2010–2019
අපගේ ආත්මික මාංශපේශීන් ක්‍රියාත්මක කිරීම
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ ආත්මික මාංශපේශීන් ක්‍රියාත්මක කිරීම

මාංශ පේෂී සම්බන්ධ කියවීම සහ ඉගෙනීම ඒවායේ වර්ධනයට ප්‍රමාණවත් නොවන ලෙසම, ක්‍රියාකාරීත්වයක් නොමැතිව ඇදහිල්ල පිළිබඳ ඉගෙනීම ඇදහිල්ල ගොඩනැංවීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ.

ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ලැබූ මෙම පුදුමාකාර ත්‍යාගයක් වන භෞතික ශරීරයක් ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අපගේ ශරීරයේ මාංශ පේශීන් 600 පමණ තියෙනවා.1 අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා බොහෝ මාංශපේශීන් වල ක්‍රියාකාරීත්වය අපට උවමනා වෙනවා. කියවීමෙන් සහ ඉගෙනගැනීමෙන් අපට අපගේ මාංශපේෂී පිළිබඳ දැනුම වර්ධනය කරගන්නට පුළුවන් වුවත්, ඒ තුලින් ඒවා ශක්තිමත් වේ යැයි අපි සිතනවානම් අපගේ බලාපොරොත්තු බොහෝසේ සුන්වී යාවි. අපගේ මාංශ පේශි වර්ධනය වන්නේ අපි ඒවා භාවිතා කරන විටයි.

බොහෝ පැතිවලින් මම ඉගෙනගෙන ඇති ආකාරයට, ආත්මික ත්‍යාග ක්‍රියාකරන බව මම වටහාගත්තා. වර්ධනය වීම සඳහා ඒවායේ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ඇදහිල්ල යනු හැඟීමක් හෝ මනෝගතියක් නොවේ; එය ව්‍යායාමය යන ක්‍රියා පදයට සම්බන්ධ වන ශුද්ධලියවිලි පාඨවල නිතර දක්නට ලැබෙන ක්‍රියාකිරීමේ මූලධර්මයක්.2 මාංශ පේෂී සම්බන්ධ කියවීම සහ ඉගෙනීම ඒවායේ වර්ධනයට ප්‍රමාණවත් නොවන ලෙසම, ක්‍රියාකාරීත්වයක් නොමැතිව ඇදහිල්ල පිළිබඳ ඉගෙනීම ඇදහිල්ල ගොඩනැංවීමට ප්‍රමාණවත් වෙන්නේ නෑ.

මට වයස අවුරුදු 16 දී මගේ වැඩිමහල් සහෝදරයා වන අයිවන්, එක්තරා දවසක් ගෙදර ඇවිත් පවුලේ අය සමඟ යම් ප්‍රවෘත්තියක් බෙදාගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ බෞතිස්මය ලබන්නට ඔහු තීරණය කරලා තිබුණා. අපේ දෙමව්පියෝ ටිකක් සැකයකින් ඔහු දිහා බැලුවා, මොකද වෙන්නේ කියලා මට සම්පූර්ණයෙන් තේරුම්ගන්න පුළුවන් වුනේ නෑ. අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයකට පසු ඔහු අපට තවත් පුදුම ප්‍රවෘත්තියක් දුන්නා, ඔහු සභාවේ ධර්මදූයෙකු ලෙස සේවය කිරීමට තීරණය කර තිබූ නිසා ඔහු අපේ ගෙදරින් පිටව යන බවත්, අවුරුදු දෙකක් එහි ඔහුව දැකීමට හැකි නොවන බවත් අපිට කිව්වා. මගේ දෙමාපියන් මේ ප්‍රවෘත්තිය ගැන සතුටු නොවූ බව මට මතකයි, කෙසේවෙතත්, ඔහු ගත් තීන්දුව මම ඔහු කෙරෙහි මගේ ප්‍රශංසාව වැඩි වීමට හේතු වූ, පැහැදිලි අධිෂ්ඨානය ඔහු තුළ දුටුවා.

මාස කීපයකට පස්සේ අයිවන් තම ධර්මදූත සේවය වෙනුවෙන් සේවය කරමින් සිටියදී, මට පාසැලේ මිතුරන් සමඟ නිවාඩුවක් ගතකිරීමට අවස්ථාවක් ලැබුණා. අපේ උසස් පාසැල් අවසන්වීම සැමරීමට දින කිහිපයක් මුහුදු වෙරළේ ගත කිරීමට අපට අවශ්‍ය වුණා.

