එන්න, මා අනුගමනය කරන්න 2024
මැයි 27–ජුනි 2: “ඔවුන්ව දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබීය.” මොසායා 25–28


“මැයි 27–ජුනි 2: ‘ඔවුන්ව දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබීය.’ මොසායා 25-28, එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2024)

“මැයි 27–ජුනි 2. මොසායා 25–28,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2024 (2024)

රූපය
ඇල්මාට සහ මොසායාගේ පුතුන්ට දේවදූතයෙකු දර්ශනය වීම

ගැරී එල්. කැප් විසින්, Conversion of Alma the Younger [බාල ඇල්මාගේ හැරීම]

මැයි 27–ජුනි 2: “ඔවුන්ව දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබීය”

මොසායා 25–28

පරම්පරා තුනකට ආසන්න කාලයක් වෙන වෙනම ස්ථාන වල ජීවත්වීමෙන් පසු, නෙපීවරු නැවත එක් ජනතාවක් බවට පත්වුණා. ලිම්හිගේ ජනතාව, ඇල්මාගේ ජනතාව සහ මොසායාගේ ජනතාව—නෙපීගෙන් පැවත එන්නේ නැති—සාරාහෙම්ලා හි වැසියන් පවා දැන් සියල්ලන්ම “නෙපීවරුන් සමඟ ගණන් ගනු ලැබ [තිබෙනවා]” (මොසායා 25:13). ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඇල්මාගේ මිනිසුන්ට අවශ්‍ය වූවා මෙන් ඇල්මා විසින් පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් වීමටද අවශ්‍ය වුණා. එබැවින් “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත ගැනීමට කැමති” සියල්ලෝ බව්තීස්ම වුණා, “තවද ඔවුන්ව දෙවියන්වහන්සේගේ සෙනග ලෙස [හැඳින්නුවා]” (මොසායා 25:23–24). වසර ගණනාවක ගැටුම් හා වහල්භාවයෙන් පසු, නෙපීවරුන් අවසානයේ සාමකාමී කාලයක් භුක්තිවිඳිනු ඇති බව පෙනෙන්නට තිබුණා.

නමුත් වැඩිකල් යන්නට මත්තෙන්, නොඇදහිලිවන්තයන් ශුද්ධවන්තයන්ට පීඩා කිරීමට පටන් ගත්තා. මෙහි විශේෂයෙන් සිත් කම්පා කරවන කාරණය තමයි, මොසායාගේ පුත්‍රයන් සහ ඇල්මාගේ එක් පුතෙකුද ඇතුළුව, මෙම නොඇදහිලිවන්තයන්ගෙන් බොහෝ දෙනෙක් ඇදහිලිවන්තයන්ගේම දරුවන් වන “නැගී එන පරම්පරාව” (මොසායා 26:1) වීම. දේවදූතයෙකුගේ ප්‍රාර්තිහා‍යමත් පැමිණීමක් ගැන මේ වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් මෙම කතාවේ සැබෑ ප්‍රාර්තිහාර්යය වන්නේ නොමඟ ගිය පුතුන්ට දේවදූතයන් පෙනී සිටීම පමණක් නොවේ. සැබෑ හැරීම කියන්නෙ අප සියලුදෙනා තුළ, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සිදුවිය යුතු ප්‍රාතිහාර්යයක්.

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මොසායා 26:1–6

අනෙක් අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට මට උදව් කරන්න පුළුවන්.

පරිවර්තනය පුද්ගලිකයි—එය කෙනෙකුගේ දරුවන්ට උරුමයක් ලෙස ලබා දෙන්නට බැහැ. මොසායා 26:1–6 කියවද්දි, “නැගී එන පරම්පරාව” වැටීමට හේතු වූ කාරණා මෙනෙහි කරන්න සහ ඔවුන්ගේ අවිශ්වාසයේ ප්‍රතිවිපාක සැලකිල්ලට ගන්න. ඔබ ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට කැමති අය ගැනද ඔබට සිතන්න පුළුවන්. මොසායා 25–28 පිළිබඳ ඔබේ අධ්‍යයනය පුරාවට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කර ගැනීමට ඔවුන්ට උදවු කිරීමට ඔබට කරන්න පුළුවන් දේවල් ආත්මයාණන්වහන්සේ විසින් මුමුණන්න ඉඩ තිබෙනවා.

