එන්න, මා අනුගමනය කරන්න 2024
ඔක්තෝම්බර් 21–27: “මීටත් වඩා ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැක.” 3 නෙපී 27–4 නෙපී


“ඔක්තෝම්බර් 21–27: ‘මීටත් වඩා ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැක.’ 3 නෙපී 27–4 නෙපී,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: මොර්මොන්ගේ පොත 2024 (2023)

“ඔක්තෝම්බර් 21–27. 3 නෙපී 27–4 නෙපී,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2024 (2023)

රූපය
මරණයෙන් නැවත නැගිටි යේසුස්වහන්සේ මිනිසුන්ට උගන්වමින්

ඔක්තෝම්බර් 21–27: “මීටත් වඩා ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැක”

3 නෙපී 274 නෙපී

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් කියන්නෙ මෙනෙහි කිරීමට සුන්දර දර්ශනයකට වඩා වැඩි දෙයක්. ඒවා තිබෙන්නේ අපට උන්වහන්සේ හා සමාන වීමට දේවානුභාවය ලබා දෙන්නයි. ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියට මිනිසුන් වෙනස් කළ හැකි ආකාරය ගැන 4 නෙපී පොත පෙන්වා දෙනවා. යේසුස්වහන්සේගේ කෙටි දේවසේවයෙන් පසු, නෙපීවරුන් සහ ලාමන්වරුන් අතර ශතවර්ෂ ගණනාවක මතභේදය අවසන් වුණා. විසංවාදය හා උඩඟුකම සඳහා ප්‍රසිද්ධ ජාතීන් දෙකක් “එකක්ව, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්” බවට පත්වුණා (4 නෙපී 1:17), ඒවගේම ඔවුන් “සියලු දේවල් ඔවුන් අතර පොදුවේ” තබාගන්නට පටන් ගත්තා (4 නෙපී 1:3). “දෙවියන්වහන්සේගේ ප්‍රේමය … ජනතාවගේ හදවත් තුළ [තිබුණා]” ඒවගේම “එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවා වූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකි [වුණා]” (4 නෙපී 1:15–16). ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් නෙපීවරුන්ව සහ ලාමන්වරුන්ව වෙනස් කළේ එහෙමයි. ඒවා ඔබව වෙනස් කරන්නේ කොහොමද?

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

3 නෙපී 27:1–12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව හැඳින්වෙන්නේ උන්වහන්සේගේ නමින්.

ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන් දේශය පුරා උන්වහන්සේගේ සභාව පිහිටුවීමට පටන්ගත්තහම, සමහර පුද්ගලයින්ට, සුළු කාරණයක් සේ පෙනෙන්නට වූ ප්‍රශ්නයක් මතුවුණා—සභාවේ නම කුමක් විය යුතුද? (බලන්න 3 නෙපී 27:1–3). 3 නෙපී 27:4–12 තුළ ගැලවුම්කරුවාණන්ගේ පිළිතුරෙන් මෙම නාමයේ වැදගත්කම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ සභාවේ නම වර්තමානයේ දහම සහ ගිවිසුම් 115:4 තුළ එළිදරව් කර තිබෙනවා. එම නාමයේ ඇති සෑම වචනයක්ම මෙනෙහි කරන්න. අප කවුරුන්ද, අප විශ්වාස කරන්නේ කුමක්ද, සහ අප ක්‍රියා කළ යුත්තේ කෙසේද, යන්න දැනගැනීමට මෙම වචන අපට උදවු කරන්නේ කොහොමද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “සභාවේ නිවැරදි නම”, ලියහෝනා, නොවැ. 2018, 87–89.

3 නෙපී 27:10–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගොඩනගා ඇත්තේ උන්වහන්සේගේ ශුභාරංචිය මතයි.

උන්වහන්සේගේ සභාව “[උන්වහන්සේගේ] ශුභාරංචිය මත ගොඩනැගිය යුතු” බව පැහැදිලි කිරීමෙන් පසු (3 නෙපී 27:10), ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ශුභාරංචිය කුමක්ද කියා විස්තර කළා. 3 නෙපී 27:13–22 තුළ උන්වහන්සේ පැවසූ දේ ඔබ සාරාංශ කරන්නේ කොහොමද? මෙම නිර්වචනය මත පදනම්ව, සභාව වෙනුවෙන්—සහ ඔබ වෙනුවෙන්—උන්වහන්සේගේ ශුභාරංචිය මත ගොඩනැගීම කියා අදහස් කරන්නේ කුමක්ද?