මගේ ගිම්හාන නිවාඩු සැලසුම් ගැන කියමින් මම මගේ ධර්මදූත සොයුරාට ලියුමක් ලිව්වා. ඔහු සේවය කළ නගරය මගේ ගමනාන්තයට යන මග ඇති බව ඔහු මට ලියා එව්වා. එහි නැවැත්වීමට සහ ඔහුව බැලීම හොඳ අදහසක් බව මම තීරණය කළා. නමුත් ධර්මදූතයින් පවුලේ අය විසින් මුණගැසීම නොකළ යුතු බව පසුව පසුව මම ඉගෙන ගත්තා.

මම සියලු කටයුතු සූදානම් කරලයි තිබුනෙ. මේ ඉර නැගලා තියන දවසේ අයිවන්ටටි මටයි කෙතරම් විනෝදජනකව ගත කරන්න පුළුවන් වෙයිද කියලා බස් රථයේ ඉඳගෙන මම කල්පනා කර කර හිටියා මට මතකයි. අපිට උදේ කැම අරගෙන, කථා කර කර ඉඳලා, වැල්ලේ සෙල්ලම් කරලා, ඉර තපින්න පුළුවන් - අපි කොච්චර හොඳ දවසක්ද ගත කරන්න යන්නේ!

බසය නැවතුමට පැමිණි විට, අයිවන්, සුදු කමිසයක් සහ ටයි පට පැළඳගෙන තවත් තරුණයෙකු ළඟ හිටගෙන උන්නා. මම බස් එකෙන් එළියට ආවා, අපි එකිනෙකා වැළඳගත්තා, සහ ඔහු ඔහුගේ සහකරුවාව මට හඳුන්වා දුන්නා. තවත් විනාඩියක්වත් නාස්ති නොකර, එදා දවසේ මගේ සැලසුම් මම මගේ සහෝදරයාට කිව්වා, නමුත් අයිවන් සැලසුම් කර තිබුනේ මොනවද කියලා මම දැනන් හිටියෙ නෑ. ඔහු මා දෙස බලා, සිනාසෙමින්, ඔහු කිව්වා. “අනිවාර්යෙන්ම! කෙසේවෙතත්, පළමුවෙන් අපට යම් කාර්යයන් කළ යුතුව තියෙනවා. ඔයා අපිත් එක්ක එන්න කැමතිද?” ඊටපස්සේ අපිට වෙරළ තීරය භුක්ති විඳීමට ප්‍රමාණවත් කාලයක් තිබේව්යැයි සිතා මම එකඟ වුණා.

ඒ දවසේ පැය 10 කට වැඩි කාලයක් පුරා මම මගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා සමග එම නගරයේ වීදි හරහා ඇවිද ගියා. මුළු දවසම මම පුද්ගලයන් සමග සිනාසුනා. මගේ ජීවිතයේ මම කෙදිනකවත් දැක නොමැති පුද්ගලයන්ට මම ආචාර කළා. අපි හැමෝම එක්ක කතා කළා, ආගන්තුකයන්ගේ දොරට තට්ටු කර මගේ සොහොයුරන් හා ඔහුගේ සහායකයා උගන්වන පුද්ගලයන් හමුවුණා.

එවැනි එක් සංචාරයක් අතරතුර, මගේ සහෝදරයා සහ ඔහුගේ සහකරුවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් ගැළවීමේ සැලැස්ම ගැනත් ඉගැන්වූවා. එකපාරටම අයිවන් නවත්වලා මා දිහා බලාගෙන හිටියා. මා පුදුමයට පත් කරමින්, උගන්වන දේ පිළිබඳව මාගේ මතය බෙදා ගැනීමට ඔහු මගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. කාමරය නිශ්ශබ්ද වුණා, ඇස් සියල්ලම මගේ වෙත තිබුණා. යම් දුෂ්කරතාවයක් මැද්දේ, මම අවසානයේ වචන සොයාගත් අතර ගැලවුම්කරුවාණන් ගැන මගේ හැඟීම් බෙදාගත්තා. මම බෙදාගත් දෙය හරිද වැරදිද කියලා මම දැනගෙන හිටියේ නෑ. මගේ සහෝදරයා කවදාවත් මාව නිවැරදි කළේ නැහැ. ඊට වෙනස්ව, මගේ සිතුවිලි සහ හැඟීම් හුවමාරු කරගැනීම ගැන ඔහු මට ස්තුති කළා.

