2010–2019
ධර්මදූත කටයුතු: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ධර්මදූත කටයුතු: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම

ඔබ මේ ලෝකයේ කොහේ සිටියත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ සුභ පණිවිඩය බෙදාගැනීමට අවස්ථා බොහෝමයක් තිබෙනවා.

පසුගිය මාසයේ දොළොස්දෙනාට අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන් විසින් රෝම ඉතාලි දේවමාළිගාව කැප කිරීම සඳහා ඔහු සමඟ සංචාරය කරන්නට ආරාධනාවක් ලැබුණා. ගමන් කරමින් සිටින අතරතුර මම ප්‍රේරිතවර පාවුලු සහ ඔහුගේ සංචාරයන් ගැන කල්පනා කරමින් සිටියා. ඔහුගේ කාලයේ ජෙරුසලමේ සිට රෝමය දක්වා යාමට, දින 40 ක් පමණ ගතවෙන්නට ඇති. අද, මගේ ප්‍රියතම ගුවන් යානාවක එයට ගතවුණේ පැය 3 කට වඩා අඩු කාලයක්.

බයිබල් විශාරදයින් විශ්වාස කරන්නේ එදා මෙන්ම අදත් සභා සාමාජිකයන් ශක්තිමත් කිරීමට ඔහු ඔහුගේ ලිපි කීපයක් ලියන අතරතුරදී, ඔහු රෝමයේ සිටි බවයි.

අතීත සභාවේ සිටි පාවුලු සහ අනෙකුත් සාමාජිකයින්, පෙර-දින ශුද්ධවන්තයින්, පරිත්‍යාගය හා සමග හොඳින් හුරුපුරුදු වී සිටියා. බොහෝ දෙනෙක් මරණයට පවා, දැඩි ලෙස පීඩාවට පත්වුණා.

පසුගිය වසර 200 තුළ, නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින්ද, එනම් පසු-දවස්වල ශුද්ධවන්තයන්, බොහෝ ආකාරවලින් පීඩා වින්ඳා. නමුත් එම පීඩා එසේ තිබියදීත් (යම් අවස්ථා වලදී ඒ නිසාත්), යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධන්වන්තයන්ගෙන් යුත් සභාව තව දුරටත් වර්ධනය වී ඇති අතර එය දැන් ලොව පුරා විසිරී තියෙනවා.

කරන්නට බොහෝ දේ ඇත

කෙසේවෙතත්, අපි කේක් එකක් හැදීමට පෙර, මංගල මල් විසිකර, මෙම අපූර්ව ජයග්‍රහණය සඳහා අපට සුභපැතුම් එකතු කළ යුතුයි, එම වර්ධනය ඉදිරි දර්ශනයකට යොමු කිරීමට අපි හොඳින් කටයුතු කළ යුතුයි.

ලෝක ජනගහනය බිලියන හතහමාරකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් මිලියන 16 ඒ හා සැසඳීමේදී - ඇත්තවශයෙන්ම කුඩා රැළක්.1

මේ අතර ලෝකයේ සමහර පැතිවල ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් ඇත.2

ස්වාමින්වහන්සේගේ සභාව තුළ - මුළු සාමාජිකත්වය වර්ධනය වීම නොකඩවා පවතින අතර - නිතිපතා සභාවට සහභාගීවීමේ ආශිර්වාදය ලබානොගන්නා බොහෝ දෙනෙක් සිටී.

තවත් වචනයකින් කියනවානම්, ඔබ මේ පොළවේ කොහේ සිටියත්, ඔබට හමුවන, ඔබ සමග ඉගෙනගන්නා, ජීවත්වන, වැඩකරන හෝ සමාජ සම්බන්ධතා පවත්වන අය බොහෝ දෙනා සමග ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ යහපත් පණිවිඩය3 බෙදාගන්නට ඕනෑතරම් අවස්ථා තියෙනවා.

