අලුත් ගිවිසුම 2023
දෙසැම්බර් 4–10. එළිදරව් 1–5: “මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා”


“දෙසැම්බර් 4–10. එළිදරව් 1–5: ‘මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“දෙසැම්බර් 4–10. එළිදරව් 1–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
තණකොළ මත වාඩි වී සිටින බැටළු පැටවා

දෙසැම්බර් 4–10

එළිදරව් 1–5

“මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා”

ඔබ එළිදරව් පොතේ කියවන දේ ගැන ඔබට ඇති ප්‍රශ්න ලිවීම සලකා බලන්න. එවිට ඔබට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ හෝ සභාවේ පන්ති වලදී ඒවා සාකච්ඡා කළ හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ප්‍රබල අධ්‍යාත්මික අත්දැකීමක් තුළ ඔබට දැනුණු දේ අන් අයට ප්‍රකාශ කිරීමට ඔබ කවදා හෝ වෙහෙස වී තිබේද? අධ්‍යාත්මික හැඟීම් සහ පෙළඹවීම් විස්තර කිරීමට එදිනෙදා භාෂාව ප්‍රමාණවත් නොවන බවක් දැනිය හැකිය. යොහාන් තම මහිමාන්විත එළිදරව් විස්තර කිරීම සඳහා එවැනි පොහොසත් සංකේතවාදයක් සහ නිරූපණ භාවිතා කළේ මේ නිසා විය හැකිය. ඔහුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු බව සරලව පැවසිය හැකි නමුත්, ඔහුගේ අත්දැකීම් තේරුම්ගැනීමට අපට උපකාර කිරීම සඳහා, ගැලවුම්කරුවාණන් ගැන මෙවැනි වචන භාවිතා කරමින් ඔහු මෙසේ විස්තර කළේය: “උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමානය,” “උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය,” සහ “උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය” (එළිදරව් 1:14–16). ඔබ එළිදරව් පොත කියවන විට, සෑම සංකේතයකම පිටුපස ඇති අරුත ඔබට නොතේරුණත්, ඔබට ඉගෙනගැනීමට හා දැනීමට යොහාන්ට අවශ්‍ය වූ පණිවිඩ සොයාගැනීමට උත්සාහ කරන්න. සභාවේ පුද්ගලයින් විසින් සභාවන් ඉටිපන්දම් වලටත්, සාතන්ව මකරෙකුටත්, හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බැටළු පැටවෙකුටත් සසඳන්නේ ඇයි? අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් මිනිසුන්ගේ සහ සාතන්ගේ රාජධානි ජයගනු ඇත: යන එහි වඩාත්ම කැපීපෙනෙන තේමාව ඇතුළුව එහි තේමාවන් තේරුම්ගැනීම සඳහා, ඔබට එළිදරව් පොතේ සෑම සංකේතයක්ම තේරුම්ගැනීම අවශ්‍ය නැත.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන්ගේ දර්ශනය තම දරුවන් බේරාගැනීම සඳහා වූ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම ගැන උගන්වයි.

එළිදරව් පොත තේරුම්ගැනීමට අපහසු වියහැකි නමුත් අධෛර්යමත් නොවන්න. යොහාන්ගේ පොරොන්දුව දිගින් දිගටම උත්සාහ කිරීමට ඔබව පොළඹවනු ඇත: “මේ අනාවැකියේ වචන අසන හා තේරුම්ගෙන එහි ලියා ඇති දේ රක්ෂා කරන්නෝද, කියවන්නෝද භාග්‍යවන්තයෝය, ස්වාමින්වහන්සේගේ පැමිණීමේ කාලය ලංවන්නේය” (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, එළිදරව් 1:3 [බයිබල් උපග්‍රන්ථයේ], අවධාරණය කිරීම් එකතුකර ඇත).

