එන්න, මා අනුගමනය කරන්න 2024
ජුනි 24–30: “ස්වාමින්වහන්සේගේ සහනය තුළට ඇතුළු වන්න.” ඇල්මා 13–16


“ජුනි 24–30: ‘ස්වාමින්වහන්සේගේ සහනය තුළට ඇතුළු වන්න.’ ඇල්මා 13-16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ජුනි 24–30. ඇල්මා 13-16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
ඇල්මා සහ අමුලෙක් සිරගෙයින් පිටතට ඇවිද යමින්

ඇන්ඩෘ බොස්ලි විසින්, ඇල්මා සහ අමුලෙක්ව සිරගෙයින් නිදහස් කරනු ලැබීම පිළිබඳ නිදර්ශනය

ජුනි 24–30: “ස්වාමින්වහන්සේගේ සහනය තුළට ඇතුළු වන්න”

ඇල්මා 13–16

බොහෝ ආකාර වලින්, අම්මෝනිහා තුළ ජීවිතය අමුලෙක් සහ සීස්රොම් යන දෙදෙනාටම යහපත් වුණා. අමුලෙක් “බොහෝ නෑදෑයන් හා මිතුරන්” හා “බොහෝ ධනය” ඇති “සුළු කීර්තියක් නොමැති මිනිසෙක්” වුණා (ඇල්මා 10:4). සීස්රොම් “බොහෝ ව්‍යාපාර” භුක්ති වින්ද දක්ෂ නීතිඥයෙක් වුණා (ඇල්මා 10:31). ඊට පස්සෙ පසුතැවිලි වී “ස්වාමින්වහන්සේගේ සහනය තුළට ඇතුළු වන්න” යන ආරාධනයත් සමඟ ඇල්මා පැමිණියා (ඇල්මා 13:16). අමුලෙක්, සීස්රොම්, සහ තවත් අයට, මෙම ආරාධනය පිළිගැනීම සඳහා කැපකිරීමක් කරන්න අවශ්‍ය වූ අතර දරාගත නොහැකි විපත්තියක් පවා ඇති වුණා.

නමුත් ඇත්තවශයෙන්ම කතාව එතැනින් අවසන් වෙන්නේ නෑ. “ගැලවීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ බලය කෙරෙහි විශ්වාස කරන අයට” (ඇල්මා 15:6) අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න ඇල්මා 13–16 තුළ අපට ඉගෙනගන්න පුළුවන්. සමහර අවස්ථා වල එහි ගැලවීම තිබෙනවා, සමහර අවස්ථා වල සුවවීම තිබෙනවා—සමහර අවස්ථා වල දේවල් මේ ජීවිතයේ පහසු බවට පත් වෙන්නෙ නෑ. නමුත් සෑමවිටම, “ස්වාමින්වහන්සේ [තම සෙනගව] උන්වහන්සේ වෙතට මහිමයෙන් යුතුව පිළිගන්නවා” (ඇල්මා 14:11). සැමවිටම, ස්වාමින්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති [අපගේ] ඇදහිල්ලට අනුව බලය ලබාදෙ[නවා]” (ඇල්මා 14:28). ඒ වගේම සෑමවිටම, “ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල [අපට] සදාකාල ජීවනය ලැබේවා යන බලාපොරොත්තුව” ලබාදෙනවා (ඇල්මා 13:29). ඔබ මෙම පරිච්ඡේද කියවද්දි, ඔබට මෙම පොරොන්දු වලින් සැනසීමක් ලබාගන්න පුළුවන් ඒ වගේම, ඇල්මා “ස්වාමින්වහන්සේගේ සහනය” ගැන කථා කරද්දි ඔහු අදහස් කළේ කුමක්ද කියා ඔබට වඩා හොඳින් වටහාගන්න පුළුවන් (ඇල්මා 13:16).

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ඇල්මා 13:1–19

රූපය
සෙමනේරි නිරූපකය
පූජක නියෝග සහ ගිවිසුම් මිදීම සඳහා මාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමු කරනවා.

