ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 75


75 වන කොටස

1832 ජනවාරි 25, ඇම්හර්ස්ට්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කොටස එකම දිනයේ ලද වෙන වෙනම එළිදරව් දෙකකින් සමන්විත වේ (පළමුවැන්න 1 සිට 22 දක්වා පද සහ දෙවැන්න 23 සිට 36 දක්වා පද). මෙම අවස්ථාව ජෝසෆ් ස්මිත්ව උසස් පූජකවරයේ සභාපති ලෙස ස්ථීර කොට නියම කළ සම්මන්ත්‍රණයක් විය. සමහර වැඩිහිටියන් ඔවුන්ගේ ක්ෂණික රාජකාරි පිළිබඳව වැඩිදුර දැනගැනීමට ආශා විය. එවිට මෙම එළිදරව් ලැබුණි.

1–5, ශුභාරංචිය දේශනා කරන්නාවූ ඇදහිලිවන්ත වැඩිහිටියන් සදාකාල ජීවනය ලබාගන්නෝය; 6–12, සියලු දේවල් උගන්වන, සැනසිලිදායකයාණන් ලැබීමට යාච්ඤා කරන්න; 13–22, ඔවුන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නාවූ එම අයවළුන්ව විනිශ්චය කිරීමට වැඩිහිටියන් වාඩිවනු ඇත; 23–36, ධර්මදූතවරුන්ගේ පවුල් සභාව වෙතින් උපකාර ලබන්නේය.

1 සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, ඇල්ෆා සහ ඔමේගා වූද, නුඹලාගේ ස්වාමින්වහන්සේ වූද සහ නුඹලාගේ දෙවියන්වහන්සේ වූද, මාගේ ආත්මයේ හඬින් වුවත් මම කතා කරන්නෙමි—

2 අහෝ මාගේ ශුභාරංචිය පෙරට ගොස් ප්‍රකාශ කිරීමට, තවද මාගේ මිදිවත්ත කප්පාදු කිරීමට නම් දී ඇත්තන් වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න.

3 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි එනම් නුඹලා ප්‍රමාද නොවී තවද පෙරට ගොස්, අලස නොවී එහෙත් නුඹලාගේ ශක්තිය සමඟින් මහන්සි වීම මාගේ කැමැත්තය—

4 හොරණෑවක ශබ්දයක් සමඟ මෙන් නුඹලාගේ හඬ ඔසවමින්, මම නුඹලා හට දෙන ලද එළිදරව්වන් සහ ආඥාවන්ට අනුව සත්‍යය ප්‍රකාශ කරන්න.

5 තවද මෙසේ, නුඹලා ඇදහිලිවන්ත නම් නුඹලාගේ පිටෙහි ධාන්‍යය ගෝනි සමඟ බර පටවනු ලබන්නේය, තවද ගෞරවය, සහ මහිමය, සහ අමරණීයත්වය, සහ සදාකාල ජීවනය සමඟ ඔටුනු දරන්නෝය.

6 එසේහෙයින්, සැබවක් මාගේ සේවක විලියම් ඊ. මැක්ලෙලින් හට මම පවසන්නෙමි, මම නැගෙනහිර රට වලට යාමට ඔහුට දුන් පැවරුම මම අවලංගු කරන්නෙමි;

7 තවද මම ඔහු හට නව පවරුමක්ද නව ආඥාවක්ද දෙන්නෙමි, ඒ තුළ ස්වාමින්වහන්සේ වන, මම, ඔහුගේ හදවතේ කෙඳිරීම් උදෙසා ඔහුට තරවටු කරන්නෙමි;

8 තවද ඔහු පව්කර ඇත; එසේවුවද, මම ඔහුට කමාව දී තවද ඔහුට නැවත පවසන්නෙමි, නුඹ දකුණු රට වලට යන්න.

