2010–2019
ස්ථාවර හා ප්‍රත්‍යස්ථ විශ්වාසය
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්ථාවර හා ප්‍රත්‍යස්ථ විශ්වාසය

ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම උන්වහන්සේගේ වේලාව කෙරෙහි විශ්වාසය තැබීමට ඇතුළත් වන අතර ජීවිතයේ කුණාටු අභිබවා යන ඉවසීම සහ විඳදරාගැනීම ඒ සඳහා අවශ්‍යයි.

අපේ පුතා ඩැන් අප්‍රිකාවේ කළ ධර්මදූත සේවයේදී ඉතා අසනීප වූ අතර සීමිත සම්පත් ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙනගොස් තිබුණා. ඔහුගේ අසනීපයෙන් පසු ඔහු අපට ලියූ පළමු ලිපිය කියවන විට, ඔහු අධෛර්යමත් වී ඇතැයි අපි අපේක්ෂා කළා, නමුත් ඒ වෙනුවට ඔහු මෙසේ ලිව්වා, “මම හදිසි කාමරයේ නිදා සිටියදීත් මට සාමය දැනුණා. මම කවදාවත් මගේ ජීවිතයේ මෙතරම් ස්ථිරව හා ප්‍රත්‍යස්ථව සතුටින් සිටියේ නෑ.”

මගේ බිරිඳ සහ මම මේ වචන කියවන විට, අපි හැඟීම් වලින් පිරීගියා. ස්ථාවරව හා ප්‍රත්‍යස්ථව සතුටින් සිටියා. සන්තෝෂය ඒ ආකාරයෙන් විස්තර කර ඇති බව අප අසා නැත, නමුත් ඔහුගේ වචන සත්‍ය විය. ඔහු විස්තර කළ සතුට හුදෙක් සතුටක් හෝ උසස් මනෝභාවයක් නොවන බව අපි දැන සිටියෙමු, නමුත් අප දෙවියන්වහන්සේට යටත් වී සෑම දෙයක් තුළ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට ලැබෙන සාමය හා ප්‍රීතිය ගැන දැනසිටියෙමු.1 දෙවියන්වහන්සේ අපගේ ආත්මයන්ට සමාදානය කථා කර, ජීවිතය දුෂ්කර හා අවිනිශ්චිත තත්වයක සිටියදී පවා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරවන අවස්ථා අප තුළද තිබුණා.2

ලෙහි මෙසේ උගන්වනවා ආදම් සහ ඒව වැටුනේ නැත්නම් “එමනිසා ඔවුන් කාලකණ්නිකම නොදත් නිසා ප්‍රීතියක් නොමැතිවද පාපය නොදන්නා නිසා යහපතක් නොකරමින්ද, නිදොස් තත්වයක පවතින්නට තිබුණි; …

“එහෙත් බලන්න, සියළුම දේවල් දන්නාවූ තැනැන්වහන්සේ සියළුම දේවල් උන්වහන්සේගේ ප්‍රඥාවෙන් කරනු ලැබ ඇත.

“ආදම් වැටුනේ මිනිසුන් පවතිනු පිණිසය, තවද මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය තිබෙනු පිණිසය.”3

පරස්පර විරෝධී ආකාරයකින්, අප ස්වාමින්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ සැලැස්ම කෙරෙහි විශ්වාසය තබන්නේ නම් අපට ප්‍රීතිය අත්විඳීමට පීඩා සහ ශෝකය අපව සූදානම් කරයි. මෙම සත්‍යය 13 වන සියවසේ කවියෙකු විසින් මනාව ප්‍රකාශ කර ඇත:. “ශෝකය ඔබව ප්‍රීතියට සූදානම් කරයි. එය ඔබගේ නිවසින් පිටතට සෑම දෙයක්ම දරුණු ලෙස අතුගා දමයි, එවිට නව ප්‍රීතියට ඇතුළු වීමට අවකාශය සොයාගත හැකිය. එය ඔබේ හදවතේ අතු වලින් කහ පැහැති කොළ සොලවන අතර එමඟින් නැවුම් කොළ පැහැති කොළ ඒවායේ ස්ථානයට වැඩීමට හැකිවෙයි. එය කුණු වූ මුල් ඉහළට ඇදගන්නා අතර, යටින් සැඟවී ඇති නව මූලයන්ට වර්ධනය වීමට ඉඩ සලසයි. ඔබේ සිතෙන් කුමන දුකක් කම්පා වුවද, ඊට වඩා හොඳ දේවල් ඒ තැන ගන්නවා ඇත.”4

