2010–2019
අවශ්‍ය සෑම දෙයක්ම ලබාගැනීමට සූදානම්වන්න
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අවශ්‍ය සෑම දෙයක්ම ලබාගැනීමට සූදානම්වන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය පිළිබඳ ඉගෙනීමට සහ ප්‍රේම කිරීමට ඔබට ඇති පෞද්ගලික වගකීම සම්පූර්ණ කරන්නට ඔබ වෙරදරන විට ඊට අදාල ආශිර්වාද පැමිණෙනු ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් කෙදිනටවත් වඩා සභා සහයෝගය ඇතිව නිවස කේන්ද්‍ර කරගත් ඒවා බවට පත්වෙමින් පවතී, මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණ වලදී නිවේදනය කළ වෙනස්කම් සමූහය ඒ සඳහා සාක්ෂියකි. සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙසේ උපදේශයක් ලබා දුන්නා: “තව එන්නට බොහෝ දේ ඇත. … ඔබගේ විටමින් පෙති ගිලින්න. ඔබ විවේක ගන්න. එය උද්යෝගීමත් දෙයක් වනු ඇත.”1

ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ මෙම සිදුවන වෙනස්කම් වල මූලික සම්බන්ධතා එකට එක්ව සලකා බලන විට මම ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය සඳහා යාච්ඤා කරන අතරම ආරාධනා කරන්නෙමි.

සභා සහයෝගය සහිත නිවස කේන්ද්‍ර කරගත් සුභාරංචි අධ්‍යනය

මෑතකදී තිබූ පූජකවර නායකත්ව සම්මන්ත්‍රණයකදී වැඩිහිටි ක්‍රේග් සී. ක්‍රිස්ටෙන්සන් මගේ සහකරු විය, සභාවේ සහයෝගය සහිත නිවස කේන්ද්‍ර කරගැනීමේ මූලධර්මය අවධාරණය කිරීමට ඔහු සරල ප්‍රශ්ණ දෙකක් භාවිතා කළා. ඉරිදා සභා රැස්වීම් වලින් පසු නිවසට ගොස්, “අද සභාවේදී ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සෙගේ සුභාරංචිය ගැන ඔබ ඉගෙනගත්තේ මොනවාද?” යනුවෙන් අසනවාට වඩා, “ඔබ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය පිළිබඳ මේ සතියේදී ඔබගේ නිවශේදී ඉගෙනගත්තේ මොනවාද?” කියා ඇසීම කළ යුතු බව ඔහු යෝජනා කළා. නිසි ලෙස සබත් දිනය පැවැත්වීම, නව ක්‍රියාවලිය, සහ වෙනස් කරන ලද රැස්වීම් කාලසටහන යන සියල්ලම සුභාරංචිය අපගේ නිවෙස් වල මෙන්ම සභාවේදීත් ඉගෙන ගැනීමට අපට උදව් වෙනවා.

ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට මෙන්ම එලෙස ජීවත් වීමටත්, ගැලවීමේ සහ උසස් වීමේ වත්පිළිවෙත් නියම අධිකාරීත්වය යටතේ ලබාගැනීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සෑම සාමාජිකයෙකුටම වගකීමක් තියනවා. කැපවූ අනුගාමිකයන් වීමට සහ අවසානය දක්වා නිර්භීතව විඳදරා ගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම සංවිධානයක් වශයෙන් සභාව ඉගැන්විය යුතු යැයි බලාපොරොත්තුවීම අපි නොකළ යුතුයි.2 ඒ වෙනුවට, අපගේ පෞද්ගලික වගකීම වන්නේ අප ඉගෙන්ගත යුතු දේ ඉගෙනීම, අපි දන්නා ලෙස ජීවත් විය යුතු ලෙස ජීවත් වීම, සහ අපගේ ස්වාමියාණන් අපි වෙනවාට බලාපොරොත්ත් ලෙස පත්වීමයි. ඉගෙනීමට, ජීවත්වීමට, සහ එසේ පත්වීමට අවසාන සැකසුම අපගේ නිවාසයි.

