ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 89


89 වන කොටස

1833 පෙබරවාරි 27, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. පෙර සහෝදරයන් ඔවුන්ගේ රැස්වීම් වලදී දුම්කොළ භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස, මෙම කාරණාව සම්බන්ධයෙන් මෙනෙහි කිරීමට අනාගතවක්තෘවරයාට මගපෙන්වන ලද්දේය; එහි ප්‍රතිඵලයක් ලෙස, ඒ සම්බන්ධයෙන් ඔහු ස්වාමින්වහන්සේගෙන් විමසීය. ප්‍රඥාවේ වචනය ලෙස හැඳින්වෙන, මෙම එළිදරව්ව, එහි ප්‍රතිඵලයකි.

1–9, වයින් භාවිතය, මුද්‍රික පානයන්, දුම්කොළ, සහ උණුසුම් පානයන් තහනම් කරයි; 10–17, ඖෂධ පැළෑටි, පළතුරු, මාංශ, සහ ධාන්‍ය මනුෂ්‍යයන් සහ සත්වයන්ගේ භාවිතය උදෙසාය නියම කොට ඇත්තේය; 18–21, ප්‍රඥාවේ වචනය ඇතුළත්ව, ශුභාරංචි නීතියට කීකරුවීම, ලෞකික සහ ආත්මික ආශිර්වාදයන් ගෙන එන්නේය.

1 ප්‍රඥාවේ වචනයක්, කර්ට්ලන්ඩ් හි රැස්ව සිටින උත්තම පූජකයන්ගේ මන්ත්‍රණ සභාවේත්, තවද සභාවේත්, තවද එසේම සයොනයේ ශුද්ධවන්තයන්ගේත් ප්‍රයෝජනය උදෙසාය—

2 එනම් අවසන් දවස් වලදී සියලු ශුද්ධවන්තයන්ට ලෞකික ගැලවීම තුළ දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ පිළිවෙල පෙන්වමින්, ආඥාවක් හෝ වැළැක්වීමක් ලෙස නොව, එහෙත් එළිදරව්වක් සහ ප්‍රඥාවේ වචනයක් ලෙස, ආමන්ත්‍රණයක් යැවීමටය—

3 දුර්වලයන්ගේ සහ සියලු ශුද්ධවන්තයන්ගේ ඉතා දූර්වලවුන්ගේ ප්‍රමාණයට අනුවර්තනය වූ, ශුද්ධවන්තයන්ට හෝ එසේ නම් කළ හැකිවූවන් සඳහා, එය මූලධර්මයක් උදෙසා පොරොන්දුවක් සමඟ දෙන ලද්දක් වන්නේය.

4 බලන්න, සැබවක්, ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක: පසු දවස් වලදී කුමන්ත්‍රණකාරී මිනිසුන්ගේ හදවත් වල ඇති සහ ඇතිවන නපුරුකම් සහ සැලසුම් වල ප්‍රතිඵලයක් ලෙස, මෙම ප්‍රඥාවේ වචනය එළිදරව්වක් ලෙස දෙමින්, මම නුඹලාට අනතුරු අඟවා ඇත්තෙමි, තවද කලින් අවවාද කර ඇත්තෙමි—

5 නුඹලාව එක්රැස් කරගෙන නුඹලාගේ සක්‍රමේන්තු උන්වහන්සේ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා හැරුණු විට, එනම් එපමණකින් ඕනෑම මනුෂ්‍යයෙකු වයින් හෝ මුද්‍රික පානයන් නුඹලා අතරෙන් පානය කරන්නේද, බලන්න එය යහපත් නොවන්නේය, එමෙන්ම නුඹලාගේ පියාණන්වහන්සේගේ ඉදිරියේ එය යහපත් නොවන්නේය.

6 තවද, බලන්න, සක්‍රමේන්තුව සඳහා ලබාගන්නා මෙය වයින් පමණක්ය, එසේය, නුඹලාගේම නිෂ්පාදනයක් වන, මිදිවැලෙන් ලබාගන්නා මිදි වලින් වූ පවිත්‍ර වයින්ය.

7 තවද, නැවතත්, මුද්‍රික පානයන් උදරය උදෙසා නොවන්නේය, නමුත් නුඹලාගේ ශරීරයන් සෝදාහැරීම උදෙසාය.

