එන්න, මා අනුගමනය කරන්න 2024
ජුනි 3–9: “ඔවුන් ස්ථීර හා නොවෙනස් විය.” මොසායා 29–ඇල්මා 4


“ජුනි 3–9: ‘ඔවුන් ස්ථීර හා නොවෙනස් විය.’ මොසායා 29–ඇල්මා 4,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“ජුනි 3–9. මොසායා 29–ඇල්මා 4,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2024)

රූපය
බාල ඇල්මා දේශනා කරමින්

ගැරී එල්. කැප් විසින්, Alma the Younger Preaching [බාල ඇල්මා දේශනා කරමින්]

ජුනි 3–9: “ඔවුන් ස්ථීර හා නොවෙනස් විය”

මොසායා 29ඇල්මා 4

රජවරුන් වෙනුවට ඡන්දයෙන් තේරී පත්වූ විනිසුරුවන් පත්කිරීමේ මොසායා රජුගේ යෝජනාව හුදු බුද්ධිමත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් ලෙස සමහරු දකින්න පුළුවන්. නමුත් නෙපීවරුන්ට, විශේෂයෙන් දුෂ්ට නෝවා රජු යටතේ ජීවත් වූ අයට, මෙම වෙනසට අධ්‍යාත්මික වැදගත්කමක්ද තිබෙනවා. අධර්මිෂ්ඨ රජෙකු තම සෙනඟට බලපෑම් කළ ආකාරය ඔවුන් දැක තිබූ අතර, එවැනි බලපෑම්වලින් නිදහස් වීමට ඔවුන් “අතිශයින්ම උත්සුක” වුණා. මෙම වෙනස මගින් ඔවුන්ගේ ධර්මිෂ්ඨකමට ඔවුන්ම වගකිව යුතු අතර ඔවුන්ට “[ඔවුන්ගේම] පව් වලට පිළිතුරු දීමට” ඉඩ සලසනවා (මොසායා 29:38).

ඇත්තවශයෙන්ම, රජවරුන්ගේ පාලන සමයේ අවසානය නෙපීවරුන්ගේ සමාජයේ ගැටළු වල අවසානය නොවේ. නාහෝර් සහ අමලිකි වැනි කපටි මිනිසුන් බොරු අදහස් ප්‍රවර්ධනය කළ අතර, එලෙසම සභාවේ බොහෝ සාමාජිකයෝ ආඩම්බර වී ඉවතට වැටුණා. “දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්” ඔවුන් වටා සිදුවූ දේ නොතකා “ස්ථීර හා නොවෙනස්” තත්වයක සිටියා (ඇල්මා 4:15; 1:25).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොසායා 29:26–27; ඇල්මා 2:1–7

මගේ ප්‍රජාව තුළ මට ධනාත්මක බලපෑමක් වෙන්න පුළුවන්.

විනිශ්චයකාරවරුන්ගේ පාලනයට වසර පහක් වැනි කෙටි කාලයකදී, ජනතාවගේ හඬ සාමාන්‍යයෙන් හරි දේ තෝරාගන්නා බවට මොසායා කළ ප්‍රකාශය පරීක්ෂා කරන අර්බුධයක් ඇති වුණා (බලන්න මොසායා 29:26). ප්‍රශ්නය කුමක්ද සහ ඒ සම්බන්ධයෙන් නෙපීවරුන් කළේ කුමක්දැයි සොයා බැලීමට ඇල්මා 2:1–7 අධ්‍යයනය කරන්න. “සභාවේ ජනතාව” ඔවුන්ගේ හඬ අවදි නොකළා නම් කුමක් සිදුවිය හැකිව තිබුණාද? ඔබ ඔබේ ප්‍රජාවට සම්බන්ධ වනවාට ස්වාමින්වහන්සේ කැමති ආකාරය ගැන මෙම වාර්තාවෙන් ඔබ ඉගෙන ගන්නා තවත් දේවල් මොනවාද? (තවත් බලන්න මොසායා 29:26–27).

ඔබේ ප්‍රජාව මුහුණ දෙන වැදගත් ගැටළු මොනවාද? නෙපීවරුන් මෙන් ඔබටත් ඔබේ කටහඬ “ජනතාවගේ හඬට” ඇතුළත් වන බවට වග බලා ගත හැකි ආකාරය ගැන සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ඔබට ඔබේ ප්‍රජාවට යහපත සඳහා බලපෑම් කළ හැකි වෙනත් ක්‍රම මොනවාද?

තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “ඔබගේ සතුරන්ට ප්‍රේම කරන්න,” ලියහෝනා, නොවැ. 2020, 26–29.

ඇල්මා 1

ව්‍යාජ දහම හඳුනා ගැනීමට දෙවියන්වහන්සේගේ වචනය මට උදවු කරනවා.