කුඩා දරුවෙක් ලෙස, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේ ගැන ඉගෙනගත්තේ ඔහුගේ පවුලෙන්. දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයාගැනීමට වූ ඔහුගේ ප්‍රයත්න වෙනස් වෙනස් ක්‍රිස්තියානි සංවිධාන බොහොමයක සත්‍ය සෙවීමට, ශුද්ධලියවිලි උනන්දුවෙන් මෙනෙහි කිරීමට සහ දෙවියන්වහන්සේට අවංකව යාච්ඤා කිරීමට ජෝසෆ්ව පෙලඹවූවා. පියාණන් සහ පුත්‍රයාණන් ශුද්ධවූ වනයෙහි දර්ශනය වී තරුණ ජෝසෆ් ඔහුගේ නිවසට ආ පසු, ඔහු පළමුව කතා කළේ ඔහුගේ මව සමගයි. ඔහු “ගිනිමැලය අසලට බරවී ඉන්නා විට, [ඔහුගේ] මව ප්‍රශ්ණය කුමක්දැයි අසා සිටියා. [ජෝසෆ්] මෙසේ පිළිතුරු දුන්නා, ‘ප්‍රශ්ණයක් නෑ, හැමදේම හොඳින් - මට හොඳටම හොඳයි.’ [ඔහු] ඉන්පසු [ඔහුගේ] මවට මෙසේ කිව්වා, ‘මම මා වෙනුවෙන් ඉගෙනගත්තා.’”3 අපි හැම අනුකරණය කළ යුතු ඉතා බලවත් ඉගෙනගැනීමේ ආකාරයක් ජෝසෆ්ගේ අත්දැකීමෙන් අපට පෙන්වනු ලබනවා. අපිත් අපි වෙනුවෙන් ඉගෙනගත යුතුයි.

උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් ස්වර්ගීය පියාණන්වහන්සේගේ අරමුණ ඔවුන් උන්වහන්සේ මෙන් වීමයි. එලෙසම, අපිට වර්ධනය වීමට සහ ගොඩනැගීමට අවශ්‍ය අවස්ථා උන්වහන්සේ අපට සපයනු ඇත. “කැලඹුණු”4 සහ කවදාටත් වැඩියෙන් ව්‍යාකූල සහ අධර්මිශ්ට වුණු ලෝකයක, සත්‍ය ඉගෙනගැනීම සහ ඒ අනුව ජීවත්වීමට අපගේ කැපවීම ඉතාමත් වැදගත්. “නපුරු දිනයෙහි නොසැලී සිටීමට” අපව සූදානම් කරන්නට අවශ්‍ය ආත්මික සැකසීම සහ ආරක්ශාව සභා රැස්වීම් වලට සහභාගී වී සියලුම ක්‍රියාකාරකම් වලට එක්වී ලැබීමට අපට සරලවම බලාපොරොත්තු වෙන්නට බැහැ.5

“ප්‍රේමය සහ ධර්මිශ්ට බව තුල ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට ශුද්ධවූ කාර්යභාරයක් තියනවා.”6 පෙළඹවීම ලත් සභා නායකයින්, ගුරුවරුන්, සහ ක්‍රියාකාරකම් තනි පුද්ගල සහ පවුල් ක්‍රියාකාරකම් වලට ආත්මිකව වර්ධනය වීමට උපකාරී වෙනවා. ගිවිසුම් මාර්ගයේ ඉදිරියට ඇදී යන්නට අපි හැමටම උදව් අවශ්‍ය වුවත්, ආත්මික ශක්තිය සහ ඉවසීම වැඩිදියුණු කරගැනීමේ වගකීම පවතින්නේ අපි එකිනෙකා මතයි.

ලීහායිගේ පුතාවූ නීපායි, ඔහුගේ පියාණන් ජීවන ගස පිළිබඳ දර්ශනයෙන් ඉගෙනගත් දේ දකින්නට, අසන්නට, සහ ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ඔහුටම දැනගන්නට දැක්වූ දැඩි උවමනාව පිළිබඳ අපි මතක් කරමු. ඔහුගේ “යහපත් දෙමව්පියන්ගේ” උදාහරණයෙන් සහ ඉගැන්වීම් නිසා නීපායි පැහැදිලිවම ඔහුගේ තරුණ වියේදීම ආශිර්වාද ලබා තිබුණා.7 එමන්ම, ජෝසෆ් ස්මිත් මෙන්ම, ඔහු වෙනුවෙන්ම ඉගෙනීමට ඔහු දැඩිව ආශා කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය පිළිබඳ ඔබත් මමත් දන්නේ අනෙක් පුද්ගලයින් අපිට ඉගැන්වූ හෝ පැවසූ දෙයක් පමණක් නම්, උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ මහිමාන්විත පසු-දවස්වල කාර්යය පිළිබඳ අපගේ සාක්ශිය ගොඩනැගී ඇත්තේ වැලි මතයි.8 අපිට සුභාරංචි ආලෝකය සහ දැනුම ගත්කළ - අපගේ ආදරණීයයන් සහ විශ්වාසවන්ත පුද්ගලයන් වුවත්, ඔවුන් මත අපට සම්පූර්ණයෙන්ම යැපෙන්නට බැහැ.

