දසයෙන් කොටස: ස්වර්ගයේ කවුළු විවෘත කිරීම
ස්වර්ගයේ කවුළු බොහෝ ආකාරවලින් විවෘත වෙනවා. ස්වාමින්වහන්සේගේ කාලය තුළ විශ්වාස කරන්න; මේ ආශිර්වාද සෑම විටම පැමිණෙනවා.
මම මෑතකදී දකුණු අමෙරිකාවේ සිටියදී වෙනිසියුලාවේ සහෝදර රොජර් පාරා මා සමඟ පහත අත්දැකීම බෙදාගත්තා:
“2019 දී වෙනිසියුලාව දින පහක් විදුලිය ඇනහිටීමට හේතු වූ ගැටළු වලින් කම්පා වුණා.
“වියවුල් සහ අරාජිකත්වය වීදිවල රජ වුණා, ඒ වගේම බොහෝ මංමුලා සහගත මිනිසුන්ට ප්‍රමාණවත් ආහාර පවා තිබුණේ නෑ.
“සමහරු ඔවුන්ගේ මාවතේ ඇති සියලු දේවල් විනාශ කරමින්, ආහාර ව්‍යාපාර කොල්ලකෑමට පටන් ගත්තා.
“පුංචි බේකරියක අයිතිකාරයෙක් විදියට මම හිටියෙ අපේ ව්‍යාපාරය ගැන ගොඩක් කනස්සල්ලෙන්. අපේ බේකරියේ තියෙන සියලුම ආහාර, අවශ්‍යතා ඇති අයට දෙන්නට පවුලක් විදියට අපි තීරණය කළා.
“එක් අඳුරු රාත්‍රියක් තුළ සෑම තැනකම කැරලි කෝලාහල පැවතුණා. මගේ එකම සැලකිල්ල වුණේ මගේ ආදරණීය බිරිඳගේ සහ දරුවන්ගේ ආරක්ෂාවයි.
“හිමිදිරි උදෑසන මම අපේ බේකරියට ගියා. කණගාටුදායක ලෙස, අසල තිබූ සෑම ආහාර ව්‍යාපාරයක්ම කොල්ලකරුවන් විසින් විනාශ කර තිබුණත්, මම පුදුමයට පත් වූයේ, අපගේ බේකරිය එලෙසම පැවතීම ගැනයි. කිසිවක් විනාශ වී තිබුණේ නෑ. මම නිහතමානීව මගේ ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූති කළා.
“ගෙදරට ආපු ගමන්ම, දෙවියන්වහන්සේගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ගැන මම මගේ පවුලේ අයට කිව්වා.
“ඔවුන් සියල්ලෝම ඉතා කෘතඥ වූවා.
“වයස අවුරුදු දොළහක් පමණක් වුණු මගේ වැඩිමහල් පුතා, රොජෙලියෝ මෙහෙම කිව්වා, ‘තාත්තේ! අපේ කඩේ ආරක්ෂා කළේ ඇයි කියලා මම දන්නවා. ඔයයි අම්මයි නිතරම ඔයාලගෙ දසයෙන් කොටස ගෙවනවා.’”
සහෝදර පාරා මෙසේ අවසන් කළා: “මලාකිගේ වචන මගේ සිතට නැඟුණා. ‘නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජන කරන්නෙමි.’[මලාකි 3:11] අපි දණින් වැටී අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රාතිහාර්යය ගැන කෘතඥපූර්වකව ස්තූති කළා.”1
මා සෝදීසි කර බලන්න
අපට ඇති සියල්ල සහ අපේ සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අප අවට සිටින අය සමඟ අපි කැමැත්තෙන් බෙදාගන්නවා.
ස්වාමින්වහන්සේ අපට ලබා දෙන සියල්ල සමඟින්, අපගේ වර්ධනයෙන් සියයට 10 ක් උන්වහන්සේට සහ මිහිපිට උන්වහන්සේගේ රාජ්‍යය වෙත ආපසු දෙන ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා තිබෙනවා. අප අපගේ දසයෙන් කොටස අවංකව ලබා දෙන විට, උන්වහන්සේ “අහසේ කවුළු ඇර … ඉඩ මදිවෙන තරම් … ආශිර්වාදයක් වගුරුවා දෙන” බවට උන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා.”2 නපුරෙන් අපව ආරක්ෂා කරන බවට උන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා.3 මෙම පොරොන්දු ඉතා ස්ථිරයි,4 ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “මා සෝදිසිකර බලාපල්ලා”5 යන වාක්‍ය ඛණ්ඩය ශුද්ධලියවිලි වල වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන එකක්.