නෙහෝර් අවසානයේදී ඔහු ඉගැන්වූ දේ ව්‍යාජ බව පාපොච්චාරණය කළද, ඔහුගේ ඉගැන්වීම් වසර ගණනාවක් පුරා නෙපීවරුන්ට බලපෑම් කළා. ඔබ සිතන ආකාරයට නෙහෝර්ගේ ඉගැන්වීම් වලට මිනිසුන් කැමති ඇයි? ඇල්මා 1:2–6 තුළ, නෙහෝර්ගේ ඉගැන්වීම්වල—ඇති බොරු සහ එම බොරු සැඟවීමට ඔහු භාවිතා කළ සත්‍යයන් සොයන්න.

ගිඩියොන් “දෙවියන්වහන්සේගේ වචන සමඟ” නෙහෝර්ට එරෙහි වුණා (ඇල්මා 1:7, 9). නෙහෝර්ගේ බොරු ප්‍රතික්ෂේප කරන ශුද්ධලියවිලි පද කිහිපයක් මෙන්න: මතෙව් 7:21–23; 2 නෙපී 26:29–31; මොසායා 18:24–26; සහ හිලමන් 12:25–26. මේ එක් එක් ශුද්ධලියවිලි පද සාරාංශ කිරීමට උත්සාහ කරන්න. අපේ කාලයේ බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට ජීවමාන අනාගතවක්තෘවරුන්ගෙන් ඔබ ඉගෙනගෙන ඇති දේවල් මොනවාද?

ඇල්මා 1:19–31; 4:6-15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් “දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්” වෙනවා.

ඇල්මා තුළ 1 සහ 4 වෙනි පරිච්ඡේද දෙකම සභාව සමෘද්ධිමත් වූ කාල පරිච්ඡේදයන් විස්තර කරනවා, නමුත් සභාවේ සාමාජිකයන් එම සමෘද්ධියට ප්‍රතිචාර දැක්වූයේ වෙනස් ආකාරයකටයි. උදාහරණයක් වශයෙන්, සභාවේ සාමාජිකයන් වසර කිහිපයකින් වෙනස් වූ ආකාරය බැලීමට ඇල්මා 1:19–30 සහ ඇල්මා 4:6–15 සසඳන්න. ඔබ කියවා ඇති දේ මත පදනම්ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයින්ට විවිධ විශ්වාසයන් ඇති අය ගැන හැඟෙන්නේ කොහොමද? ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්ට ධනය හා සමෘද්ධිය සම්බන්ධයෙන් තිබෙන්නේ කුමන ආකල්පයක්ද? ඔබේම ආකල්ප වෙනස් කිරීම සඳහා ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

ශුද්ධලියවිලි ඔබට අදාළ කරගන්න. මෙම ශුද්ධලියවිලි පද වල එම කථාන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන ආකාරය ගැන සලකා බලන්න. උදාහරණයක් විදියට, ඇල්මා 1–4 තුළ නෙපීවරුන් මුහුණ දුන් ගැටළු සහ අද ඔබ දකින ගැටළු අතර සමානකම් ඔබට සොයාගන්න පුළුවන්.

රූපය
සෙමනේරි නිරූපකය

ඇල්මා 4:6–20

මගේ ආදර්ශය සහ සාක්ෂියට හදවත් වෙනස් කරන්න පුළුවන්.

තම ජනතාව අතර සිදුවෙමින් පවතින දේ දුටු විට ඇල්මාට ඇති වූ දුක සමහරවිට ඔබටත් අදාළ වෙන්න පුළුවන්. ඇල්මා 4:6–15 තුළ ඔහු දුටු ගැටළු සොයන්න. ඒ හා සමාන ගැටළු ඔබ දැක තිබේද? සමහර විට ඔබ මෙම ගැටළු සමඟ පොරබදන ආදරණීය කෙනෙකු ගැන කනස්සල්ලට පත්ව සිටිනවා වෙන්න පුළුවන්. ඔබට උදවු කිරීමට කුමක් කළ හැකිදැයි ඔබ කල්පනා කර තිබෙනවාද?

ප්‍රධාන විනිසුරු ලෙස ඇල්මා මෙම ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා බව ඇතැමුන් කියන්න පුළුවන්. නමුත් වඩා හොඳ ක්‍රමයක් ඇති බව ඇල්මාට හැඟුණා. ඔබ 16–20 පද කියවද්දි, ඔහුගේ සෙනඟට උදවු කිරීමට ඔහු දක්වන ප්‍රවේශය ගැන ඔබේ සිත් ගත්තේ කුමක්ද?

ඇල්මාට දෙවියන්වහන්සේගේ වචනය සහ “පවිත්‍ර සාක්ෂිය” කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා (19 වෙනි පදය). පිරිසිඳු සාක්ෂියේ බලය ගැන ඔබ දැක ඇති ආදර්ශයන් මොනවාද? ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදාගත හැකි විවිධ ක්‍රම ගැන කල්පනා කරද්දි, ඔබට ඇල්මා 4:6–14 නැවත නැවතත් කියවන්න පුළුවන්. මෙම පදවල සභා සාමාජිකයන්ගේ ක්‍රියාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි ගැන හෙළි කරන්නේ මොනවාද? ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට සහ අනෙක් අයට කරන බලපෑම ගැන ඔබ දකින්නේ කුමක්ද? අනෙක් අයගේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් බෙදාගත් පිරිසිඳු සාක්ෂිය ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැනත් ඔබට සිතන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබේ සාක්ෂිය වචනවලින් හෝ ක්‍රියාවෙන් ඔබට බෙදාගත හැකි ක්‍රම ගැන සිතන්න. ඔබේ සාක්ෂිය ප්‍රයෝජනයක් විය හැක්කේ කාටද?

