ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවකින් ගමන් කිරීම
අප වෙනුවෙන් තැළුණු හා කැඩී ගිය තැනැණ්වහන්සේ මරණීය ජීවිතයට අප තුළ එහි කාර්යය කිරීමට ඉඩ දෙනුඇති, නමුත් ඒ අභියෝගවලට තනියම මුහුණ දෙන්න කියා එතුමා අපිට කියන්නේ නැහැ.
මාගේ හොඳ මිතුරෙකු වූ ඊලන් මට ඊශ්‍රායෙලයේ ඇති අඩිපාරක් හඳුන්වා දුන්නා. “එයට යේසුස්ගේ අඩිපාර ලෙස හඳුන්වන්නේ, යේසුස් ගමන් කළ නාසරෙත් සිට කපර්ණවුම දක්වා මාර්ගය එය බව බොහෝ දෙනා විශ්වාසකරන නිසා” කියා ඔහු පැවසුවා. ඒ මොහොතේම එම අඩිපාරේ ගමන් කළයුතුයි කියා මම තීරණය කළ නිසා මම ඊශ්‍රායෙලයේ සංචාරයක් සැලසුම් කිරීමට පටන්ගත්තා.
සංචාරයට සති හයකට පෙර මගේ වළලුකර ආබාධයකට ලක්වුනා. මගේ සැමියා මගේ තුවාලය ගැන කනස්සල්ලට පත්වුනත් මගේ ලොකුම කනස්සල්ල වුනේ මාසයකට පසු මට යේසුස්ගේ අඩිපාරේ ගමන් කරන්න හැකිවේද කියායි. මම ස්වාභාවයෙන්ම ටිකක් මුරණ්ඩු නිසා මම ගුවන් ටිකට්පත් අවලංගු කලේ නැහැ.
මට මතකයි අපේ ඊශ්‍රායල ජාතික මඟ පෙන්වන්නා ඒ සුන්දර ජුනි උදෑසන මුණගැසුණා. මම වෑන් රථයෙන් එළියට බැස කිහිලිකරු දෙක සහ දනහිස තබාගෙන යා හැකි කුඩා ස්කූටරයක් එළියට ගත්තා. අපේ මඟ පෙන්වන්නා වූ මය, මගේ කකුළේ තත්වය දෙස එක බැල්මක් හෙළමින්, “අහ්, මම හිතන්නේ නැහැ ඔයාට මේ තත්වයෙන් ඇවිදින්න පුළුවන් වෙයි” කියා පැවසුවා.
“සමහරවිට නැහැ,” මම පිළිතුරු දුන්නා. “නමුත් උත්සාහ කිරීමේ කිසිම වරදක් නැහැ.” ඇය යන්තමින් හිස වැනූ පසු අපි ගමන ආරම්භ කළා. අබාධ වූ කකුළක් සමඟ අඩිපාරේ ගමන් කළ හැකි යයි විශ්වාස කළ නිසා මම ඇයට ආදරය කරනවා.
මම ටික වේලාවක් තනියම බෑවුම් පාරේ සහ ගල්පර දිගේ සැරිසැරුවා. මගේ කැපවීමේ අවංක කමින් සලිත වූ ම්යා තුනී ලණුවක් ගෙන එය මගේ ස්කූටරයේ හැඩලයේ ගැටගසා ඇදීම ආරම්භ කළා. ඇය මාව කඳුකරයේ, ලෙමන් වතු හරහා සහ ගලීල මුහුදේ ඉවුර දිගේ ඇදගෙන ගියා. ගමන අවසානයේදී, මට කිසිදා තනිවම කළ නොහැකි දෙයක් ඉටු කිරීමට මට උපකාර කළ මගේ ආදරණීය මාර්ගෝපදේශකයාට මම කෘතඥතාව පළ කළා.
