අලුත් ගිවිසුම 2023
ඔක්තෝම්බර් 9–15. පිලිප්පි; කොලොස්සි: “මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන”


“ඔක්තෝම්බර් 9–15. පිලිප්පි; කොලොස්සි: ‘මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“ඔක්තෝම්බර් 9–15. පිලිප්පි; කොලොස්සි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පාවුල් සිරගෙයි සිට ලිපියක් කියවමින්

ඔක්තෝම්බර් 9–15

පිලිප්පි; කොලොස්සි

“මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන”

අලුත් ගිවිසුම අධ්‍යයනය කිරීමේදී ඔබ වාර්තා කර ඇති අධ්‍යාත්මික හැඟීම් අවසන් වරට ඔබ කියවූයේ කවදාද? ඔබට ලැබෙමින් පවතින පෙළඹවීම් නැවත සිතාබැලීම ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් රෝමයේ සිරකරුවෙකුව සිටියදී පිලිප්පිවරුන්ට සහ කොලොස්සිවරුන්ට ඔහුගේ ලිපි ලිවීය. නමුත් මෙම ලිපි වල සිරගෙදර සිටින අයෙකුගෙන් ඔබ අපේක්ෂා කළ හැකි විලාසයක් නොමැත. පාවුල් දුක් පීඩා හා පරීක්ශා ගැන කළාට වඩා සතුට, ප්‍රීතිවීම, හා ස්තූති දීම ගැන කතා කළේය: “ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන සේක,” ඔහු පැවසීය, “මම ඊට ප්‍රීති වෙමි, එසේය, තවත් ප්‍රීති වන්නෙමි” (පිලිප්පි 1:18). එමෙන්ම “මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථීරකමත් බලමින් ප්‍රීති වෙමි” (කොලොස්සි 2:5). නිසැකවම, අසීරු කාල වලදී පාවුල් අත්විඳි “දෙවියන්වහන්සේගේ සමාදානය, කිසි නුවණකින් දැනගත නොහැකිය” (පිලිප්පි 4:7), නමුත් එය යථාර්ථයක් විය. අපගේම පරීක්ෂා වලදී, අපට මෙම සමාදානයම දැනෙන අතර “ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීති විය හැකිය” (පිලිප්පි 4:4). “අපගේ ගැලවීම ඇති තැනැන්වහන්සේ” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රඳාසිටීමට, පාවුල් කලාක් මෙන් අපටද කළ හැකිය (කොලොස්සි 1:14). පාවුල් පැවසුවාක් මෙන් අපටද, “මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන” කියා පැවසිය හැකිය (පිලිප්පි 4:13; තවත් බලන්න කොලොස්සි 1:11).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

පිලිප්පි 2:5–11; කොලොස්සි 1:12–23

මගේ ඇදහිල්ල පදනම් වී ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මතය.

සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවේ, ඔහු තම ශුද්ධලියවිලි අධ්‍යයනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පද කෙරෙහි යොමුකළ විට, එය ඔහුට කෙතරම් බලපෑමක් ඇති කළාදයත්, ඔහුට “වෙනස් මිනිසෙකු!” ලෙස හැඟී ගිය බවයි. (“Drawing the Power of Jesus Christ into Our Lives,” Liahona, May 2017, 39). ඔබ පිලිප්පි සහ කොලොස්සි කියවන විට ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීම සලකා බලන්න (විශේෂයෙන් බලන්න පිලිප්පි 2:5–11; කොලොස්සි 1:12–23). ගැලවුම්කරුවාණන් ගැන ඔබ ඉගෙනගත්තේ මොනවාද? මෙම සත්‍යයන් ඔබට “වෙනස් පිරිමියෙකු” හෝ කාන්තාවක් වීමට උපකාර කරන්නේ කෙසේද?

පිලිප්පි 2:12–13

අපි “[අපගේම] ගැලවීම ඉෂ්ටකර ගන්නේද”?