මොසායා 26:6–39

දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෝ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ කරනවා.

ඇල්මා වැනි සභාවේ නායකයෙක් සෑමවිටම කළ යුතු නිවැරදි දේ දැනගෙන සිටිය යුතුයි කියා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන්. මොසායා 26 තුළ සභාව තුළ ඇල්මා කිසිදිනෙක ගනුදෙනු නොකළ ගැටලුවක් ගැන කියැවෙනවා. මෙම තත්වය තුළ ඇල්මා කළේ කුමක්ද? (බලන්න මොසායා 26:13–14, 33–34, 38–39). ඔබගේ පවුල් හෝ සභා සේවයේ ඇති දුෂ්කර ගැටලු වලට ඔබට පිවිසිය හැකි ආකාරය ගැන ඇල්මාගේ අත්දැකීම් වලින් යෝජනා කරන්නේ මොනවාද?

මොසායා 26:15–32 තුළ ස්වාමින්වහන්සේ අල්මාට ඉගැන්වූයේ මොනවාද? ස්වාමින්වහන්සේගේ සමහර පිළිතුරු ඇල්මාගේ ප්‍රශ්නය සඳහා සෘජුවම ප්‍රතිචාර නොදැක්වූ බව සැලකිල්ලට ගන්න. යාච්ඤාව සහ පුද්ගලික එළිදරව් ලැබීම පිළිබඳව මෙය ඔබට යෝජනා කරන්නේ මොනවාද?

මූලධර්ම සදාකාලිකයි. මෙම ශුද්ධලියවිලි වල කථාන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන ආකාරය සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, ඔබට ඔබෙන්ම මෙසේ අසන්න පුළුවන්, “මට ඇල්මාට මෙන් ලැබී ඇති අත්දැකීම් මොනවාද?” හෝ “මට උදව්වක් වෙන්න පුළුවන් ඇල්මා ඉගැන්වූ මොන සත්‍යයන් වලටද?”

මොසායා 26:15–31

මම පසුතැවිලි වී අන් අයට සමාව දෙද්දි දෙවියන්වහන්සේ මටත් එලෙසම සමාව දෙනවා.

මොසායා 26–27 තුළ පසුතැවීම සහ සමාව දීම කියන්නෙ නැවත නැවතත් සඳහන් වන තේමාවන්. මොසායා 26:22–24, 29–31; 27:23–37 තුළ පසුතැවීම සහ සමාව දීම ගැන උගන්වන වචන සහ වාක්‍ය ඛණ්ඩ සොයන්න

දෙවියන්වහන්සේ ඇත්තටම සමාව දෙනවාද කියලා සමහර මිනිසුන් කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඔබ සිතන ආකාරයට, එම ප්‍රශ්නය තිබූ සාරාහෙම්ලා හි සභා සාමාජිකයෙකුට වැඩිහිටි අල්මා උපදෙස් දෙන්න ඇත්තෙ කොහොමද? මොසායා 26:15–31 තුළ ඇල්මා ස්වාමින්වහන්සේගෙන් ඉගෙනගත් දේවල් වලින් මෙම සභා සාමාජිකයාට උදවු කළ හැකි දේවල් මොනවාද? (තවත් බලන්න මොරොනි 6:8; දහම සහ ගිවිසුම් 19:16–18; 58:42–43).

රූපය
සෙමනේරි නිරූපකය

මොසායා 27:8–37; 28:1–4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මට වඩා යහපත් ලෙස වෙනස් වෙන්න පුළුවන්.

