අලුත් ගිවිසුම 2023
දෙසැම්බර් 25–31. එළිදරව් 15–22: “ජයගන්නා ඔහු සියලු දේවල් උරුම කරගන්නේය”


“දෙසැම්බර් 25–31. එළිදරව් 15–22: ‘ජයගන්නා ඔහු සියලු දේවල් උරුම කරගන්නේය,”’ “එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“දෙසැම්බර් 25–31. එළිදරව් 15–22,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී මිනිසුන්ට ආචාර කරමින්

කීත් ලාර්සන් විසින්, The City Eternal [සදාකාලික නගරය]

දෙසැම්බර් 25–31

එළිදරව් 15–22

“ජයගන්නා ඔහු සියලු දේවල් උරුම කරගන්නේය”

සමහරවිට ඉගෙනීමට ඇති ලොකුම බාධාව වන්නේ අපට ඉගෙනීමට අවශ්‍ය නැති බව—අප දැනටමත් දන්නා බවට වන අපගේ උපකල්පනයයි. ඔබ ශුද්ධලියවිලි කියවන විට, ස්වාමින්වහන්සේ ඔබට ලබාදීමට කැමති නව අදහස් සඳහා විවෘත වන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඔබට මතක ඇති පරිදි, එළිදරව් පොත ආරම්භ වන්නේ ගැලවුම්කරුවාණන් තමා “ආරම්භය සහ අවසානය” (එළිදරව් 1:8) ලෙස ප්‍රකාශ කිරීමෙනි. උචිත ලෙස, එය සමාන වචන වලින් අවසන් වේ: “මම … පටන්ගැන්ම සහ කෙළවරය” (එළිදරව් 22:13). නමුත් එයින් අදහස් කරන්නේ කුමක්ද? කුමක ආරම්භය සහ අවසානයද? එළිදරව් පොත ප්‍රබල ලෙස සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—එනම් මනුෂ්‍ය පැවැත්මේ සහ ගැලවීමේ මහා විශාල නාට්‍යයේ යන සෑම දෙයකම ආරම්භය සහ අවසානය බවයි. උන්වහන්සේ “ලෝකය පටන්ගැන්මේ සිට මරන ලද බැටළු පැටවාණන්ය” (එළිදරව් 13:8). තවද උන්වහන්සේ දුෂ්ටකම, දුක, සහ මරණය පවා අවසන් කර “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” ගෙන එන රජවරුන්ගේ රජ වේ (එළිදරව් 21:1).

එහෙත් මෙම අලුත් අහස සහ අලුත් පොළොව පැමිණීමට පෙර, අපට ජයගැනීමට බොහෝ දේ ඇත: වසංගත, යුද්ධ, පැතිර යන දුෂ්ටකම—මේ සියල්ල එළිදරව් පොත විචිත්‍රවත් ලෙස විස්තර කරයි. නමුත් මේ කොටසේදීත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සමඟ සිටිනු ඇත. උදාව ඉක්මනින් පැමිණෙන බවට පොරොන්දුවක් ලෙස අඳුරු අහසේ බබළන “දීප්තිමත් පහන් තාරකාව” උන්වහන්සේය (එළිදරව් 22:16). එමෙන්ම එය ඉක්මණින්ම පැමිණෙයි. උන්වහන්සේ පැමිණෙයි. “මා වෙතට එන්න” (මතෙව් 11:28) ලෙස උන්වහන්සේ අපට ආරාධනා කරන ආකාරයටම, උන්වහන්සේද අප වෙත පැමිණේ. “මම ඉක්මණින් පැමිණෙන්නෙමි,” උන්වහන්සේ ප්‍රකාශ කරයි. පසුදවස් වල විපත්ති ගින්නෙන් පවිත්‍ර වේ යන බලාපොරොත්තුවෙන් සහ ඇදහිල්ලෙන්, අපි මෙසේ පිළිතුරු දෙමු, “ස්වාමි වූ යේසුස්වහන්ස, වැඩිය මැනව” (එළිදරව් 22:20).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එළිදරව් 16–18; 21–22

බැබිලෝනියෙන් පලාගොස් “ශුද්ධ වූ නගරය” උරුම කරගන්න කියා ස්වාමින්වහන්සේ මට ආරාධනා කරයි.

