ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 126


126 වන කොටස

1841 ජූලි 9, නාවූ, ඉලිනොයිස් හිදී, බ්‍රිගම් යන්ග්ගේ නිවසේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කාලයේදී බ්‍රිගම් යන්ග් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපතිවරයා විය.

1–3, බ්‍රිගම් යන්ග්ට ඔහුගේ වෙහෙසවීම් උදෙසා ප්‍රශංසා කෙරේ තවද අනාගත විදේශීය ගමන් වලින් සහනය සලසනු ලබයි.

1 හිතවත් සහ ඉතා ප්‍රියාදර සහෝදර, බ්‍රිගම් යන්ග්, සැබවක් මෙසේ ස්වාමින්වහන්සේ නුඹ හට පවසන සේක; මාගේ සේවක බ්‍රිගම්, අතීතයේදී මෙන් නුඹගේ පවුල අතහැර යාම තවදුරටත් නුඹගේ හස්තයෙන් අවශ්‍ය නොවන්නේය, මක්නිසාද නුඹගේ ඔප්පු කිරීම් මා හට පිළිගත හැකිවන්නේය.

2 තවද මාගේ නාමයෙන් වූ නුඹගේ ගමන්ගැනීම් වල වෙහෙසවීම් සහ පරිශ‍්‍රමයන් මම දැක ඇත්තෙමි.

3 එසේහෙයින් මාගේ චවනය විදේශයන්ට යැවීමට මම නුඹට ආඥා කරන්නෙමි, තවද මෙතැන් පටන් සදාකාලයටම නුඹගේ පවුල ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ආමෙන්.