ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 108


108 වන කොටස

1835 දෙසැම්බර් 26, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මීට පෙර හැත්තෑවරයෙකු ලෙස වෙන්කර සිටි සහ අනාගතවක්තෘවරයා වෙත පැමිණ ඔහුගේ රාජකාරිය දැනගැනීමට එළිදරව්වක් සඳහා ඉල්ලා සිටි ලයිමන් ෂර්මන්ගේ ඉල්ලීමට අනුව මෙම කොටස ලැබිණි.

1–3, ලයිමන් ෂර්මන් ඔහුගේ පාපයන්ට සමාව ලබා ඇත්තේය; 4–5, ඔහුව සභාවේ නායකත්වය දරන්නාවූ වැඩිහිටියන් සමඟ ගණන්ගනු ලබන්නේය; 6–8, ඔහුව කැඳවා ඇත්තේ ශුභාරංචිය දේශනා කිරීමට සහ ඔහුගේ සහෝදරයන්ව සවිමත් කිරීමටය.

1 ස්වාමින්වහන්සේ නුඹ හට මෙසේ පවසන සේක, මාගේ සේවක ලයිමන්: නුඹගේ පාපයන්ගෙන් නුඹට සමාව දී ඇත්තේය, මක්නිසාද නුඹ මා පත්කළ ඔහුගෙන් උපදේශ ලබාගැනීමට මෙම උදෑසන මෙහි පැමිණෙමින් මාගේ හඬට කීකරු වී ඇත්තේය.

2 එසේහෙයින්, නුඹගේ ආත්මික ස්ථාවරය සම්බන්ධයෙන් නුඹගේ ප්‍රාණය සමාදානයේ පැවත, තවද මාගේ හඬ තවදුරටත් ප්‍රතික්ෂේප නොකරන්නට සලස්වන්න.

3 තවද නැගිට තවද මෙතැන්සිට නුඹ තබා ඇති සහ තබන්නාවූ, නුඹගේ පොරොන්දු තැබීම පිළිබඳ බොහෝ සැලකිලිමත් වන්න, තවද නුඹ ඉතා මහත් ආශිර්වාදයන් සමඟ ආශිර්වාද ලබන්නේය.

4 මාගේ සේවකයන්ගේ ශුද්ධ වූ රැස්වීම කැඳවන තුරු ඉවසිලිවන්තව බලා සිටින්න, එවිට නුඹව මාගේ පළමු වැඩිහිටින් සමඟ සිහිපත්කරනු ලබන්නේය, තවද මා විසින් තෝරාගනු ලැබූ මාගේ ඉතිරි වූ වැඩිහිටියන් සමඟින් නියම කිරීම තුළින් අයිතිය ලබාගන්නේය.

5 බලන්න, නුඹ ඇදහිලිවන්තව පවතින්නේ නම් මෙය නුඹ හට පියාණන්වහන්සේගේ පොරොන්දුව වන්නේය.

6 තවද එම කාලයේ සිට ඉදිරියට, මා නුඹව යවන කුමන හෝ ස්ථානයක මාගේ ශුභාරංචිය දේශනා කිරීමට නුඹ අයිතිය ලබමින් එම දවසේදී එය නුඹ මත සම්පූර්ණ වනු ලබන්නේය.

7 එසේහෙයින්, නුඹගේ සියලු සංවාදයන්හිදී, නුඹගේ සියලු යාච්ඤාවන්හිදී, නුඹගේ සියලු අනුශාසනා වලදී, තවද නුඹගේ සියලු ක්‍රියාකාරකම් වලදී, නුඹගේ සහෝදරයන්ව සවිමත් කරන්න.

8 තවද බලන්න, තවද බලව, නුඹට ආශිර්වාද කිරීමටද තවද සදාකාලයට නුඹව මුදවීමටද මම නුඹ සමඟ වන්නෙමි. ආමෙන්.