ස්වර්ගයේ කවුළු බොහෝ ආකාරවලින් විවෘත වෙනවා. සමහරක් ලෞකික යි, නමුත් බොහෝ ඒවා අධ්‍යාත්මික යි. සමහරක් සියුම් ඒවගේම නොසලකා හැරීමට පහසුයි. ස්වාමින්වහන්සේගේ කාලය තුළ විශ්වාස කරන්න; මේ ආශිර්වාද සෑම විටම පැමිණෙනවා.
ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරන අය ගැන අපි දුක් වෙනවා. ලොව පුරා සිටින අවදානමට ලක්විය හැකි දරුවන්ට සහ මව්වරුන්ට සහන සැලසීම සඳහා සභාව මෑතකදී ඩොලර් මිලියන 54 ක් පරිත්‍යාග කළා.6 ඔබේ මාසික නිරාහාර පිදුම් සමඟින්, අපගේ යහපත් සභානායකවරු සෑම සතියකම, ඔවුන්ගේ මේස මත ආහාර, ඔවුන්ගේ ශරීර මත ඇඳුම් සහ ඔවුන්ගේ හිසට ඉහළින් නවාතැන් තාවකාලිකව අවශ්‍ය වන දහස් ගණනකට උපකාර කරනවා. මේ ලෝකයේ දුප්පත්කමට එකම ස්ථිර විසඳුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයි.7
ඇදහිල්ල පිළිබඳ කාරණයක්
මිනිසුන්ගේ ප්‍රඥාව මිනිසුන්ගේ දේවල් තේරුම් ගන්නා නමුත් දෙවියන්වහන්සේගේ දේවල් තේරුම් ගැනීමට අපහසුතාවයක් දක්වන බව ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟෙව්වා.8 ලෝකය දසයෙන් කොටස ගැන කතා කරන්නේ අපගේ මුදල් අනුවයි, නමුත් දසයෙන් කොටසේ පරිශුද්ධ නීතිය ප්‍රධාන වශයෙන් අපගේ ඇදහිල්ල පිළිබඳ කාරණයක්. අපගේ දසයෙන් කොටස ගෙවීමෙහි අවංක වීම, අපගේම සැලකිල්ල සහ උනන්දුව අභිබවා අපගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේට මුල් තැන දීමට අපගේ කැමැත්ත පෙන්වන එක් මාර්ගයක්. ඔබ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, ස්වර්ගයේ ආශීර්වාද අනුගමනය කරන බවට මම ඔබට පොරොන්දු වනවා.
“සීසර්ගේ දේ සීසර්ටත්; දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා”9 කියා යේසුස්වහන්සේ කිව්වා. මලාකි පොතේ සොයාගත් උන්වහන්සේගේ පොරොන්දු ගැන ඔවුන්ගේ වාර්තාවේ ලියා තබන ලෙස මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් නෙපීවරුන්ගෙන් ඉල්ලා සිටියා.10 අපේ කාලයේදී, ස්වාමින්වහන්සේ දසයෙන් කොටස දීමේ දිව්‍යමය නීතිය යලි තහවුරු කරමින් මෙසේ ප්‍රකාශ කරනවා: “මෙය මාගේ ජනතාවගේ දසයෙන් කොටසේ ආරම්භය වන්නේය. තවද [ඔවුන්] ඔවුන්ගේ සියලු ලාභයෙන් දසයෙන්-කොටසක් වාර්ෂිකව ගෙවිය යුතු වන්නෝය; මෙය ඔවුන්ට සදාකාලයටම ස්ථාවර නීතියක් වන්නේය.”11
ස්වාමින්වහන්සේ විසින් දසයෙන් කොටස ලබා දිය යුතු ආකාරය ගැන පැහැදිලිව පෙන්වා දී තිබෙනවා, “නුඹලා සියලු දසයෙන් කොටස ගබඩාවට ගෙන එන්න,”12 එයින් අදහස් කරන්නේ දසයෙන් කොටස උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද රාජ්‍යය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට ගෙන එන්න යන්නයි.13 මෙම පූජනීය දසයෙන් කොටස භාවිතා කිරීම සම්බන්ධව පළමු සභාපතිත්වයේ, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ, මූලාසනය දරන සභානායකත්වයේ මන්ත්‍රණ සභාවක් මගින් යාච්ඤාපූර්වකව සොයා බැලිය යුතු බවට උන්වහන්සේ උපදෙස් ලබා දී තිබෙනවා, “මාගේම ස්වකීය හඬින් ඔවුන් වෙතට ලබා දී ඇත්තේ යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.”14
ස්වාමීන්වහන්සේගේ පූජනීය අරමුදල්
මෙම පූජනීය අරමුදල් සභාවේ නායකයින්ට අයිති වන්නේ නෑ. ඒවා අයිති ස්වාමින්වහන්සේටයි. උන්වහන්සේගේ සේවකයන් ඔවුන්ගේ භාරකාරත්වයේ පරිශුද්ධ ස්වභාවය ගැන දැඩි ලෙස දන්නවා.
සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙම ළමා කාලයේ අත්දැකීම මෙසේ විස්තර කළා: “මම කුඩා පිරිමි ළමයෙක්ව සිටියදී මම මගේ පියාගෙන් … සභාවේ අරමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. මගේ දසයෙන් කොටස සහ පිදුම් ගෙවීම කියන්නෙ දෙවියන්වහන්සේ මට දුන් වගකීමක් බව ඔහු මට මතක් කළා. මම එහෙම කරද්දි, [මගේ පියා මෙහෙම කිව්වා,] මා දෙන දේ තවදුරටත් මගේ නොවේ. එය අයිති වෙන්නෙ මම එය කැප කර ලබාදෙන ස්වාමින්වහන්සේටයි. ඔහුගේ පියා තවදුරටත් මෙසේ කිව්වා: “සභාවේ බලධාරීන් එයට කරන දේ ගැන [ගෝර්ඩන්, ඔබ] සැලකිලිමත් විය යුතු නෑ. ඔවුන් පිළිතුරු දිය යුත්තේ, ඔවුන් අතින් ගණන් කිරීමක් අපේක්ෂා කරන ස්වාමින්වහන්සේටයි.”15
“ස්වාමින්වහන්සේට පිළිතුරු දිය යුතු” වීමේ බර අපට ගැඹුරින් දැනෙනවා.
ඔබේ ත්‍යාගශීලී දසයෙන් කොටස සහ පිදුම්
ඔබ ස්වාමින්වහන්සේට කැප කළ ත්‍යාගශීලී දසයෙන් කොටස සහ පිදුම් වලින්, අවශ්‍යතා ඇති අයට ආශිර්වාද කිරීම සඳහා පසුගිය වසරේ එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා භාවිතා කර තිබෙනවා.16
නැවත පිහිට වූ ශුභාරංචිය ලොව පුරා ගෙන යාමේ අපගේ වැදගත් වගකීම තුළ, දූත මෙහෙයන් 414 ක සේවය කරන ධර්මදූතයින් 69,000ක් අප සතුව සිටිනවා.17 ඔබේ දසයෙන් කොටස සහ පිදුම් නිසා, ධර්මදූතවරුන්ට, ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය කුමක් වුවත්, සේවය කිරීමට හැකි වෙනවා.
දේවමාළිගා ලොව පුරා පෙර නොවූ විරූ ලෙස ඉදිවෙමින් පවතිනවා. දැනට දේවමාළිගා 177 ක් ක්‍රියාත්මක වෙනවා, 59 ක් දැනට ඉදිවෙමින් හෝ ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා, ඒවගේම තවත් 79 ක් සැලසුම් කරමින් සහ සැලසුම් අඳිමින් පවතිනවා.18 ඔබේ දසයෙන් කොටස දේවමාළිගාවේ ආශිර්වාදවලට ඉඩ දෙන්නේ ස්වාමින්වහන්සේට පමණක් පුරෝකථනය කළ හැකි ස්ථානවලයි.
රටවල් සහ ප්‍රදේශ 195 ක් තුළ දේවස්ථාන සහ අනෙකුත් පහසුකම් දහස් ගණනක සභා 30,000කට වඩා තිබෙනවා.19 ඔබගේ ඇදහිලිවන්ත දසයෙන් කොටස නිසා, ඔබ කිසිදා නොහඳුනන ධර්මිෂ්ඨ ශුද්ධවන්තයින් අතර ඔබ කිසිදා නොපැමිණෙන දුර බැහැර ස්ථානවල සභාව ස්ථාපිත වෙමින් පවතිනවා.