ස්වාමින්වහන්සේ දේශය හරහා ගොස් උන්වහන්සේ ගැන සාක්ෂි දීමට ඊනොක්ට කතා කළ විට, ඊනොක් පසුබට වුනා.1 ඔහු මන්දඝාමී කථාවකින් යුත් සාමාන්‍ය ගැටවරයෙක් වුනා. ඔහුගේ තත්වය තුළ ඔහු එම මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද? ඔහු තුළ බිඳී ගිය දෙයින් ඔහු අන්ධ වී තිබුණා. ඔහුට බාධා කළ දෙයට ස්වාමින්වහන්සේගේ පිළිතුර සරල හා ක්ෂණික එකක් වුනා: “මා සමඟ ඇවිදින්න.”2 ඒනොක් මෙන්, අප වෙනුවෙන් තැළුණු හා කැඩී ගිය තැනැණ්වහන්සේ3මරණීය ජීවිතයට අප තුළ එහි කාර්යය කිරීමට ඉඩ දෙනුඇති බවට මතක තබාගත යුතුයි, නමුත් ඒ අභියෝගවලට තනියම මුහුණ දෙන්න කියා එතුමා අපිට කියන්නේ නැහැ.4 අපගේ කතාවේ බරපතලකම හෝ අපගේ මාවතේ වර්තමාන ගමන කුමක් වුවත්, උන්වහන්සේ සමඟ ගමන් කිරීමට උන්වහන්සේ අපට ආරාධනා කරනවා.5
පාළුකරයක ස්වාමින්වහන්සේ හමු වනවිට දුෂ්කර අවස්ථාවක සිටි තරුණයා ගැන සිතන්න. යාකොබ් ගෙදරින් බොහෝ දුර ගොස් තිබුණා. අඳුරේ රාත්රියේදී, ඉණිමඟක් පමණක් නොව, ඇඟිලි පහේ පොරොන්දුව ලෙස මම හැඳින්වීමට කැමති දේ ඇතුළු සැලකිය යුතු ගිවිසුම් පොරොන්දු පිළිබඳ සිහිනයක් ඔහු දුටුවා.6 එදින රාත්‍රියේ, ස්වාමින්වහන්සේ යාකොබ් අසල සිට, යාකොබ්ගේ පියාගේ දෙවියන්වහන්සේ ලෙස තමන්වහන්සේව හඳුන්වා දුන් අතර, පසුව මෙසේ පොරොන්දු වූනා:
-
මම ඔබ සමග සිටිමි.
-
මම ඔබව ආරක්ෂා කරමි.
-
මම ඔබව නැවත නිවසට ගෙන එන්නෙමි.
-
මම ඔබව අත්නොහරින්නෙමි.
-
මම ඔබට දුන් පොරොන්දුව ඉටු කරමි.7
යාකොබ්ට තෝරාගැනීමක් කිරීමට සිඳුවුනා. ඔහුට තම පියාගේ දෙවියන්ව සරලව දැන හඳුනාගෙන තම ජීවිතය ගත කිරීමට හා නැතිනම් ඔහු සමඟ කැප වූ ගිවිසුම් සබඳතාවයකින් ජීවිතය ගත කිරීමට ඔහුට තෝරා ගත හැකිය. වසර ගණනාවකට පසු, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් වල පොරොන්දු තුළ ජීවත් වූ ජීවිතයක් ගැන යාකොබ් මෙසේ සාක්ෂි දැරුවා: “දෙවියන්වහන්සේ … මාගේ විපත්තියේ දවසෙහි මට උත්තරදුන්සේක, මා ගිය මාර්ගයෙහිදී මා සමග සිටියසේක.” 8 අප අපගේ ජීවිතය උන්වහන්සේ සමඟ සම්බන්ධ කිරීමට තෝරා ගන්නේ නම්, උන්වහන්සේ යාකොබ් වෙනුවෙන් කළාක් මෙන්, අපගේ විපත්ති දවසේදී අප සෑම කෙනෙකුටම පිළිතුරු දෙනු ඇත. උන්වහන්සේ අප සමඟ මාර්ගයේ ගමන් කිරීමට පොරොන්දු වී සිටිනවා.
