ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සඳහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගැරිට් ඩබ්. ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

පෙර නිවේදනය කළ පරිදි, අපි හැත්තෑවේ සාමාන්‍ය අධිකාරියේ සේවය කිරීමට ඇලෙක්සැන්ඩර් දුෂ්කු වෙත කැඳවීමක් ලබා දී තිබෙනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

ප්‍රාදේශීය හැත්තෑවරුන් දෙදෙනෙකුව අගය කරමින් ඔවුන්ගේ නිදහස් කිරීමද සටහන් කරනවා, ඔවුන්ගේ නම් සභාවේ වෙබ් අඩවියෙන් සොයාගත හැකියි.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

සභාවේ වෙබඩවියේ නම් සඳහන් කර ඇති මේ සතියේ මුල් භාගයේදී ප්‍රකාශයට පත්කරන ලද නව ප්‍රාදේශීය හැත්තෑවරුන් දෙදෙනෙකු ඇතුලුව අනෙකුත් ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන් සහ දැනට පත්කර සිටින ප්‍රධාන නිලධාරීන්ව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

රොජේරියෝ බෝශි සහ කර්ට් එල්. හොජස්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව නිදහස් කරනු ලැබුවා:

හෙන්‍රි ජේ අයිරින්ග් සහ යන්ග්ජූන් කුවෝන්

මුද්‍රණය කරන්න