සභාව දැනට උසස් අධ්‍යාපන ආයතන පහකට අනුග්‍රහය දක්වනවා.20 මේවා 145,000 කට වඩා සිසුන් ගණනකට සේවය කරනවා. අපගේ සෙමනේරි සහ ආයතනික පන්ති වල සෑම සතියකම පන්ති එක්ලක්ෂ දසදහසක් උගන්වමින් තිබෙනවා.21
මෙම ආශිර්වාද සහ තවත් බොහෝ දේ බොහෝ දුරට පැමිණෙන්නේ, අවංකව දසයෙන් කොටස ගෙවන සෑම ආර්ථික තත්වයකම තරුණ හා මහලු අයගෙනුයි.
දසයෙන් කොටස ලබාදීමේ දිව්‍යමය නීතියේ අධ්‍යාත්මික බලය මනිනු ලබන්නේ දායක වන මුදල් ප්‍රමාණයෙන් නොවේ, මොකද සමෘද්ධිමත් හා දුප්පතුන් යන දෙගොල්ලන්ටම ඔවුන්ගේ ආදායමෙන් සියයට 10 ක් ලබා දෙන ලෙස ස්වාමින්වහන්සේ ආඥා කර තිබෙනවා.22 මේ බලය ලැබෙන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තැබීමෙනුයි.23
අප මෙතෙක් අත්විඳ ඇති ඕනෑම දෙයකින් ඔබ්බට ස්වාමින්වහන්සේගේ කාර්යය ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දෙමින්, ඔබගේ ත්‍යාගශීලී දසයෙන් කොටස හරහා ප්‍රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ අමතර බහුලත්වය සභාවේ සංචිත ශක්තිමත් කර තිබෙනවා. ස්වාමින්වහන්සේ සියල්ල දන්නා අතර, කාලයාගේ ඇවෑමෙන්, උන්වහන්සේගේ සියලු පරිශුද්ධ අරමුණු ඉටු වන බව අපට පෙනෙයි.24
ආශිර්වාද බොහෝ ආකාරවලින් පැමිණේ
දසයෙන් කොටසේ ආශිර්වාද බොහෝ ආකාරවලින් පැමිණෙනවා. 1998 දී, මම එවකට වැඩිහිටි හෙන්රි බී. අයිරින් සමඟ තාක්ෂණයේ විශිෂ්ට නවෝත්පාදන ප්‍රජාවක් වන යූටා ප්‍රදේශයේ දැන් සිලිකන් බෑවුම් ලෙස හඳුන්වන විශාල සභා රැස්වීමකට ගියා. එය සමෘද්ධිය වර්ධනය වන කාලයක් වූ අතර, ඔවුන් සතුව ඇති දේ අන් අය සමඟ සංසන්දනය කිරීම සහ තවත් අවශ්‍ය වීම ගැන වැඩිහිටි අයරින් එම ශුද්ධවන්තයන්ට අවවාද කළා. ඔවුන් අවංක දසයෙන් කොටසක් ගෙවන විට, තවත් ද්‍රව්‍යමය දේ සඳහා ඔවුන්ගේ ආශාව අඩු වන බවට ඔහුගේ පොරොන්දුව මට සැමවිටම මතක තිබෙයි. වසර දෙකක් ඇතුළත, තාක්ෂණික බුබුල පුපුරා ගියා. බොහෝ දෙනෙකුට රැකියා අහිමි වුණා, ඒවගේම මෙම මූල්‍ය ගැලපුම් කාලය තුළ සමාගම් අරගල කළා. සභාපති අයිරින්ගේ උපදෙස් අනුගමනය කළ අය ආශිර්වාද ලැබුවා.
ඔහුගේ පොරොන්දුව මට තවත් අත්දැකීමක් මතක් කර දුන්නා. 1990 දී ධර්මදූත සභාපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, මට ප්‍රංශයේ කාර්කැසෝන් අසලදී 12 හැවිරිදි චාලට් ලිම්ව මුණගැසුණා. ලිම් පවුල ඇදහිලිවන්ත නිහතමානී පවුලක් වූ අතර, දරුවන් අට දෙනෙකු සමඟ කුඩා මහල් නිවාසයක ජීවත් වුණා. ඔවුන්ගේ බිත්තියේ ගැලවුම්කරුවාණන්ගේ සහ අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් තිබුණා. ඇයගේ ආදිපීතෘ ආශිර්වාදය සඳහා සම්මුඛ සාකච්ඡාවේදී, ඇය අවංක දසයෙන් කොටසක් ගෙවනවාද කියා මම චාලට්ගෙන් ඇසුවා. ඇය මෙහෙම පිළිතුරු දුන්නා, “ඔව්, සභාපති ඇන්ඩර්සන්. අපගේ දසයෙන් කොටස ගෙවීමෙන් ලැබෙන ලෞකික හා අධ්‍යාත්මික ආශිර්වාද ගැන මගේ අම්මා මට උගන්වා තිබෙනවා. අපි හැමදාම දසයෙන් කොටස ගෙව්වොත් අපිට කිසි දෙයක් ඕන වෙන්නෙ නෑ කියලා මගේ අම්මා ඉගැන්නුවා. ඉතින් සභාපති ඇන්ඩර්සන්, අපට කිසිවක් ඕන නැහැ.”