අපි මෙම ගමන ගිවිසුම් මාර්ගය ලෙස හඳුන්වනවා—එම මාර්ගය බව්තීස්මයේ ගිවිසුමෙන් ආරම්භ වන මාර්ගයක් වන අතර අප දේවමාළිගාවේ ඇති කරන ගැඹුරු ගිවිසුම් වලට මග පාදනවා. සමහර විට ඔබට එම වචන ඇසෙන විට කාර්යයක් හමාර කළ පසු සම්පූර්නයි කියා ලකුණු කරන කොටු ගැන සිතෙනවා විය හැකියි. සමහර විට ඔබ දකින්නේ අවශ්‍යතා ඇති මාර්ගයක් පමණක් විය හැකියි. වඩාත් සමීප බැල්මකින් වඩාත් ආකර්ෂණීය දෙයක් හෙළිවිය හැකියි. ගිවිසුමක කොන්ත්රාත්තුවද වැදගත් වුවත්, එය ඒ ගැන පමණක් නොවේ. එය සම්බන්ධතාවයක් ගැනයි. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූයේ, “ගිවිසුම් මාර්ගය යනු දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය” ලෙසයි.9
විවාහ ගිවිසුමක් සලකා බලන්න. විවාහ දිනය වැදගත්, නමුත් ඒ හා සමානව වැදගත් වන්නේ පසුව එකට ජීවත්වන ජීවිතය හරහා ගොඩනැඟෙන සම්බන්ධතාවයයි. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධය පිළිබඳවද එය එසේම වනවා. කොන්දේසි සකස් කර ඇති අතර, ගමන අතරතුර අපේක්ෂාවන් පවතිනු ඇත. අපට හැකි ආකාරයට අපගේ හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව, සහ උන්වහන්සේව අප අසලින් තබාගෙන “ඉදිරියටම ගමන් කිරීමට”10 උන්වහන්සේ අපට ආරාධනා කරනවා. බොහෝ විට එම ආශීර්වාද උන්වහන්සේගේම කාලය තුළ සහ උන්වහන්සේගේම ආකාරයෙන් පැමිණෙන බව ශුද්ධ ලියවිල්ල අපට මතක් කර දෙනවා: අවුරුදු 38,11 අවුරුදු 12,12 වහාම.13 අඩිපාර කොතරම් දුෂ්කර වුවද, උන්වහන්සේගේ උපකාරය ද එසේ වනු ඇත.14
උන්වහන්සේගේ දූතමෙහෙවර අනුග්රහයේ මෙහෙවරක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සිටින ස්ථානයේ සිටම අපව කුමණ ආකාරයකින් හෝ හමුවනවා ඇත. උද්‍යානය, කුරුසය සහ සොහොන්ගැබ අවශ්‍ය වන්නේ ඇයි යන්නට හේතුව මෙයයි. ගැලවුම්කරුවාණන්ව එවන ලද්දේ අපට ජය ගැනීමට උපකාර කිරීමටයි.15 නමුත් අප සිටින තැනම සිටීමෙන් අප අපේක්ෂා කරන විමුක්තිය ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ යාකොබ්ව අපවිත්‍ර ස්ථානයක නොතැබූවා සේම, අප කිසිවකුවත් සිටින ස්ථානයේම අත්හැරීමට ස්වාමින්වහන්සේ අදහස් කරන්නේ නැහැ.
උන්වහන්සේගේ දූතමෙහෙවර අනුග්රහයේ මෙහෙවරක්. උන්වහන්සේ සිටින ස්ථානයට අපව ඔසවා තැබීමට උන්වහන්සේ අප තුළ ක්‍රියා කරනු ඇති 16අතර, එම ක්‍රියාවලියේදී, උන්වහන්සේ සිටින ආකාරයටම වීමට අපට හැකි වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ අපව ඔසවා තැබීමටයි.17 අපට යෝග්‍ය වීමට උපකාර කිරීමට උන්වහන්සේට අවශ්‍යයි. දේවමාළිගාව අවශ්‍ය වන්නේ ඇයි යන්නට හේතුව මෙයයි.
අපව උත්කර්ශවත් කරනු ලබන්නේ ක්‍රියාව පමණක් නොව; අපගේ ගැළැවුම්කරුවාණන් වන—අපගේ සහකරුවා බව අප මතක තබා ගත යුතුයි. ගිවිසුම් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ ඇයි යන්නට හේතුව මෙයයි.