“ස්වාමින්වහන්සේගේ සහනය” හෝ සදාකාල ජීවනයට ඇතුළු වීමට අපව සූදානම් කිරීම සඳහා—ඇල්මා 13 තුළ ඇති ඇල්මාගේ වචන , පූජකවරය සහ එහි අරමුණ පිළිබඳ ප්‍රබල සත්‍යයන් හෙළි කරනවා (ඇල්මා 13:16). සමහරවිට ඔබට ඇල්මා 13:1–19 තුළ එක් පදයකින් අවම වශයෙන් එක් සත්‍යයක්වත් හඳුනාගැනීමට උත්සාහ කරන්න පුළුවන්. ඔබට ආරම්භ කිරීම සඳහා අදහස් කිහිපයක් මෙන්න:

1 වන පදය.පූජකවරය “[දෙවියන්වහන්සේගේ] පුත්‍රයාණන්ගේ පිළිවෙල” ලෙසද හැඳින්වේ (බලන්න දහම සහ ගිවිසුම් 107:1–4).

2 වන පදය.මිදීම සඳහා තම පුත්‍රයාණන් දෙස බැලීමට මිනිසුන්ට උදවු කිරීමට දෙවියන්වහන්සේ පූජකයන්ව නියම කරනවා.

ඔබ සොයාගත් වෙනත් දේවල් මොනවාද? මෙම සත්‍යයන් ගැන මෙනෙහි කරද්දි පූජකවරය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

“මිදීම සඳහා උන්වහන්සේගේ පුත්‍රයාණන් දෙස ඉදිරියට බලා සිටීමට” ඔබට උදවු කිරීම සඳහා දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයක් ලෙස පූජකවර නියෝගයන් ගැන ඔබ කවදා හෝ සිතා තිබෙනවාද? (2 වෙනි පදය, තවත් බලන්න 16 වෙනි පදය). සමහර විට බව්තීස්මය, ස්ථීර කිරීම, සක්‍රමේන්තුව, කැඳවීමක් සඳහා වෙන් කිරීම, සුවකිරීමේ සහ සැනසුම ලබාදීමේ ආශිර්වාද, ආදිපීතෘ ආශිර්වාද, දේවමාළිගා නියෝග වැනි ඔබට ලැබී ඇති නියෝග ලැයිස්තුවක් හදන්න ඔබට පුළුවන්. මෙවැනි නියෝග සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මෙනෙහි කරන්න. ඒවායේ සංකේතාත්මක සම්බන්ධය සහ ශුද්ධාත්මයාණන්වහන්සේව ඔබට හැඟුණු ආකාරය ගැන සලකා බලන්න. මෙම එක් එක් නියෝගයන් ඔබව මිදීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමු කරන්නේ කොහොමද?

නියෝගයන්—සහ ඒවා ඉටුකරන පූජකවර බලය අවශ්‍ය නොවන බව සමහර පුද්ගලයින් වැරදි ලෙස විශ්වාස කරනවා. එම අදහසට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මෙන්න ඔබට සිතන්නට ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිස දෙකක්, ඒවායින් එකක් තෝරාගෙන ඔබට පැමිණෙන පිළිතුරු සටහන් කරගන්න: රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික වස්තූන්ලියහෝනා, 2019 නොවැ. 76–79); ඩේල් ජී. රෙන්ලන්ඩ්, “පූජකවරය හා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය,” ලියහෝනා, නොවැ. 2017, 64–67.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:19–22

රූපය
සක්‍රමේන්තු මේසය අසල සිටින තරුණ පිරිමි ළමුන්

මිදීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමට පූජකවර නියෝග අපට උදවු කරනවා.

ඇල්මා 13

ස්වාමින්වහන්සේ මට උන්වහන්සේගේ සහනය තුළට ඇතුල් වීමට ආරාධනා කරනවා.

“ස්වාමින්වහන්සේගේ සහනය තුළට ඇතුල් වීමට” (ඇල්මා 13:16) කෙරෙන ආරාධනය ඇල්මා 13 තුළ බොහෝවිට නැවත නැවතත් සඳහන් වෙනවා. සමහර විට ඔබට “සහනය” යන වචනය දිස්වන සෑම පදයක්ම සොයා බලා “ස්වාමින්වහන්සේගේ සහනය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව එක් එක් පදය ඔබට උගන්වන දේ ගැන මෙනෙහි කරන්න පුළුවන්. ශාරීරික සහනයට වඩා එය වෙනස් වන්නේ කොහොමද? අපි එය සොයාගන්නේ කොහොමද?

