ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 61


61 වන කොටස

1831 අගොස්තු 12, මැකිල්වෙනි වංගුවේ, මිසුරි ගං ඉවුරේදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. කර්ට්ලන්ඩ් වෙත ආපසු යන ගමනේදී, අනාගතවක්තෘවරයා සහ වැඩිහිටියන් දසදෙනා මිසුරි ගඟ දිගේ ඔරු වලින් ගමන් කර තිබුණි. ගමනේ තුන්වන දිනයේදී බොහෝ අන්තරායන් අත්විඳින ලදි. වැඩිහිටි විලියම් ඩබ්. ෆෙල්ප්ස් දිවා කාලයේ දර්ශනයකදී, විනාශ කරන්නා ජලය මතුපිටින් බලයෙන් යුතුව ගමන්කරන අයුරු දුටුවේය.

1–12, ස්වාමින්වහන්සේ ජලයන් මත සිදුවන බොහෝ විනාශයන් ප්‍රකාශ කළ සේක; 13–22, යොහාන් විසින් ජලයට ශාප කොට ඇත්තේය, තවද විනාශ කරන්නා ඔවුන්ගේ මුහුණ ඉදිරියේ ගමන් කරන්නේය; 23–29, සමහරෙකුට ජලයට ආඥා කිරීමට බලය ඇත්තේය; 30–35, වැඩිහිටියන් දෙදෙනා දෙදෙනා බැගින් ශුභාරංචිය දේශනා කිරීමට ගමන් කළ යුතුය; 36–39, ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දෙවන පැමිණීමට සූදානම් විය යුතුය.

1 බලන්න, තවද සියලු බලය ඇත්තාවූ උන්වහන්සේගේ හඬට උවමනාවෙන් සවන්දෙන්න, උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලය වෙතින්ය, එමෙන්ම ඇල්ෆා සහ ඔමේගාද, ආරම්භයද අවසානයද වන්නේය.

2 බලන්න, සැබවක් ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, මෙම ස්ථානයේ රැස්වූ නුඹලා හට, නුඹලාගේ පාපයන්ට දැන් සමාව දී ඇත්තේය, මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, පාපයන්ට සමාව දෙන්නෙමි, තවද යටහත් හදවත් ඇතිව තම පාප පාපොච්ඡාරණය කරන අයට මම කරුණාවන්ත වෙමි.

3 එහෙත් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් දෙපැත්තේම පදිංචිකරුවෝ මේ අවස්ථාවේ අවිශ්වාසයෙන් විනාශ වෙමින් සිටින අතරතුර, මෙම මාගේ වැඩිහිටියන් වූ සම්පූර්ණ කණ්ඩායම ජලය මත ඉක්මණින් ගමන් කිරීම අවශ්‍ය නොවන්නේය.

4 එසේවුවද, මම ඉඩදුන්නේ එනම් නුඹලා එයට සාක්ෂි දරන පිණිසය; බලන්න, තවද වඩාත් විශේෂයෙන් මෙයින් පසුව, එහි ජලයන් මත බොහෝ අනතුරු ඇත්තේය;

5 මක්නිසාද, ස්වාමින්වහන්සේ වන, මම, එසේය, තවද විශේෂයෙන් මෙම ජලයන් මත; මාගේ කෝපයෙන් බොහෝ විනාශයන් ප්‍රකාශ කළෙමි.

6 එසේවුවද, සියලු මංශයන් මාගේ හස්තයෙහි වන්නේය, තවද නුඹලා අතරෙන් ඇදහිලිවන්ත අයවූ ඔවුන් ජලය මගින් විනාශ නොවන්නෝය.

7 එසේහෙයින්, එනම් මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට් සහ මාගේ සේවක විලියම් ඩබ්. ෆෙල්ප්ස් ඔවුන්ගේ පැවරුම සහ ධර්මදූත මෙහෙයේ ඉක්මණින් යෙදීම යෝග්‍ය වන්නේය.