මම ඊශ්‍රායලයේ සිටියදී බටහිර තාප්පය (western wall)නැරඹීමට ගියා. යුදෙව්වන් සඳහා මෙය ඊශ්‍රායලයේ අතිශුද්ධස්ථානයයි. ඔවුන්ට ඔවුන්ගේ දේවමාළිගාවේ ඉතිරිව ඇත්තේ එපමණයි. බොහෝ අය මෙම පූජනීය ස්ථානයට පැමිණෙන විට ඔවුන්ගේ ඇති හොඳම ඇඳුම් අඳියි, ඔවුන්ගේ වස්ත්‍ර තෝරා ගැනීම දෙවියන්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවයට ඔවුන් දක්වන භක්තියේ සංකේතයයි. ශුද්ධ ලියවිලි පාඨ කියවීමට, නමස්කාර කිරීමට සහ ඔවුන්ගේ යාච්ඤාවන් සඳහා ඔවුන් මෙම තාප්පය වෙත පැමිණෙනවා. ගිවිසුමේ ගෘහයකට ඇති අශාව නිසා ඔවුන් සෑම දිනක්ම, සෑම යාච්ඥාවක්ම ගතකරමින් ඔවුන්ගේ මධ්‍යයේ දේවමාළිගාවක් සඳහා ආයාචනය කරනවා. මම ඔවුන්ගේ භක්තිය අගය කරනවා.
මම ඊශ්‍රායලයේ සිට ආපසු නිවසට පැමිණි විට, ගිවිසුම් සම්බන්ධයෙන් මා වටා ඇති සංවාදවලට මම වඩාත් සමීපව ඇහුම්කන් දුන්නා. මම ගිවිසුම් මාර්ගයක ගමන් කළ යුත්තේ ඇයි? ගිවිසුම් ඇති කර ගැනීම සඳහා මා නිවසකට ඇතුළු වීමට අවශ්‍යද? මම ශුද්ධ වස්ත්‍රය අඳින්නේ ඇයි? මම ස්වාමින් වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක් සඳහා ආයෝජනය කළ යුතුද? වැනි ප්‍රශ්ණ මිනිසුන් අසනවා මම දුටුවා. මෙම හොඳ සහ වැදගත් ප්‍රශ්නවලට පිළිතුර සරලයි: එය රඳා පවතින්නේ ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අත්විඳීමට අවශ්‍ය සම්බන්ධතාවයේ තරම මතයි.18 එම ගැඹුරු පුද්ගලික ප්‍රශ්නවලට අප සෑම කෙනෙකුටම අපගේම ප්‍රතිචාරය සොයා ගැනීමට සිදුවනු ඇත.
මෙන්න මගේ ප්‍රතිචාරය: මම මේ මාවතේ ගමන් කරන්නේ “ස්වර්ගයේ සිටින දෙමාපියන්ගේ19 ආදරණීය දියණියක්” ලෙසයි.ඔවුන් මා දේවත්වයෙන් හඳුනනවා20, ගැඹුරින් විශ්වාසකරනවා.21 ගිවිසුමේ දරුවෙකු වශයෙන්, පොරොන්දුවූ22 ආශීර්වාද ලැබීමට මම සුදුසුකම් ලබනවා. මම ස්වාමින්වහන්සේ සමඟ ගමන් කිරීමට මම තෝරාගෙන23 සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට මා කැඳවා24 තිබෙනවා. මාර්ගය අතිමහත් යැයි හැඟෙන විට, මම පවරා ඇති කරුණාව තුළින් ශක්තිමත්25 වනවා. මම උන්වහන්සේගේ නිවසේ එළිපත්ත තරණය කරන සෑම අවස්ථාවකම, මම උන්වහන්සේ සමඟ ගැඹුරු ගිවිසුම් සබඳතාවයක් අත්විඳිනවා. මම උන්වහන්සේගේ ආත්මයෙන් ශුද්ධව26, උන්වහන්සේගේ බලයෙන් සැරසී27 සිටින අතර, උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට වෙන්වී28 සිටිනවා දිනපතා පසුතැවිලි වීමේ ක්‍රියාවලියක් සහ සතිපතා සක්‍රමේන්තුවට සහභාගී වීමෙන්, මම ස්ථීර29වීමට සහ යහපත30කිරීමට ඉගෙනගෙන සිටිනවා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ මේ මාර්ගයේ ගමන් කරන්නේ, උන්වහන්සේ නැවත පැමිණෙන පොරොන්දු වූ දවස දෙස මඟබලමින්ය. එවිට මම උන්වහන්සේට මුද්රාවනවා31 සහ දෙවියන්වහන්සේගේ ශුද්ධවන්ත32 දියණියක් ලෙස උසස් වනවා.
