2010–2019
දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් දෙස බලන්න
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් දෙස බලන්න

අපගේ ඉරිදා රැස්වීම ස්වාමින්වහන්සේගේ භෝජන සංග්‍රහය කෙතරම් ශුද්ධවන්තද, යන්න අවධාරණය කරන අතර, අපගේ සතිපතා නමස්කාරයේ කේන්ද්‍රීය ස්ථානයයි.

ගීතිකා කණ්ඩායමේ තරුණ පිරිසගේ දෑස් වල කඳුලු දකින තුරු මම හොඳින් සිටියා. එම කඳුළු මට කෙදිනටවත් දෙන්නට බැරි සුභාශිත දේශනාවක්.

ජල බැම්මෙන් එහාට බලා සිටියදී, ඔහුගේ දෑතින් බෞතීස්ම වීමට මහත් උනන්දුවෙන් පසු වූ සෙනග පසුකරගෙන, බෞතීස්ත නමින් හැඳින්වූ යොහාන් ඔහුගේ ඥාති සොහොයුර වූ නාසරෙත්හි, යේසුස්වහන්සේ ඔහු කෙරෙහි දැඩි පෙලඹවීමකින් එම වත්පිළිවෙත සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට අධිශ්ඨානව එනවා දුටුවේය. ගෞරවනීයව, අසල සිටින්නන්ට ප්‍රමානවත්ව ඇසෙන ලෙස, දශක ගණනාවකට පසුත් අපගේ සිත්ගන්නා ලෙස යොහාන් මෙම වචන පැවසුවා “බලන්න දෙවියන්වහන්සේගේ බැටළු පැටවා.”

මෙම බොහෝ කළකට පෙර අනාවැකියෙන් කියන ලද පූර්වගාමියා “යෙහෝවා” හෝ “ගැලවුම්කරුවාණන්” හෝ “මිදුම්කරුවාණන්” හෝ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” වන අදාළ නම් වලින් යේසුස්වහන්සේව හැඳින්වූයේ නැති බවට කියා ඇත. නැත. යොහාන් ඔහුගේ ජනතාවගේ ආගමික සම්ප්‍රදාය තුළ මුල්කාලීනව හා බොහෝවිට පිළිගත් පොදු ප්‍රතිරූපයක් තෝරාගත්තා. පව් සහ දුක් ඇති, වැටුණු ලෝකය සඳහා සහ ඒ ලෝකය තුල ඇති සියළුම වැටුණු පුද්ගලයන් සඳහා බැටළු පැටවෙකු පරිත්‍යාගයක් ලෙස වන්දිගෙවීමේ සංඛේතය ඔහු භාවිතා කළා.

එම ඉතිහාසයෙන් බිඳක් මතක් කරන්නට මට කරුණාකර ඉඩදෙන්න.

ඒදන් උයනෙන් පන්නා දැමීමෙන් පසු ආදම් සහ ඒව දරුණු අනාගතයකට මුහුණ දුන්නා. භෞතික සහ මැරෙණ සුළු ජීවිතයකට දොර ඇරීමෙන්, ඔවුන් ඔවුන් සඳහා වූ අමරණීයත්වය සහ සදාකාලික ජීවතයේ දොරගුළු වසා දැමුවා. අප වෙනුවෙන් ඔවුන් දැනුවත්වම කරන්නට තෝරාගත් පාපය නිසා, සදහටම දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් වෙන්වී, ඔවුන් දැන් ශාරීරික මරණයට සහ ආත්මික පිටුවහල් කිරීමකට මුහුණ දෙනවා. ඔවුන් කළ යුත්තේ කුමක්ද? මෙම දුක්ඛිත තත්වය මගහරින්නට මාර්ගයක් තිබේද? උයනේ සිටියදී ඔවුන්ට ලැබුණු උපදෙස් කොතරම් දුරට ඔවුන්ට මතක තබාගන්නට පුළුවන් උනාදැයි අපිට සහතික නෑ, නමුත් ඔවුන් නිතිපතාම දෙවියන්වහන්සේට ඔවුන්ගේ රැළේ කුළුඳුල් බැටළුවා පරිත්‍යාග කළ යුතු බව ඔවුන්ට මතක තිබුණා.

