අලුත් ගිවිසුම 2023
අගෝස්තු 14–20. රෝම 7–16: “යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න”


“අගෝස්තු 14–20. රෝම 7–16: ‘යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අගෝස්තු 14–20. රෝම 7–16,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
පුරාණ රෝමයේ නටඹුන්

අගෝස්තු 14–20

රෝම 7–16

“යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න”

මෙම ආකෘතියෙහි ඇතුළත් කළ හැක්කේ රෝම 7–16 හි ඇති ශුභාරංචි මූලධර්ම කිහිපයක් පමණි, එබැවින් මෙහි සඳහන් කරන දෙයට පමණක් සීමා නොවන්න. ඔබ ඉගෙනගන්නා විට ඔබට ලැබෙන පෙළඹවීම් වලට අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් තම ලිපිය ආරම්භයේදී, “ශුද්ධවන්තයන් ලෙස හඳුන්වනු ලැබූ” සභාවේ සාමාජිකයින්ට ආචාර කළේ “දෙවියන්වහනේගේ ආදරණීයයන්” ලෙස හැඳින්වීමෙනි. ඔවුන්ගේ “ඇදහිල්ල මුළු ලෝකයෙහිම ප්‍රසිද්ධව තිබෙන බව” ඔහු සඳහන් කළේය (රෝම 1:7–8). පාවුල් සිය ලිපියෙන් වැඩි ප්‍රමාණයක් වැයකළේ ව්‍යාජ අදහස් හා වැරදි හැසිරීම් නිවැරදි කිරීමට බව පෙනුණද, මෙම නව ක්‍රිස්තියානියට හැරුණු අය සැබවින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කළ ශුද්ධවන්තයන් බව සහතික කිරීමට ඔහුට අවශ්‍ය වූ බව පෙනේ. දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට අරගල කරන සහ ශුද්ධවන්තයෙකු වීමට ළඟා විය නොහැකි යැයි හැඟෙන අප සැමට ඔහුගේ මුදු මොළොක් උපදෙස් ආශිර්වාද කරයි. නිහතමානී සංවේදනයකින්, යම් කාල වලදී තමාට “කාලකණ්ණි මිනිසෙකු” මෙන් හැඟී ඇති බව පාවුල් පිළිගත්තේය (රෝම 7:24), නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පාපය මැඩපැවැත්වීමට ඔහුට බලය ලබාදී ඇත. එම බලය සමඟ, එනම් ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ බලයෙන්, අපට—ලෝකයේ නපුර සහ අප තුළ ඇති නපුර යන දෙකම—“යහපතෙන්,” “එම නපුර ජයගත හැකිය” (රෝම 12:21).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

රෝම 7–8

ආත්මයාණන්ව අනුගමනය කරන අයට “ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන්” විය හැකිය.

බව්තීස්මය යන නියෝගය තුළින් “ජීවිතයේ නවකමට” ඇතුළු වූ පසුවත් (රෝම 6: 4), රෝම 7 හි පාවුල් විස්තර කර ඇති—ස්වාභාවික මිනිසා සහ ඔබේ ධර්මිෂ්ඨ ආශාවන් අතර “යුද්ධය” යන අභ්‍යන්තර ගැටුම ඔබට දැනෙන්නට ඇත (රෝම 7:23). නමුත් පාවුල් පවා රෝම 8:23–25 හි බලාපොරොත්තුව ගැන කතා කළේය. මෙම බලාපොරොත්තුව සඳහා ඔබට පරිච්ඡේද 8 හි සොයාගත හැකි හේතු මොනවාද? “දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කිරීමෙන්” ලැබෙන ආශිර්වාද ගැනද ඔබට සොයාබැලිය හැකිය (රෝම 8:9). ඔබේ ජීවිතයේ වඩාත් හොඳින් ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය ලබාගන්නේ කෙසේද?

රෝම 8:16–39

සදාකාලික මහිමයේ දීමනාව පොළොවේ මගේ පරීක්ෂාවන්ට වඩා බෙහෙවින් වැඩිය.

පාවුල් මෙම ලිපිය ලියා වසර කිහිපයකට පසු රෝමයේ ශුද්ධවන්තයින් දරුණු පීඩා වින්දේය. පීඩා පැමිණි විට මෙම ශුද්ධවන්තයින්ට උපකාර කළ හැකිව තිබූ කුමක් රෝම 8:17–39 හි ඔබ දකින්නේද? මෙම වචන ඔබට සහ ඔබ දැනට මුහුණදෙන පීඩා වලට අදාළ වන්නේ කෙසේද?