සමහර අය “නුඹලාගේම ගැලවීම ඉෂ්ටකර ගනින්න” (පිලිප්පි 2:12) යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කරන්නේ අප ගැලවීම ලබන්නේ අපගේම උත්සාහයෙන් පමණක් යන අදහසට සහය දැක්වීම සඳහාය. තවත් සමහරු පාවුල්ගේ “ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය” (එපීස 2:8) යන ඉගැන්වීම භාවිතා කරමින් ගැලවීම සඳහා කිසිඳු ක්‍රියාවක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරති. කෙසේවෙතත්, ගැලවීම ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වරප්‍රසාදය සහ පුද්ගලික උත්සාහය යන දෙකෙහිම අවශ්‍යතාවය පාවුල්ගේ ලියවිලි ඇතුළු ශුද්ධලියවිලි වල පැහැදිලිව උගන්වයි. අපගේ ගැලවීම සාර්ථක කරගැනීමට අප දරන උත්සාහයේදී පවා “නුඹලා තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේමය” (පිලිප්පි 2:13; තවත් බලන්න පිලිප්පි 1:6; 2 නෙපි 25:23).

පිලිප්පි 3:4–14

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙනුවෙන් කරන සෑම කැපකිරීමක්ම වටී.

පාවුල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරුණු විට පරිසිවරයෙකු ලෙස යුදෙව් සමාජයේ ඔහු දැරූ බලවත් තත්වයන්ද ඇතුළුව බොහෝ දේ අත්හැරියේය. පිලිප්පි 3:4–14 හි, පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කැපකිරීම් කිරීමට කැමැත්තෙන් සිටි නිසා ඔහු ලැබූ දේ සොයාබලන්න. ඔහුට ඔහුගේ කැපකිරීම් ගැන හැඟුනේ කෙසේද?

පසුව ඔබගේම අනුගාමිකත්වය ගැන සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙනුවෙන් ඔබ කර ඇති කැපකිරීම් මොනවාද? ඔබට ලැබී ඇත්තේ මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ වඩාත් කැපවුණු අනුගාමිකයෙක් වීමට ඔබට කළයුතු යැයි හැඟෙන තවත් අමතර කැපකිරීම් තිබෙනවාද?

තවත් බලන්න 3 නෙපි 9:19–20; දහම සහ ගිවිසුම් 58:2–5; ටයිල ජී. ගොඩොයි, “තව එක් දිනක්,” ලියහෝනා, මැයි 2018, 34–36.

පිලිප්පි 4:1–13

මගේ තත්වයන් නොසලකා මට ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගත හැකිය.

පාවුල්ගේ ජීවිතය සභාපති රසල් එම්. නෙල්සන් විසින් ප්‍රකාශ කරන ලද සත්‍යය පිළිබඳ පැහැදිලි නිදර්ශනයකි: “අපගේ ජීවිතයේ අවධානය … යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත යොමුවී ඇති විට, අපේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකිය. “ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේ තුළින් සහ උන්වහන්සේ නිසාය” (“Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82).

ඔබ පිලිප්පි කියවන විට—විශේෂයෙන්ම 4 වන පරිච්ඡේදයෙහි—ඔබේ ජීවිතයේ ඕනෑම තත්වයක් තුළ ප්‍රීතිය සොයාගැනීමට උපකාරී වන ප්‍රකාශ සොයන්න. අභියෝගාත්මක කාලයකදී ඔබ “දෙවියන්වහන්සේගේ සමාදානය” අත්දැක තිබෙන්නේ කවදාද? (7 වන පදය). අසීරු කාර්යයන් කිරීමට ඔබ “ක්‍රිස්තුස්වහන්සේ තුළ” ශක්තිය සොයාගත්තේ කවදාද? (3 වන පදය). සියලු තත්වයන් වලදී “සෑහීමකට පත්වීම” වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි? (11 වන පදය). 8 වන පදයෙහි ඇති ගුණාංග ප්‍රගුණ කිරීමෙන් ඔබේ තත්වයන් තුළ ප්‍රීතිය සොයාගත හැක්කේ කෙසේද?