සැලකියයුතු ලෙස, “දෙවියන්වහන්සේගේ අරමුණු සහ මේ ලෝකයට අපගේ පැමිණීම ගැන” ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් සෑම පසු-දවස්වල ශුද්ධවන්තයෙක්ම තේරුම්ගත යුතු බව ජොසෆ් ස්මිත් දිවැසිවරයා ඉගැන්වූවා.9

“ආදම්ගේ දින වල සිටම, මනුශ්‍යයාගෙන් දෙවියන්වහන්සේට සහ අනාගත දේවදූතයන්ගේ පිළිවලත් යන ලියා ඇති සෑම දෙයක්ම කියවා බලා තේරුම්ගන්නට අපට පුළුවන්ද, අපි දන්නේ එයින් බොහොම සුළු ප්‍රමාණයක්. අනෙක් අයගේ අත්දැකීම් කියවීමෙන්, හෝ ඔවුන්ට ලබාදී අති එළිදරව් කියවීම මගින්, අපට කෙදිනවත් අපගේ තත්වය සහ දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇති සත්‍ය සම්බන්ධතාව පිළිබඳ පුළුල් දැක්මක් ලබාගත නොහැකියි. මෙම දේවල් පිළිබඳ දැනුම අපට ලබාගත හැකි එකම ආකාරය වන්නේ එම අරමුණ සඳහා දෙවියන්වහන්සේ නියම කර ඇති වත්පිළිවෙත් තුලින් අත්දැකීම් ලබාගැනීම තුලින් පමණයි.10

සම්පූර්ණ වූ මෙම කාලපරිච්ජේදය තුල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සභාවේ සහයෝගය සහිත නිවස කේන්ද්‍ර කරගත් ඒවා බවට පත්වන්නට මූලිකම හේතුව වන්නේ තනි පුද්ගලයින් සහ පවුල් සඳහා මෙම සුවිශේෂී වූ ආත්මික ඉටුකරගැනීම සක්‍රීය කරගැනීමයි.

සභා සහයෝගය සහිත නිවස කේන්ද්‍ර කරගත් සුභාරංචි අධ්‍යනයෙහි බලපෑම

සුභාරංචිය ඉගෙනීම වැඩි වැඩියෙන් සභා සහයෝගය ඇතිව නිවස කේන්ද්‍ර කරගැනීම වර්ධනය වීමේ මූලික බලපෑම සාරංශගත කරන්නට මට ඉඩ දෙන්න.

මූලිකම ධර්මදූත පුහුණු මධ්‍යස්ථානය අපගේ නිවාසයි; අනෙකුත් ධර්මදූත පුහුණු මධ්‍යස්ථාන ප්‍රොවෝ, මැනිලා, මෙක්සිකෝ නගරයේ සහ අනෙකුත් ස්ථාන වල පවතී. අපගේ වඩා උපදේශාත්මක ඉරිදා පාසල අප ජීවත් වන ස්ථාන වල අප පවත්වන පුද්ගලික සහ පවුල් අධ්‍යනය විය යුතුයි; නමුත් අපගේ දෙවනි ඉරිදා පාසලේ පන්ති අපගේ සභා ශාලා වල පැවැත්වෙයි.

පවුල් ඉතිහාස මධ්‍යස්ථාන දැන් ඇත්තේ අපගේ නිවෙස් වලයි. අපගේ පවුල් ඉතිහාස සමීක්ශණ වැඩ සඳහා අමතර සහය සභා ශාලා වලදීද අපට ලබාගන්නට පුළුවන්.

වැදගත් දේවමාළිගා සූදානම් වීමේ පන්ති අපගේ නිවෙස් වල සිදුවන අතර; වැදගත් එහෙත් දෙවෙනි දේවමාළිගා සූදානම් වීමේ පන්ති අවස්ථානුකූලව සභා ශාලාවේදීද පැවැත්විය හැකියි.