පසුගිය වසරේදී, ලෝකය පුරා සභාවේ ධර්මදූත ක්‍රියාකාරකම් සමඟ ගැඹුරින්ම සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා. උන්වහන්සේගේ දරුවන් වන - අප වැනි අනුගාමිකයන් සඳහා ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේශ්ඨතම විධිවිධාන ගැන මම බොහෝ විට නිතරම ගැඹුරින් කල්පනා කළා සහ යාච්ඤා කළා, “එබැවින් ගොස් සියලු ජාතීන්ට උගන්වන්න, පියාණන්ගේ නාමයෙන්ද, පුත්‍රයාණන්ගෙන්ද, ශුද්ධාත්මයේ නාමයෙන්ද ඔවුන්ව බෞතීස්ම කරන්න.”4

“සාමාජිකයින් හා ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් ලෙස, එම ශ්‍රේෂ්ඨ විධිවිධාන අපගේ දිනපතා ජීවිතයේදී සම්පූර්ණ කරන්නේ කෙසේද?” යන ප්‍රශ්ණය සමග මම පොරබැද්දා.

අද මම ඔබට ආරාධනා කරන්නේ එම ප්‍රශ්ණයම ඔබගේ හදවතේ සහ මනසේ මෙනෙහි කරන ලෙසයි.5

ධර්මදූත කටයුතු සඳහා ත්‍යාගයක්

“සෑම සාමාජිකයෙකුම ධර්මදූතයෙක්!” යන පැහැදිලි කැඳවීම දශක ගණනාවක්ම සභා නායකයින් අවධාරණය කර තියෙනවා.6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින් - අපේ දිනවලදී සහ අතීත කාලයේදී - මිතුරන් සහ දන්නා අය සමග උද්යෝගයෙන් සහ ප්‍රීතියෙන් සුභාරංචිය බෙදාගෙන තියනවා. ඔවුන්ගේ හදවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ශියෙන් දැල්වී, ඔවුන්ට ගැලවුම්කරුවාණන්ගේ සුභාරංචියේ සොයාගත් ප්‍රීතිය අවංකවම අනෙක් අයට අත්විඳින්නට දෙන්නට අවශ්‍යයි.

සභාවේ සමහර සාමාජිකයින්ට මේ සඳහා ත්‍යාගයක් ඇති බව පේනවා. සුභාරංචියේ තානාපතිවරුන් වීමට ඔවුන් කැමතියි. ඔවුන් නිර්භීතව හා සතුටින් සේවය කරන අතර, එම කාර්යය සාමාජික ධර්මදූතයින් ලෙස මෙහෙයවනවා.

කෙසේවෙතත්, අප අතරින් තවත් අය පසුබටයි. ධර්මදූත කාර්යන් පිළිබඳ සභා රැස්වීම් වලදී කථා කරන විට, පඩිපෙල මට්ටම්වල පිටුපසට තල්ලු වන තෙක් හිස් සෙමින් පහත වැටෙනවා, ඇස් ශුද්ධලියවිලි වල හෝ ගැඹුරු භාවනාවකට වැටුණා වගේ අනෙක් සාමාජිකයින් සමග ඇස් වලින් සබඳතා අහුරා දමනවා.

මෙහෙම වෙන්නේ ඇයි? සමහරවිට සුභාරංචිය බෙදාගන්න අපි වැඩි දෙයක් නොකරන නිසා අපිට ලැජ්ජාවක් දැනෙනවා වෙන්න පුළුවන්. යම්විට එය කරන්නේ කොහොමද යන්න අප්ට සැක සහිතයි. හෝ අපගේ සැනසුම් කලාපයෙන් පිටතට යන්නට අපිට කම්මැලි සිතෙන්නට පුළුවන්.

මට මෙය තේරුම්ගන්නට පුළුවන්.

නමුත් මතකතබාගන්න, ස්වාමින්වහන්සේ කෙදිනකවත් ප්‍රවීණ සම්පූර්ණ ධර්මදූත ප්‍රයත්න බලාපොරොත්තු වුණේ නෑ. ඒ වෙනුවට, “ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන්නේ හදවතක් සහ කැමත්ත ඇති මනසක්.”7

ඔබ දැනටමත් සතුටින් ධර්මදූත කාර්යයෙහි යෙදී සිටිනවා නම්, කරුණාකර නොනවත්වා කරන්න, අනෙක් අයට උදාහරණයක් ලෙස නැගීසිටින්න. ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරාවි.

