අලුත් ගිවිසුම 2023
නොවැම්බර් 27–දෙසැම්බර් 3, 1–3 යොහාන්; යූදස්: “දෙවියන්වහන්සේ ප්‍රේමයයි”


“නොවැම්බර් 27–දෙසැම්බර් 3, 1–3 යොහාන්; යූදස්: ‘දෙවියන්වහන්සේ ප්‍රේමයයි,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“නොවැම්බර් 29–දෙසැම්බර් 3, 1–3 යොහාන්; යූදස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිනාසෙන දරුවන් සමඟ හිඳගෙන සිනාසෙමින්

ඩෙල් පාර්සන් විසින්, Perfect Love [පරිපූර්ණ ප්‍රේමය]

නොවැම්බර් 27–දෙසැම්බර් 3

1–3 යොහාන්; යූදස්

“දෙවියන්වහන්සේ ප්‍රේමයයි”

ඔබ යොහාන් සහ යූදස්ගේ ලිපි කියවන විට, ඔබේ ප්‍රේමය දෙවියන්වහන්සේට පෙන්විය හැකි ආකාරය පිළිබඳව පෙළඹවීම් සොයන්න. එම හැඟීම් සටහන්කර ඒවා අනුව ක්‍රියා කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යොහාන් සහ යූදස් ඔවුන්ගේ ලිපි ලියන විට, දූෂිත වූ දහම ඒ වන විටත් බොහෝ ශුද්ධවන්තයින්ව ඇදහිල්ලෙන් ඇද වැටීමට සැලැස්වීමට පටන්ගෙන තිබුණි. සමහර බොරු ගුරුවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇත්තටම “මාංශයෙන්” පෙනීසිටියේ දැයි කියාද ප්‍රශ්ණ කරමින් සිටියහ (උදාහරණ ලෙස, බලන්න, 1 යොහාන් 4:1–3; 2 යොහාන් 1:7). එවැනි තත්වයක් තුළ සභාවේ නායකයෙකුට කළ හැක්කේ කුමක්ද? ප්‍රේරිත යොහාන් ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔහුගේ පුද්ගලික සාක්ෂිය බෙදාගනිමින් මෙසේ ප්‍රතිචාර දැක්වීය: “පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස් වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත් වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන, මෙය අප දෙන සාක්ශියයි” (බලන්න ජෝසෆ් ස්මිත් පරිවර්තනය,1 යොහාන් 1:1). ඉන්පසු යොහාන් ප්‍රේමය ගැන ඉගැන්නුවේය: එනම් ඒ දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය සහ උන්වහන්සේට සහ උන්වහන්සේගේ සියලු දරුවන්ට අප තුළ තිබිය යුතු ප්‍රේමයයි. සියල්ලට පසු, යොහාන්ද එහි සාක්ෂිකරුවෙකි. ඔහු ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය පුද්ගලිකව අත්විඳ ඇති අතර (බලන්න යොහාන් 13:23; 20:2), ඔහුට අවශ්‍ය වූයේ ශුද්ධවන්තයින්ටද එම ප්‍රේමය දැනීමටයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ප්‍රශ්න කරන විට සහ බොරු ඉගැන්වීම් බහුල වන විට, ප්‍රේමය පිළිබඳ යොහාන්ගේ සාක්ෂි සහ ඉගැන්වීම් අදත් අවශ්‍ය වේ. යොහාන්ගේ ලිපි වලට අද දවසේ විපත්ති වලට ධෛර්යයෙන් මුහුණදීමට අපට උපකාර කළ හැකිය, මන්ද “ප්‍රේමයෙහි භය ඇත්තේ නැත; සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි” (1 යොහාන් 4:18).

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 යොහාන්; 2 යොහාන්

දෙවියන්වහන්සේ ආලෝකයයි, දෙවියන්වහන්සේ ප්‍රේමයයි.