එළිදරව් පොත අධ්‍යයනය කිරීමට එක් ක්‍රමයක් නම් එහි ඇති ගැලවීමේ සැලැස්මට සම්බන්ධකම් සෙවීමයි. මෙම පොදු දළ විශ්ලේෂණය ඔබට උපකාර විය හැකිය:

ඔබ කියවන විට, ඔබෙන්ම මෙසේ අසන්න: “දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන මෙය මට උගන්වන්නේ කුමක්ද? නපුරෙන් මිදී නැවත උන්වහන්සේ වෙත යාමට මට උපකාර වීමට දෙවියන්වහන්සේ කර ඇත්තේ කුමක්ද? ඇදහිලිවන්තයන්ට උන්වහන්සේ දෙන පොරොන්දු මොනවාද?

දහම සහ ගිවිසුම් 77 හි එළිදරව් පොතේ භාවිතා කරන ලද සමහර සංකේත පැහැදිලි කරන බව දැනගැනීමද ප්‍රයෝජනවත් විය හැකිය. මීට අමතරව, ජෝසෆ් ස්මිත් පරිවර්තනය එළිදරව් පොතේ ඡේද කිහිපයක් පැහැදිලි කරයි, එබැවින් පාද සටහන් සහ බයිබල් උපග්‍රන්ථය නිතිපතා පරීක්ෂා කරන්න.

එළිදරව් 1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ ජීවමාන පුත්‍රයාය.

එළිදරව් පොතේ පළමු පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දර්ශනයකින් යොහාන්ට පෙනී සිටි ආකාරය විස්තර කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු කවුද, උන්වහන්සේ අප වෙනුවෙන් කරන දේ, සහ උන්වහන්සේ මොන වගේද ඇතුළුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙම පරිච්ඡේදයේ පවසන සෑම දෙයක්ම ලැයිස්තුවක් ඔබට සෑදිය හැකිය.

ඔබ ඉගෙනගන්නා සමහර දේවල් සංකේත වලින් පැමිණේ. මෙම සංකේත හරහා ස්වාමින්වහන්සේ තමන්වහන්සේ ගැන ඔබට ඉගැන්වීමට උත්සාහ කරන්නේ කුමක් දැයි මෙනෙහි කරන්න. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන් තමන්වහන්සේව “ආරම්භය සහ අවසානය” සහ “පළමු සහ අවසාන” ලෙස හඳුන්වන බව සලකන්න. මෙම මාතෘකා ඉතා වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි? ගැලවුම්කරුවාණන් ගැන මෙම මාතෘකා ඔබට උගන්වන්නේ මොනවාද?

එළිදරව් 2–3

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාව පුද්ගලිකව හඳුනන අතර මගේ අභියෝග ජයගැනීමට මට උපකාර කරයි.

එළිදරව් 2–3 හි ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් හෙළිවන්නේ යොහාන්ගේ දවසේදී සභාවේ සෑම ශාඛාවකටම ආවේණික වූ සාර්ථකත්වයන් සහ අරගලයන් උන්වහන්සේ තේරුම්ගත් බවයි. ඔහු ශුද්ධවන්තයන්ගේ උත්සාහයන් අගය කළ අතර ඔවුන් වෙනස් කළ යුතු දේ ගැන අනතුරු ඇඟවීය. ගැලවුම්කරුවාණන්ගේ ප්‍රශංසාව සහ අනතුරු ඇඟවීම් වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

ගැලවුම්කරුවාණන් ඔබගේ ජයග්‍රහණ සහ අරගලද අවබෝධ කරගෙන සිටින අතර, උන්වහන්සේට ඔබට උපකාර කිරීමට අවශ්‍යයි. ජයගන්නා අයට උන්වහන්සේ නිතර දෙන පොරොන්දු සැලකිල්ලට ගන්න. මෙම පොරොන්දු ගැන ඔබව පුදුම කරන්නේ කුමක්ද? ඔබ ජයගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය විය හැක්කේ කුමක්ද? උන්වහන්සේගේ උපකාරය ලබාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

එළිදරව් 4–5

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම සැබෑවක් කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණි.