අන්තිම දවස්වල විනාශය සහ අන්තරායන් දැකීමෙන් පසු, යොහාන් අනාගත දිනයක් දුටුවේය, එය ස්වාමින්වහන්සේගේ ප්‍රකාශයේ මෙසේ සාරාංශගත කරයි “බලව, මම සියල්ල අලුත් කරමි” (එළිදරව් 21:5). එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට එක් ක්‍රමයක් නම්, ලෞකිකත්වයේ සහ දුෂ්ටකමේ සංකේතය වන බැබිලෝනිය පිළිබඳ යොහාන්ගේ විස්තරය (බලන්න එළිදරව් 16–18), දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ස්වර්ගීය තේජස සංකේතවත් කරන නව යෙරුසලම පිළිබඳ ඔහුගේ විස්තරය සමඟ සංසන්දනය කිරීමයි (බලන්න එළිදරව් 21–22). පහත වගුව ඔබට උපකාර විය හැකිය:

බැබිලෝනිය

නව යෙරුසලම

බැබිලෝනිය

එළිදරව් 16:3–6

නව යෙරුසලම

එළිදරව් 21:6; 22:1–2, 17

බැබිලෝනිය

එළිදරව් 16:10; 18:23

නව යෙරුසලම

එළිදරව් 21:23–24; 22:5

බැබිලෝනිය

එළිදරව් 17:1–5

නව යෙරුසලම

එළිදරව් 21:2

බැබිලෝනිය

එළිදරව් 18:11, 15

නව යෙරුසලම

එළිදරව් 21:4

බැබිලෝනිය

එළිදරව් 18:12–14

නව යෙරුසලම

එළිදරව් 21:18–21; 22:1–2

ඔබ දකින අනෙකුත් වෙනස්කම් මොනවාද?

ඔබ බැබිලෝනියෙන් “පිටතට පැමිණීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබට සිතා බැලිය හැකිය (එළිදරව් 18:4). එසේ කිරීමට ඔබව පොළඹවන එළිදරව් 21–22 හි ඔබ සොයාගන්නා දේවල් මොනවාද?

රූපය
යේසුස්වහන්සේ උන්වහන්සේගේ දකුණු පැත්තේ ආලෝකයේ සිටින මිනිසුන් සහ උන්වහන්සේගේ වම් පැත්තේ අන්ධකාරයේ සිටින මිනිසුන් සමඟ

ජෝන් ස්කොට් විසින්, The Last Judgement [අවසාන විනිශ්චය]

එළිදරව් 20:12–15; 21:1–4

දෙවියන්වහන්සේගේ සියලු දරුවන් විනිශ්චය කරනු ලබන්නේ ජීවන පොතෙනි.

කතුවරයෙකු ඔබේ ජීවිතය ගැන පොතක් ලිවීමට ඉදිරිපත් වූවා යැයි සිතන්න. ඔබට කුමන විස්තර හෝ අත්දැකීම් ඇතුලත් කිරීමට අවශ්‍යද? ඔබගේ අනාගත ක්‍රියාවන්ද පටිගත වන බව ඔබ දැනසිටියේ නම්, ඔබ ඔබේ ජීවිතයට වෙනස් ආකාරයකින් ප්‍රවේශ වන්නේ කෙසේද? ඔබ එළිදරව් 20:12–15 කියවන විට මේ ගැන සිතන්න. ජීවන පොතෙහි ඔබ ගැන කුමක් ලියනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවාද? ඔබේ ජීවන පොතේ ගැලවුම්කරුවාණන්ගේ භූමිකාව ඔබ විස්තර කරන්නේ කෙසේද? ඔබේ මතය අනුව, එය “බැටළු පැටවාණන්ගේ ජීවන පොත” ලෙස හැඳින්වීම වැදගත් වන්නේ ඇයි? (එළිදරව් 21:27).

විනිශ්චය වීමට දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටීමේ සිතුවිල්ල ඔබට අපහසුවක් ගෙනෙන්නේ නම්, එළිදරව් 21:1–4 කියවීම සලකා බලන්න. මෙම පද සඳහන් කරමින්, වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ පවසා ඇත:

“ඒ විනිශ්චය දවස දයාවේ සහ ප්‍රේමයේ දිනයක් වනු ඇත—බිඳුණු හදවත් සුවපත් වන දිනයක්, ශෝකයේ කඳුළු වෙනුවට කෘතඥතාවේ කඳුළු ඇති වූ විට, සියල්ල නිවැරදි කරන දිනයක් වනු ඇත. ඔව්, පාපය නිසා එහි ගැඹුරු දුකක් තිබිය හැකිය. ඔව්, අපගේ වැරදි, අපගේ අනුවණකම්, සහ අපගේ මුරණ්ඩුකම නිසා අපට වඩා හොඳ අනාගතයක් සඳහා ඇති අවස්ථාවන් මගහැරීමට හේතු වූ පසුතැවීම් සහ වේදනාවන් පවා ඇතිවනු ඇත.