බලන්න ඇල්මා 33:23.

කොලොස්සි 3:1–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වන විට “අලුත්” බවට පත්වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට “අලුත් මනුෂ්‍යයෙකු [හෝ ස්ත්‍රියක්]” වීමට උපකාර කරන්නේදැයි ඔබ දන්නේ කෙසේද? මෙය මෙනෙහි කිරීමට එක් ක්‍රමයක් නම් කොලොස්සි 3:1–17 ගවේෂණය කර “පරණ මනුෂ්‍යයාගේ” ආකල්ප, ගතිලක්ෂණ, සහ ක්‍රියාවන් ලැයිස්තුවක් සහ “අලුත් මනුෂ්‍යයාගේ” ආකල්ප, ගුණාංග, සහ ක්‍රියා ලැයිස්තුවක් සෑදීමයි.

ගැලවුම්කරුවාණන් ඔබව වෙනස්කරන ආකාරය ගැන ඔබේ සිතුවිලි සටහන් කරන්න, එවිට ඔබට ඒවා අනාගතයේදී නැවත සිතාබලා ඔබ ඉදිරියට යන ආකාරය ගැන මෙනෙහි කළ හැකිය.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

පිලිප්පි.සතුට හෝ ප්‍රීතිය යන වචන පිලිප්පි වල නැවත නැවතත් භාවිතා වනවා ඔබේ පවුල දැක තිබෙනවා විය හැකිය. මේ වචන වලින් එකක් ඔබට හමුවූ සෑම අවස්ථාවකම, ප්‍රීතිය සොයාගන්නේ කෙසේද යන්න ගැන පාවුල් ඉගැන්වූ දේ ඔබට සාකච්ඡා කළ හැකිය.

පිලිප්පි 2:14–16.අප “ආලෝකවල් මෙන් ලෝකයෙහි බබළන්නේ” කෙසේද?

පිලිප්පි 4:8.මෙම පදයෙහි විස්තරයට ගැලපෙන “සිතා බැලිය යුතු” දේවල් ඔබේ පවුලේ අයට හඳුනාගත හැකිය (තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:13). පාවුල්ගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබේ පවුලට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද?

කොලොස්සි 1:23; 2:7.සමහරවිට ඔබේ පවුලට ගසක් වටා වාඩිවී සිටින විට හෝ ගසක පින්තූරයක් දෙස බලන විට (මෙම ආකෘතියත් සමඟ පැමිණෙන වැනි) මෙම පද කියවිය හැකිය. ක්‍රිස්තුස්වහන්සේ තුළ “ස්ථීරව” සහ “පිහිටා” සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? අපගේ අධ්‍යාත්මික පිහිටීම් ශක්තිමත් කිරීමට එකිනෙකාට උපකාර කරන්නේ කෙසේද?

කොලොස්සි 2:2–3.ශුභාරංචිය තුළ ඔබ සොයාගන්නා “ධනය” සහ “ප්‍රඥාවේ සහ දැනුමේ නිධානයන්” නියෝජනය කරන දේවල් වලින් “නිධාන පෙට්ටියක්” පිරවීමෙන් ඔබේ පවුලේ අයට විනෝද විය හැකිය.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔබේ සාක්ෂිය අනුව ජීවත්වන්න. “ඔබ උගන්වන්නේ ඔබ කවුද කියායි,” යනුවෙන් වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් ඉගැන්වීය. “විශේෂිත පාඩමක නිශ්චිත සත්‍යයකට වඩා … ඔබේ ගතිලක්ෂණ වඩාත් මතකයේ රැඳෙනු ඇත” (Teaching in the Savior’s Way, හි 13).

රූපය
බොහෝ මුල් සහිත ගසක්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල “මුල් බැසිය” යුතු බව පාවුල් ඉගැන්වීය (කොලොස්සි 2:7).

මුද්‍රණය කරන්න