තවත් බලන්න ගැරී ඊ. ස්ටීවන්සන්, “ඔබේ සාක්ෂිය පෝෂණය කිරීම සහ බෙදාගැනීම,” ලියහෝනා, 2022 නොවැ. 111–14.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ඇල්මා 1:2–9

බොරු ඉගැන්වීම් හඳුනාගැනීමට ස්වාමින්වහන්සේට මට උදවු කරන්න පුළුවන්.

  • ඔබේ දරුවන් සමඟ ඇල්මා 1:2–4 අධ්‍යයනය කිරීමට එක් ක්‍රමයක් තමයි, ව්‍යාජ ගුරුවරයෙකු වන නෙහෝර් විසින් උගන්වා ඇති ප්‍රකාශ භාවිතයෙන් සත්‍ය හෝ අසත්‍ය ප්‍රශ්නාවලියක් නිර්මාණය කිරීමට ඔවුන්ට උදවු කිරීම. පසුව සාතන් බොහෝ විට සත්‍යය සමඟ අසත්‍යය ඒකාබද්ධ කරන්නේ ඇයිදැයි ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. උදාහරණ කිහිපයක් ගැන සිතීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. 7–9 පදවල, ගිඩියොන් නෙහෝර්ගේ බොරුවලට යටත් නොවී සිටියේ කොහොමද?

ඇල්මා 1:19–25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු ලෙස මම අන් අයට ප්‍රේම කරමින් සේවය කරනවා.

  • ඇල්මාගේ කාලයේ සිටි ස්වාමින්වහන්සේගේ සභාවේ සමහර සාමාජිකයන් ත්‍යාගශීලී මෙන්ම බෙදාහදා ගත් අතර අනෙක් සාමාජිකයන් අකාරුණික හා උඩඟු වුණා. ඔබේ දරුවන්ට මෙම අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට උදවු කිරීම සඳහා, එකට එකතු වී ඇල්මා 1:27, 30 කියවා ඔබට ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයන් උදවු කළ පුද්ගලයන් වර්ග කර ලැයිස්තුවක් සාදාගන්න පුළුවන්. අපගේ ආදරයේ සහ උදවු වල “අවශ්‍යතාවයන් ඇතිව [නැගී සිටින]” පුද්ගලයන් කවුරුන් විය හැකිද? (ඇල්මා 1:30).

  • මිනිසුන් අපට අකාරුණික වෙද්දි අප කළ යුත්තේ කුමක්ද? ඇල්මා 1:19–20 තුළ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින්ට සැලකූ ආකාරය ඔබේ දරුවන් සමඟ කියවීම ගැන සලකා බලන්න. 22 සහ 25 පදවල ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන කතා කරන්න. සමහර විට ඔබට අනෙක් අය අකාරුණික වෙද්දි ඔබ ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ඔබට පුරුදු වෙන්න පුළුවන්.

ඇල්මා 4:8–20

මගේ සාක්ෂියට අන් අයව ශක්තිමත් කරන්න පුළුවන්.

  • බොහෝ විට දරුවෙකුගේ “පිරිසිඳු සාක්ෂිය” (ඇල්මා 4:19) අනෙක් අයට දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට මෙය සොයා ගැනීමට උදවු කිරීම සඳහා, ඔබට ඔවුන් සමඟ ඇල්මා 4:8–12, 15 කියවා, සභාවේ සිදුවන ගැටලු හඳුනාගැනීමට ඔවුන්ට උදවු කරන්න පුළුවන්. මෙම ගැටලු විසඳීමට ඇල්මාට කරන්න පුළුවන් මොනවාද? ඇල්මා 4:16–20 තුළ ඇල්මා කිරීමට තීරණය කළ දේ සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ වෙනත් කෙනෙකුගේ සාක්ෂිය ඔබව ශක්තිමත් කර ඇති ආකාරය ඔබට එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්.

  • ඔබේ දරුවන්ට සාක්ෂියක් යනු කුමක්ද යන්න පිළිබඳ උදාහරණ අවශ්‍ය නම්, ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සාක්ෂි දරන කථිකයෙකුගේ වීඩියෝ පටයක් පෙන්වීම ගැන සලකා බලන්න. මෙම සම්පත් වලින් සාක්ෂි ගැන අප ඉගෙන ගන්නේ මොනවාද? ඔබේ දරුවන්ට ඔවුන්ගේ සාක්ෂි බෙදා ගැනීමට පුරුදු වීමට ඉඩ දෙන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
අමලිකිවරුන් නෙපීවරුන් සමඟ සටන් කරමින්

ස්කොට් එම්. ස්නෝ විසින්, Alma and Amlici [ඇල්මා සහ අමලිකි]

මුද්‍රණය කරන්න