මෙම පසු-දවස් වලදී අපගේ නිවෙස් අපට “ශුද්ධවන්තව නැගී සිටිය හැකි ස්ථාන”11 කරගැනීම ඉතා වැදගත්. සභා සහයෝගය ඇතු නිවස කේන්ද්‍ර කරගත් ඉගෙනීම මෙන්ම වැදගත් වන්නේ අපගේ ආත්මික ශක්තිය සහ අද දිනයේදී අපගේ ආරක්ශාවයි, එය අනාගතයේදී තව තවත් වැදගත් වනු ඇත.

සභා සහයෝගය ඇති නිවස කේන්ද්‍ර කරගත් අධ්‍යනය සහ දේවමාළිගා සූදානම් වීම

“සභා සහයෝගය සහිත නිවස කේන්ද්‍ර කරගැනීම” යන මූලධර්මය අපගේ පුද්ගලික සූදානම් වීමට සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ ශුද්ධවූ වත්පිළිවෙත් සහ ගිවිසුම් ලබාගැනීමට සූදානම් වීමට සහ සුදුසුවීමට ආදාළ වන්නේ කෙසේද යන්න කරුණාකර සලකා බලන්න.

ඇත්තවශයෙන්ම, දේවමාළිගා සූදානම් වීම අපගේ නිවෙස්වල ඉතාම ඵලදායී වෙනවා. නමුත් දේවමාළිගාවෙන් පිටත ඒ සම්බන්ධව සුදුසු ලෙස කථා කළ හැකි සහ නොහැකි දේවල් මොනවාද යන්න බොහෝ සභා සාමාජිකයින් අවිශ්වාසයකින් සිටිනවා.

සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන් මෙම අවිනිශ්චිතතාවය පැවතීමට හේතුව මෙසේ විස්තර කරනවා.

“දේවමාළිගාව ශුද්ධවූ ස්ථානයක්, එමෙන්ම දේවමාළිගාවේ වත්පිළිවෙත් ශුද්ධවූ ක්‍රියාවලියක්. එම ශුද්ධවන්ත බව නිසා අපගේ දරුවන්ට සහ මුණුබුරන්ට දේවමාළිගාව පිළිබඳ යම් දෙයක් කීමට අපි යම් අවස්ථාවල මැලිබවක් දක්වනවා.

“එහි ප්‍රතිඵලයක් විදියට, දේවමාළිගාවට සහභාගීවන්නට බොහෝ දෙනා සත්‍ය උවමනාවක් ඇතිකරගන්නේ නෑ, හෝ ඔවුන් එහි ගිය විට ඔවුන් කරන දේවල් ඔවුන් ඇතුල් වන ගිවිසුම් සහ වගකීම් පිළිබඳ සූදානම් වීමට අවැසි වටපිටාවක් නොමැතිව පැමිණෙනවා.

නිසි තේරුම්ගැනීමක් සහ වටපිටාවක් මගින් මැනිය නොහැකි තරමේ උපකාරයක් දේවමාළිගාවට සහභාගී වන තරුණ තරුණියන්ට ලැබෙන බවත්, [එමෙන්ම] ආබ්‍රහම් සෙව්වා මෙන් ඔවුන්ගේ පූජකවර ආශිර්වාද ලබාගැනීමට ආශාවකුත් ඔවුන් තුළ හටගන්නා බවත් මම විශ්වාස කරනවා.”12

සභාපති බෙන්සන් මගින් අවධාරණය කෙරුණු මූලික මගපෙන්වීම් දෙකක් අපට නිසි තේරුම්ගැනීමක් ලබාගැනීමට උපකාර වෙයි.

මගපෙන්වීම #1. අපි ස්වාමින්වහන්සේට ප්‍රේම කරන නිසා, අපි සෑම විටම උන්වහන්සේගේ ශුද්ධවූ නිවස පිළිබඳ ගෞරවයෙන් කථා කළ යුතුයි. අපි කොයි අවස්ථාවකදීවත් දේවමාළිගාවේ විශේෂ අවස්ථා වලදී ගිවිසුම් සමග ලබාගන්නා ශුද්ධවූ විශේෂ සංඥා අනාවරණය හෝ පැහැදිළි නොකල යුතුයි. එමෙන්ම හෙළිනොකිරීමට දේවමාළිගාවේදී අපි පොරොන්දු වන විශේෂ පොරොන්දු පිළිබඳ ශුද්ධවූ තොරතුරු අපි සාකච්ජා නොකළ යුතුයි.