ඔබ එළිදරව් 4 වෙතින් ස්වර්ගික පියාණන්වහන්සේ ගැන සහ එළිදරව් 5 වෙතින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ (“බැටළු පැටවාණන්”) ස්වර්ගීය පියාණන්ගේ සැලැස්ම සැබෑවක් කරන බව අප සියල්ලන්ම අවබෝධ කරගත් විට එය කෙබඳු වන්නට ඇද්ද යන්න සලකා බලන්න (ගැලවුම්කරුවාණන්ට “පොත සහ එහි මුද්‍රා සත දිගහැරිය හැකිය” [එළිදරව් 5:5]). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තනිව මෙය කළේ ඇයි? ඔබගේ ගැලවුම්කරුවාණන් ලෙස උන්වහන්සේ කෙරෙහි ඔබට ඔබේ ඇදහිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

තවත් බලන්න යෝබ් 38:4–7; දහම සහ ගිවිසුම් 77:1–7.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

එළිදරව් 1:20.යේසුස්වහන්සේ තම සභාව ඉටිපන්දම් වලට සමාන කළේ ඇයි? (බලන්න මතෙව් 5:14–16).

එළිදරව් 2–3.ඔහුගේ කාලය තුළ සභා වලට දුන් පණිවිඩ මෙන් ඔබේ පවුලටත් පණිවිඩයක් ලබාදෙන ලෙස යොහාන්ගෙන් ඉල්ලා ඇතැයි සිතන්න. හොඳින් සිදුවනවා යැයි ඔහු කියනු ඇත්තේ මොනවාද? ඔබට දියුණුවිය හැක්කේ කෙසේද?

එළිදරව් 3:15–16.මෙම පද කියවීමෙන් පසු, ඔබේ පවුලේ අයට වඩා උණුසුම් හෝ සිසිල් රසයක් ඇති ඇල්මැරුණු යමක් පානය කළ හැකිය. ආත්මිකව ඇල්මැරුණු යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

එළිදරව් 3:20.ඔබේ පවුලේ අය එළිදරව් 3:20 කියවන විට ගැලවුම්කරුවාණන් දොරට තට්ටු කරන පින්තූරය පෙන්වන්න (මෙම දළ සටහනේ අවසානය බලන්න). යේසුස්වහන්සේ ඇතුලට එනවා වෙනුවට තට්ටු කරන්නේ ඇයි? පවුලේ සාමාජිකයන්ට මාරුවෙන් මාරුවට දොරට තට්ටු කිරිමට අවස්ථා ලබාගත හැකිය. එවිට පවුලේ වෙනත් අයෙකුට අපට ගැලවුම්කරුවාණන්ට “දොර විවෘත කර” හැකි ක්‍රමයක් යෝජනා කර පවුලේ සාමාජිකයාට ඇතුළු වීමට දොර හැරිය හැකිය. ගැලවුම්කරුවාණන් අපේ ගෙදර සිටිනවා නම් කෙසේ දැනෙයිද?

එළිදරව් 4:10–11.ස්වර්ගික පියාණන්වහන්සේට නමස්කාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේට නමස්කාර කිරීමට අපව පොලඹවන උන්වහන්සේ ගැන අප දන්නා දේවල් මොනවාද?

එළිදරව් 5:6, 12–13.යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “බැටළුපැටවාණන්” ලෙස හඳුන්වන්නේ ඇයි? මෙම නාමය උන්වහන්සේ ගැන අපට උගන්වන්නේ කුමක්ද?

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ප්‍රශ්ණ සඳහා දිරිමත් කරන්න. ප්‍රශ්න යනු පවුලේ සාමාජිකයන් ඉගෙනීමට සූදානම්ව සිටින බවත්, ඔවුන්ට උගන්වනු ලබන දේට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන බවත් පෙන්වන සංඥාවක් වේ. ශුද්ධලියවිලි වලින් පිළිතුරු සොයාගන්නේ කෙසේදැයි ඔබේ පවුලට උගන්වන්න. (බලන්න Teaching in the Savior’s Way, 25–26.)

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දොරකට තට්ටු කරමින්

ග්‍රෙග් කේ. ඔල්සන් විසින්, Let Him In [උන්වහන්සේට ඇතුල්වන්නට ඉඩදෙන්න]

මුද්‍රණය කරන්න