 තවත් බලන්න රසල් එම්. නෙල්සන් “ලෝකය ජයගෙන සහනය සොයා ගන්න,” ලියහෝනා, 2022 නොවැ. 95–98.

ඇල්මා 14

දුක් වේදනාවලදී, අපි ස්වාමින්වහන්සේව විශ්වාස කළ යුතුමයි.

ධර්මිෂ්ඨව ජීවත්වීමට උත්සාහ කරන මිනිසුන්ට බොහෝ භයානක දේ සිදුවන්නේ ඇයි කියා, අනෙකුත් බොහෝදෙනා මෙන් ඔබත් සිතනවා වෙන්න පුළුවන්. ඇල්මා 14 තුළ මෙම අසීරු ප්‍රශ්නයට සියලු පිළිතුරු ඔබ සොයාගන්න එකක් නැහැ, නමුත් ඇල්මා සහ අමුලෙක් ඔවුන් මුහුණදුන් තත්වයන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. ස්වාමින්වහන්සේ සමහර අවස්ථාවලදී ධර්මිෂ්ඨ මිනිසුන්ට දුක්විඳීමට ඉඩදෙන්නේ ඇයි කියා ඔවුන්ගේ වචන හා ක්‍රියාවන් ඔබට උගන්වන්නේ මොනවාද? අප දුෂ්කර පීඩාවලට මුහුණ දෙද්දි ඇල්මා සහ අමුලෙක් අපට ලබාදෙන උපදෙස් මොනවාද?

තවත් බලන්න රෝම 8:35–39; 1 පේත්‍රැස් 4:12–14; දහම සහ ගිවිසුම් 122:5–9; ඩේල් ජී. රෙන්ලන්ඩ්, “කෝපයට පත් අසාධාරණය,” ලියහෝනා, මැ‍යි 2021, 41–45.

සැමවිටම සූදානමින් සිටින්න. ඉගැන්වීමේ අවස්ථා ඉක්මණින් ගෙවී යනවා, එබැවින් ඒවා පැනනගිද්දි ඒවායින් ප්‍රයෝජන ගන්න. උදාහරණයක් විදියට, ලෝකයේ ඛේදවාචකයක්, ස්වාමින්වහන්සේ විසින් සමහර විට අහිංසකයන්ට දුක් විඳීමට ඉඩ දෙන්නේ ඇයි කියා ඇල්මා 14 තුළින් ප්‍රතිපත්ති බෙදා ගැනීමට අවස්ථාවක් වෙන්න පුළුවන්.

ඇල්මා 15:16, 18

අනුගාමිකත්වය සඳහා කැපකිරීම අවශ්‍යයි.

ශුභාරංචිය වැළඳගැනීම සඳහා අමුලෙක් අතහැර දැමූ දේවල් ලැයිස්තුවක් සෑදීම සිත්ගන්නා සුළු වෙන්න පුළුවන් (බලන්න ඇල්මා 10:4–5; 15:16) ඒ වගේම ඔහු ලබාගත් දේවල් වල ලැයිස්තුවක් සමඟ එය සංසන්දනය කරන්න (බලන්න ඇල්මා 15:18; 16:13–15; 34:8). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩාත් ඇදහිලිවන්ත අනුගාමිකයෙකු වීමට ඔබ කැපකිරීමට කැමති මොනවාද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන් “උපග්‍රන්ථය ඹ්: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.}

ඇල්මා 13:1–2, 16

ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට පූජකවර බලය මට උදවු කරනවා.

  • පූජකවර බලය ක්‍රිස්තුස්වහන්සේ වෙත අපව යොමු කරන ආකාරය පැහැදිලි කිරීමට ඔබේ දරුවන්ට උදවු කිරීමට එක් ක්‍රමයක් තමයි පූජකවර බලය භාවිතා කරන ආකාරය පිළිබඳ පින්තූර ඔවුන්ට පෙන්වීම.   යේසුස්වහන්සේ උන්වහන්සේගේ බලය භාවිත කළ ආකාරය ගැන සිතීමට ඔබට උදවු කරන්න ඔබේ දරුවන්ට පුළුවන් (උදාහරණයක් ලෙස බලන්න, මතෙව් 26:26–28; මාර්ක් 5:22–24, 35–43). ඊට පස්සෙ ඔබට එකට එකතු වී ඇල්මා 13:2 කියවා, “[දෙවියන්වහන්සේගේ] පුත්‍රයා කෙරෙහි බලා සිටීමට” සහ තව තවත් උන්වහන්සේ හා සමාන වීමට පූජක බලය අපට උදවු කරන ආකාරය ගැන කතා කරන්න පුළුවන්.

