ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

වෙදර්ෆෝර්ඩ් ටී. ක්ලේටන්, ලිග්‍රෑන්ඩ් ආර්. කර්ටිස් කනිශ්ඨ, රැන්ඩි ඩී. ෆන්ක්, ක්‍රිස්ටොෆෙල් ගොල්ඩෙන්, වෝල්ටර් එෆ්. ගොන්සාලෙස්, ලැරී එස්. කැචර්, ලයින් ජී. රොබින්සන්, ජෝසෆ් ඩබ්. සිටාටි යන වැඩිහිටියන් හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීත්වයෙන් නිදහස් කර ගෞරව සහිතව විශ්‍රාම තත්වය පිරිනමනවා.

ඔවුන් වසර ගණනාවක් කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ පවුල් වලට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් කළ හැකිය.

ගෙවී ගිය වසර තුළ සිය සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රාදේශීය හැත්තෑවරුන්ද අපි ගෞරවයෙන් සැලකිල්ලට ගනු ලබන අතර ඔවුන්ගේ නම් newsroom.ChurchofJesusChrist.org හි සොයාගත හැකිය.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

මේ සතියේ මුල් භාගයේදී newsroom.ChurchofJesusChrist.org හි ප්‍රකාශයට පත්කරන ලද නව ප්‍රාදේශීය හැත්තෑවරුන් හයදෙනා ඇතුලුව අනෙකුත් ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන් සහ දැනට පත්කර සිටින ප්‍රධාන නිලධාරීන්ව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.

අකමැති අය, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

රිකාඩෝ ජේ. බැටිස්ටා, විලී බිනේන්, බර්න්හාර්ඩ් සීස්ලා, නේතන් ආර්. එමරි, සියෝන් තුයිඕනේ, යිවෙස් එස්. වේඩ්මන්.

පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව 2022 අගෝස්තු 1 දින නිදහස් කරනු ලැබුවා:

ලුයිස් ආර්. අර් බීසු, මයිකල් වී. බෙහෙෂ්ටි, ඩේවිඩ් ඒ. බෙනල්කසාර්, බර් නේ එස්. බ්‍රෝඩ්බෙන්ඩ්, කෙවින් ඊ. කැල්ඩර් වුඩ්, ලුසියානෝ කැස්කාර් ඩර්, ටිංග් සුංග් චැංග්, ඒරියල් ඊ. ශැප්පාරෝ, පැබ්ලෝ එච්. චාවේස්, රේමන්ඩ් ඒ. කට්ලර්, හොසේ එල්. ඩෙල් ග්වෙර් සෝ, ඇලෙසැන්ඩ්‍රෝ ඩිනි ශියක්සි, කාර් ලෝස් ආර්. ෆුස්කෝ කනිශ්., ජෝර්ජ් ඒ. ගාර් සියා, ගැරී එෆ්. ජෙසෙල්, කාල් ඩී. හර් ස්ට්, රෙන් එස්. ජොන්සන්, ජේ බී ජෝන්ස්, පෝල් එන්. ලේකියස්, ආතර් ජේ. මිරැන්ඩා, එලී කේ. මොන්ගා, ඒ. ෆබියෝ මොස්කොස්, යුටකා නගටෝමො, හුවාන් සී පොසෝ, ඇන්තනි ක්වාසි, මාටින් සී රියෝස්, සැන්ඩිනෝ රෝමන්, ජොනී එෆ්. රුඉස්, රොසෙන්ඩෝ සැන්ටොස්, ගෝර්ඩන් එච්. ස්මිත්, කේ. රෝයි ටන්නික්ලිෆ්.

ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙස සේවය කළ වැඩිහිටි ලෙවි ඩබ්. හීත් සහ වැඩිහිටි ඉනෝක් එෆ්. කුපු යන අය 2022 දී අභාවප්‍රාප්ත වුණා.

මුද්‍රණය කරන්න