8 එසේවුවද, එනම් නුඹලා නුඹලාගේ සියලු පාපයන්ට තරවටු ලබා, නුඹලා දුෂ්ටකමින් විනාශ නොවන පිණිස, නුඹලා ඒකත්වයක් වන තුරු, නුඹලාට වෙන්වීමට මම ඉඩ නොදෙන්නෙමි.

9 එහෙත් දැන්, සැබවක් මම පවසන්නෙමි, එනම් නුඹලා වෙන්විය යුතු බව යෝග්‍ය යැයි මට පෙනේ. එසේහෙයින් මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට් සහ විලියම් ඩබ්. ෆෙල්ප්ස් හට ඔවුන් පෙරදී ගමන් කළ කණ්ඩායම සමඟ, තවද ඔවුන්ට ඔවුන්ගේ ගමන ඉක්මණින් ගොස් ඔවුන්ගේ ධර්මදූතය සම්පූර්ණ කිරීමට ඉඩදෙන්න, තවද ඇදහිල්ල තුළින් ඔවුහු ජයග්‍රහණය කරන්නෝය;

10 තවද එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, ඔවුහු සුරක්ෂිත වන්නෝය, තවද ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් සමඟ සිටින්නෙමි.

11 තවද ඉතිරි අයට වස්ත්‍ර සඳහා අවශ්‍ය දේ රැගෙන යෑමට ඉඩදෙන්න.

12 නුඹලා එකඟ වන පරිදි, මාගේ සේවක සිඩ්නි ගිල්බර්ට් එනම් ඔහුට අවශ්‍ය නොවන දේ රැගෙන යාමට ඉඩදෙන්න.

13 තවද දැන්, බලන්න, නුඹලාගේ යහපත උදෙසා‍ මෙම දේවල් සම්බන්ධව මම නුඹලා හට ආඥාවක් දුන්නෙමි; තවද ස්වාමින්වහන්සේ වන, මම, පැරණි දවස් වල මනුෂ්‍යයන් සමඟ මෙන් නුඹලා සමඟ සාකච්ඡා කරන්නෙමි.

14 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, ආරම්භයේදී ජලයන්ට ආශිර්වාද කළෙමි; එහෙත් අවසන් දවස් වලදී, මාගේ සේවක යොහාන්ගේ මුඛය මගින්, මම ජලයන්ට ශාප කළෙමි.

15 එසේහෙයින්, එනම් කිසිම මාංශයක් ජලයන් මත සුරක්ෂිත නොවන දවස් පැමිණෙන්නේය.

16 තවද එනම් හදවතින් ධර්මිෂ්ඨ වූ තැනැත්තාට මිස, පැමිණෙන දවස්හිදී ජලයන් මතින් සයොනයේ දේශයට කිසිවෙකුටවත් යෑමට නොහැකිවන්නේ යැයි පවසනු ලබන්නේය.

17 තවද, ස්වාමින්වහන්සේ වන, මම, ආරම්භයෙදී දේශයට ශාප කළෙමි, එසේවුවද එයට අවශ්‍ය කාලයේදී, මාගේ ශුද්ධවන්තයන්ගේ ප්‍රයෝජනය උදෙසා, එනම් ඔවුන් එහි වූ ඵලදායී බව භුක්තිවිඳින පිණිස අවසන් දවස් වලදී මම එයට ආශිර්වාද කළෙමි.

18 තවද දැන් මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි එනම් මම එක් අයෙකුට කියන දේ මම සියල්ලන්ටම පවසන්නෙමි, එනම් මෙම ජලයන් සම්බන්ධව නුඹලාගේ සහෝදරයන්ට, එනම් ඒවා මත ඔවුන් ගමන් නොකරන ලෙසත්, ඔවුන්ගේ ඇදහිල්ල අසමත්ව තවද ඔවුන් උගුල් වලට හසුනොවන පිණිසත්, නුඹලා නුඹලාගේ සහෝදරයන්ට කල්තියා අනතුරු ඇඟවිය යුතු වන්නේය;

19 ස්වාමින්වහන්සේ වන, මම, නියම කර ඇත්තෙමි, තවද එහි වූ මුහුණ මත විනාශ කරන්නා ගමන් කරන්නේය, තවද මම එම නියමය ඉවත් නොකරන්නෙමි.