එදින අපි එකට සිටි එම පැය කීපය තුල මගේ සහෝදරයා සහ ඔහුගේ සහකරුවා මා වෙනුවෙන් විශේෂ පාඩමක් උගන්වන්නට මිනිත්තුවක්වත් වෙන්කලේ නෑ, නමුත් ඔහු සමඟ පෙර පැවති සියලු සංවාදවලට වඩා වැඩි දැනුමක් එදින ලබාගත්තා. මිනිසුන් ජීවිත වලට ආත්මික ආලෝකය ලැබුණු පසු ඔවුන්ගේ පෙනුම වෙනස් වන ආකාරය ගැන මම සාක්ශියක් ලබාගත්තා. සමහරුන් එම පණිවිට වලින් බලාපොරොත්තුව සොයාගත් ආකාරය මම දැක්කා, මා ගැන හා මගේම ආශාවන් අමතක කරදමා අන් අයට සේවය කරන ආකාරය මම ඉගෙනගත්තා. මම ගැලවුම්කරුවාණන් උගන්වන දේ කරමින් සිටියා, “යමෙකු මා අනුව ආවොත්, ඔහු තමාම ප්‍රතික්ෂේප කළ යුතුය.”3

ආපසු හැරී බැලූ විට, මගේ සහෝදරයා එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම නිසා මාගේ ඇදහිල්ල වර්ධනය වූ බව මම වටහාගත්තා. මම ශුද්ධලියවිලි පාඨ කියවන විට, ඉගැන්වීම සඳහා ජනතාව සොයන විට, සාක්ෂි බෙදාගන්නා විට, අන් අයට සේවය කිරීම වැනි දේවල් කරන විට මම එය ක්‍රියාත්මක කළා. එදා හිරු තැපීම කොයි වෙලාවකවත් අපි කලේ නැති නමුත්, මාගේ හදවත ස්වර්ගයේ සිට ආලෝකයෙන් නෑවුණා. මම මුහුදු වෙරළේ කුඩා වැලි ඇටයක්වත් දුටුවේ නැහැ, නමුත් මගේ ඇදහිල්ල වර්ධනය කුඩා අබ ඇටයක් වගේ වර්ධනය වෙනවා මට දැණුනා.4 මම ඒ සුන්දර දවස සංචාරකයෙක් හැටියට ගත කළේ නැහැ, නමුත් මම ඒ ගැන පුදුම අත්දැකීම් ලබාගත්තා, එය අවබෝධ නොවුනත්, සභාවේ සාමාජිකයෙක්වත් නොවීම - මම ධර්මදූතවරයෙක් බවට පත්වුණා!

ආත්මික මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ඇති අවස්ථා

සුභාරංචියේ නැවත පිහිටුවීමට ස්තූතිවන්ත වන්නට, අපගේ ආත්මික ත්‍යාග වර්ධනය කරගන්නට ස්වර්ගික පියාණන්වහන්සේ අපට උදව් කරන ආකාරය තේරුම් ගන්නට අපට පුළුවන්. ආත්මික හා ශාරීරික වෑයමක් නොමැතිව අපට අපට ලබාදීමෙන් පමණක් නොව, එම දීමනා වර්ධනය කිරීමට උන්වහන්සේ අපට අවස්ථාව සලසා දෙනු ලබනවා. අපි උන්වහන්සේගේ ආත්මයාණන් සමඟ එකඟ වී සිටීනම්, එම අවස්ථාවන් හදුනාගෙන ඒවා මත ක්‍රියා කිරීමට අප ඉගෙන ගනීවි.

අපි ඉවසීමෙන් බලා සිටින්නේ නම්, ප්‍රතිචාරයක් බලා සිටින අතරතුරේදී අපට එය පුහුණු වීමට අවශ්‍ය වෙන්නට පුළුවන්. අපේ අසල්වැසියා වෙනුවෙන් වැඩි ප්‍රේමයක් අවශ්‍ය නම්, සභාවේදී නව මුහුණක් අසල අසුන්ගැනීමෙන් අපට එය කරන්නට පුළුවන්. ඇදහිල්ලෙන් එය සමානය: සැකයන් අපේ මනසට ඇතුල් වන විට, ස්වාමින්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම අප ඉදිරියටම යාම බලාපොරොත්තු වෙයි. මේ ආකාරයෙන් අපගේ ආත්මික මාංශ පේශි උපයෝගී කරගනිමින් ඒවා අපගේ ජීවිත තුළ ශක්ති ප්‍රභවයන් බවට වර්ධනය කර ගන්නෙමු.