මෙම පද සහ ලින්ඩා එස්. රීව්ස් සහෝදරිය දුන් උපදෙස් අතර සම්බන්ධතා සොයා බලන්න: “අපට බොහෝ පීඩා ඇතිවීමට හේතුව මම නොදනිමි, නමුත් ත්‍යාගය දෙන දවසේදී, ඒ සියල්ලම පමණද අවශ්‍ය වූයේ? කියා අපගේ දයානුකම්පිත, ආදරණීය පියාණන්ගෙන් අසන්නට අපට හැඟෙන තරමට, ත්‍යාගය ඉතා විශාල, සදාකාලික හා සදහට පවතින, ප්‍රීතිමත් හා අපගේ අවබෝධයෙන් ඔබ්බට ගිය එකක් බව මගේ පෞද්ගලික හැඟීමයි. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් අප කෙරෙහි ඇති එම ප්‍රේමයේ ගැඹුර අපට දිනපතා මතක තබාගැනීමට සහ හඳුනාගැනීමට හැකි නම්, සදාකාලිකව උන්වහන්සේලාගේ ප්‍රේමයෙන් වටවී නැවත ඔවුන් ඉදිරියේ සිටීමට අපි ඕනෑම දෙයක් කිරීමට කැමැති වන්නෙමු. අවසානයේදී, අපගේ පියාණන්වහන්සේ හා ගැලවුම්කරුවාණන් සමඟ සදාකාල ජීවනය හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උත්කර්ෂය සඳහා අපව සුදුස්සන් කරන්නේ එම පරික්ෂාවන් නම්, අපි මෙහි දුක්විඳිනා දෙය ප්‍රශ්ණයක් වන්නේ කෙසේද? (“Worthy of Our Promised Blessings,” Liahona, Nov. 2015, 11). දෙවියන්වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමය “දිනපතා මතකතබා ගැනීමට සහ හඳුනාගැනීමට” ඔබ කරන්නේ කුමක්ද යන්න තීරණය කරන්න.

රෝම 8:29–30; 9–11

“පූර්වයෙන් නියම කළ”, “කැඳවාගත්තවුන්” සහ “නියම කළවුන්” යන්නෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?

මෙම ජීවිතයට පෙර, දෙවියන්වහන්සේ තම ගිවිසුම් සෙනඟ වන ඊශ්‍රායෙලයේ කොටසක් වීමට තම දරුවන්ගෙන් සමහරෙකු තෝරාගත් බව ඉගැන්වීමට පාවුල් “පෙර නියම කිරීම,” “තෝරාගැනීම” සහ “පෙර දැනගැනීම” යන යෙදුම් භාවිතා කළේය. මෙයින් අදහස් කළේ ඔවුන්ට විශේෂ ආශිර්වාද සහ වගකීම් ලැබෙනු ඇති බව සහ, එමඟින් ඔවුන්ට ලෝකයේ සියලුම මිනිසුන්ට ආශිර්වාද කළ හැකි බවයි. කෙසේවෙතත්, පාවුල් රෝම 9–11 හි අවධාරණය කළේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට උන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ බවට පත්විය හැකි බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමෙන්—අප සියල්ලන්ටම සදාකාල ජීවනය එකම ආකාරයකින් ලැබෙන බවත්ය.

තවත් බලන්න එපීස 1:3–4; 1 පේත්‍රැස් 1:2; ඇල්මා 13:1–5.

රෝම 12–16

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශුද්ධවන්තයෙකු හා අනුගාමිකයෙකු වීමට පාවුල් මට ආරාධනා කරයි.

රෝම පොතේ අවසාන පරිච්ඡේද පහ තුළ ශුද්ධවන්තයන් ලෙස ජීවත්විය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් විශාල වශයෙන් අඩංගු වේ. මෙම උපදෙස් අධ්‍යයනය කිරීමට එක් ක්‍රමයක් නම් නැවත නැවත පැමිණෙන මාතෘකා සෙවීමයි. පාවුල්ගේ උපදෙස ඔබ සාරාංශ කරන්නේ කෙසේද?