9 තවද මාගේ සේවක ලූක් ජොන්සන්ට ඔහු සමඟ ගමන් කරන්නට සලස්වන්න, තවද මම ඔවුන්ට ආඥා කරන එම දේවල් ප්‍රකාශ කරන්න—

10 ඔවුන්ට යෝග්‍ය සියලු දේවල් උගන්වනු ලබන, සැනසිලිදායකයාණන් උදෙසා ස්වාමින්වහන්සේගේ නාමයට හඬගසන්න—

11 ඔවුන් ක්ලාන්ත නොවන පිණිස එනම් සියල්ලෙදී යාච්ඤා කරන්න; තවද එපමණකින් ඔවුන් මෙය කරන්නේද, මම ඔවුන් සමඟ අවසානය දක්වා වුවත් සිටින්නෙමි.

12 බලන්න, මෙය නුඹ සම්බන්ධ ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ කැමැත්තය. එය එසේම වන්නේය. ආමෙන්.

13 තවද නැවතත්, සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, මාගේ සේවක ඔර්සන් හයිඩ්ට සහ මාගේ සේවක සැමුවෙල් එච්. ස්මිත්ට ඔවුන්ගේ ගමන නැගෙනහිර රට වලට යන්නටත්, තවද මා ඔවුන්ට ආඥා කළ දේවල් ප්‍රකාශ කරන්නටත් සලස්වන්න; තවද එපමණකින් ඔවුන් ඇදහිලිවන්ත වන්නේද, බලව, මම ඔවුන් සමඟ අවසානය දක්වා වුවත් සිටින්නෙමි.

14 තවද නැවතත්, සැබවක් මාගේ සේවක ලයිමන් ජොන්සන් හටද, තවද මාගේ සේවක ඔර්සන් ප්‍රැට් හටද මම පවසන්නෙමි, ඔවුන්ද එසේම ඔවුන්ගේ ගමන නැගෙනහිර රටවල් තුළට යා යුතුය; තවද බලන්න, තවද බලව, අවසානය දක්වා වුවත්, මම එසේම ඔවුන් සමඟ වන්නෙමි.

15 තවද නැවතත්, මම මාගේ සේවක ආසා ඩොඩ්ස් හටද, තවද මාගේ සේවක කාල්වෙස් විල්සන් හටද පවසන්නෙමි, එනම් ඔවුන් එසේම ඔවුන්ගේ ගමන බටහිර රටවල් තුළට යා යුතුය, මම ඔවුන්ට ආඥා කළ ලෙස, මාගේ ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුය.

16 තවද ඇදහිලිවන්ත වූ ඔහු සියලු දේවල් ජයගන්නේය, තවද අවසන් දවසේදී ඔසවාගනු ලබන්නේය.

17 තවද නැවතත්, මාගේ සේවක මේජර් එන්. ඇෂ්ලි හටද, තවද මාගේ සේවක බ‍ර් රිග්ස් හටද මම පවසන්නෙමි, ඔවුන් ඔවුන්ගේ ගමන දකුණු රටවල් තුළට යා යුතු වීමට සලස්වන්න.

18 එසේය, මම ඔවුන්ට ආඥා කළ ලෙස, නිවසෙන් නිවසට, තවද ගමෙන් ගමට, තවද නගරයෙන් නගරයට යමින්, ඔවුන් සියල්ලන්ටම ඔවුන්ගේ ගමන යන්නට ඉඩදෙන්න.

19 තවද කාවරාකාර නිවසකට නුඹලා ඇතුළු වන්නේද, තවද ඔවුන් නුඹලා පිළිගන්නේද, එම නිවසට නුඹලාගේ ආශිර්වාදය තබා යන්න.

20 තවද කවරාකාර නිවසකට නුඹලා ඇතුළු වන්නේද, තවද ඔවුන් නුඹලා පිළිනොගන්නේද, නුඹලා එම නිවස වෙතින් ඉක්මණින් පිටත්වන්න, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස නුඹලාගේ පාද වල දුහුවිලි ගසා දමන්න.