බාල ඇල්මාට අධ්‍යාත්මික නැවත ඉපදීමක් අවශ්‍ය වූ බව පැහැදිලියි. ඔහු සහ මොසායාගේ පුත්‍රයෝ “නීච පව්කරුවන් [වුණා]” (මොසායා 28:4). නමුත් ඔහුගේ හැරීමෙන් පසුව, සෑම කෙනෙකුටම—හැරීම අත්‍යවශ්‍ය බව ඇල්මා සාක්ෂි දුන්නා: “පුදුමයට පත් නොවන්න,” ඔහු කීවා, “සියලු මනුෂ්‍ය සංහතිය … නැවත ඉපදිය [යුතුයි]” (මොසායා 27:25; අවධාරණය කිරීම් එකතු කරන ලදි).

මොසායා 27:8–37 තුළ සොයාගත් ඇල්මාගේ අත්දැකීම් ගැන ඔබ කියවද්දි, ඔහුගේ කතාවට ඔබව ඇතුළත් කිරීම ගැන සලකා බලන්න. ඔබ ගැන වෙනස් විය යුතු දේවල් පිළිබඳව ඔබට සිහියට එන්නේ මොනවාද? ඇල්මාගේ පියා මෙන්, “බොහෝ ඇදහිල්ලෙන්” ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නේ කවුද? “දෙවියන්වහන්සේගේ බලය හා අධිකාරිය පිළිබඳව [ඔබට] ඒත්තු ගැන්වීමට” උදවු වුණු අත්දැකීම් මොනවාද? (මොසායා 27:14). ඔබ “මතක තබාගත යුතු” ස්වාමින්වහන්සේ ඔබ වෙනුවෙන් හෝ ඔබේ පවුල වෙනුවෙන් කර ඇති “මහත් දේ” මොනවාද? (මොසායා 27:16). නැවත ඉපදීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බාල ඇල්මාගේ වචන සහ ක්‍රියාවන්ගෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ දැක ඇති උදාහරණ මොනවාද?

ඔබගේ අත්දැකීම් ඇල්මාගේ තරම් නාටකාකාර හෝ ඉක්මන් නොවූවත්—ඔබට වෙනස් වීමට හෝ නැවත ඉපදීමට ගැලවුම්කරුවාණන් උදවු කරන ක්‍රම කිහිපයක් සටහන් කිරීමට මොහොතක් ගත කරන්න. ඔබේ අත්දැකීම් ඇසීම ප්‍රයෝජනවත් විය හැක්කේ කාටද?

මොසායා 27:8–24

දෙවියන්වහන්සේ මාගේ යාච්ඤා වලට සවන්දී උන්වහන්සේගේ කැමැත්තට සහ කාලයට අනුව ඒවාට පිළිතුරු ලබා දෙනවා.

සමහර විට විනාශකාරී තෝරගැනීම් කරන පවුලේ සාමාජිකයෙකු සමඟ වැඩිහිටි ඇල්මා සිටි තත්වයේ ඔබ සිටින්නට ඇති. මොසායා 27:8–24 තුළ ඔබ සොයාගන්නා ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන දේවල් මොනවාද? අනෙක් අය වෙනුවෙන් ඔබගේ යාච්ඤා වලට මෙම පද බලපාන්නේ කොහොමද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මොසායා 26:30–31

මට සමාව දීමට ස්වාමින්වහන්සේට අවශ්‍යයි.

  • සමාව දීම ගැන ස්වාමින්වහන්සේ ඇල්මාට ඉගැන්වූ දේ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, ඔවුන්ට මොසායා 26:29–31 කියවන අතරතුර “සමාව දෙන්න” යන වචන හමුවණ වාර ගණන් කිරීමට ආරාධනා කරන්න. අන් අයට සමාව දීම ගැන මෙම පදවලින් උගන්වන්නේ මොනවාද?