“නමුත් අපි දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් පමණක් සෑහීමකට පත්නොවන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ අසීමිත කරුණාව, දයාව, ත්‍යාගශීලි බව, සහ උන්වහන්සේගේ දරුවන් වන අප කෙරෙහි ඇති ප්‍රේමයෙන් අප මවිතයටද පත්වන බව මට විශ්වාසයි” (“O How Great the Plan of Our God!,” Liahona, Nov. 2016, 21).

මෙම සත්‍යයන් ඔබ අවසාන විනිශ්චය දෙස බලන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද? ඔබේ ජීවිතයේ කුමක් වෙනස් කිරීමට මෙම සත්‍යයන් ඔබව පොළඹවන්නේද?

එළිදරව් 22:18–19

මෙම පද වලින් අදහස් කරන්නේ බයිබලය හැර වෙනත් අමතර ශුද්ධලියවිලි පදයක් තිබිය නොහැකි බවද?

සමහර පුද්ගලයන් මොර්මොන්ගේ පොත සහ වෙනත් පසුදවස් වල ශුද්ධලියවිලි ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස එළිදරව් 22:18–19 යන පද දක්වා ඇත.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

එළිදරව් 15:2–4.“මෝසෙස්ගේ ගීතය” සහ “බැටළු පැටවාණන්ගේ ගීතය” වෙත යොමුවන මෙම පද ඔබේ පවුලේ අය සාකච්ඡා කරන විට, දහම සහ ගිවිසුම් 84:98–102 වැනි ශුද්ධලියවිලි වල සඳහන් වන අනෙකුත් ගීත සමඟ, නික්මයාම 15:1–19 හි මෝසෙස්ගේ ගීතය ඔබට කියවිය හැකිය. “මෘගයාගෙන් ජයග්‍රහණය” ලබන අයට (එළිදරව් 15:2) මෙවැනි ගීත ගායනා කිරීමට සිතෙන්නේ ඇයි? සමහරවිට ඔබේ පවුලේ අයට ගීතිකාවක් හෝ ළමා ප්‍රශංසා ගීතයක් ගායනා කළ හැකියි.

එළිදරව් 19:7–9.සමහරවිට ඔබට ඔබේ පවුලේ ඉතිහාසයෙන් මංගල පින්තූර දෙස බැලීමට හෝ ඔබේ පවුලේ අය මංගල උත්සවයකට සහභාගී වූ අවස්ථාවක් ගැන කතා කිරීමට හැකිය. ස්වාමින්වහන්සේගේ සභාව සමඟ ඇතිකරගත් ගිවිසුම් වලට විවාහයක් හොඳ සංසන්දනයක් වන්නේ ඇයි? (තවත් බලන්න මතෙව් 22:1–14.)

එළිදරව් 20:2–3.1 නෙපි 22:26 සාතන්ව “බැඳ” තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද?

එළිදරව් 22:1–4.ගැලවුම්කරුවාණන්ගේ නාමය “[අපගේ] නළලෙහි” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (එළිදරව් 22:4; තවත් බලන්න නික්මයාම 28:36–38; මොසායා 5:7–9; ඇල්මා 5:14; මොරෝනි 4:3; දහම සහ ගිවිසුම් 109:22.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ක්‍රියා කිරීමට කළ ආරාධනා පසුවිපරම් කර බලන්න. “ඔබ ක්‍රියා කිරීමට කළ ආරාධනයක් ගැන පසුවිපරම් කරන බලන විට, [ඔබගේ පවුලේ සාමාජිකයින්ට] ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බවත් ශුභාරංචිය ඔවුන්ගේ ජීවිත වලට ආශිර්වාද කරන බවත් පෙන්වාදෙයි. ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමටද ඔබ ඔවුන්ට අවස්ථාව ලබාදෙයි” (Teaching in the Savior’s Way35).

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී ස්වර්ගයේ සිට අශ්වයෙකු මතින් බැස එමින්

රතු වස්ත්‍ර වලින් සැරසී සිටින ක්‍රිස්තුස්වහන්සේ සුදු අශ්වයෙකු පිට වාඩිවී සිටිමින්.

මුද්‍රණය කරන්න