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූයේය, “අපගේ‘ පීඩාවන් සුළු මොහොතක් පමණක් වන බවට සහතික වෙමින්, ගැළවුම්කාරයාණන් [අපට] ලබා දෙන ප්‍රීතිය නියතයි’ [දහම සහ ගිවිසුම 121:7] එසේම අපේ වාසියට එය කැපවී ඇත.”5 අපගේ අභියෝග සහ පීඩා වලට වැඩි ප්‍රීතියක් ලැබිය හැකි වීම පිණිස අවකාශයක් සෑදිය හැකිය.6

සුභාරංචියේ යහපත් පණිවිඩය යනු ශෝකයෙන් හා පීඩාවෙන් තොර ජීවිතයක් පිළිබඳ පොරොන්දුවක් නොව අරමුණෙන් හා අර්ථයෙන් පිරි ජීවිතයකි - අපගේ අභියෝග හා දුක් පීඩා “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් ගිල දැමිය හැකි” ජීවිතයකි.7 ගැලවුම්කරුවාණන් මෙසේ පැවසූ සේක, “ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ, නමුත් ධෛර්යවන්ත වන්න, මම ලෝකය ජයගත්තෙමි.”8 ඔහුගේ සුභාරංචිය බලාපොරොත්තුවේ පණිවිඩයකි. ශෝකය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව සමඟ එක්වූ විට එය විඳදරාගැනීම ප්‍රීතියේ පොරොන්දුව උසුලයි.

යාරෙද්වරුන්ගේ පොරොන්දු දේශයට යන ගමන පිළිබඳ විස්තරය ලෞකික ජීවිතය හරහා අපගේ ගමන සඳහා රූපකයක් ලෙස භාවිතා කළ හැකියි. ස්වාමින්වහන්සේ යාරෙද්ගේ සහෝදරයාට සහ ඔහුගේ සෙනඟට, “[ඔවුන්] සමග ඉදිරියෙන් පොළොවේ සියලු දේශවලට වඩා තෝරාගත් දේශයකට” යන බවට පොරොන්දු වුණා.9 බත්තල් ගොඩනගන්නට උන්වහන්සේ ඔවුන්ට අණ දුන් අතර, ඔවුන් කීකරු ලෙස ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුව ඒවා තැනීමේ වැඩට ගියා. කෙසේවෙතත්, වැඩ කටයුතු ඉදිරියට යත්ම, යාරෙද්ගේ සහෝදරයා බත්තල් සඳහා ස්වාමින්වහන්සේගේ සැලසුම මදි යැයි ගැටළුකාරී වුණා. ඔහු අඬමින් මෙසේ ඇසුවා:

“අහෝ ස්වාමිනි, ඔබවහන්සේ මා හට ආඥා කළ වැඩය මම සම්පූර්ණ කළෙමි, තවද ඔබවහන්සේ මට මගපෙන්වූ ආකාරයට අනුව මම බත්තල් සෑදුවෙමි.