පසුව දේවදූතයෙක් පැමිණ මෙම පරිත්‍යාගය ලෝකයට පැමිණෙන්නට ඉන්නා ගලවුම්කරුවාණන්ගේ උපකල්පනයක් ලෙස, සිදුකරන පරිත්‍යාගයක් බව පැහැදිලි කළා. “මේ කාරණය පියාණන්ගෙන් පැවත එන ඒකජාතකයාණන්ගේ පරිත්‍යාගයට සමානකමයි” කියා දේවදූතයා මෙසේ පැවසුවා. “එබැවින්, ඔබ පසුතැවිලි වී, පුත්‍රයාණන්ගේ නාමයෙන් සදහටම දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නැ’යි කීය.” වාසනාවන්ත ලෙස, එළියට සහ ඉහළට මාර්ගයක් ඇතිවනු ඇත.

පෙර ආත්මික ජිවිතයේ මන්ත්‍රණ සභාවේදී, දෙවියන්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, ආදම් සහ ඒව (සහ අපි සියළු දෙනාටම එම උපකාරය) පූජනීය, කැළැල් රහිත, “අපෝස්තුළුවර යොහාන් පසුව විස්තර කළ පරිදි ලෝකයේ ආරම්භයේ පටන්ම මරණයට නියත වූ” ලෙස පැමිණෙන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් ලෙස අපෝස්තුළුවර යොහාන් පසුව විස්තර කළා. ලෞකික ජීවිතයේදී තමන්ගේම කුඩා සංකේතාත්මක බැටළු පැටවුන්ව පූජා කිරීමෙන් ආදම් සහ ඔහුගේ පරම්පරාව ඔවුන්ගේ ආලේපලත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඔවුන්ගේ තේරුම්ගැනීම සහ ඔවුන්ගේ යැපීම ප්‍රකාශ කරන ලදි. පසුව, මෙම ආඥා පනත සඳහා පිහිටීම පාළුකරයේ මණ්ඩපය බවට පත් වූ අතර, ඉන් පසුව, සලමොන් ගොඩනඟන ලද දේවමාළිගාව විය.

අවාසනාවකට, අව්‍යාජ පසුතැවිල්ල හා ඇදහිලිවන්තව ජීවත් වීමේ සංකේතයක් ලෙස, නොකිලිටි කුඩා බැටළු පැටවුන්ගේ මෙම පුද පූජා ඔප්පු කිරීම පරණ ගිවිසුමේ හෙළිදරව් කරන පරිදි, ඉතා හොඳින් එය සිදු නොවුණි. එම පූජා සමඟ එකතු විය යුතු සදාචාරාත්මක අධිෂ්ඨානය ඇතැම් විට රුධිරය එම ගල් මත වියළීමට ප්‍රමාණවත් නොවීය. ඕනෑම කාරණයකදී, පළමු පරම්පරාවේදීම කායින් තම සහෝදරයා වන ආබෙල්ව මැරීම සමගම, සහෝදරයා මැරීම වැලැක්වීමට තරම් කල් පැවතුනේ නෑ.

සියවස් ගණනාවක් තිස්සේ සිදු වූ පීඩා හා දුෂ්කරතා වලින් පසු, පොරොන්දු වූ මෙසියන්වහන්සේ වන යේසුස්වහන්සේ ඉපදුනාත් සමඟ ස්වර්ගයේ දේවදූතයන් ප්‍රීති ඝෝෂා නැගීම පුදුමයක් නොවේ. උන්වහන්සේගේ කෙටිකාලීන දේවසේවයෙන් පසු පාස්කු බැටළුවන්ගෙන් ඉතාමත්ම පිරිසිදු බැටළුවන් පූජාකිරීමෙන් පිටත හඳුන්වා දුන් ආඥා පනත වඩාත් ස්වාධීන ආකාරයක් වන ස්වාමීන්වහන්සේගේ භෝජන සංග්‍රහය හඳුන්වා දීම මගින් උන් වහන්සේගේ මරණයට ඔහුගේ ශ්රාවකයන් සූදානම් කිරීම ඒදන් උයනෙන් පිටත සිදුවූ පෞද්ගලික වත්පිළිවෙතකි. පූජාවක් ඔප්පු කිරීම සඳහා තවමත් එය පූජාවක් විය හැකිය, එහෙත්, මරණයට පත්වන්නේ පළමුවෙන් ඉපදුණු බැටළු පැටවාගේ ලේ හැලීම් වලට වඩා ගැඹුරු, වඩා ගැඹුරින් හා වඩා පෞද්ගලිකව සංකේතාත්මකව ය. නෙපිවරුන් හට, උන්වහන්සේගේ උත්ථානයෙන් පසු, ගැලවුම්කරුවාණන් ඒ පිළිබඳව මෙසේ කීය:

“මා වෙනුවෙන් තවදුරත් රුධිරය හෙළමින් පූජා කිරීම අවශ්‍ය වන්නේ නැත …

“ … ඔබ මා වෙත බිඳුණු හදවතක් සහ පසුතැවුණු හදවතක් පූජා කළ යුතුය. බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයකින් මා වෙතට එන කවරෙකු වුවද, ඔහු ගින්නෙන් සහ ශුද්ධාතමයාණන්ගෙන් බෞතීස්ම විය යුතුය. …

“තවද, … පසුතැවී, … ගැලවීම ලබාගන්න.”