ඔබට මෙම උපදෙස් සියල්ලම එකවර ක්‍රියාත්මක කිරීමට නොහැකි විය හැක, නමුත් ඔබට අද සිට වැඩකිරීමට ආරම්භ කළහැකි මූලධර්ම එකක් හෝ දෙකක් සොයාගැනීමට ආත්මයාණන්ට ඔබට උදව් කළ හැකිය. ඔබගේ ආශාවන් ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ යාච්ඤාව තුළින් අසා උන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

රෝම 8:31–39.රෝම 8:31–39 හි ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට අප ගැන හැඟෙන ආකාරය උගන්වන කුමක් අප සොයාගන්නේද? දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට දැනුණේ කවදාද?

38–39 පද නිදර්ශනය කිරීම සඳහා, පවුලේ සාමාජිකයන්ට අපි හා දෙවියන්වහන්සේගේ ප්‍රේමය වැනි වෙන් කළ නොහැකි දේවල් පිළිබඳ උදාහරණ සොයාගත හැකිය.

රූපය
පියෙක් සහ දියණියක් නර්තනයේ යෙදෙමින්

“ශුභාරංචියේ සංගීතය ප්‍රීතිමත් අධ්‍යාත්මික හැඟීමක්” බව වැඩිහිටි විල්ෆර්ඩ් ඩබ්. ඇන්ඩර්සන් ඉගැන්වීය.

රෝම 9:31–32.වැඩිහිටි විල්ෆර්ඩ් ඩබ්. ඇන්ඩර්සන්ගේ පණිවිඩය “The Music of the Gospel” (Liahona, May 2015, 54–56; ChurchofJesusChrist.org) හි ඇති වීඩියෝවද, පාවුල් විසින් නීතිය, කාර්යයන්, සහ ඇදහිල්ල ගැන උගන්වන දේ නිදර්ශනය කිරීමට උපකාර කළ හැකිය. ඔහුගේ කතාව සාකච්ඡා කිරීමෙන් පසු, ඔබේ පවුලේ අයට සංගීතය සමඟ සහ නැතිව නටන්නට උත්සහ කළ හැකියි. ශුභාරංචියේ ප්‍රීතිය අත්විඳීමට ඇදහිල්ල අපට උපකාර කරන්නේ කෙසේද?

රෝම 10:17.දෙවියන්වහන්සේගේ වචනයේ මූලාශ්‍ර සමඟ වතුර වීදුරු කිහිපයක් ලේබල් කරන්න (ශුද්ධලියවිලි, පුද්ගලික එළිදරව්, සහ ප්‍රධාන සම්මන්ත්‍රණය වැනි). ඔබ එම සෑම වීදුරුවක්ම “ඇදහිල්ල” ලෙස නම් කර ඇති භාජනයකට වත්කරන විට දෙවියන්වහන්සේගේ වචනය අපගේ ඇදහිල්ල වැඩි කරන ආකාරය සාකච්ඡා කරන්න.

රෝම 12.අපගේ ශරීරයන් “ජීවමාන, ශුද්ධ වූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක්” බවට පත්කරගැනීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (1 වන පදය).

රෝම 14:13–21.පෞද්ගලික මනාපයන් වෙනුවට විනිශ්චය කිරීම හා තර්ක කිරීම පිළිබඳ පාවුල්ගේ උපදෙස් අධ්‍යයනය කිරීමෙන් ඔබේ පවුලට ප්‍රයෝජන ගතහැකිය. සමහරවිට පවුලේ සාමාජිකයන් ඇතුළු වෙනත් අය ඔබේ තේරීමට වඩා වෙනස් තේරීම් කරන විට ප්‍රතිචාර දැක්වීමට සුදුසු ක්‍රම ගැන ඔබට සාකච්ඡා කළ හැකියි. අපට “සමාදානය ඇති කරන දේවල් අනුගමනය” කළ හැක්කේ කෙසේද? (19 වන පදය).

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට ඉඩදෙන්න. “ශුභාරංචි මූලධර්මයකට සම්බන්ධ යමක් නිර්මාණය කිරීමට ඔබ දරුවන්ට ආරාධනා කරන විට, එම මූලධර්මය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබ ඔවුන්ට උදව් කරයි. … ගොඩනැගීමට, ඇඳීමට, වර්ණ කිරීමට, ලිවීමට, සහ නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩදෙන්න” (Teaching in the Savior’s Way, 25).

රූපය
දෑත් දිගුකළ ක්‍රිස්තුස්වහන්සේ

ඩෙල් පාර්සන් විසින්, Abide with Me [මා සමඟ රැඳෙන්න]

මුද්‍රණය කරන්න