කෙසේවෙතත්, සුභාරංචි පණිවිඩය බෙදාගැනීමට යාමේදී ඔබගේ කකුල අදිනවා වැනි යමක් ඔබට දැනෙනවානම්, ඊශ්‍රායලය එක් රැස් කිරීමේ ස්වාමින්වහන්සේගේ ශ්‍රේෂ්ඨ විධානයට සහභාගීවන්නට ඕනෑම කෙනෙකුට කළ හැකි ලැජ්ජාවෙන්-තොර දේවල් පහක් මම යෝජනා කරන්නද?

සරල යෝජනා පහක්

පළමුව, දෙවියන්වහන්සේට ලංවෙන්න. පළමු ශ්‍රේෂ්ඨ අණපණත දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි.8 අපි මේ ලෝකයේ ඉන්නා මූලික හේතුවක් වන්නේ එයයි. “මම ඇත්තටම ස්වර්ගික පියාණන්වහන්සේ විශ්වාස කරනවාද?” යන්න ඔබගෙන්ම අසන්න.

“මම උන්වහන්සේට ප්‍රේම කරනවාද සහ විශ්වාස කරනවාද?”

ඔබ ස්වර්ගික පියාණන්වහන්සේට ලංවන තරමටම, උන්වහන්සේගේ ආලෝකයත් ප්‍රීතියත් ඔබ තුලින් බබළාවි. ඔබ තුල යම් අනන්‍ය සහ විශේෂ දෙයක් ඇති බව අනෙක් අයට හැඟේවි. එමෙන්ම ඔවුන් ඒ ගැන අසාවි.

දෙවනුව, අනෙක් අය කෙරෙහි ප්‍රේමයෙන් ඔබේ හදවත පුරවාගන්න. මෙය දෙවන ශ්‍රේෂ්ඨ පණතයි.9 ඔබ වටා සිටිනා සෑමකෙනෙක්ම දෙස දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙස බලන්න. දේවසේවා සහෝදර සහෝදරියන්ගේ ලැයිස්තුවේ පෙනෙන නම් කුමක් වුවත් - ඔවුන්ට දේවසේවය කරන්න.

ඔවුන් සමග සිනාසෙන්න. ඔවුන් සමග සතුටුවෙන්න. ඔවුන් සමග වැළපෙන්න. ඔවුන්ට ගෞරව කරන්න. ඔවුන්ව සුවකර, ඔසවා, ශක්තිමත් කරන්න.

ඔබට අකාරුණික අය, ඔබව සමච්චලයට පත්කරන සහ ඔබට අනතුරක් කිරීමට බලාපොරොත්තු වන අය වෙත පවා, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අනුකරණය කරමින් ඔවුන්ට අනුකම්පා කිරීම සඳහා වෙහෙසවන්න. ස්වර්ගික පියාණන්වහන්සේගේ අනෙකුත් දරුවන්ට මෙන් ඔවුන්ට ප්‍රේම කර සලකන්න.

තෙවනුව, අනුගාමික මාවතේ ඇවිදින්නට උත්සහ කරන්න. දෙවියන්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඔබගේ ප්‍රේමය ගැඹුරු වන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීමට ඇති බැඳීමද ගැඹුරු වෙයි.

උන්වහන්සේගේ වචන මත භුක්ති විඳිමින් සහ නූතන දිවැසිවරුන් සහ ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් අදාළ කරගනිමින් ඔබ උන්වහන්සේගේ මාර්ග ඉගෙනගන්නවා. ඉගෙනගන්නා-සුළු නිහතමානී හදවතකින් ඔබ ස්වර්ගික පියාණන්වහන්සේ සමග සන්නිවේදනය කරන විට, ඔබ ආත්මවිශ්වාසයෙන් සහ ධෛර්යෙන් වර්ධනය වෙනවා.

සෑම දිනකම, අඩියෙන් අඩිය, “දයාවෙන් දයාව,”10 “පේළියෙන් පේළිය,”11 අනුගාමික මාවතේ ඇවිදයාමට පුහුණුව අවශ්‍යයි. යම් අවස්ථා වලදී අඩි දෙකක් ඉදිරියට සහ අඩියක් පසුපසට.