  • සමාව දීමේ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අවධාරණය කිරීම සඳහා, ඔබට උන්වහන්සේ කුරුසිය මත සිටින පින්තූරයක් පෙන්වමින් එකට එකතු වී ලූක් 23:33–34 කියවන්න පුළුවන්. යේසුස්වහන්සේ උන්වහන්සේව කුරුසිපත් කළ මිනිසුන් වෙනුවෙන් ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? මෙම සාකච්ඡාවෙන් පසු, ඔබේ දරුවන්ට එකිනෙකාට සමාව දෙන භූමිකාවක් රඟ දක්වන්න පුළුවන්.

  • අපි වැරදි කරන සමහර අවස්ථාවලදී අපිට අපිටම සමාව දීමට අපහසු වෙනවා. එම අවස්ථාවන් වලදී දෙවියන්වහන්සේ ඇල්මාට කී වචන උදවු වුණේ කොහොමද? දෙවියන්වහන්සේ තමන්ට කිසිදා සමාව නොදෙනු ඇතැයි කියා සිතන කෙනෙකු සමඟ කතා කරන බව මවා ගන්නා ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. එම පුද්ගලයාට උදවු කරන්න පුළුවන් යමක් මොසායා 26:22–23, 29–30 තුළින් සොයාගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

මොසායා 27:8–37

මට තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට උන්වහන්සේ මට උදවු කරනවා.

  • ගැලවුම්කරුවාණන්ගේ බලයෙන් ඕනෑම කෙනෙකුට වෙනස් විය හැකි බව බාල ඇල්මා සහ මොසායාගේ පුත්‍රයන්ගේ නැවත හැරීමෙන් ඔබේ දරුවන්ට පෙන්වන්න පුළුවන්. ඔබට හෝ ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ ඇති පින්තූර, මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව සහ මේ කතාව පැවසීමට මොසායා 27:8–37 තුළ ඇති ප්‍රධාන ශුද්ධලියවිලි පද කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. ඇල්මා පසුතැවිලි වූ බවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට වෙනස් වීමට උදවු කළ බවත් ඉගැන්වීමට 24 වෙනි පදයට විශේෂ අවධානයක් ලබා දෙන්න. ඔබේ දරුවන් කැමති නම් කතාව රඟපෑමට අවස්ථාව ලබාදෙන්න.

රූපය
බාල ඇල්මාව තම පියාගේ නිවසට ඔසවාගෙන යමින්

වෝල්ටර් රනේ විසින්, His Father Rejoiced [ඔහුගේ පියා ප්‍රීති විය]

මොසායා 27:8–24

මම ආදරය කරන පුද්ගලයින්ට ආශිර්වාද කරන ලෙස ඉල්ලමින් මට දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නත් නිරාහාරව ඉන්නත් පුළුවන්.

  • එකට එකතු වී මොසායා 27:8–24 කියවා බාල ඇල්මා හට උදවු කිරීමට [වැඩිහිටි] ඇල්මා සහ ඔහුගේ සෙනග කළ දේ හඳුනා ගන්නා ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබ කවදා හෝ යම් කෙනෙකු වෙනුවෙන් නිරාහාරව සිට යාච්ඤා කර තිබෙනවාද? ඔබේ අත්දැකීම් ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න, ඒවගේම ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න.

  • දෙවියන්වහන්සේගේ උදවු අවශ්‍ය කෙනෙකුව ඔබ හෝ ඔබේ දරුවන් හඳුනනවාද? ඇල්මාගේ ආදර්ශය අනුගමනය කරමින්, ඔබට එම පුද්ගලයා වෙනුවෙන් එකට එකතු වී යාච්ඤා කරන්න පුළුවන්, ඒ වගේම ඔබේ දරුවන්ට හැකි නම්, ඔවුන් වෙනුවෙන් නිරාහාරව ඉන්නත් පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
බාල ඇල්මාට දේවදූතයෙකු දර්ශනය වෙමින්

කෙවින් කීල් විසින්, බාල ඇල්මා වෙත දේවදූතයෙකු පෙනීසිටීමේ නිදර්ශණය

මුද්‍රණය කරන්න