දෙවියන්වහන්සේව විස්තර කිරීමට ඔබ වචන එකක් හෝ දෙකක් තෝරාගන්නේ නම්, ඒ මොනවාද? යොහාන් ඔහුගේ ලිපි වල බොහෝ විට “ආලෝකය” සහ “ප්‍රේමය” යන වචන භාවිතා කළේය (උදාහරණ සඳහා, බලන්න, 1 යොහාන් 1:5; 2:8–11; 3:16, 23–24; 4:7–21). ඔබ යොහාන්ගේ පළමු ලිපි දෙක කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය සහ ප්‍රේමය සමඟ යොහාන් ලැබූ අත්දැකීම් ගැන මෙනෙහි කරන්න. නිදසුනක් වශයෙන්, යොහාන් 3:16–17; 12:35–36, 46; 15:9–14; 19:25–27 හි යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වලින් යොහාන් ඉගෙනගත් දේ සලකා බලන්න. මෙම ඉගැන්වීම් සහ 1 යොහාන් හි දෙවියන්වහන්සේගේ ආලෝකය සහ ප්‍රේමය ගැන උගන්වන දේ අතර යම් සමානකමක් ඔබ දකිනවාද? දෙවියන්වහන්සේ ආලෝකය සහ ප්‍රේමය වන බව ඔබට ඉගැන්වූ අත්දැකීම් මොනවාද?

1 යොහාන් 2–4; 2 යොහාන්

“අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම්, දෙවියන්වහන්සේ අප තුළ වාසය කරන සේක.”

යොහාන්ගේ ලිපි පුරාවටම “පැවතීම” සහ “වාසය කරන්න” වැනි වචන නැවත නැවතත් ඔබට හමුවනු ඇත. විශේෂයෙන්ම ඔබ 1 යොහාන් 2–4 සහ 2 යොහාන් කියවන විට, මෙම වචන සොයන්න. ඔබ සිතන්නේ දෙවියන්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ දහම තුළ “පැවතීම” හෝ “වාසය කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න 2 යොහාන් 1:9). දෙවියන්වහන්සේ ඔබ තුළ “පැවතීම” හෝ “වාසය කිරීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

1 යොහාන් 2:243:3

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය හැකියි.

ක්‍රිස්තුස්වහන්සේ බවට පත්වීමේ ඉලක්කය ඔබට සැමවිටම අසීරු යැයි පෙනේද? යොහාන්ගේ දිරිගැන්වීමේ උපදේශය ගැන සලකා බලන්න: “ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතියල්ලා; එසේ කළ යුතුවන්නේ, උන්වහන්සේ ප්‍රකාශ වූ විට, නිර්භීතකම ඇතුව සිටින පිණිසය … [සහ] අපි උන්වහන්සේට සමාන වන පිණිසය” (1 යොහාන් 2:28; 3:2). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස නිර්භීතකම සහ සැනසීම ලබාදෙන 1 යොහාන් 2:243:3 හි ඔබට සොයාගත හැකි දේවල් මොනවාද? ඔබ යොහාන්ගේ ලිපි අධ්‍යයනය කරන විට, තව තවත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට ඔබ දරන උත්සහයන් වලට ඔබට උපකාර කළ හැකි අනෙකුත් මූලධර්මයන් සහ උපදේශ සොයන්න.

තවත් බලන්න මොරෝනි 7:48; දහම සහ ගිවිසුම් 88:67–68; ස්කොට් ඩී. වයිටින්ග්, “උන්වහන්සේ මෙන් වීම,” ලියහෝනා, නොවැ. 2020, 12–14.

1 යොහාන් 4:12

“කිසිවෙක් … කිසිකලෙක දෙවියන්වහන්සේව දුටුවේ නැතිද”?

ජෝසෆ් ස්මිත් පරිවර්තනය, 1 යොහාන් 4:12 පැහැදිලි කරන්නේ විශ්වාස කරන අය හැර, කිසිම මිනිසෙක් කිසිම අවස්ථාවක දෙවියන්වහන්සේව දැක නැති බවයි (බලන්න යොහාන් 4:12). පියාණන්වහන්සේ යොහාන්ද ඇතුළුව ඇදහිලිවන්තයන් කිහිපදෙනෙකුට දර්ශනය වූ අවස්ථාවන් කිහිපයක් ශුද්ධලියවිලි වල සටහන් වේ (බලන්න එළිදරව් 4; තවත් බලන්න ක්‍රියා 7:55–56;1 නෙපි 1:8;දහම සහ ගිවිසුම් 76:23; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:16–17).

1 යොහාන් 5

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාවට නංවමින් නැවත ඉපදුන විට, මට ලෝකය ජයගත හැක.