වැදගත්ම දෙය වන්නේ ඔබ අතහැර නොදැමීමයි; එය නිවැරදිව කිරීමට නොකඩවා උත්සහ කළ යුතුයි. ඔබ අවසානයේ වඩා හොඳ, සතුටු සහ වඩා අව්‍යාජ වේවි. ඔබගේ ඇදහිල්ල ගැන අන් අය සමග කථාකිරීම වඩා සාමාන්‍ය සහ ස්වභාවයෙන්ම වේවි. කෙසේවෙතත්, සුභාරංචිය අන් අය සමග කථා නොකිරීම අසාමාන්‍ය වන තරමටම එය ඔබගේ ජීවිතයේ වැදගත් සහ වටිනා දෙයක් වේවි. එය ක්ශණයකින් සිදුනොවන්න පුළුවන් - එය ජීවිතය පුරාවට වන ප්‍රයත්නයක්. නමුත් එය සිදුවේවි.

හතරවනුව, ඔබගේ හදවතේ ඇති දේ බෙදාගැනීම. මාවතක් අයිනේ හිටගෙන මොර්මන් පොතේ වැකි මෙගාෆෝනයකින් කෑගසන්නට කිය මම ඔබට කියන්නේ නෑ. මම ඔබට කියන්නේ පුද්ගලයන් ලෙස මෙන්ම අන්තර්ජාලය හරහාද - ඔබගේ ඇදහිල්ල අනෙත් අයට ලබාදෙන්නට සාමාන්‍ය සහ ස්වභාවික ක්‍රම සඳහා අවස්ථා සොයන්නටයි. මම ඔබට කියන්නේ අවශ්‍ය සෑම අවස්ථාවකදීම සුභාරංචියේ බලයේ “සාක්ශියක් ලෙස නැගීසිටින්න”12 - වචන භාවිතා කරන්නටයි.13

“ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය” වන නිසා, ඔබට ආත්මවිශ්වාසයෙන්, දිරිමත්ව සහ නිහතමානීව එය බෙදාගන්න්නට පුළුවන්.14 ආත්මවිශ්වාසය, ධෛර්යය, සහ නිහතමානීකම පරස්පර ලක්ශණ මෙන් පෙනුණත්, ඒවා එහෙම නෑ. එයින් ප්‍රතිරූපණය කරන්නේ උන්වහන්සේගේ සුභාරංචි වටිනාකම් සහ මූලධර්මයන් පඳුරක් යට නොතබා ඔබගේ යහපත් ක්‍රියාවන් තුලින් අපගේ ස්වර්ගික පියාණන් මහිමවත් වන ලෙස අපගේ ආලෝකය බබළවන්නට වූ ගැලවුම්කරුවාණන්ගේ ආරාධනයයි.15

මෙය කිරීමට සාමාන්‍ය සහ ස්වභාවික ක්‍රම රාශියක් තියනවා, කරුණාවන්තකමේ ක්‍රියාවන්ගෙන් පෞද්ගලික සාක්ශීන් දක්වා YouTube, Facebook, Instagram, හෝ Twitter යන ජාල ඔස්සේ අපට හමුවන පුද්ගලයින් සමග සරල සාකච්ජා ඇති කරගන්නට පුළුවන්. මේ අවුරුද්දේ අපගේ නිවසේ සහ ඉරිදා පාසලේ නව ගිවිසුමෙන් අපි ඉගෙනගන්නවා. එය ගැලවුම්කරුවාණන් පිළිබඳව අප සමග ඉගෙනගන්නට මිතුරන්ට සහ අසල්වැසියන්ට ඔබට ආරාධනා කළ හැකි පුදුමාකාර අවස්ථාවක්. එන්න, මා අනුගමනය කරන්න සොයාගත හැකි සුභාරංචි පුස්ථකාල යෙදුම ඔවුන් සමග බෙදාගන්න. පවුල් වල තරුණ ළමයින්ව ඔබ දන්නවා නම්, ඔවුන්ට තරුණයින් ශක්තිමත් කිරීම සඳහා වූ පොත ලබාදී එම මූලධර්ම තුළ අපගේ තරුණ ළමයින් ජීවත් වන්නට උත්සහ කරන අයුරු බලන්නට ඔවුන්ට ආරාධනා කරන්න.