මගපෙන්වීම #2. දේවමාළිගාව ස්වාමින්වහන්සේගේ නිවසයි. දේවමාළිගාවේ ඇති සෑමදෙයක්ම අපගේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙසට අපව ගෙනයයි. අපට මූලික අරමුණු සහ දේවමාළිගා වත්පිළිවෙත් සහ ගිවිසුම් හා සම්බන්ධ මූලධර්ම සහ දහම පිළිබඳ සාකච්ජා කළ හැකියි.

සභාපති හොවර්ඩ් ඩබ්. හන්ටර් මෙසේ උපදෙස් ලබාදෙනවා: “අපිට දේවමාළිගයේ ඇතිවූ ආත්මික හැඟීම් අපි අපේ දරුවන් සමග බෙදාගනිමු. එමෙන්ම අපට සුදුසු ලෙස පැවසිය හැකි ස්වාමින්වහන්සේගේ ගෘහයේ අරමුණු පිළිබඳ ඉතා ඕනෑකමකින් යුතුව සහ ඉතා පහසුවෙන් අපි ඔවුන්ට උගන්වමු.”13

ජෝසෆ් ස්මිත් දිවැසිවරයාගේ සිට රසල් එම්. නෙල්සන් දිවැසිවරයාගේ කාලය දක්වා පරම්පරා හරහා, දේවමාළිගාවේ වත්පිළිවෙත් සහ ගිවිසුම් වල මූලධර්මයන් සහ අරමුණු සභා නායකයින් විසින් පුළුල් වශයෙන් උගන්වා තියනවා.14 මූලික වත්පිළිවෙත්, එන්ඩව්මන්ට්, විවාහ සහ අනෙකුත් මුද්‍රා කරන වත්පිළිවෙත් පිළිබඳව අපට ඉගෙනගැනීමට පහසු වන ලෙස, මුද්‍රිතව, ශ්‍රවණ පට ලෙස, වීඩියෝ ලෙස, සහ අනෙකුත් ක්‍රම හරහා ඇති සම්පත් බොහෝමයක් තියනවා.15 කීකරුකමේ නීතිය, පරිත්‍යාගයේ නීතිය, සුභාරංචියේ නීතිය, පිරිසිඳුබවේ නීතිය සහ කැපවීමේ නීතිය ලබාගැනීම සහ ගිවිසුම් වලට ගෞරව කිරීම මගින් ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීම පිළිබඳ තොරතුරුද ලබාගත හැකියි.16 temples.ChurchofJesusChrist.org හි ඇති ඉතා හොඳ දේ ගැන සියළුම සභා සාමාජිකයින් දැනුවත් වී සිටිය යුතුයි.

රූපය
temples.churchofjesuschrist.org

දේවමාළිගා චාරිත්‍ර වල ශුද්ධවන්තභාවය සහ දේවමාළිගා පිළිබඳ වැදගත් තොරතුරු, හරියාකාරව, සුදුසුලෙස සහ පොදුවේ ලබාගනීමට ඇති හැකියාවේ වැදගත් සමතුලිතතාවය පිළිබඳ සභාපති රසල් එම්. නෙල්සන් අවධාරණය කළා. ඔහු මෙසේ විස්තර කළා: ‘“ආලේපලත්,’ ‘ගිවිසුම,’ ‘පරිත්‍යාග,’ සහ ‘දේවමාළිගා’ වැනි බයිබල් ශබ්දකෝශයේ ඇති වචන කියවන්නට මම සාමාජිකයින්ට නිර්දේශ කරනවා. නික්මයාම, 26-29 පරිච්ජේද, සහ ලෙවී කථාව 8 වෙනි පරිච්ජේදය කියවීමට යමෙක්ට පුළුවන්. පැරණි ගිවිසුම, එමෙන්ම මහා ත්‍යාගයේ මුතු ඇටයෙහි මෝසෙස්ගේ පොත් සහ ආබ්‍රහම් පොත, දේවමාළිගා කාර්යයෙහි පුරාණ බව සහ එහි වත්පිළිවෙත් වල නොනැසී පැවතීමේ ස්වභාවය අවධාරණය කරයි.”17

