2010–2019
උන්වහන්සේගේ හඬට සවන්දීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේගේ හඬට සවන්දීම

බොහෝ තරඟකාරී හඬවල් ඇති ලෝකයක, අපගේ ස්වාර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ හඬ අසා අනුගමනය කිරීමට අපට හැකියාව දී තිබෙනවා.

අද උදෑසන, මගේ බිරිඳගේ සොයුරා ඇය ඇගේ මවට අවුරුදු ගණනාවකට පෙර ලියූ සටහනක් ලබාදුන්නා. ඒ දිනවල, හෝමර් සහෝදරිය කුඩා ගැහැණු ළමයෙක්. ඇයගේ සටහනේ කොටසක මෙහෙම තිබුණා, “ආදරණීය අම්මේ, අද මම මගේ සාක්ශිය බෙදානොගත්තාට සමාවෙන්න - නමුත් මම ඔයාට ආදරෙයි.” අපි දිවා ආහාරයට ගිය විට, එය රසවත් දෙයක් බව මම හිතුවා. ඉතින් මම වාඩිවී, මම මෙහෙම සටහනක් ලිව්වා, “ආදරණීය නෙල්සන් සභාපති තුමනි, මම අද අගේ කථාව නොදුන්නාට සමාවෙන්න - නමුත් මම ඔබට ආදරෙයි.” කෙසේවුවත් එය හොඳ යැයි මට දැණුනේ නෑ. ඉතින් මෙන්න අපි, ඒවගේම මෙම සැසිවාරයේ කථා කළ අයගේ වචන වලට මම මගේ වචන එකතු කිරීම ගැන මට සතුටුයි.

අවුරුදු ගණනාවකට පෙර, අලුතින් පත්වීම ලත් ගුවන් නියමුවකු විසින් නියමවූ කුඩා ගුවන් යානයක මම ගමන් ගත්තා. අපගේ ගමන අවසානයේදී, ගොඩබෑමට අපි ලංව සිටියා. නමුත් අප ගොඩබිමට ලඟා වනවාත් සමඟම, මට නියමු කුටිය තුලින් නියමුවාට “නැවත උඩට ගැනීමට හඟවන” අනතුරු ඇඟවීමේ සඥාවක් ඇසුනා. එවිට අත්දැකීම් බොහොමයක් ලබා ඇති ධාවන පථයට දෙසින් ඉවතට වීමට පහල බලා සිට “දැන්!” කියා කියූ, සම නියමුවා දෙස ගුවන් නියමුවා බලා සිටියා.

අපගේ ගුවන් යානය ක්‍රමයෙන් වම් පෙදෙසට වන්නට පහතට ඇඳුනා, නැවතත් සුදුසු උසක් වනතෙක් උඩට ගොස්, ගොඩ බැස්සවීමට නැවත ඇතුළු වී, ආරක්ෂා සහිතව අපගේ ගමනාන්තයට පැමිණියා. පසුව අපට දැනගන්නට ලැබුනා තවත් ගුවන්යානයක් ගුවන්ගත කිරීමට සුදානම් කර ඇති බවට. අප අනතුරු ඇඟවීමේ සංඥාව අනුගමනය කලේනම්, අප පැමිණෙන ගුවන්යානයට වඩා වැඩියෙන් ඈතට හැරෙනවා. මෙම අත්දැකීම මට ඉතා වැදගත් පාඩම් දෙකක් ඉගැන්නුවා: පළමුව, අපගේ ජීවිතවල අවධානම් මොහොතවල් වලදී, අපගේ අවධානය ගැනීමට තරඟ කරන බොහෝ හඬවල් ඇසීමට පුළුවන්. ඒ වගේම දෙවැන්න, ඒ අතරින් නිවැරදි හඬට ඇහුන්කන් දීම ඉතා වැදගත්.