“තවද බලන්න, අහෝ ස්වාමිනි, එහි තුළ ආලෝකයක් නොමැත්තේය.”10

“මෙම බලවත් ජලය තරණය කිරීමට අන්ධකාරයේ ඔබවහන්සේ අපට ඉඩදෙන සේක්ද?”11

ඔබ කවදා හෝ ඔබේ ප්‍රාණය එලෙස දෙවියන්වහන්සේට වත්කර තිබේද? ස්වාමින්වහන්සේ අණ කළ පරිදි ජීවත් වීමට උත්සාහ කරන විට ධර්මිෂ්ට අපේක්ෂාවන් ඉටුනොවූ විට, ඔබ මේ ජීවිතය අන්ධකාරය තුළ ගමන් කළ යුතුදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?12

යාරෙද්ගේ සහෝදරයා බත්තල් තුල ජීවත් වීමට ඇති හැකියාව ගැන ඊටත් වඩා කනස්සල්ල පළ කළා. ඔහු වැළපුනා, “තවද එසේම අපි නැසී යන්නෙමු. මක්නිසාද ඒ තුළ ඇතු හුලං හැරෙන්නට අපිට හුස්මගත නොහැකිය, එසේහෙයින් අපි නැසී යන්නෙමු.”13 ජීවිතයේ දුෂ්කරතා නිසා ඔබට හුස්ම ගැනීමට අපහසු වී ඇති අතර දවස පුරා ඔබට එය ගෙවාගන්නේ කෙසේදැයි සහ එය ඔබගේ ස්වර්ගීය නිවසට නැවත ගෙන ඒමට ඉඩ දෙන්නේද කියා ඔබ කල්පනා කර තිබේනවාද?

ස්වාමින්වහන්සේ යාරෙද්ගේ සහෝදරයා සමග ඔහුගේ සෑම ගැටලුවක්ම විසඳාගැනීමට කටයුතු කළ නමුත් පසුව මෙසේ පැහැදිලි කළා, “මක්නිසාද නුඹලාට මෙම බලවත් ගැඹුර මුහුදේ රැල්ලට විරුද්ධව නුඹව පිළියෙල [ඒ සඳහා මාර්ගයක්] කිරීමෙන් මිස තරණය කිරීමට නොහැකිය, තවද එම සුළඟ පෙරට ගොස් එම ජලගැල්ම පැමිණෙන්නේය.”14

ස්වාමින්වහන්සේ පැහැදිලිව කියා සිටියේ අවසානයේදී යාරෙද්වරුන්ට උන්වහන්සේ නොමැතිව පොරොන්දු දේශයට පැමිණිය නොහැකි බවයි. ඔවුන් පාලනය කර නොතිබූ අතර, මහා ගැඹුර හරහා එය කළ හැකි එකම ක්‍රමය උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පමණයි. ස්වාමින්වහන්සේගෙන් ලද මෙම අත්දැකීම් සහ ඉගැන්වීම් යාරෙද්ගේ සහෝදරයාගේ ඇදහිල්ල ගැඹුරු කළ අතර ස්වාමින්වහන්සේ කෙරෙහි ඔහුගේ විශ්වාසය ශක්තිමත් කළා.

ඔහුගේ යාච්ඤා, ප්‍රශ්න හා ගැටළුකාරී තත්වයන්ගෙන් ඇදහිල්ල හා විශ්වාසය ප්‍රකාශ කිරීම දක්වා වෙනස් වූ ආකාරය සැලකිල්ලට ගන්න:

“තවද මම දන්නෙමි, අහෝ ස්වාමිනි, එනම් ඔබවහන්සේට සියලු බලය ඇත්තේය. තවද ඔබවහන්සේගේ කැමැත්තට අනුව මනුෂ්‍යයාගේ යහපත උදෙසා කවරාකාර දෙයක් වුවත් කළ හැක්කේය; …

“බලන්න, අහෝ ස්වාමිනි, මෙය ඔබවහන්සේට කළ හැකිය. මනුෂ්‍යයන්ගේ තේරුම්ගැනීමට කුඩාවට පෙනෙන්නාවූ දේ, ඔබවහන්සේට ශ්‍රේෂ්ට බලයක් පෙන්විය හැකි බව අපි දන්නෙමු.”15

