ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 116


116 වන කොටස

1838 මැයි 19, වයිට්ස් ෆෙරී අසල, මිසුරි හි, ඩාවියෙස් ප්‍රාන්තයේ, ස්ප්‍රින්ග් හිල් ලෙස හඳුන්වන ස්ථානයකදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හට දෙනු ලැබූ එළිදරව්වකි.

1 ස්වාමින්වහන්සේ විසින් ස්ප්‍රින්ග් හිල් ආදම්-ඔන්ඩි-ආමන් ලෙස නම් කරන ලදි, මක්නිසාදයත්, උන්වහන්සේ මෙසේ කී සේක, ඔහුගේ ජනතාව බැහැදැකීමට ආදම් පැමිණෙන්නාවූ ස්ථානය එය වන්නේය, හෝ අනාගතවක්තෘ දානියෙල් විසින් පැවසූ ආකාරයට, එය පුරාතන කෙනෙක් අසුන්ගන්නා ස්ථානය වන්නේය.