යමෙක් ඔබගේ සති අන්තය ගැන විමසූ විට, ඔබ සභාවේ අත්විඳි දේ බෙදාගැනීමට පැකිළෙන්න එපා. කුඩා දරුවන් පිරිසක් ඉදිරියේ හිටගෙන ඔවුන් යේසුස්වහන්සේ මෙන් වීමට තැත්කරන අයුරු ගැයූ ආකාරය ගැන කියන්න. තරුණ කණ්ඩායම් වැඩිහිටි නිවාස වලට උදව් කරමින් පෞද්ගලික ඉතිහාසය සකස්කරන්නට කාලය ගත කල ආකාරයත් ගැන කථා කරන්න. මෑතකදී සිදුවූ ඉරිදා රැස්වීම් කාලසටහනේ වෙනස්වීම සහ එය ඔබගේ පවුලට ආශිර්වාද කළ ආකාරය ගැන කථා කරන්න. හෝ මෙම සභාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ලෙසත් අතීතයේදී සභාවේ සාමාජිකයින් ශුද්ධවන්තයින්,ලෙස හැඳින්වූ ලෙසම අපිව පසු-දිනවල ශුද්ධවන්තයින් ලෙස හඳුන්වන ආකාරය ගැනත් අපේ අවධාරණය කිරීම් පැහැදිලි කරන්න.

ඔබට හැඟෙන ලෙස කොයියම් හෝ සාමාන්‍ය සහ ස්වභාවික ආකාරයකින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව ඔබට වැදගත් ඇයිදැයි මිනිසුන් සමග බෙදාගන්න. “පැමිණ බලන්නට” ඔවුන්ට ආරාධනා කරන්න.16 ඉන්පසු පැමිණ උදව්වන්නට ඔවුන්ව දිරිමත් කරන්න. අපගේ සභාවේදී පුද්ගලයින්ට උදව්කිරීමට අසීමිත අවස්ථාවන් ඇත.

තෝරාගත් අයව ධර්මදූතයින්ට සොයාගැනීම සඳහා පමණක් යාච්ඤා නොකරන්න. පැමිණ බලන, පැමිණ උදව්වන සහ පැමිණ නවතින අය ඔබට සොයාගැනීමට හැකිවන ලෙස ඔබේ මුළු හදවතින්ම දිනපතා යාච්ඤා කරන්න. එම වළල්ලේ පූර්ණ කාලීන ධරමදූතයින්ද තබාගන්න. ඔවුන් දේවදූතයන් මෙන්, උදව් කරන්නට සූදානම්!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වන, එම සුභ පුවත ඔබ බෙදාගන්නා විට, ප්‍රේමයෙන් සහ ඉවසීමෙන් යුතුව කරන්න. අපි පුද්ගලයින් සමග සම්බන්ධවීමේදී ඔවුන් සුදු ඇඳුමින් සැරසී බෞතීස්ම වන තටාකයට මාර්ගය අසාවි යන එකම බලාපොරොත්තුවකින් මෙය කරනවානම්, අපි එය කරනවා බොහෝම වැරදියි.

පැමිණ බලන යමෙක්, සමහරවිට, කෙදිනවත් සභාවට සම්බන්ධ නොවේවි; යම් අය පසුකාලයකදී පැමිණේවි. එය ඔවුන්ගේ තෝරාගැනීමයි. නමුත් එය ඔවුන් කෙරෙහි අපගේ ආදරය වෙනස් කරන්නේ නෑ. පැමිණ බලන්නට, පැමිණ උදව්කරන්නට, සහ පැමිණ නවතින්නට පුද්ගලයන්ට සහ පවුල් වලට අපි කරන උද්යෝගීමත් උත්සහයන් වෙනස්වෙන්නේ නෑ.

පස්වනුව, උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය සඳහා ස්වාමින්වහන්සේව විශ්වාස කරන්න. පුද්ගලයින් හැරවීම ඔබගේ කාර්ය නොවන බව තේරුම්ගන්න. එය ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්යයි. ඔබගේ භූමිකාව වන්නේ ඔබගේ හදවතේ ඇති දේ බෙදාගැනීම සහ ඔබගේ විශ්වාසයන් සමග නොනවත්වා ජීවත් වීමයි.

ඉතින්, යමෙකු සුභාරංචි පණිවිඩය එසැනින්ම පිළිනොගත් විට ඔබ අධෛර්යට පත්වන්නට එපා. එය පෞද්ගලික අසමත්වීමක් නොවේ.

එය එම පුද්ගලයා සහ ස්වර්ගික පියාණන්වහන්සේ අතර දෙයක්.

ඔබගේ කාර්ය දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගේ දරුවන් වන ඔබගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීමයි.

