අලුත් ගිවිසුම 2023
සැප්තැම්බර් 4–10. 1 කොරින්ති 14–16: “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේය”


“සැප්තැම්බර් 4–10. 1 කොරින්ති 14–16: ‘දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේය,’” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“සැප්තැම්බර් 4–10. 1 කොරින්ති 14–16,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
දේවමාළිගා බව්තිස්ම තටාකය

සැප්තැම්බර් 4–10

1 කොරින්ති 14–16

“දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේය”

ඔබ 1 කොරින්ති 14–16 කියවන අතරතුර ඔබේ හැඟීම් සටහන් කරන්න. ආත්මයාණන් ඔබට ඉගැන්වූ දේ පිළිබඳව යාච්ඤා කර, ඔබට ඉගෙනගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති තවත් දේ තිබේදැයි උන්වහන්සේගෙන් අසා දැනගන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

කොරින්තියේ සභාව සහ එහි ධර්මයන් සාපේක්ශව නව ඒවා වූ නිසා කොරින්ති ශුද්ධවන්තයන් ව්‍යාකූලත්වයට පත්ව ඇති බව තේරුම්ගත හැකිය. “අපේ පවු නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත් … උන්වහන්සේව තැන්පත් කරනු ලැබූ බවත්, තුන්වෙනිදා උන්වහන්සේ මරණයෙන් නැගිටුවනු ලැබූ බවත්” යන ශුභාරංචියේ මූලික සත්‍යයන් පාවුල් මීට පෙර ඔවුන්ට උගන්වා ඇත (1 කොරින්ති 15:3–4). නමුත් සමහර සාමාජිකයන් “මළවුන්ගෙන් නැවත නැගිටීමක් නැතැයි” ඉගැන්වීමට පටන්ගත්හ 1 කොරින්ති15:12. ඔවුන්ට ඉගැන්වූ සත්‍යයන් “අල්ලාගෙන සිටින්න” කියා පාවුල් ඔවුන්ගෙන් අයැද සිටියේය (1 කොරින්ති 15:2). ශුභාරංචියේ සත්‍යයන් පිළිබඳ පරස්පර මතයන් අපට මුණගැසුනු විට “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේ” බව මතකතබාගැනීම යහපත්ය (1 කොරින්ති 14:33). ස්වාමින්වහන්සේ පත්කළ සේවකයන්ට ඇහුම්කන්දීම සහ ඔවුන් නැවත නැවතත් උගන්වන සරල සත්‍යයන් අල්ලාගෙන සිටීම අපට සාමය සොයාගැනීමට සහ “ඇදහිල්ලේ ස්ථීරව සිටීමට උපකාරී වේ (1 කොරින්ති 16:13).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යනය සඳහා අදහස්

1 කොරින්ති 14

මට එළිදරව් ලැබීමේ දීමනාව සොයාගත හැකිය.

එළිදරව් ලැබීමේ දීමනාව යනු කුමක්ද? එය අනාගතය ගැන අනාවැකි කීමේ හැකියාවද? එය ලැබෙන්නේ අනාගතවක්තෘවරුන් සඳහා පමණක්ද? නැතහොත් ඕනෑම කෙනෙකුට මෙම දීමනාව ලබාගත හැකිද?

ඔබ 1 කොරින්ති 14:3, 31, 39–40 අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න. ඔබ ඉගෙනගන්නා දේ මත පදනම්ව, එළිදරව් ලැබීමේ දීමනාව ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? “එළිදරව් ලැබීමට අශාවෙයල්ලා” කියා කොරින්තිවරුන්ට ආරාධනා කළ විට පාවුල් අදහස් කළේ කුමක් විය හැකිද? (1 කොරින්ති 14:39). මෙම ආරාධනය ඔබට පිළිගත හැක්කේ කෙසේද?

තවත් බලන්න යෝවෙල් 2:28–29; ඇල්මා 17:3; දහම සහ ගිවිසුම් 11:23–28.

1 කොරින්ති 14:34–35

මෙම පද වල ස්ත්‍රීන් පිළිබඳ ප්‍රකාශය අදට අදාළ වන්නේ කෙසේද?