20 ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා සමඟ පෙර දින කෝපව සිටියෙමි, එහෙත් අද මාගේ කෝපය පහව ඇත්තේය.

21 එසේහෙයින්, මා විසින් පවසන ලද්දාවූ අයවළුන් සම්බන්ධව, එනම් ඔවුන්ගේ ගමන ඔවුන් ඉක්මණින් ගැනීම ගැන—නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, ඔවුන්ගේ ගමන ඉක්මණින් යෑමට ඔවුන්ට ඉඩදෙන්න.

22 තවද ස්වල්ප කාලයකට පසු, ඔවුන්ගේ ධර්මදූතය සම්පූර්ණ කිරීමට, ඔවුන් ජලයෙන් හෝ දේශය මතින් ගමන් කරන්නේ නම්, එය මට කාරණයක් නොවන්නේය; තවද මෙයින් පසුව ඔවුන්ගේ විනිශ්චයට අනුව මෙය ඔවුන් හට එය දන්වනු ලබන ආකාරයට, මෙය සිදුවන්නට සලස්වන්න.

23 තවද දැන්, මාගේ සේවකයන් වන සිඩ්නි රිග්ඩන්, ජෝසෆ් ස්මිත් කනිෂ්ඨ, සහ ඔලිවර් කවුඩ්‍රි සම්බන්ධයෙන්, ඔවුන්ගේ නිවෙස් වෙතට ගමන්ගන්නා අතර, එය ඇල මතින් මිස, ඔවුන්ට නැවතත් ජලයන් මතින් එන්නට ඉඩ නොදෙන්න; නැතහොත් වෙනත් වචන වලින්, ඇල මගින් මිස, ඔවුන් ජලයන් මතින් ගමන් නොකළ යුතු වන්නෝය.

24 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, මාගේ සේවකයන්ට ගමන් කිරීමට මාර්ගයක් නියම කර ඇත්තෙමි; තවද බලන්න, මාර්ගය මෙය වන්නේය—එනම් ඔවුන් ඇලෙන් ගමන්ගත් පසු, ඔවුහු දේශය මතින් ගමන් කරන්නෝය, එපමණකින් ඔවුන්ට ආඥා කළ ලෙස තවද සයොනයේ දේශය වෙතට ඔවුන් ගමන් කරනු ලබන්නෝය;

25 තවද ඔවුන්ගේ කූඩාරම් මාර්ගයේ පිහිටුවමින්, ඔවුහු ඉශ්‍රායෙල් දරුවන් මෙන් කරන්නෙහුය.

26 තවද බලන්න, මෙම ආඥාව නුඹලා නුඹලාගේ සියලු සහෝදරයන්ට දෙනු ලබන්නෙහුය.

27 එසේවුවද, ජලයන්ට ආඥා කිරීමට බලය දී ඇති අය හට, ඔහුගේ මාර්ගය දැනගැනීමට ආත්මයාණන් මගින් ඔහුට දී ඇත්තේය;

28 එසේහෙයින්, ඔහු ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මය ඔහුට ආඥා කළ ලෙස කරත්වා, එය මෙයින් පසුව මා සමඟ පවතින ලෙස, දේශය මතින් හෝ ජලයන් මතින් හෝ වේවා.

29 තවද මෙලෙස නුඹලාට ගමන් කිරීමට, ස්වාමින්වහන්සේගේ කඳවුරේ, ශුද්ධවන්තයන් උදෙසා කාරණයක් හෝ එම ශුද්ධවන්තයන් උදෙසා මාර්ගයක් ලබාදී ඇත්තේය.