තරඟකාරී හඬවල්

අප ජීවත්වන්නේ අපගේ අවධානය ගැනීමට සොයන බොහෝ හඬවල් ඇති ලෝකයකයි. සියලුම පුවත්, ට්වීට් පණිවිඩ, බ්ලොග් සටහන්, පොඩ්කාස්ට්, සහ ඇලෙක්සා, සිරි සහ අනෙකුත් අයගෙන් බලෙන් මෙන් ලැබෙන අවවාද හේතුවෙන් කුමන හඬ විශ්වාස කරන්නද කියා තීරණය කිරීමට අපට අසීරු විය හැක. වැඩි පිරිසක් සත්‍ය සඳහා හොඳම හේතුව ලබා දෙයි යන අදහසින් සමහර වෙලාවලට අපි අපේ ජීවිතයේ මඟපෙන්වීම් අන් අයගෙන් බලාපොරොත්තු වනවා. අනෙකුත් වෙලාවට අපි “මත දෙකක් මැද නතර වෙනවා” 1 හරියට “උණුසුම හෝ සීතල වීම යන දෙකම” තෝරා නොගැනීම මෙන්. 2 තවත් අවස්ථාවන්වල , අපට මඟපෙන්වීම පිණිස තනි හඬකට හෝ ප්‍රතිපලයකට පමණක් අවධානය දෙමින්, නැතිනම් සම්පූර්ණයෙන්ම අපගේ සිතීමේ හැකියාව මත පමණක් යැපෙමින් අපට පහසුයි කියා හැඟෙන දෙයක් අනුගමනය කරනවා.

මෙම සියලුම ආකාර සමහර විට අපට උදවු විය හැකි වුවත්, මේ දේවල් සෑම විටම විශ්වාස කල නොහැකි බව අත්දැකීම් අපට උගන්වනවා. ප්‍රසිද්ධ සෑම දෙයම සැම විටම හොඳම දේ නොවේ. මතයන් දෙකක් අතර නතර වීම කිසිදු දිශාවකට මඟපාදන්නේ නැත. පහසුව අවශ්‍ය දේවල් වලට මඟ පෙන්වන්නේ කලාතුරකිනි. එකම හඬකට හෝ ප්‍රතිපලයකට පමණක් සීමා වීම අපට බැලීමට ඇති හැකියාව අඩපන කරයි. අපගේම සිතුවිලි මත පමණක් තදින්ම යැපීම අපව අධි මානසිකතත්වයෙන් ගන්නා සිහිමුලා වූ සිතුවිලි වලට නියමුවනවා. අපි පරිස්සම් නොවුනොත්, වැරදි හඬවල් අපව සුභාරංචිය වෙතින් ඉවත්කර අපගේ ඇදහිල්ල පවත්වාගැනීම අසීරු වන ස්ථාන වලට ගෙන යයි, එවිට අපට හිස්බවකට, තිත්ත බවකට සහ අසතුටු බවකට වඩා වැඩි යමක් දැනෙන්නට පටන් ගන්නවා.

වැරදි හඬට සවන්දීම

අර්ථකතනයක් සහ ශුද්ධලියවිල්ලෙන් නිදසුනක් භාවිතා කිරීමෙන් මා අදහස් කලේ කුමක්ද කියා මම පෙන්වන්නම්. කදු නගින්නන් සාමාන්යෙන් මීටර 8000කත වඩා උසක් හැඳින්වුයේ “මරණයේ කලාපය යනුවෙනි, එයට හේතුව එම උස වලදී, ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති වීමයි. “මරණයේ කලාපයට” අධ්‍යාත්මික සමාන කිරීමක් තිබේ. ඇදහිල්ල නොමැති ස්ථාන වල අපි බොහෝ කාලය ගත කල විට, හොඳ චේතනාවන් මෙන් පෙනෙන හඬවල් අපට අවශ්‍ය කරන ආත්මික ඔක්සිජන් අපට අහිමි කරනවා.

මෝර්මන් ග්‍රන්ථයේ, එවැනි අත්දැකීමක් ඇති, කොරිහොර් පිළිබඳව අපට කියවිය හැකියි. ඔහු විශාල ප්‍රසිද්ධියක් භුක්තිවින්දා මන්ද ඔහුගේ ඉගැන්වීම් “මාංශය සතුටු කරවන.”3 නිසා. ඔහු පැවසුවා දෙමාපියන් සහ දිවැසිවරුන් නිදහස සීමා කිරීමට සහ නොදැනුවත්කම පවත්වාගෙන යාමට සාදා ඇති අනුවන සංස්කෘතීන් උගන්වන බව.4 ඔහු වාද කළා මිනිසුන් හට තමන්ට කැමති දේ කිරීමට නිදහස තිබිය යුතු බවට මන්ද අණපනත් යනු පහසුවෙන් සීමා පැනවීමට දැමු උපක්‍රම මිස වෙන යමක් නොවන බවට.5 ඔහු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මත විශ්වාස කිරීම දුටුවේ “වියරු වැටුණු මනසක බලපෑමක් ලෙසයි,” 6