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, නිවසේදී සුභාරංචි අධ්‍යනය වර්ධනය කරගැනීමට හඳුන්වා දුන් නව අවධාරණය කිරීම් සහිතව, “යාච්ඤාවේ නිවසට ගොස් මාගේ ශුද්ධවූ දිනයේදී ඔබගේ සක්‍රමේන්තුව පූජා කරන්න” යන පණත මතක තබාගැනීම ඉතා වැදගත්ය. කේන්ද්‍රගත සුභාරංචි ඉගැන්වීම් සඳහා වැඩි කාලයක් ගත කිරීමට අමතරව, අපගේ වෙනස්කල ඉරිදා සේවයද, රැස්වීම් කාලසටහනෙහි ඇති සංකීර්ණතාව අවම කිරීම සඳහා ස්වාමීන්වහන්සේගේ භෝජන සංග්රහයේ පරිශුද්ධව, සතිපතා නමස්කාරයේ අත්දැකීම ලබාගැනීමට සක්‍රමේන්තුව වැදගත්ය. සියළුම මනුශ්‍ය පවුලේ පව් සහ දුක් තනිවම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ උරහිස් මතට ගනිමින් බිඳුණු හදවතකින් ක්‍රිස්තුස්වහන්සේ මියගිය බව අපි පෞද්ගලික වූ ආකාරයකට මතක තබාගැනීම අවශ්‍යය.

එම මරණීය බරට අපි දායක වන තරමට, එම අවස්ථාවට අපගේ ගෞරවය ලබාදිය යුතුය. එම ශුද්ධවූ වත්පිළිවෙත සඳහා අපගේ සේවාවට වේලාසනින්, ගෞරවාන්විතව සහ හරියාකාරව ඇඳ පැමිණෙන ලෙසට අපි දිරිමත්ව සිටිනවා. “ඉරිදාට ගැලපෙන” යන පදයේ අර්ථය අපේ කාලයේදී නැතිවී ගොස් තියෙනවා, අපි ඉදිරියට යන උන්වහන්සේට ඇති ගෞරවය පෙන්වීමට, අපිට හැකි ලෙස සබත් ඇඳුමින් සැරසෙන්නට වූ එම සංස්කෘතිය අපි නැවත පිහිටුවිය යුතුයි.

නිසි වේලාව ගැන කථා කරන විට, දරුවන් සහ චීරියොස් සහ ඩයපර් බෑග් ඔසවාගෙන පුදුමාකාර ලෙස වෙහෙසව , ඒ හැමදේම ඉටුකරගෙන වාසනාවන්ත ලෙස සභාවට පැමිණෙන මව්වරුන්ට ප්‍රමාද වී පැමිණීමේ කාඩ් පතක් දිය හැකියි. එපමණක්ද නොව, ප්‍රතික්ශේප කළ නොහැකි ලෙස ගොනා මඩ ගොහොර තුලට වැටී සබත් දින උදෑසන සිදුවීම් වලට මුහුණ දෙන අයද සිටී. කෙසේ වෙතත්, මෙම අවසාන කණ්ඩායම සඳහා අපි වරින් වර අපහසුතාව තේරුම් ගත හැකිය, නමුත් ගොනා සෑම දිනකම මඩ ගොහොර තුළ නම්, ඔබ ගොනා විකුණා හෝ මඩ ගොහොර පිරවිය යුතු බව අපි නිර්දේශ කරන්නෙමු.