30 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවකයන් වන සිඩ්නි රිග්ඩන්, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ ඔලිවර් කවුඩ්‍රි, ඔවුන් සින්සිනාටි වෙතට පැමිණෙන තුරු, දුෂ්ටයන්ගේ සමූහයන් තුළ ඔවුන්ගේ මුඛයන් විවෘත නොකරනු ඇත;

31 තවද එම ස්ථානය තුළ ඔවුහු එම ජනතාවට විරුද්ධව දෙවියන්වහන්සේට ඔවුන්ගේ හඬවල් ඔසවන්නෝය, එසේය, උන්වහන්සේගේ කෝපය ඔවුන්ගේ දුෂ්ටකම් වලට විරුද්ධව ඇවිලී ඇත, ඔවුහු විනාශය උදෙසා හොඳින් මෝරා ඇති ජනතාවක් වන්නෝය.

32 තවද එතැන් සිට ඔවුන්ගේ සහෝදරයන්ගේ සමූහයන් වෙතට ඔවුන්ට ගමන් කිරීමට ඉඩදෙන්න, මක්නිසාද ඔවුන්ගේ වෙහෙසවීම් දැන් වඩාත් අධිකව අවශ්‍ය වන්නේ දුෂ්ටයන්ගේ සමූහයන් අතරට වඩා ඔවුන් අතරය.

33 තවද දැන්, ඉතිරි වූවන් සම්බන්ධව, එපමණකින් එය ලබාදී ඇත්තේද, දුෂ්ටයන්ගේ සමූහයන් අතර වචනය ප්‍රකාශ කිරීමට සහ ගමන් කිරීමට ඔවුන්ට ඉඩදෙන්න;

34 තවද එපමණකින් ඔවුන් මෙය කරන්නේද, ඔවුන් ඔවුන්ගේ වස්ත්‍ර ඉවත දමමින්, තවද ඔවුහු මා ඉදිරියේ කැළැල් රහිත වන්නෝය.

35 තවද ඔවුන්ට දෙදෙනෙකු බැගින් හෝ, ඔවුන්ට යහපත් යැයි හැඟෙන ලෙස එක්ව ගමන් කිරීමට සලස්වන්න, මාගේ සේවක රෙනොල්ඩ්ස් කහූන්, සහ මා ඉතා ප්‍රසන්න වූ මාගේ සේවක සැමුවෙල් එච්. ස්මිත්වද, ඔවුන් ඔවුන්ගේ නිවෙස් වෙතට නැවත හැරී එන තුරු වෙන් නොකෙරෙන්නට සලස්වන්න, තවද මෙය මා තුළ ප්‍රඥාවන්ත අරමුණක් සඳහා වන්නේය.

36 තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, තවද එක් අයෙකුට කියන්නේ කුමක්ද මම සියල්ලන්ටම පවසන්නෙමි, කුඩා දරුවෙනි, ධෛර්යමත්ව සිටින්න; මක්නිසාද මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද මම නුඹලාව අත්හැර දමා නොමැත්තෙමි;

37 තවද එපමණකින් නුඹලා මා ඉදිරියේ යටහත් වන්නේද, රාජ්‍යයේ ආශිර්වාද නුඹලාගේ වන්නේය.

38 නුඹලාගේ ඉඟටිය බැඳගෙන, විමසිලිමත්ව සහ සිහියෙන්, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පෙරට පැමිණීම ගැන බලාසිටින්න, මක්නිසාද උන්වහන්සේ නුඹලා නොසිතන පැයකදී පැමිණෙන සේක.

39 නුඹලා පරික්ෂාවට ඇතුල් නොවන පිණිස නිතර යාච්ඤා කරන්න, එනම් ජීවිතයේදී හෝ මරණයේදී, උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී නුඹලා පවතින පිණිසය. එය එසේම වන්නේය. ආමෙන්.