    රූපය
    බව්තිස්මය
    රූපය
    යේසුස්වහන්සේ අපොස්තුළුවරුන් නියම කිරීම
  • දෙවියන්වහන්සේ අපට පූජක නියෝග ලබා දුන්නේ ඇයි? ඇල්මා 13:16 තුළ පිළිතුර සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඔවුන්ට නියෝගයක් යනු කුමක්දැයි දැන ගැනීමට උදවු අවශ්‍ය නම්, ප්‍රධාන අත්පොතෙහි, 18.1 සහ 18.2 ලැයිස්තු ගත කර ඇත. සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් මෙම නියෝග ලැබීමේ අත්දැකීම් ගැන කතා කරන්න පුළුවන්. “[අපේ] පව් කමා කිරීම සඳහා [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] කෙරෙහි බලා සිටීමට” ඒවා අපට උදවු කරන්නේ කොහොමද?

ඇල්මා 13:10–12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාව පවිත්‍ර කරන්න පුළුවන්.

  • එකට එකතු වී මෙම පද කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට ඒ මගින් උගන්වන දේ දෘශ්‍යමාන කිරීමට උදවු කළ හැකි ක්‍රම ගැන සලකා බලන්න. සමහරවිට ඔබ එකතු වී යමක් සෝදාගන්න පුළුවන්. අපිරිසිඳු වූ විට අපට හැඟෙන්නේ කොහොමද? අප නැවත පිරිසිඳු වූ විට අපට හැඟෙන්නේ කොහොමද? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අප පව් කොට පසුතැවිලි වී පවිත්‍ර වෙද්දි අපට දැනෙන හැඟීම් වලට මෙම හැඟීම් සමාන වෙන්නේ කොහොමද?

ඇල්මා 14:18–29

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඇදහිල්ල තිබෙද්දි ස්වර්ගීය පියාණන්වහන්සේ මාව ශක්තිමත් කරනවා.

  •  මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව ඔබට—හෝ ඔබේ දරුවන්ට—ඇල්මා 14:18–29 තුළ ඇති කතාව පැවසීමට උදවු වෙන්න පුළුවන්. ඇල්මා සහ අමුලෙක්ට ශක්තිය ලබා දුන්නේ ඔවුන්ගේ “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල” නිසා බව අවධාරණය කරන්න (ඇල්මා 14:26). “[ඔබේ] ඇදහිල්ලට අනුව” දෙවියන්වහන්සේ ඔබට ශක්තිය දුන් අවස්ථාවක් ගැනද ඔබට කතා කරන්න පුළුවන්. ඇල්මා සහ අමුලෙක් මෙන් අපට ඇදහිලිවන්ත වෙන්න පුළුවන් කොහොමද?

ඇල්මා 15:3–12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට හදවත් වෙනස් කරන්න පුළුවන්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හරහා සීස්රොම්ගේ හදවත වෙනස් වීම ආශ්වාදජනකයි. සීස්රොම් ගැන පසුගිය සතියේ ඔවුන් ඉගෙන ගත් දේ ඔබේ දරුවන් සමඟ සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. පසුව ඔහු වෙනස් වූ ආකාරය සොයා ගැනීමට ඔබට එකට එකතු වී ඇල්මා 15:3–12 කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ බලය ගැන සීස්රොම්ගේ අත්දැකීමෙන් අප ඉගෙන ගන්නේ මොනවාද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
ඇල්මා සහ අමුලෙක් සිරගෙදර තුළ

ගැරී එල්. කැප් විසින්, Alma and Amulek in Prison [ඇල්මා සහ අමුලෙක් සිරගෙදර තුළ]

මුද්‍රණය කරන්න