රූපය
ශුද්ධවූ දේවමාළිගා වස්ත්‍ර වීඩියෝව

ඉතින්, ඔබගේ පුතා හෝ දුව අසන මෙවැනි ප්‍රශ්ණයක් ගැන සිතාබලන්න, “දේවමාළිගාවේදී අඳින අමුතු ඇඳුම් ගැන මට පාසලේදී කෙනෙක් කිව්වා. එය හරිද?” “Sacred Temple Clothing” හි “ශුද්ධවූ දේවමාළිගා ඇඳුම්” මාතෘකාව යටතේ කුඩා වීඩියෝ පටයක් තියනවා. පුරාණ කාලයේ සිටම මිනිසුන් සහ කාන්තාවන් ශුද්ධවූ සංගීතය, විවිධාකාර වූ යාච්ඤා ක්‍රම, සංකේතාත්මක ආගමික ඇඳුම්, දෙවියන්වහන්සේට ඔවුන්ගේ හැඟීම් සහ කැපවීම පෙන්වන්නට භාවිතා කල අභිනයන් සහ චාරිත්‍ර පිළිබඳ එම විශිෂ්ට වීඩියෝවෙහි විස්තර කරනවා. එමෙන්ම, මෙම වීඩියෝව වැනි මූලික උපදෙස් සහ අපූරු සම්පත් මගින් දේවමාළිගාවේ ආශිර්වාද පිළිබඳ නිවස මූලික කොටගෙන සූදානම් වීමට සභාව සහයෝගය ලබා දෙනවා. බොහෝ වැදගත් සම්පත් ඔබට ලබාගැනීමට හැකියාව තියනවා.18

ස්වාමින්වහන්සේගේ ආත්මයේ කරුණාව තුල ගමන් කිරීමට අපි උත්සහ කරන විට,19 අපගේ නිවෙස් වලදී ශුද්ධවූ දේවමාළිගා වත්පිළිවෙත් සහ ගිවිසුම් පිළිබඳ කථා කිරීමට සුදුසු සහ නුසුදුසු දේ අතර අවශ්‍ය සමතුලිතතාවයක් තබාගැනීමට අපි ආශිර්වාද ලබන්නෙමු.

පොරොන්දුව සහ සාක්ශිය

සුභාරංචි අධ්‍යනය නිසැකවම නිවාස කේන්ද්‍ර කොටගෙන සහ සභා සහයෝගීතාව ඇතිව කළ හැකිද යන්න ඔබ පුදුමයෙන් සිතනවා යැයි මට දැනෙනවා. ඒ කෙසේ වුවත් ඔබගේ නිවසේ එකම සාමාජිකයා ඔබ වුවත්, හෝ සහය ලබා නොදෙන සහකරුවෙක් හෝ තනි දෙමාපියෙක් නම් හෝ තනි පුද්ගලයෙකු ලෙස ජීවත් වනවානම් හෝ, දික්කසාද වූ පසු-දවස්වල ශුද්ධවන්තයෙක් නම්, මෙම මූලධර්ම ඔබට අදාල වන්නේ කෙසේද යන්න ඔබට ප්‍රශ්ණ ඇති. ඔබ එකිනෙකා දෙස බලමින් “අපිට මේක කරන්න පුළුවන්ද?” ලෙස ප්‍රශ්ණ කරන ස්වාමිපුරුශයෙක් භාර්යාවක් විය හැකියි.

ඔව්, ඔබට එය කරන්නට පුළුවන්! එය පුළුවන් වීමේ ආශිර්වාද ඔබගේ ජීවිතයට ගලාවිත් ඔබගේ ජීවිතයට එය පැහැදිලි වන බවට මම පොරොන්දු වෙනවා. දොරවල් විවෘත වේවි. ආලෝකය බබළාවි. ඔබගේ හැකියාව උවමනාවට සහ ඉවසීම දක්වා වර්ධනය වේවි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය පිළිබඳ ඉගෙනීමට සහ ප්‍රේම කිරීමට ඔබට ඇති පෞද්ගලික වගකීම සම්පූර්ණ කරන්නට ඔබ වෙරදරන විට ඊට අදාල ආශිර්වාද පැමිණෙන බවට මම ප්‍රීතියෙන් යුතුව සාක්ශි දරමි. “අවශ්‍ය සෑම දෙයක්ම ලබාගැනීමට සූදානම් වන්න” අපිට සත්‍ය වශයෙන්ම පුළුවන්.20 මම මේ පොරොන්දු ලබාදෙන්නේ සහ සාක්ශි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

මුද්‍රණය කරන්න