මුලදී එය පහසු නොවනු ඇති අතර එය විශාල අභියෝගයක් විය හැකියි. අනාගතවක්තෘ මොරෝනි මාර්ගයෙන් ස්වාමීන්වහන්සේගේ වදන් අද අපට අදාළ වේ: “තවද මනුශ්‍යන් මා වෙතට පැමිණෙන්නේ නම් මම ඔවුන් හට ඔවුන්ගේ දුර්වලකම් පෙන්වන්නෙමි, මම මනුශ්‍යන්ට දුර්වලකම දෙන්නේ ඒ කරණකොටගෙන ඔවුන්ව යටහත් කිරීමටය: තවද මා ඉදිරියේ ඔවුන්වම යටහත් කරගන්නා සියලුම මනුශ්‍යන්ට මාගේ අනුග්‍රහය සෑහෙන්නේය; මක්නිසාද ඔවුන්වම මා ඉදිරියේ යටහත් කරගෙන, මා තුළ ඇදහිල්ල ඇත්නම්, එවිට මම දුර්වල දේවල් ඔවුන්හට ශක්තිමත් වීමට පමුණුවන්නෙමි.”5

මගේ සොහොයුරු අයිවන් ගැන මම සුභවාදීව කෘතඥතාව පළ කරනවා, ඔහු මා සමඟ සුභාරංචිය බෙදාගත්තා පමණක් නොවේ, ඒ අනුව ජීවත්වීමටත්, මගේ දුර්වලකම් හඳුනා ගැනීමටත් මට ආරාධනා කළා. ස්වාමින්වහන්සේගේ ආරාධනය වන “එන්න, මා අනුගමනය කරන්න”6- ගැලවුම්කරුවාණන් ලෙස ඇවිද යාමටත්, ගැලවුම්කරුවාණන් සෙවූ ආකාරයට සෙවීමටත් සහ, උන්වහන්සේ ප්‍රේම කළ ලෙස ප්‍රේම කිරීමටත් යන ආරාධනාවන් පිළිගන්නට ඔහු මට උදව් කළා. මාස කිහිපයකට පස්සේ මගේ ධර්මදූත අත්දැකීමෙන් පසු මම බෞතීස්ම වෙන්නට සහ මගේ ධර්මදූත සේවයක් සේවය කිරීමට තීරණය කළා.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ ඇරයුම අපි මෙලෙස පිළිගනිමු, වැඩි වැඩියෙන් ආත්මික ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වන හා ඒවා ව්‍යායාම කිරීමට පටන් ගන්නා මෙම මාංශ පේශි හඳුනා ගැනීමෙන් ගැළවුම්කාරයාණන් වෙත පැමිණෙන්න.7 මෙය කෙටි දුර ධාවන තරඟයකට වඩා දිගු දුර මැරතන් ධාවනයකි, එබැවින් මෙම වැදගත් ආත්මික මාංශ පේශි ශක්තිමත් කරන, කුඩා නමුත් නිරන්තර ආත්මික ක්‍රියාකාරකම් අමතක නොකරන්න. අපේ ඇදහිල්ල වැඩි කිරීමට අපට අවශ්‍ය නම්, ඇදහිල්ල අවශ්‍ය වන දේවල් කරමු.

අපි ප්‍රේමණීය පියාණන්ගේ දරුවන් බව මම මගේ සාක්ෂිය දරමි. උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපට ආදරය කරනවා. අපට මාර්ගය පෙන්වීම සඳහා උන්වහන්සේ මේ ලෝකයට පැමිණ, ඉන්පසු උන්වහන්සේගේ ජීවිතය ස්වේච්ඡාවෙන්ම අපට බලාපොරොත්තුවක් ලබා දුන්නා. උන්වහන්සේ අපට උන්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කිරීමට, උන්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි අපගේ ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට හා අපට ආශිර්වාද කළ සියලු ආත්මික දීමනා පුළුල් කිරීම සඳහා, ගැළවුම්කාරයාණන්වහන්සේ අපව ආරාධනා කරයි. මාර්ගය උන්වහන්සේයි. මේ මාගේ සාක්ශියයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න