එවිට යාරෙද්වරුන් මෙසේ කළ බව සඳහන් වෙනවා “ඔවුහු ඔවුන්ගේ යාත්‍රා නැතහොත් බත්තල් වලට ගොඩවී, ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ඔවුන්වම භාරදෙමින් මුහුද තුළට ගමන් ගත්හ.”16 භාරකිරීම යනු පවරාදීම හෝ යටත් වීමයි. ඔවුන්ගේ ගමනේ කටයුතු කෙසේ වේදැයි හරියටම දන්නා බැවින් යාරෙද්වරු බත්තල් තුළට නොගියහ. ස්වාමින්වහන්සේගේ බලය, යහපත්කම සහ දයාව කෙරෙහි විශ්වාසය තැබීමට ඔවුන් ඉගෙනගෙන තිබූ නිසා, ඔවුන් තමන්වම සහ ඔවුන් තුළ ඇති විය හැකි සැකයන් හෝ බිය ස්වාමින්වහන්සේට යටපත් කරගැනීමට කැමති වූ අතර ඔවුන් නැවට නැග්ගෝය.

මෑතකදී අපේ මුණුබුරා වන අබේ ඉහළට හා පහළට ගමන් කරන කැරොසල් සතෙකු පදින්න බිය විය. ඔහු කැමති වූයේ චලනය නොවන දෙයකටයි. අන්තිමේදී ඔහුගේ ආච්චි එය ඒත්තු ගැන්වූයේ එය ආරක්ෂිත බවයි, එබැවින් ඇය කෙරෙහි විශ්වාසය තබා ඔහු එයට ගොඩ විය. පසුව ඔහු විශාල සිනහවකින් පැවසුවේ, “මට ආරක්ෂාවක් දැනෙන්නේ නැත, නමුත් මම ආරක්ෂිතයි.” සමහරවිට යාරෙද්වරුන්ට හැඟුණේ එලෙසයි. දෙවියන්වහන්සේව විශ්වාස කිරීමෙන් මුලදී සෑම විටම ආරක්ෂිත බවක් දැනෙන්නේ නැති වන්නට පුළුවන්, නමුත් ප්‍රීතිය ඉන්පසු පැමිණෙයි.

රූපය
කැරොසල් එක මත සිටින අබේ

එම ගමන යාරෙද්වරුන්ට පහසු එකක් නොවීය. “ඔවුන් මතට කඩා වැටුණු කඳු රළ නිසා” ඔවුන්ව බොහෝ විට මුහුදේ ගැඹුරට වළලනු ලැබුවා.17 නමුත් එය මෙලෙස වාර්තා වී ඇත “ජලය මත ඔවුන්ව පොරොන්දු දේශය දෙසට ගෙනයන තුරු සුළඟ හැමීම කිසිවිටකත් නොනැවතුනි.”18 තේරුම්ගැනීම දුෂ්කර වන තරමට, විශේෂයෙන් අපගේ ජීවිතවල හිස් වැසුම් ශක්තිමත් සහ මුහුද කැලඹිලි සහිත කාල වලදී, දෙවියන්වහන්සේගේ අසීමිත යහපත්කම සෑමවිටම අපව නිවස දෙසට හරවන බව දැනගැනීමෙන් අපට සැනසීමක් ලබාගත හැකියි.

එම වාර්තාව තවත් මෙහෙම කියනවා “තවද මෙසේ ඔවුන්ව ඉදිරියට ගෙනයනු ලැබීය; තවද මුහුදේ කිසි රාක්ෂයෙකුට ඔවුන් බිඳිය නොහැකි විය හෝ තල්මහෙකුට ඔවුන්ට හානි කිරීමට නොහැකි විය; තවද එය ජලයෙන් ඉහල හෝ පහල වුවත් ඔවුන්ට නොකඩවා ආලෝකය ලැබිනි.”19 අප ජීවත් වන්නේ මරණයේ රාක්ෂයා, ශාරීරික හා මානසික රෝග, සෑම ආකාරයකම අභියෝග සහ පීඩාවන් අප මතට කඩා වැටෙන ලෝකයකයි. එහෙත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට තෝරාගැනීමෙන් අපටත් ජලයට ඉහළින් හෝ ජලයට යටින් අඛණ්ඩව ආලෝකය ලබන්නට පුළුවන්. අපගේ ස්වර්ගීය නිවස දෙසට දෙවියන්වහන්සේ කිසිවිටෙකත් අපව නවත්වන්නේ නැති බවට අපට සහතිකයක් තිබිය හැකියි.