එම ආත්මය තුළම අපගේ ගොඩනැඟිලිවල ශුද්ධස්ථානයේ ඝෝශාව අවම කිරීම සඳහා අපෝස්තලික ඉල්ලීමක් අපි ඉදිරිපත් කරන්නෙමු. අපි එකිනෙකා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත්, අප විසින් කළ යුතු වන එය සභාවට සහභාගි වීමෙන් ලද ප්‍රීතියකි, නමුත් නමස්කාරය සඳහා විශේෂයෙන් කැප වූ අවකාශය තුළ එය වාචිකව නොකළ යුතුය. සමහරවිට අපගේ ඇදහිල්ලේ නොසිටින අමුත්තන්ට භීතියට පත්වීම, යාච්ඤාව, සාක්ශිය, එළිදරව් කිරීම හා සාමය මගින් සංලක්ෂිත කළ යුතු ස්ථානයක ඝෝශා නොවන අවිනිශ්චිත භාවය විසින් පුදුමයට පත්වන්නට පුළුවන්. සමහරවිට ස්වර්ගයත් පුදුමයට පත්වන්නට පුළුවන්.

සක්‍රමේන්තු මෙහෙය ආරම්භ කිරීමට පෙර මුලසුන දරන සභානායකත්වය වාඩිවී සිටීම, අනෙක් අයත් වාඩිවී පෙර වාදනය කරන සංගීතයට ගෞරවයෙන් යුතුව සවන් දීම මගින් අපි ආත්මයාණන් එකතු කරගන්නෙමු. උඩ දෙඩවීම් ඇතිනම්, සභාවේ දෙඩවීම් තිබීම ගැන අපි පුදුම විය යුතු නෑ. අපේ නමස්කාරයේ ආත්මය දුර්වල කරන නිවේදන ඉවත් කරන එම සභානායකවරුන්ට අපි සුබපැතුම් පිරිනමමු. ස්වාමින්වවහන්සේගේ පුරාණ දේවමාළිගාවල, සිටින එකම උත්තම පූජකයෙක් වැනි සකේරියස් මෙන් තමාගේ ජීවිත කාලයේදීම පැමිණෙන්නට ඇති දේ පරිත්‍යාග කර සහභාගී වීම සිතන්නට අමාරුයි - පයින්වුඩ් ඩර්බි සති හයකින් පමණ සිදුවන බව අල්තාරයේ රැඳී සිට ඔහු සිතනවා යැයි මට සිතන්නට බැහැ.

සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේ විසින් වෙන්කළ මෙම පැය සතියේ බොහෝ ශුද්ධවූ පැයක්. අණ පණත් මගින්, ලෝකය පුරාවට ලැබෙන වත්පිළිවෙත් සඳහා අපි එකතු වෙනවා. උන්වහන්සේගේ පානය කරන්නට පෙර උන්වහන්සේ ලබාදුන්, මන්ද අප වෙනුවෙන් එය ලබාදෙන්නට නොහැකි බව උන්වහන්සේ දන්නා නිසා, උන්වහන්සේ සිහිකිරීම පිණිස අපි එය කරන්නෙමු. වයස අවුරුදු 11 හෝ 12 ඩීකන්වරයෙකු මගින් එම කුසලානයේ සංකේතය එම මොහොතේම අප වෙත පේළිය පහළට ගමන් කරමින් සිටින බව හැම මොහොතකම අපි මතක තබාගත යුතුය.

අපගේ පරිත්‍යාගික ත්‍යාගය ස්වමින්වහන්සේට පුදන්නට ශුද්ධවූ පැය ආ කළ, අපට අපගේම පව්, අතපසුවීම් සහ අභියෝග විසඳන්නට ඇත, අපි එහි සිටින්නේ ඒ නිසයි. නමුත් අප වටා සිටින අනෙක් බිඳුණු සිත් හා පසුතැවුණු හදවත් පිළිබඳව අපි සිහින දකිනවා නම් එවන් භක්තියක් අපට වඩාත් සාර්ථක විය හැක. අපට වඩා දුරකින් නොවන ලෙස වාඩිවී සිටින - ඇතුලාන්තයෙන් හෝ පිටින් - සකරමේන්තු ගීතිකාව, පූජකවරුන්ගේ එම යාච්ඤාව පුරාවට හැඬූ කෙනෙක් සිටින්නට පුළුවන්. අපගේ කරුණාවේ කුඩා භාජනය ගැන සැනසුමේ කුඩා පාන් කැබැල්ල ගැන අපි නිසංසලව සිහිපත් කළ යුතුය - ඔවුන් වෙනුවෙන් අපි එය කැප කළ යුතුය නැත්ද? රැස්වීමට සහභාගී වී නැති හෝ කරදරයට පත්වූ වැළපෙන සාමාජිකයින් වෙනුවෙන් අපගේ දේවසේවය කළ යුතුය, ඔවුන් ඊළඟ සතියේදීත් නැති වීමට පුළුවන් නේද? හෝ සභාවේ සාමාජිකයින් නොවන අපගේ සහෝදර සහෝදරියනුත් අපගේම සහෝදර සහෝදරියන් නේද? මේ ලෝකයෙහි දුක් වේදනා හිඟයක් නැත, සභාව ඇතුළත හා පිටත, දරුණු වේදනාව හා දරුණු වේදනාවට පත්වූ යමෙකුට ලඟාවීම සඳහා සෑම දිශාවකටම යොමු වන්න. “උන්වහන්සේව නිතරම මතකයේ තබාගත හැකි එක් ආකාරයක් නම්,” කිසිදා වසන් නොවන බරින් සහ අසහනයෙන් අපහසුව සිටින අයව එම වේදනාවෙන් ගලවාගැනීම සඳහා ශ්‍රේශ්ට වෛද්‍යවරයා සමග එකතු වන්න.