විශ්වාස කරන්න, ප්‍රේම කරන්න, ක්‍රියාකරන්න.

ඔබ මෙම මාර්ගය අනුගමනය කරන්න, උන්වහන්සේගේ වටිනා දරුවන් ආශිර්වාද කරන්නට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යන් ඉටු කරාවි.

මෙම යෝජනාවන් පහ ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් පෙර සිටම කර ඇති දේ දැනගැනීමට උපකාරී වෙයි. උන්වහන්සේගේ සුභාරංචිය සහ සභාව ඔබගේ ජීවිතයේ ඔබ කව්ද සහ ඔබ කරන්නේ මොනවාද යන දේවල් හි වැදගත්ම කොටසක් වේ. පැමිණ බලන්නට සහ පැමිණ උදව්කරන්නට ඔබ අනෙක් අයට ආරාධනා කළ විට, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගැලවීමේ කාර්ය ඉටුකර එමනිසා ඔවුන් පැමිණ නතරවේවි.

නමුත් එය අමාරුනම්?

“නමුත්,” ඔබ අසාවි, “මම මේ හැමදෙයක්ම කළත් මිනිසුන් හොඳින් ප්‍රතිචාර නොදැක්වුවොත්? ඔවුන් සභාව ගැන දැඩි වුනොත්? ඔවුන් මාව මිතුරෙක් ලෙස අයින් කළොත්?”

ඔව්, එය වෙන්නට පුළුවන්. අතීතයේ සිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින්ට නොයෙක් පීඩාවට පත්වෙලා තියෙනවා.17 අපෝස්තුළුවර පේදුරු කී ලෙස, “ක්‍රිස්තුස්වහන්සේගේ වේදනා ඔබ බෙදාගන්නා විට … ප්‍රීතිවන්න.”18 “උන්වහන්සේගේ නාමය නිසා වූ ලැජ්ජාවට පත්වීමට සුදුසු ලෙස ඔවුන්ව ගණන් ගැණුනු නිසා” අතීත ශුද්ධවන්තයින් සතුටු වුණා. 19

මතකතබාගන්න, ස්වාමින්වහන්සේ අභිරහස් ආකාරවලින් ක්‍රියා කරයි. ඔබගේ ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රතිචාරයකින් තද හදවතක ප්‍රතික්ශේප කිරීම මෘදු කරාවි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස, මම ඉතා ආත්මවිශ්වාසයෙන් යුතුව ඔබව ආශිර්වාද කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස හැඳින්වීමට ධෛර්යත්, ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට ඔබගේ ප්‍රේමය පෙන්වීමක් වශයෙන් උන්වහන්සේගේ කාර්ය තුල නිහතමානීව සහය වෙමින්, සුභාරංචි වටිනාකම් වල ජීවමාන සාක්ශියක් වීමටයි.

මාගේ ආදරණීය මිතුරනි, “සියළුම ශුද්ධ වූ දේවදූතයන් සමග; බලයත් ශ්‍රේෂ්ඨ මහිමයත් සමග” ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට සහ පෙර සිටම කියා ඇති පරිදි ඊශ්‍රායලයේ එක්රැස් කිරීමේ ඉතා වැදගත් කොටසක් ඔබ බව දැනගැනීම ඔබව මහත් ප්‍රීතියකට ගෙන එයි.20

ස්වර්ගික පියාණන්වහන්සේ ඔබව හඳුනයි. ස්වාමින්වහන්සේ ඔබට ආදරෙයි. දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. මෙම කාර්ය උන්වහන්සේ විසින් වෙන්කර තියෙනවා. ඔබට මෙය කරන්නට පුළුවන්. අප සැමට එක්වී මෙය කළ හැකියි.

මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙකු වූ නීපායි ඔහුගේ දර්ශනයෙන් දුටු පරිදි දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ගේ සභාව “ලෝකය පුරා”විහිදෙනු ඇත, නමුත් ලෝකයේ අධර්මිශ්ට කම් නිසා “ගණන සුළු වනු ඇත.” (1 නෙපි 14:12; තවත් බලන්න ලූක් 12:32).