ඔබ 1 යොහාන් 5 කියවන විට, ලෝකය ජයගෙන සදාකාල ජීවනය ලබාගැනීමට අප කුමක් කළයුතුද කියා බලන්න. ඔබේ ජීවිතය තුළ ලෝකය ජයගැනීම කෙබඳු වියහැකිද?

යූදස් 1

“ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල මත ඔබම [ගොඩනගාගන්න].”

දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ක්‍රියාවන්ට එරෙහිව සටන් කරන අය ගැන යූදස් 1:10–19 හි ඔබට උගන්වන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්නේ කෙසේද යන්න ගැන 20–25 පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

1 යොහාන් 2:8–11.යොහාන්ගේ ඉගැන්වීම් ගැන මෙනෙහි කිරීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, අඳුරු කාමරයක රැස්වන්න එවිට පවුලේ සාමාජිකයන්ට “අඳුරේ” ඇවිදීම සහ “ආලෝකයේ” ඇවිදීම අතර වෙනස අත්විඳිය හැකිය. වෛරය අපව අන්ධකාරයේ ඇවිද හැපී වැටීමට ඉඩසලසන්නේ කෙසේද? එකිනෙකාට ආදරය කිරීම අපගේ ජීවිතයට ආලෝකය ගෙන එන්නේ කෙසේද?

1 යොහාන් 3:21–22.මෙම පදවල කුමන දේවල් දෙවියන්වහන්සේ තුළ අපගේ “ආත්ම-විශ්වාසය” සහ අපගේ යාච්ඤා වලට පිළිතුරු ලබාගැනීමට අපට ඇති හැකියාව වර්ධනය කරන්නේද?

රූපය
යාච්ඤා කිරීමට පවුලක් දනගසා සිටිමින්

දෙවියන්වහන්සේගේ ආඥා රැකීම ලෝකය ජයගැනීමට අපට උපකාර කරයි.

1 යොහාන් 5:2–3.“බරපතල” හෝ අනුගමනය කිරීමට අපහසු යැයි අප සලකනු ලබන ආඥා තිබේද? අප තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය උන්වහන්සේගේ ආඥා පිළිබඳව අපට දැනෙන ආකාරය වෙනස් කළ හැක්කේ කෙසේද?

3 යොහාන් 1:4.“සත්‍යය තුළ ගමන් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පවුලේ සාමාජිකයන් සත්‍යයේ ගමන් කරන ආකාරය ඔබ දැක ඇති ආකාරය පැවසීමට සහ මෙය ඔබට ගෙනෙන ප්‍රීතිය ගැන කතා කිරීමට ඔබට මෙය අවස්ථාවක් කරගත හැකිය. පවුලේ සාමාජිකයන් කඩදාසි පිය සටහන් මත ඔවුන් ඉගෙනගත් සත්‍යයන් ගැන ලිවීමට හෝ ඇඳීමට, සහ ඒවා භාවිතා කිරීමෙන් ඔබේ පවුලට එකට ගමන් කළ හැකි මාවතක් සෑදීමෙන් සතුටක් ලැබිය හැකිය.

යූදස් 1:3–4.අපගේ ජීවිත වලට සහ පවුලට “රිංගා” ඇති ආත්මික අනතුරු තිබේද? (යූදස් 1:4). “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලා” මෙම අනතුරු වලට එරෙහි වීමට යූදස් දුන් අවවාදය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද? (යූදස් 1:3). අපගේ පවුල තුළ “සමාදානයත් ප්‍රේමයත් වැඩිවීම” සහතික කිරීමට අපට කුමක් කළ හැකිද? (යූදස් 1:2).

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

දෙවියන්වහන්සේගේ ප්‍රේමය සොයන්න. සභාපති එම්. රසල් බැලර්ඩ් ඉගැන්වූයේ, “ශුභාරංචිය ප්‍රේමයේ ශුභාරංචියකි—එනම් දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ එකිනෙකා කෙරෙහි ප්‍රේමයයි” (“God’s Love for His Children,” Ensign, May 1988, 59). ඔබ ශුද්ධලියවිලි කියවන විට, දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ සාක්ෂි සටහන් කරගන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ විලක වැල්ල මත ගමන්කරමින්

ග්‍රෙග් කේ ඕල්සන් විසින්, Walk with Me [මා සමඟ ගමන්කරන්න]

මුද්‍රණය කරන්න