බත්තල මතට නැගගත් යාරෙද්වරුන් “තවද ඔවුහු ස්වාමින්වහන්සේ වෙතට ප්‍රශස්ති ගායනා කළහ; … තවද ඔවුහු දවස මුළුල්ලේම ස්වාමින්වහන්සේට ස්තූතු සහ ප්‍රශංසා කළේය, තවද රාත්‍රිය පැමිණි විට ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම නොනැවත් වූහ.”20 ඔවුන්ගේ දුක් පීඩා මධ්‍යයේ වුවද ඔවුන්ට ප්‍රීතිය හා ස්තූතිය දැනුණි. ඔවුන් තවමත් පොරොන්දු දේශයට නොපැමිණි නමුත්, උන්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ තිබූ ස්ථිර හා ප්‍රත්‍යස්ථ විශ්වාසය නිසා පොරොන්දු වූ ආශිර්වාදය ගැන ඔවුහු ප්‍රීති වූහ.21

යාරෙද්වරුන් දින 344 ක් වතුර මත යාත්‍රා කරමින් සිටියහ.22 ඔබට එය සිතාගන්නට පුළුවන්ද? ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම උන්වහන්සේගේ වේලාව කෙරෙහි විශ්වාසය තැබීමට ඇතුළත් වන අතර ජීවිතයේ කුණාටු අභිබවා යන ඉවසීම සහ විඳදරාගැනීම ඒ සඳහා අවශ්‍යයි.23

අවසානයේදී, යාරෙද්වරු “තවද ඔවුහු පොරොන්දු දේශයේ වෙරළ මත ගොඩබැස්සාහ. තවද ඔවුහු පොරොන්දු දේශයේ වෙරළෙහි ඔවුන්ගේ දෙපා තැබූ විට දේශයේ තලය මත ඔවුහු ඔවුන්වම පහතට නැමී නමස්කාර කළහ; තවද ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔවුන්වම යටහත් කරගෙන ඔවුන් මත වූ උන්වහන්සේගේ මෘදු දයාවන් සමූහය නිසා ස්වාමින්වහන්සේ ඉදිරියේ ප්‍රීතියේ කඳුළු වැගුරූහ.”24

අපගේ ගිවිසුම් පිළිපැදීම ගැන අප විශ්වාසවන්ත නම්, අපිත් යම් දවසක ආරක්ෂිතව නිවසට පැමිණ ස්වාමින්වහන්සේ ඉදිරියේ වැඳ වැටී, අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ මුදු මොළොක් දයාව සහ වැඩි ප්‍රීතියක් සඳහා අවකාශය ලබා දුන් දුක ගැන ප්‍රීති කඳුළු සලයි.25

අපගේ ජීවිත තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ දිව්‍යමය අරමුණු කෙරෙහි නිරන්තර හා ප්‍රත්‍යස්ථ විශ්වාසයක් තැබීමට අපි ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන විට, උන්වහන්සේ අපව සහතික කරගැනීමට පැමිණ, අපගේ ආත්මයන්ට සමාදානය කථා කර, “උන්වහන්සේ තුළ අපගේ ගැළවීම ගැන බලාපොරොත්තුවක්” ඇති කරන බවට මම සාක්ෂි දරනවා.26

යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවට මම සාක්ෂි දරනවා. සියලු ප්‍රීතියේ උල්පත උන්වහන්සේයි.27 උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත්ය, එමෙන්ම ගැලවීමට උන්වහන්සේ බලවත්ය.28 ආලෝකයද, ජීවනයද, ලෝකයේ බලාපොරොත්තුවද උන්වහන්සේයි.”29 උන්වහන්සේ අපට විනාශ වීමට ඉඩ නොදෙයි.30 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න