දැන් 45 හැවිරිදි සහ දේවමාළිගාවේ මුද්‍රා තබා සිටින චාලට් ඇගේ කතාව බෙදා ගැනීමට මට අවසර දෙමින් මෙසේ අදහස් දැක්වූවා: “දසයෙන් කොටස පිළිබඳ මගේ සාක්ෂිය එකල ශක්තිමත් වූ අතර දැන් එය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මෙම ආඥාව සඳහා මම බෙහෙවින් ස්තුතිවන්ත වනවා. මම එයට කීකරු වන විට මට බහුල ලෙස ආශීර්වාද ලබනවා .”25
එක් දවසක, අප සෑම කෙනෙකුම අපගේ ලෞකික ගමන අවසන් කරනවා. අවුරුදු විසිපහකට පෙර, මගේ නැන්දම්මා වන මාර්තා විලියම්ස් පිළිකාවකින් මිය යාමට දින කිහිපයකට පෙර, ඇයට තැපෑලෙන් කුඩා චෙක්පතක් ලැබුණා. දසයෙන් කොටස ගෙවීමට චෙක් පොත ගෙනත් දෙන ලෙස ඇය වහාම කැතීගෙන් ඉල්ලා සිටියා. ඇගේ මවට ලිවීමට නොහැකි තරමට ඇය දුර්වලව සිටි නිසා, කැතීට ඇය වෙනුවෙන් චෙක්පත ලියා දිය හැකිදැයි කැතී ඇසුවා. ඇගේ මව මෙසේ පිළිතුරු දුන්නා, “නැහැ කැතී. මට එය තනිවම කිරීමට අවශ්‍යයි.” ඉන්පසු ඇය සෙමින් මෙසේ කිව්වා, “මට ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිවැරදි වීමට අවශ්‍යයි.” කැතී තම මව වෙනුවෙන් කළ අවසාන දෙය තමයි ඇගේ දසයෙන් කොටස සහිත ලියුම් කවරය ඇගේ සභානායකවරයාට භාරදීම.
දෙවියන්වහන්සේගේ වැදගත් කාර්යයන්
මගේ සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව “අප්‍රසිද්ධව”26 පොළොව පුරා කැපී පෙනෙන ආශිර්වාද ගෙන එනවා. ඉදිරියට යන්නට අපිව දිරිගන්වන අය වගේම එසේ නොකරන අයත් ඉන්නවා. ප්‍රේරිත පේත්‍රැස් සහ යොහන් කළ ප්‍රාතිහාර්යයන් දැක යෙරුසලමේ මන්ත්‍රණ සභාවට අනතුරු ඇඟවූ ප්‍රඥාවන්ත ගමාලියෙල්ගේ වදන් ගැන මම කල්පනා කළා.
“මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන්න … මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.
“නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්න වන්ට පුළුවන.”27
ඔබ සහ මම පොළොව මත දෙවියන්වහන්සේගේ වැදගත් කාර්යයේ කොටසක් වෙනවා. එය නිෂ්ඵල වෙන්නෙ නෑ, නමුත් ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා මාර්ගය සූදානම් කරමින් ලෝකය පුරා දිගටම ගමන් කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “ඉදිරි දිනවලදී, ලෝකය මෙතෙක් දැක ඇති ගැලවුම්කරුවාණන්ගේ බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයන් අපි දකිනවා. උන්වහන්සේ නැවත පැමිණෙන කාලය සහ වර්තමාන කාලය අතර … , ඇදහිලිවන්තයින් මත අසංඛ්‍යාත වරප්‍රසාද, ආශිර්වාද සහ ප්‍රාතිහාර්යයන් උන්වහන්සේ විසින් ලබා දෙයි.”28
මේ මගේ සාක්ෂියයි. යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේයි. මේ උන්වහන්සේගේ ශුද්ධ කාර්යයයි. උන්වහන්සේ නැවත පැමිණෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.