පාවුල්ගේ කාලයේ, සභාවේ රැස්වීම් ඇතුළුව, සමාජය තුළ කාන්තාවන් සහභාගී වන ආකාරය පිළිබඳව විවිධ අපේක්ෂාවන් තිබුණි. පාවුල්ගේ කාලයේ 1 කොරින්ති 14:34–35 හි ඉගැන්වීම් කුමක් වුවත්, අද දින සභාවේ කතා කිරීමට සහ නායකත්වය දීමට කාන්තාවන්ට නොහැකි බව ඒවායින් තේරුම් නොගත යුතුය. සභාපති රසල් එම්. නෙල්සන් අද සභාවේ කාන්තාවන්ට මෙසේ පැවසීය: “අපට … ඔබේ ශක්තිය, ඔබේ හැරීම, ඔබේ විශ්වාසය, නායකත්වය දීමට ඇති ඔබේ හැකියාව, ඔබේ ප්‍රඥාව, සහ ඔබේ හඬ අවශ්‍යයි. පූජනීය ගිවිසුම් ඇතිකර ඒවා තබාගන්නා කාන්තාවන්, දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරිය සමඟ කතා කළ හැකි කාන්තාවන් නොමැතිව දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්පූර්ණ නොවේ සහ සම්පූර්ණ විය නොහැක!” (“A Plea to My Sisters,” Liahona, Nov. 2015, 96).

1 කොරින්ති 15:1–34, 53–58

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් ජයගත්තේය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ක්‍රිස්තියානි දහමට කෙතරම් මූලිකදයත්, එය නොමැතිව ක්‍රිස්තියානි දහමක් නොමැති බව කෙනෙකුට පැවසිය හැකිය—පාවුල්ගේ වචන වලින් පවසනවා නම්, “එසේනම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය (1 කොරින්ති 15:14). එසේවුවත් සමහර කොරින්ති ශුද්ධවන්තයන් උගන්වමින් සිටියේ “මළවුන්ගෙන් නැගිටීමක් නැතැයි” කියාය (1 කොරින්ති 15:12). ඔබ 1 කොරින්ති 15 හි පාවුල්ගේ ප්‍රතිචාරය කියවන විට, ඔබ මරණයෙන් නැවත නැගිටීම විශ්වාස නොකළහොත් ඔබේ ජීවිතය වෙනස් වන්නේ කෙසේදැයි මොහොතක් මෙනෙහි කරන්න (බලන්න 2 නෙපි 9:6–19; ඇල්මා 40:19–23; දහම සහ ගිවිසුම් 93:33–34). “ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නොනැගිටුණු සේක්නම්, නුඹලාගේ ඇදහීම නිශ්ඵලය” යන වාක්‍යයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (17 වන පදය).

මළවුන් සඳහා බව්තීස්මය මරණයෙන් නැවත නැගිටීමේ යථාර්ථය සඳහා සාක්ෂියක් ලෙස පාවුල් සඳහන් කළ බවද සඳහන් කිරීම වටී (බලන්න 1 කොරින්ති 15:29). දේවමාළිගා සහ පවුලේ ඉතිහාස කටයුතු මරණයෙන් නැවත නැගිටීමේ මූලධර්මය කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කර ඇත්තේ කෙසේද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 138:11–37.

1 කොරින්ති 15:35–54

මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර මරණීය ශරීර වලට වඩා වෙනස්ය.

මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීරයක් කුමනාකාරයිද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? 1 කොරින්ති 15:35 අනුව, සමහර කොරින්තිවරුන් එසේ කල්පනා කර තිබේ. 36–54 පද තුළ පාවුල්ගේ පිළිතුර කියවා, මරණීය ශරීර සහ මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර අතර ඇති වෙනස්කම් පැහැදිලි කරන වචන සහ පද සටහන් කරන්න. ඔබ එසේ කරන විට, ඔබට 40–42 දක්වා පද සමඟ දහම සහ ගිවිසුම් 76:50–112 යන පද සංසන්දනය කළ හැකිය. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වෙත ලැබුණු මෙම එළිදරව්ව ඔබගේ අවබෝධයට එකතු කරන්නේ කුමක්ද? මෙම සත්‍යයන් ඔබට වටින්නේ ඇයි?