ඔහුව ප්‍රධාන විනිසුරු සහ ප්‍රධාන පූජකවරයා වෙතට ගෙන යාමට වන තරම් විශාල කලබලයක් කොරිහොර් විසින් ඇතිකළා. එහිදී ඔහු “ඉතාමත් අප්‍රසන්න වචන භාවිතා කරමින්,” නාකයන් විවේචනය කරමින් සලකුණක් ඉල්ලා සිටියා. ඔහු වෙත සලකුණක් ලැබුනා. ඔහුට කතාකිරීමට බැරි වන තරමටම පහර ලැබුවා. එවිට කොරිහොර් තේරුම්ගත්තා ඔහු මුලා වී ඇති බව, සහ ඔහු විසින් අතහැර දමා තිබු වටිනා සත්‍යයන් ගැන සිතමින්, ඔහු “මම හැමවිටම දැනසිටියා” යයි වැලපුනා. 7

සොරමයිට් ජාතික කණ්ඩායමක් විසින් ඔහුව පාගා මරාදමන තුරුම ඔහු කෑමට අයැද සිටියා. 8 ඔහුගේ කතාවේ අවසාන වගන්තියේ මෙම සන්සුන් ආවර්ජනය ඇතුලත් වී ඇත: “තවද මෙසේ අපි දකින්නෙමු. එනම් යක්ෂයා ඔහුගේ දරුවන්ගේ අවසාන දවසේදී උපකාර නොකරන්නේය, එහෙත් ඔවුන්ව ඉක්මනින් නිරයට ඇදගෙන යන්නේය.”9

නිවැරදි හඬ

අපගේ ස්වර්ගීක පියාණන්ට අපට හොඳම දේ දීමට අවශ්‍ය නිසා, උන්වහන්සේගේ හඬ අපට ඇසීමට හැකියාව දී ඇත. බොහෝ විට, අපට උන්වහන්සේව ඇසෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපට දෙනු ලබන හැගීම් තුලින්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ශුද්ධවූ ත්‍රීත්වයේ තුන්වන සාමාජිකයායි. උන්වහන්සේ පියාණන් සහ පුත්‍රයාණන් පිළිබඳව සාක්ෂි දරනවා, 10 උන්වහන්සේව එවා තිබෙන්නේ “[අපට] සෑම දෙයම ඉගැන්වීමටයි,” 11 ඒ වගේම උන්වහන්සේ [අප] කල යුතු සෑම දෙයක්ම [අපට] පෙන්වා දෙනවා.”12

ආත්මයාණන්වහන්සේ විවිධාකාර මිනිසුන්ට කතාකරනු ලබන්නේ විවිධාකාරයටයි, ඒ වගේම එකම පුද්ගලයාට විවිධ වේලාවන් වලදී විවිධ ආකාර වලින් කතාකරනු ලබනවා. එහි ප්‍රතිපලයක් වශයෙන්, උන්වහන්සේ කතාකරනු ලබන විවිධාකාර විධි ජීවිතකාලය පුරාවටම ඉගෙනගත යුතුවෙනවා. සමහර වෙලාවල්වලදී, ඉතා කුඩා නමුත් බලවත්, තීක්ෂණ හඬකින්, “අපගේ හදවත මධ්‍යස්තයටම ඇසෙන” පරිදි 14 උන්වහන්සේ “අපගේ මනසට සහ [අපගේ] හදවත් වලට” කතාකරනු ලබනවා.13 අනෙකුත් වෙලාවලට, උන්වහන්සේගේ හැගීම් වලින් “[අපගේ] මනස පිරී යනවා” නැතිනම් “[අපගේ] හැගීම් වලට තදින් දැනෙනවා”15 තවත් වෙලාවලට, අපගේ යටිසිත “[අප] තුලම පිච්චෙනවා වගේ හැගීමක් දැනෙනවා.” 16 තවත් සමහර වෙලාවලට, උන්වහන්සේ අපගේ ආත්මයන් සතුටින් පුරවනවා, අපගේ මනස ආලෝකමත් කරනවා,17 නැතිනම් කරදරයෙන් තිබෙන අපගේ හදවතට සාමය ගෙන එනවා.18

උන්වහන්සේගේ හඬ සෙවීම

අපගේ පියාණවහන්සේගේ හඬ අපට බොහෝ ස්ථාන වලදී සොයාගත හැක. අප යාච්ඤා කරන විට, අප ශුද්ධ ලියවිලි අධ්‍යනය කරන විට, සහ අපි පල්ලි යන විට, ඇදහිල්ලෙන් යුත් සාකච්ජාවන් වල යෙදෙන විට, හෝ දේවමාළිගාවට සහභාගී වන විට එය අපට සොයාගත හැකියි. අනිවාර්යෙන්ම, මෙම සති අන්තයේ සම්මන්ත්‍රණය තුලදී එය අපට සොයා ගන්න පුළුවන්.