ඔබ ඉගෙන ගන්නා දේවල් සටහන් කරන්න. 3 නෙපී 27:23–26 තුළ ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට ඉගැන්වූ දේ සැලකිල්ලට ගන්න. අධ්‍යාත්මික අත්දැකීම් පිළිබඳ වාර්තාවක් තබාගැනීම වැදගත් වන්නේ ඇයි? ඔබ 3 නෙපී තුළ ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය අධ්‍යයනය කළ පසු ඔබට සටහන් කිරීමට දේවානුභාවයක් දැනෙන්නේ මොනවාද?

3 නෙපී 28:1–11

“ඔබ ආශා වන ඒ දේ කුමක්ද”

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූ පරිදි “ඔබ මාගෙන් ආශා වන්නේ කුමක්ද?” කියා ගැලවුම්කරුවාණන් ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ මොනවාද? (3 නෙපී 28:1). ඔබ 3 නෙපී 28:1–11 කියවන විට මේ ගැන සිතන්න. ගෝලයන්ගේ හදවත් වල ආශාවන් ගැන උන්වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වන විට ඔබේ ආශාවන් වෙනස් වන්නේ කොහොමද?

ඔබගේ ආශාවන් නිරූපණය කරන ගීතිකාවක් සොයාගැනීම ගැන සලකා බලන්න.

3 නෙපී 29–30

දෙවියන්වහන්සේගේ පසුදවස් වල කාර්යය ඉටු වී ඇති බවට මොර්මොන්ගේ පොත සලකුණක්.

යම් දෙයක් සිදුවන බව ඔබට දන්වන සලකුණු ගැන සිතන්න. නිදසුනක් ලෙස, වැස්ස පැමිණෙන බව හෝ සෘතු වෙනස් වන බව ඔබ දැනගන්නේ කොහොමද? 3 නෙපී 29:1–3 අනුව, දෙවියන්වහන්සේගේ ජනතාව එක් රැස් කිරීමේ උන්වහන්සේගේ කාර්යය “සම්පූර්ණ වීමට ආරම්භ වී” ඇති බව ඔබ දැනගන්නේ කොහොමද? (තවත් බලන්න 3 නෙපී 21:1–7). 3 නෙපී 29:4–9 තුළ, අපගේ කාලයේ මිනිසුන් ප්‍රතික්ෂේප කරන දේවල්ද ඔබට දකින්න පුළුවන්. මොර්මොන්ගේ පොත මේ දේවල් කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කොහොමද?

4 නෙපී 1:1–18

රූපය
සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම එකමුතුකමට හා සතුටට මගපාදනවා.

ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමෙන් පසු වසර කිහිපය තුළ ජීවත් වීම කෙබඳු විය හැකිද? ඔබ 4 නෙපී 1:1–18 අධ්‍යයනය කරද්දි, මිනිසුන්ට ලැබුණු ආදිර්වාද ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න. මෙම ආශිර්වාද ලත් ජීවිතයට මග පෑදීමට උදවු වූ ඔවුන් විසින් කරන ලද තේරීම් ඔබට සලකුණු කිරීමට හෝ සටහන් කිරීමටද පුළුවන්. ඔවුන්ගේ ධර්මිෂ්ඨ තේරීම්වලට දේවානුභාවයක් ලබා දිය හැකිව තිබූ යේසුස්වහන්සේ ඔවුන්ට ඉගැන්වූ දේවල් මොනවාද? මෙන්න උදාහරණ කිහිපයක්, නමුත් ඔබට තවත් උදාහරණ වුවත් සොයාගන්න පුළුවන්: 3 නෙපී 11:28–30; 12:8–9, 21–24, 40–44; 13:19–21, 28–33; 14:12; 18:22–25.

ඔබේ පවුලට, කොට්ඨාශයට හෝ ප්‍රජාවට වඩාත් එකමුතුව හා සතුටින් ජීවත්වීමට උදවු කිරීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න. බෙදීම් මගහරවාගෙන දෙවියන්වහන්සේගේ අනෙකුත් දරුවන් සමඟ සැබවින්ම “ඒකත්වයක්” වීමට උදවු කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද? මෙම ඉලක්කය සපුරා ගැනීමට ඔබට උදවු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද?

කණගාටුදායක ලෙස, 4 නෙපී තුළ විස්තර කර ඇති සයොන සමාජය අවසානයේදී දුෂ්ටකමට ඇද වැටුණා. ඔබ 4 නෙපී 1:19–49 කියවද්දි, ඔවුන්ගේ සතුට සහ එකමුතුකම අවසන් කළ ආකල්ප සහ හැසිරීම් සොයන්න. මෙම ආකල්ප හෝ හැසිරීම් ඉවත් කිරීමට උදවු කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද?