තවත් බලන්න ලූක් 24:39; ඇල්මා 11:43–45; දහම සහ ගිවිසුම් 88:14–33.

රූපය
හිරු උදාව

“සූර්යයාගේ තේජස එකක්ය” (1 කොරින්ති 15:41).

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 කොරින්ති 15:29.පුරාණ ක්‍රිස්තියානින් අපි අද කරනවා සේම, මළවුන් බව්තිස්මය සඳහා සහභාගී වූ බව 29 වන පදයෙන් අපි ඉගෙනගනිමු. අපි අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් බව්තීස්ම වෙන්නේ ඇයි යන වග අපි අනිත් අයට පැහැදිලි කරන්නේ කොහොමද? අපේ මියගිය මුතුන් මිත්තන්ට අවශ්‍ය දේවමාළිගා නියෝගයන් ලබාදීමට අපි පවුලක් ලෙස කරන්නේ කුමක්ද?

1 කොරින්ති 15:35–54.මරණීය ශරීර වලට වඩා මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර වෙනස්වන්නේ කෙසේද යන්න විස්තර කිරීමට පාවුල් භාවිතා කරන සමහර යෙදුම් තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීමට ඔබට පෙන්විය හැකි වස්තූන් හෝ පින්තූර මොනවාද? උදාහරණයක් ලෙස, දිරන සුළු සහ නොදිරන සුළු අතර වෙනස පෙන්වීමට (බලන්න 52–54 දක්වා පද) ඔබට මලකඩ බැඳෙන සහ මලකඩ නොබැඳෙන ලෝහ පෙන්විය හැකිය. නැතිනම් දුර්වල දෙයක් ශක්තිමත් දෙයක් සමඟ සැසඳිය හැකිය (බලන්න 43 වන පදය).

1 කොරින්ති 15:55–57.මරණයට පත්වූ අයෙකුව ඔබේ පවුලේ අය දන්නවා නම් මෙම වගන්ති පිළිබඳ සාකච්ඡාවක් විශේෂයෙන් අර්ථවත් වනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “මරණයේ කටුව“ ඉවත්කරන්නේ කෙසේද කියා පවුලේ සාමාජිකයන්ට සාක්ෂි බෙදාගත හැකිය (56 වන පදය).

1 කොරින්ති 16:13.ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙම පදයට සම්බන්ධ වීමට උපකාර කිරීම සඳහා, ඔබට බිම රවුමක් ඇඳ සහ ඔහුගේ හෝ ඇයගේ ඇස් වසාගෙන එය තුළ “නොසෙල්වී සිටීමට” පවුලේ සාමාජිකයෙකුට උපදෙස් දිය හැකිය. එවිට අනෙක් අයට ඔහුව හෝ ඇයව රවුමෙන් තල්ලු කිරීමට හෝ අදින්නට උත්සහ කළ හැකිය. රවුමේ සිටින පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ දෑස් විවෘත කර “නැරඹිය හැකි ලෙස” සිටි විට එය වෙනස් වන්නේ කෙසේද? නරක තේරීම් කිරීමට අප පෙලඹෙන විට “ශක්තිමත්ව සිටීමට” අපට කුමක් කළ හැකිද?

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

රටාවන් සොයා බලන්න. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය කරන ආකාරය පෙන්වන රටා ශුද්ධලියවිලි තුළ අපට හමුවේ. එකිනෙකාව දැනුවත් කරන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට අපට උපකාර වන 1 කොරින්ති 14 හි ඔබට සොයාගත හැකි රටාවන් මොනවාද?

රූපය
ක්‍රිස්තුස්වහන්සේ මරියා හට සොහොන් ගෙය අසල දර්ශනය වෙමින්

Why Weepest Thou [ඔබ වැළපෙන්නේ මන්ද?], © Simon Dewey 2021. Altus Fine Art/www.altusfineart.com හි අවසරය ඇතිව භාවිතා කරන ලදි

මුද්‍රණය කරන්න