ගිවිසුම් 121:36–46; රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික වස්තූන්,” ලියහෝනා, නොවැ. 2019, 76–79; ඩැලන් එච්. ඕක්ස්, “මෙල්කිසදෙක් පූජකවරය සහ යතුරු,” ලියහෝනා, මැයි 2020, 69–72.

හෙබ්‍රෙව් 9; 10:1–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරන පුරාණ සහ නූතන නියෝග.

මෙම සංදේශයේ මුල් හෙබ්‍රෙව් පාඨකයන්ට පුරාණ මණ්ඩපය සහ පාවුල් විස්තර කළ නියෝග ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඇත. නමුත් මෙම නියෝග වල අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට යොමුකිරීම බව සමහරුන් සම්පූර්ණයෙන්ම තේරුම්ගත්තේ නැත.

බයිබලානුකූල කාල වලදී, වන්දිගෙවීමේ දවස ලෙස හැඳින්වුන වාර්ශික නිවාඩුවකදී, උත්තම පූජකයෙක් යෙරුසලමේ දේවමාළිගාවේ ශුද්ධම වූ (හෝ ශුද්ධ දේවලත් ශුද්ධම වූ) ස්ථානයට ඇතුලුවී ඊශ්‍රායෙල්වරුන්ගේ පව් වලට වන්දිගෙවීමක් පිණිස එළුවෙකු හෝ බැටළුවෙකු පූජාකරයි.

ඔබ මෙම නියෝගය පිළිබඳ පාවුල්ගේ විස්තරය කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ මෙහෙයුම ඔබට වඩා හොඳින් අවබෝධ කරගැනීමට උපකාර වන සංකේත සහ ඉගැන්වීම් සොයන්න.

අද අප සහභාගී වන නියෝග පාවුල්ගේ කාලයේ තිබූ ඒවාට වඩා වෙනස්ය, නමුත් ඒවායේ අරමුණ එකමය. අද ඇති නියෝග ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නේ කෙසේද?

හෙබ්‍රෙව් 11

ඇදහිල්ලට දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය වේ.

ඇදහිල්ල නිර්වචනය කිරීමට කෙනෙකු ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, ඔබ කියන්නේ කුමක්ද? ඈන් සී. පින්ග්‍රී සහෝදරිය ඇදහිල්ල පිළිබඳ මෙම නිර්වචනය ලබාදීම සඳහා හෙබ්‍රෙව් 11 වෙතින් භාෂාව ලබාගත්තාය: “‘දුරින්’ පෙනෙන නමුත් මේ ජීවිතයේදී ලඟා කරගත නොහැකි පොරොන්දු වලින් සීත සනසවා ගැනීම අධ්‍යාත්මික හැකියාවකි” (“Seeing the Promises Afar Off,” Liahona, Nov. 2003, 14).

හෙබ්‍රෙව් 11 හි අදහස් මෙනෙහි කරන අතරතුර ඇදහිල්ලට ඔබේම අර්ථකතනයක් ගොඩනැගීම සලකා බලන්න. මෙම පරිච්ඡේදයේ සඳහන් වන මිනිසුන්ගේ ආදර්ශයන් ඔබට ඇදහිල්ල පිළිබඳව උගන්වන්නේ මොනවාද? (තවත් බලන්න ඊතර් 12:6–22).

ඔබ “දුරින්” දකින පොරොන්දු මොනවාද? ඔබ “ඒවායින් ඒත්තු ගැන්වී ඇති බවත්, ඒවා ප්‍රිය කරන බවත්” ස්වාමින්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද? (හෙබ්‍රෙව් 11:13).

තවත් බලන්න ඇල්මා 32:21, 26–43.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

හෙබ්‍රෙව් 10:32–36.සත්‍ය සමඟ “ආලෝකමත්” වූ බවක් හැඟෙන විට අධ්‍යාත්මික අත්දැකීම් බෙදාගැනීමට ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය. පරීක්ශා හෝ සැකසහිත කාල වලදී “[අපගේ] ආත්ම විශ්වාසය අත්නොහැර සිටීමට” මෙම අත්දැකීම් අපට උපකාර වන්නේ කෙසේද?

හෙබ්‍රෙව් 11.හෙබ්‍රෙව් 11 හි සඳහන් ඇදහිලිවන්ත උදාහරණ වලින් ඉගෙනගැනීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට ඔබ උපකාර කරන්නේ කෙසේද? මෙම උදාහරණ කිහිපයක කතන්දර රඟදැක්වීම විනෝදජනක විය හැකිය. නැතිනම් මුතුන්මිත්තන්, සභාවේ නායකයන්, සහ ප්‍රජාවේ සාමාජිකයන්ද ඇතුලුව—ඔබ දන්නා ඇදහිලිවන්ත පුද්ගලයින්ගේ උදාහරණ ඔබේ පවුලට සාකච්ඡා කළ හැකිය.

හෙබ්‍රෙව් 12:2.මෙම පදයට අනුව, යේසුස්වහන්සේ කුරුසිය මත දුක සහ වේදනාව දරාගැනීමට කැමති වූයේ ඇයි? අපගේ පරීක්ශාවන් විඳදරාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙය අපට උගන්වන්නේ කුමක්ද?

හෙබ්‍රෙව් 12:5–11.ස්වාමින්වහන්සේ අපව තරවටු කරමින් නිවැරදි කරන්නේ ඇයි? ස්වාමින්වහන්සේ තරවටු කරන ආකාරය ගැන මෙම පද වල අප දකින්නේ කුමක්ද? මෙම පද අප තරවටු ලබාදෙන හෝ ලබාගන්නා ආකාරයට බලපෑමක් ඇතිකරන්නේ කෙසේද?

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ශුද්ධාත්මයාණන්වහන්සේට ආරාධනා කිරීමට සහ දහම ඉගෙනගැනීමට සංගීතය භාවිතා කරන්න. “[අපව] වඩාත් අධ්‍යාත්මික දෙසට යොමුකිරීමට සංගීතයට අසීමිත බලයක් ඇති” බව පළමු සභාපතිත්වය පවසයි (“First Presidency Preface,” Hymns, x). සමහරවිට හෙබ්‍රෙව් 11 ට අදාළ ඇදහිල්ල පිළිබඳ ගීතයක් පවුල් සාකච්ඡාවකට අතිරේකයක් වනු ඇත.

රූපය
පුරාණ යෙරුසලමේ ආකෘතියක්

පුරාණ දේවමාළිගාවේ සංකේත සහ නියෝග මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භූමිකාව ගැන ඉගැන්වීය.

මුද්‍රණය කරන්න