21 තවද නුඹලා ප්‍රීතියෙන් සහ සතුටින් පූර්ණ වන්නෝය; තවද මෙය දැනගන්න, එනම් විනිශ්චය දවසේදී නුඹලා එම නිවසේ විනිශ්චයකරුවන් වන්නෝය, තවද ඔවුන්ව වරදට පත්කරනු ලබන්නෝය;

22 තවද එම විනිශ්චය දවසේදී එම නිවසට වඩා, අන්‍ය ජාතීන් හට එය දරාගැනීමට හැකිවන්නේය; එසේහෙයින්, නුඹලාගේ ඉඟටිය බැඳගෙන තවද ඇදහිලිවන්ත වන්න, තවද නුඹලා සියලු දේවල් ජයගනු ලැබ, තවද අවසාන දවසේදී ඔසවාගනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

23 තවද නැවතත්, නුඹලා සම්බන්ධයෙන් උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීම සඳහා නාමයන් දුන්නාවූ, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක—

24 බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් එම අයවළුන්ගේ පවුල් වලට උපකාර කිරීමට, තවද එසේම එම කැඳවා ඇති තවද ලෝකයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලෝකය වෙතට යැවීමට අවශ්‍යම වන්නාවූ එම අයවළුන්ගේ පවුල් වලට උපකාර කිරීම සභාවේ වගකීම වන්නේය.

25 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මම, මෙම ආඥාව නුඹලා හට දෙන්නෙමි, එනම් නුඹලාගේ සහෝදරයන් ඔවුන්ගේ හදවත් විවෘත කිරීමට කැමති වන පමණකින්, නුඹලා නුඹලාගේ පවුල් සඳහා ස්ථාන ලබාගන්නෝය.

26 තවද එවැනි සියල්ලන්ටම ඔවුන්ගේ පවුල් සඳහා ස්ථාන ලබාගන්නටද, එමෙන්ම ඔවුන් සඳහා සභාවේ උපකාරය ලබාගන්නටද, නැගෙනහිරට හෝ බටහිරට හෝ, උතුරට හෝ දකුණට වුවද ඔවුන් ලෝකය වෙතට යාම අසමත් නොවීමටද සලස්වන්න.

27 ඔවුන්ට ඉල්ලන්නට සලස්වන්න තවද ඔවුන් ලබන්නෝය, තට්ටු කරන්න, එය ඔවුන්ට විවෘත කරනු ලබන්නේය, තවද ඔවුන් කොහේ යා යුතුදැයි, සැනසිලිදායකයාණන් මගින් වුවත් ඉහළින් තවද ඔවුන්ට දැනගන්නට දෙනු ලබන්නේය.

28 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් තම පවුල වෙතට සැපයීමට බැඳී සිටින සෑම මනුෂ්‍යයෙකුටම, ඔහුට සැපයීමට ඉඩදෙන්න, තවද ඔහුට කිසිවිටෙකත් ඔහුගේ ඔටුන්න නැති නොවන්නේය; තවද ඔහුට සභාව තුළ වෙහෙසීමට ඉඩදෙන්න.

29 සෑම මනුෂ්‍යයෙකුවම සියලු දේවලදී උද්යෝගීමත් වන්නට සලස්වන්න. තවද ඔහු පසුතැවිලි වී තවද ඔහුගේ මාවත් නිවැරදි කර නොගන්නේද, අලසයාට සභාවේ ස්ථානයක් නොවන්නේය.

30 තවද එසේම, මාගේ සේවක සිමියොන් කාටර් හට සහ මාගේ සේවක ඊමර් හැරිස් හට දේවසේවයේ එක්සත් වීමට සලස්වන්න;

31 තවද එසේම මාගේ සේවක එස්රා තයිරේ සහ මාගේ සේවක තෝමස් බී. මාර්ෂ් හටද;

32 තවද එසේම මාගේ සේවක හයිරම් ස්මිත් සහ මාගේ සේවක රෙනොල්ඩ්ස් කහූන් හටද;

33 තවද එසේම මාගේ සේවක ඩැනියෙල් ස්ටැන්ටන් සහ මාගේ සේවක සිමොර් බෘන්සන් හටද;

34 තවද එසේම මාගේ සේවක සිල්වෙස්ටර් ස්මිත් සහ මාගේ සේවක ගිඩියොන් කාටර් හටද;

35 තවද එසේම මාගේ සේවක රගල්ස් ඊමෙස් සහ මාගේ සේවක ස්ටෙෆන් බර්නෙට් හටද;

36 තවද එසේම මාගේ සේවක මයිකා බී. වෙල්ටොන්ද එසේම මාගේ සේවක ඊඩන් ස්මිත් හටද. එය එසේම වන්නේය. ආමෙන්.