  2. උදාහරණයක් ලෙස, පුවර් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෑත අධ්‍යනයක් මගින් සොයාගෙන ඇති පරිදි, එක්සත් ජනපදයේ දී, “කිතුනුවන් ලෙස විස්තර කරන වැඩිහිටියන්ගෙන් (වයස අවුරුදු 18 සහ ඊට වැඩි) ප්‍රතිශතය සියයට හතකට ආසන්න කාලයකට සාපේක්ෂව සියයට 7 කින් පහත වැටී ඇති අතර 78.4% 2007 සිට 70.6% දක්වා පහත වැටී ඇත. එම කාල පරිච්ජේදය තුළ, අදේවවාදීන්, අඥේයවාදියෙකු හෝ විශේෂයෙන් කිසිවක් නොසැලකිලිමත් ලෙස ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය සියයට හයකට වඩා වැඩි වන අතර 16.1% සිට 22.8% දක්වා ඉහල ගොස් තිබේ.”(“America’s Changing Religious Landscape,” Pew Research Center, May 12, 2015, pewforum.org).

  3. සුභාරංචිය යන වචනයේ අර්ථය සුභ ආරංචිය යන්නයි. සුභ ආරංචිය නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍ය වර්ගයා උදෙසා සර්වසම්පූර්ණ වන්දිගෙවීමක් කළ බවත් ඒ කරණකොටගෙන සියළු මනුෂ්‍ය වර්ගයාටම මිදීමට හැකිබවත්, ඔවුන් මරණයෙන් නැගිට ඔවුන්ගේ ක්‍රියා අනුව උසස් කරනු ලබන බවත්ය. මෙම වන්දිගෙවීම ආරම්භ වූයේ පෙර ආත්මික ලෝකයේ උන්වහන්සේගේ පත්වීමත් සමගය, උන්වහන්සේගේ මෙලොව දිවිගෙවීම සමග එය නැවත ක්‍රියාත්මා වූ අතර උන්වහන්සේගේ මහිමාන්විත නැවත නැගිටීමත් සමග මුදුන්පත් විය. උන්වහන්සේගේ මෙලොව ජීවිතය, සේවය, සහ පරිත්‍යාගය පිළිබඳ බයිබලයේ කරුණු: මතෙව්, මාර්ක්, ලූක් සහ යොහාන් හි වාර්තා වේ.

  4. මතෙව් 28:19

  5. “සැබවින්ම මම නුඹට කියමි, මාගේ මිතුරනි, මම මේවා ඔබ හා තබා යන්නේ ඔබගේ හදවත් තුළ මෙනෙහි කරනු පිණිසය” (දහම සහ ගිවිසුම 88:62).

    “බලන්න, මම ඔබට කියන්නෙමි, ඔබ එය ඔබේ මනසේ අධ්‍යනය කොට; ඉන්පසු එය නිවැරදිද කියා මාගෙන් ඇසිය යුතුය එමෙන්ම එය නිවැරදි නම් මම ඔබගේ ඇතුලාන්තයේ උණුසුම් ගින්දරක් සමගින් එය නිවැරදි යැයි දැනගැනීමට සලස්වන්නෙමි” (දහම සහ ගිවිසුම 9:8).

  6. President David O. McKay encouraged “every member [to be] a missionary” when he presided over the European Mission from 1922 to 1924, and he shared that same message with the Church in general conference as early as 1952 (see “‘Every Member a Missionary’ Motto Stands Firm Today,” Church News, Feb. 20, 2015, news.

  7. දහම සහ ගිවිසුම 64:34.

  8. මතෙව් 22.37-38 බලන්න.

  9. මතෙව් 22.39 බලන්න.

  10. දහම සහ ගිවිසුම 93:12.

  11. යෙසායා 28:10

  12. මොසායා 18:9 බලන්න.

  13. මෙම අදහස බොහෝ විට අසීසියේ ශාන්ත ෆ්රැන්සිස් වෙත පැවරේ; තවද බලන්න යොහාන් 10:36–38.

  14. රෝම 01.16.

  15. මතෙව් 5:15–16 බලන්න.

  16. යොහාන් 1:46; අවධාරණය කිරීම් සහිතව.

  17. යොහාන් 15.18 බලන්න.

  18. 1 පේතෘස් 4:13, English Standard Version; see also verses 1–19 for more about how followers of Christ should view suffering for the gospel’s sake.

  19. ක්‍රියා 08.39

  20. දහම සහ ගිවිසුම 45:44.

මුද්‍රණය කරන්න