ආදරණීය මිතුරනි, අපි සෑම සතියකම ලෝකය පුරා එක්සත් වී සියළුම මනුශ්‍යන් සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ මහිමාන්විත වන්දිගෙවීම ගැන වැඩි වැඩියෙන් පරිශුද්ධ පිළිගැනීමක් ලබා දෙනවා නම්, අපි “උන්වහන්සේගේ ශෝකය නිසා උන්වහන්සේගේ ශෝකය වෙනුවෙන් තව තවත් කඳුළු සලයි.” අපි මතක් කර, යාච්ඤා කර සහ ගිවිසුම් අළුත් කරන විට “දුක්විඳීමේදී බොහෝ ඉවසීමත් … සමාදානය සඳහා බොහෝ ප්‍රශංසාවත්” එම ශුද්ධවූ අවස්ථාව සඳහා වෙන්කරමු. එවන් වූ ඉවසීමක් සහ සහනයක්, එවන් ශුද්ධවන්තකමක් සහ බලාපොරොත්තුවක්, ඔබ සෑම කෙනෙකුම වෙනුවෙන් ලැබෙන ලෙස මම යාච්ඤා කරන්නේ, සමාවදීමේ වටිනා පාන් කැබැල්ල කඩා ගැලවීමේ ශුද්ධවූ වයින් වක්කළ, ශ්‍රේශ්ඨ සහ කරුණාවන්ත දෙවියන්වහන්සේගේ ශුද්ධවූ බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.

සටහන්:

  1. යොහාන් 1:29.

  2. බලන්න 2 නෙපි 9:8–9.

  3. බලන්න මෝසෙස් 5:5; තවත් බලන්න නික්මයාම 12:3–10.

  4. බලන්න මෝසෙස් 5:7-8; මෝසෙස් 5:9.

  5. එළිදරව් 13:8.

  6. See Bible Dictionary, “Anointed One”; see also Guide to the Scriptures, “Anointed One,” scriptures.ChurchofJesusChrist.org.

  7. උත්ප්‍රසාත්මක ලෙස, කායින් ආබෙල්ව මරාදැමීම, අවසානයේදී සාතන් විසින් මෙහෙයවන ලද ක්‍රියාවක්, දෙවියන්වහන්සේ ආබෙල්ගේ පරිත්‍යාගය පිළිගෙන කායින්ගේ පරිත්‍යාගය පිළිනොගත් නිසා කායින්ගේ පෙර කෝපයට සම්බන්ධ විය හැක.

    “දෙවියන්වහන්සේ … තම පුත්‍රයානන් මගින් පරිත්‍යාගයක් සූදානම් කළ සේක, ඔහු …ස්වාමින්වහන්සේගේ අභිමුඛයට මිනිසාට එන්නට හැකි වන පරිදි දොරටුව විවෘත කරනු ඇත. …

    “වන්දිගෙවීම හෝ මිදීමේ සැලසුම තුල ඇදහිල්ලෙන්, පිළිගත හැකි පරිත්‍යාගයක් ආබෙල් විසින් දෙවියන්වහන්ස්සේට පිදූ අතර එය රැළේ කුළුඳුලෙක්ය. කායින් පොළවේ පළතුරු පිදූ අතර, එය පිළිගනු ලැබුවේ නැත. … ලේ හැලීමක් [ඔහුගේ පරිත්‍යාගයට ඇතුලත් වී තිබිය යුතු විය]” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 48; see also 107–8).

  8. 3 නෙපි 9:19–20, 22.

  9. දහම සහ ගිවිසුම 59:9.

  10. මොරෝනි 4:3; 5:2.

  11. “More Holiness Give Me,” Hymns, no. 131.

මුද්‍රණය කරන්න