අද දින අප පුරුෂයින් 15 දෙනෙකු දිවැසිවරුන්, අනාගතවක්තෘන් සහ එළිදරවු කරන්නන් ලෙස ස්ථීර කරනු ලැබුවා. ඔවුන්ගේ අධ්යාත්මිකභාවය සහ අත්දැකීම් විසින් ඔවුන්ට ආවේනික දෘෂ්ඨිකොනයක් ලබා දී ඇති අතර එය අපට ඉමහත් ලෙස අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ පණිවිඩ සොයා ගැනීම ඉතා පහසු වන අතර ඉතාමත් පැහැදිලි ලෙස එය පවසනවා. ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නොවන දෙයක් වුවත්, ඔවුන් අපට පවසන්නේ දෙවියන්වහන්සේ විසින් අපට දැනගැනීමට සැලැස්වීමට අවශ්‍ය වන දේවල්ය. 19

උන්වහන්සේගේ හඬ මෙම ස්ථාන වලින් ඕනෑම එකක සෙවීම හොඳයි, නමුත් එය එම ස්ථාන බොහොමයක සෙවීම වඩාත් හොඳය. ඒ වගේම එය අපට ඇසුන විට, එය තුලින් අපට ලබා දුන් උපදේශය අප විසින් අනුගමනය කල යුතුය. අපොස්තුලුවර යාකොබ් පැවසුවා, “නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා.”20 ඒ වගේම සභාපති මොන්සන් වරක් ඉගැන්වුවා: “අපි බලනවා. අපි නැවතී සිටිනවා. අපි එම නිශ්චල, කුඩා හඬට ඇහුම්කන්දෙනවා. එය කතා කරන විට, ඥානවන්ත පිරිමින් සහ කාන්තාවන් එයට කීකරු වෙනවා.”21

මගපෙන්වීම් පැමිණීම ප්‍රමාද වූ විට

මගේ වෘතිමය ජීවිතය මුල් කාලයේදී, මගේ නියමිත රැකියාවේ වෙනසක් පිළිගැනීමට හෝමර් සහෝදරියගෙන් සහ මගෙන් අසා තිබුනා. ඒ මොහොතේ, එය අපට දැනුනේ ඉතා විශාල තීරණයක් ලෙසයි. අප ඉගෙනගත්තා, අපි නිරාහාර ශීලය රැක්කා, සහ අපි යාච්ඤා කළා, නමුත් පිළිතුරු ලැබීමට ප්‍රමාද වුවා. ක්‍රමයෙන්, අපි තීරණයක් ගෙන ඉදිරියට ගියා. අපි එසේ කලවිට, අපට නිරවුල් බවක් දැනුනා සහ එය මේ තාක් අප ගෙන තිබු හොඳම තීරණය බව අපට ඉක්මනින්ම දැන ගැනීමට ලැබුනා.

එහි ප්‍රතිපලයක් වශයෙන්, අපි ඉගෙනගත්තා සමහරවිට පිළිතුරු පැමිණීම ප්‍රමාද බව. එසේ විය හැක්කේ එය නිවැරදි වෙලාව නොවන නිසා, පිළිතුරක් අවශ්‍ය නොවන නිසා, හෝ අප විසින්ම තීරණයක් ගැනීමට දෙවියන්වහන්සේ අපව විශ්වාසකරන නිසා විය හැක. වැඩිහිටි රිචර්ඩ් ජී. ස්කොට් වරෙක ඉගැන්වුවා එවැනි කාලවලදී අපි ස්තුතිවන්ත විය යුතු බව සහ මෙලෙසද පොරොන්දුවද වුවා: “ඔබ සුදුසු ලෙස ජීවත් වන විට සහ ඔබගේ තෝරාගැනීම් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සමඟ ගැලපෙන විට සහ ඔබ ක්‍රියා කිරීමට අවශ්‍ය නම්, විශ්වාසයත් සමඟ ක්‍රියාත්මක වන්න. … ඔබ වැරදි තීරණය ගෙන තිබේනම්, අනතුරු ඇඟවීමේ හැගීමකින් තොරව බොහෝ දුර යාමට දෙවියන්වහන්සේ ඔබට ඉඩ නොතබනු ඇත.”22