තවත් බලන්න මෝසෙස් 7:18; ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “තිරසාර සමාජ,” ලියහෝනා, නොවැ. 2020, 32–35; රෙයිනා අයි. අබුර්තෝ, “එකට එක්සත්ව සිටිමින්,” ලියහෝනා, මැයි 2018, 78–80.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

3 නෙපී 27:3–8

මම අයිති යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවටයි.

  • යේසුස්වහන්සේගේ සභාවේ නමේ වැදගත්කම හඳුන්වා දීමට, ඔබේ දරුවන් සමඟ ඔවුන්ගේම නම් ගැන කතා කරන්න. අපගේ නම් වැදගත් වන්නේ ඇයි? එවිට ඔබට එකතු වී යේසුස්වහන්සේගේ ගෝලයන්ට තිබූ ප්‍රශ්නය සොයමින් 3 නෙපී 27:3 කියවන්න පුළුවන්. 3 නෙපී 27:5–8 තුළ එම පිළිතුර සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. සභාවේ නම වැදගත් වන්නේ ඇයි?

  • පවුල හෝ ප්‍රාථමික පන්තිය වැනි ඔවුන් අයත් වන විවිධ කණ්ඩායම් ගැන සිතීමට ඔබේ දරුවන්ට උදවු කිරීමටද ඔබට පුළුවන්. ඒ එක් එක් කණ්ඩායමට අයත් වීම ගැන ඔවුන් කැමති දේවල් ඔවුන්ගෙන් අසන්න.

3 නෙපී 27:13–16

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගොඩනගා ඇත්තේ උන්වහන්සේගේ ශුභාරංචිය මතයි.

  • ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ශුභාරංචිය 3 නෙපී 27 තුළ සාරාංශ කළා. ශුභාරංචිය යන වචනයේ තේරුම “සුභ ආරංචිය” බව ඔබේ දරුවන්ට පැහැදිලි කරන්න ඔබට පුළුවන්. 3 නෙපී 27:13–16 තුළ අපට සොයාගත හැකි සුභ ආරංචි මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ සභාව උන්වහන්සේගේ ශුභාරංචිය මත ගොඩනගා ඇති බව ඉගැන්වීමට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කරන්න.

3 නෙපී 27:30–31

ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ වෙත නැවත පැමිණෙන විට උන්වහන්සේ ප්‍රීති වෙනවා.

  • යමෙකු සැඟවී සිටින සහ වෙනත් අය ඔහු හෝ ඇයව සොයා ගැනීමට උත්සාහ කරන ක්‍රීඩාවක් කිරීම සලකා බලන්න. නැති වූ කෙනෙකු හමු වූ විට අපට දැනෙන සතුට ගැන සංවාදයක් ඇති කරගැනීමට මෙය මග පාදයි. 3 නෙපී 27:30–31 කියවීමෙන් පසු, “කිසිවෙකුවත් … නැති වී නොයන ලෙස” ස්වර්ගීය පියාණන්වහන්සේට සමීපව සිටීමට එකිනෙකාට උදවු කරන ආකාරය ගැන කතා කරන්න ඔබට පුළුවන්.

4 නෙපී

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම මට ප්‍රීතිය ගෙන එනවා.

  • 4 නෙපී තුළ විස්තර කර ඇති පුද්ගලයින්ගේ සතුට ගැන ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උදවු කිරීමට, ඔබට ඔවුන්ට ප්‍රීතිමත් පුද්ගලයන්ගේ පින්තූර පෙන්වන්න පුළුවන්. ඉන්පසුව, ඔබ 2–3 සහ 15–17 දක්වා පද එකට එක්ව කියවන අතරතුර, ඔබ එම කතාවේ සතුට ගෙන එන යම් දෙයක් ගැන කියවද්දි ඔවුන්ට ඒ පින්තූර පෙන්වන්න පුළුවන්.

  • 4 නෙපී 1:15–16 තුළ උගන්වා ඇති දේ පිළිපැදීමට ඔබේ දරුවන්ට උදවු කිරීම සඳහා, මිනිසුන් එකිනෙකා සමඟ කෝප වන අවස්ථා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. අපගේ හදවත් තුළ “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” තිබේ නම් තත්වය කෙබඳු විය හැකිද යන්න භූමිකාව රඟ දැක්වීමට ඔවුන්ට ආරාධනා කරන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රූපය
යේසුස්වහන්සේ නෙපීවර ගෝලයන් තිදෙනෙකු සමඟ කතා කරමින්

ගැරී එල්. කැප් විසින්, Christ with Three Nephite Disciples [යේසුස්වහන්සේ නෙපීවර ගෝලයන් තිදෙනා සමඟ]

මුද්‍රණය කරන්න