8 තවද නැවතත්, දුම්කොළ ශරීරය උදෙසා නොවන්නේය, උදරය උදෙසාද නොවන්නේය, තවද එය මනුෂ්‍යයන් උදෙසා යහපත් නොවන්නේය, එහෙත් එය තැලීම් වලට සහ සියලු රෝගී පශු වර්ගයේ සතුන්ට, විනිශ්චය සහ නිපුණතාවය සමඟින් භාවිතා කළ යුතු ඖෂදයකි.

9 තවද නැවතත්, උණුසුම් පානයන් ශරීරය හෝ උදරය උදෙසා නොවන්නේය.

10 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, සියලු යහපත් ඖෂධ සංයුතිය සහ ස්වභාවධර්මය, සහ මනුෂ්‍යයාගේ භාවිතය සඳහා දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත—

11 සෑම ඖෂධයක්ම එහි වූ කාලයකටය, තවද සෑම පලතුරක්ම එහි වූ කාලයකටය; මෙම සියල්ල ප්‍රාඥාවෙන් සහ ස්තූතිවන්ත භාවයෙන් භාවිතා කළ යුතුය.

12 එසේය, එසේම මෘගයන්ගේද එමෙන්ම අහසේ පක්ෂීන්ගේද මාංශය, ස්වාමින්වහන්සේ වන, මම, ස්තූතිය සමඟ මනුෂ්‍යයන්ගේ භාවිතා කරන පිණිස නියම කර ඇත්තෙමි; එසේවුවද ඒවා භාවිතා කළ යුත්තේ මඳපමණටය.

13 තවද ඒවා ශීත සෘතුවේදී, හෝ අධික ශීත කාලයේදී, හෝ සාගතයකදී පමණක් හැර, භාවිතා නොකිරීම මා හට ප්‍රසන්නය.

14 තවද සියලු ධාන්‍ය, මනුෂ්‍යයන්ගේ සහ මෘගයන්ගේ භාවිතය උදෙසා, ජීවිතයේ ආධාරකයක් ලෙස, මනුෂ්‍යයාට පමණක් නොව එහෙත් භූමියේ මෘගයන් උදෙසාද, අහසෙහි පියඹා යන කුරුල්ලන් උදෙසාද, තවද එනම් පොළොව මත දුව යන හෝ බඩගා යන සියලු වන සතුන් උදෙසාද, නියම කොට ඇත්තේය;

15 තවද මේවා සාගත සහ අධික සාගින්න කාලයේදී පමණක් මනුෂ්‍යයන්ගේ භාවිතය උදෙසා දෙවියන්වහන්සේ විසින් සාදා ඇත්තේය.

16 සියලු ධාන්‍ය මනුෂ්‍යයන්ගේ ආහාර උදෙසා යහපත් වේ; එසේම භූමිය මත හෝ භූමියට ඉහළින්, ඵලදරන, වැල්වල පලතුරුද එසේය—

17 එසේවුවද, මනුෂ්‍යයාට තිරිඟුද, ගවයාට ඉරිඟුද, තවද අශ්වයාට ඕට්ද, තවද කුකුළන්ට සහ ඌරන් උදෙසාද, තවද භුමියේ සිටින සියලු මෘගයන් උදෙසා රයිද, තවද සියලු ප්‍රයෝජනවත් සත්වයන්ට බාර්ලිද, තවද මෘදු පානයන් සඳහා එසේම අනෙකුත් ධාන්‍යද වන්නේය.

18 තවද සියලු ශුද්ධවන්තයන් මෙම පැවසීම්පි ළිපැදීමට සහ කිරීමට සිහිපත් කරමින්, ආඥා වලට කීකරුව ගමන් කරන්නේ නම්, ඔවුන්ගේ නාභියෙහි සුවයද ඔවුන්ගේ අස්ථි වලට ප්‍රාණවත්කමද ලබන්නෝය;

19 තවද ප්‍රඥාව සහ දැනුමේ මහත් වස්තු සම්භාරයක්ද, එමෙන්ම සැඟවුනු මහත් දැනුම් වස්තු සම්භාරයක්ද පවා සොයාගනු ලබන්නෝය;

20 තවද දුවන නමුත් වෙහෙස නොවන්නෝය, තවද ඇවිද ගියද තවද ක්ලාන්ත නොවන්නෝය.

21 තවද ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන් හට පොරොන්දුවක් දෙන්නෙමි, එනම් විනාශයේ දේවදූතයා ඉශ්‍රායෙල් දරුවන්ව මෙන්, එනම් ඔවුන්ව පසුකර යන්නේය, තවද ඔවුන්ව මරණයට පත්කරනු නොලබන්නේය. ආමෙන්.