මම ගිවිසුම් මාර්ගයේ ගමන් කරන්නේ මේ නිසයි.
මම ගිවිසුම්ගත පොරොන්දු වලට ඇළී සිටින්නේ මේ නිසයි.
මම උන්වහන්සේගේ ගිවිසුම් ගෘහයට ඇතුල්වන්නේ මේ නිසයි.
නිරන්තර සිහිගැන්වීමක් ලෙස ශුද්ධ වස්ත්‍රය මම අදින්නේ මේ නිසයි.
ඒ මට උන්වහන්සේ සමඟ කැපවූ ගිවිසුම් සම්බන්ධතාවයක ජීවත් වීමට අවශ්‍ය නිසයි.
සමහර විට ඔබටත් එසේ විය හැකියි. ඔබ සිටින තැනින් ආරම්භ කරන්න.33 ඔබේ තත්වයට, ඔබට බාධාවක් කිරීමට ඉඩ නොදෙන්න. මතක තබා ගන්න, මාර්ගය හෝ ස්ථානගත කිරීම ප්‍රගතිය තරම් වැදගත් නොවේ.34 ගිවිසුම් ගත මාර්ගයේ සිටින ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔවුන් හඳුන්වාගෙන සිටින ගැළවුම්කරුවාණන්ව ඔබට හඳුන්වාදෙන ලෙස ඉල්ලා සිටින්න. උන්වහන්සේ ගැන තවත් ඉගෙන ගන්න. උන්වහන්සේ සමඟ ගිවිසුමකට එළඹීමෙන් එම සබඳතාවය තුළ ආයෝජනය කරන්න. එයට ඔබගේ වයස හෝ තත්වය වැදගත් නොවේ. ඔබට උන්වහන්සේ සමඟ ගමන් කළ හැකියි.
අපි යේසුස්ගේ අඩිපාරේ ගමන් කර අවසන් වූ පසු මයා ඇගේ ලණුව ඉවතට ගත්තේ නැහැ. ඇය එය මගේ ස්කූටරයේ ගැට ගැසුවා. ඊළඟ දින කිහිපය තුළ, මගේ ගැටවර වියේ පසුවන බෑණනුවන් සහ ඔහුගේ මිතුරා ජෙරුසලමේ වීදි හරහා මාරුවෙන් මාරුවට මා ඇදගෙන ගියා.35 ජේසුස්වහන්සේ පිළිබඳ කථා මට අතපසු නොවන බවට ඔවුන් වග බලා ගත්තා. එය මට නැගී එන පරම්පරාවේ ශක්තිය සිහිපත් කළා. අපට ඔබෙන් ඉගෙනගත හැකියි. මාර්ගෝපදේශකයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමට ඔබට අවංක ආශාවක් තිබෙනවා. අපව උන්වහන්සේට සම්බන්ධ කරන කඹයේ ශක්තිය ඔබ විශ්වාස කරනවා. අන් අයව උන්වහන්සේ වෙත එක්රැස් කිරීමට ඔබ දක්ෂයි.36
මඟ දිගට දිරිගැන්වීම් කරමින් අපි මේ මාර්ගයේ එකට ගමන් කිරීම ගැන ස්තූතිවන්ත වනවා.37 අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ පෞද්ගලික අත්දැකීම් බෙදාගන්නා විට, අපි පෞද්ගලික කැපවීම ශක්තිමත් කරගන්නවා. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.