අප විසින් තෝරාගත යුතුයි

එම නිසා, සියලුම විවිධ හඬවල් අතරින් කුමන හඬට අප කීකරු විය යුතුද කියා අප තීරණය කල යුතුයි. ලෝකය වෙනුවෙන් පෙනී සිටින විශ්වාස කිරීමට අසීරු හඬවල් අප අනුගමනය කරනවාද, නැතිනම් අපගේ තීරණ වලදී අපට මඟපෙන්වන සහ අනතුරු වලදී අප ආරක්ෂා කරන අපගේ පියාණන්ගේ හඬට ඉඩ දීම සඳහා කිරීමට අවශ්‍ය වන කාර්යන් අප විසින් සිදු කරනවාද? වැඩි උනන්දුවෙන් අපි උන්වහන්සේගේ හඬ සොයන විට, එය ඇසීමට පහසු වනවා. එයින් අදහස් වන්නේ උන්වහන්සේගේ හඬ ශබ්දය වැඩි වනවා කියා නොව නමුත් එයට ඇහුම්කන් දීමට අපට ඇති හැකියාව වැඩි වීමයි. ගැලවුම්කරුවාණන් වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා අපි “[උන්වහන්සේගේ] අණපනත් වලට ඇහුම්කන් දෙන විට, සහ [උන්වහන්සේගේ] උපදේශ වලට කන්යොමු කරන විට,” උන්වහන්සේ “අපට වැඩි වැඩියෙන් ලබාදෙන බවට.”23 මම සාක්ෂි දරනවා අප සෑම කෙනෙකුටම මෙම පොරොන්දුව සත්‍ය බවට.

අවුරුද්දකට ඉහතදී, මට මාගේ වැඩිමහල් සහෝදරයා හදිසි අනතුරකින් නැතිවුනා. ජෝන්ගේ ජීවිතයේ මුල් අවුරුදු පොරොන්දු සහ සාර්තකවීම් වලින් පිරුනා. නමුත් ඔහු වැඩිහිටි වියට පැමිණි විට, කැඩුණු ශරීරයක් සහ සහයක් නොමැති මනස ජීවිතය බොහෝ දුෂ්කර කළා. ඔහුගේ ජීවිතයේ ඔහු බලාපොරොත්තු වූ සුවය නොලැබුණු විට, ජෝන් ඔහුගේ ඇදහිල්ලෙන් ශක්තිමත් වී, අවසානය දක්වාම ඔහුට පුළුවන් උපරිමයෙන් විඳදරා ගැනීමට අධිෂ්ඨානය කර ගත්තා.

දැන්, මම දන්නවා ජෝන් පරිපූර්ණ නොවන බව, නමුත් මම කල්පනා කළා එවැනි විඳදරා ගැනීමක් ඔහුට ලබා දුන්නේ කුමක්ද කියලා. බොහෝ හඬවල් ඔහුට ආරාධනා කළා නින්දාශීලී කෙලවරට, නමුත් ඔහු තීරණය කළා එහි නොයා ඉන්නට. ඒ වෙනුවට, සුභාරංචිය තුල ඔහුගේ ජීවිතයේ නැංගුරම් දමන්නට ඔහුට හැකි උපරිමයෙන්ම ක්‍රියාකළා. ඔහු එහි ජීවත් වුනා, මන්ද ඔහු දැනගෙන සිටියා ඔහුගේ ස්වාමියාගේ හඬ ඔහුට එහි සොයාගැනීමට හැකි බව; ඔහු එහි ජීවත් වුනා, මන්ද ඔහු දැනගෙන සිටියා ඔහුට ඉගෙන ගැනීමට ලැබෙන්නේ එහිදී බව.

අවසානය

සහෝදර සහෝදරියනි, බොහෝ තරඟකාරී හඬවල් ඇති ලෝකයක, අපගේ ස්වාර්ගික පියාණන්වහන්සේ අපට උන්වහන්සේගේ හඬ අසා අනුගමනය කිරීමට මාර්ගය සාදා ඇති බවට මම සාක්ෂි දරනවා. අපි උත්සහවන්ත නම්, උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් අප සොයන දිශාව, අපට අවශ්‍ය ශක්තිය, සහ අප සියලුදෙනා බලාපොරොත්තු වන සතුට ලබා දෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

මුද්‍රණය කරන්න