ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 127


127 වන කොටස

1842 සැප්තැම්බර් 1, නාවූ හිදී දින තබන ලද, මළවුන්ගේ බව්තීස්මය උදෙසා මගපෙන්වීම් ඇතුලත්, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් නාවූ, ඉලිනොයිස් හි ශුද්ධවන්තයන්ට යවන ලද ලියවිල්ලකි.

1–4, ජෝසෆ් ස්මිත් හිංසාව සහ මහත් පීඩාව තුළ මහිමවත් වන්නේය; 5–12, මළවුන්ගේ බව්තීස්මයන් උදෙසා සම්බන්ධ වූ වාර්තාවන් තැබිය යුතුම වන්නේය.

1 මිසුරි සහ මෙම ප්‍රාන්තයේ යන දෙකෙහිම සිටින මාගේ සතුරන් නැවතත් මා පසුපස ලුහුබඳින බව, ස්වාමින්වහන්සේ විසින් මා හට එළිදරව් කළ සේක; තවද කාරණාවකින් තොරව ඔවුන් මා පසුපස ලුහුබඳින විට, සහ ඔවුන්ගේ පැත්තෙන් මට විරුද්ධව වූ ඔවුන්ගේ පැමිණිලි තුළ යුක්තියේ හෝ අයිතිවාසිකමේ හෙවනැල්ලක් හෝ පාටක්වත් හෝ නොමැතිව සිටින තරමටද; තවද ඔවුන්ගේ ව්‍යාජ සමාර්ථයන් සියල්ල තද කළු වූ සායම් මෙන් ව්‍යාජව සොයාගන්නා තරමටම, මාගේ ස්ව-ආරක්ෂාව සහ මෙම ජනතාවගේ ආරක්ෂාව උදෙසා, කෙටි කාලයකට මෙම ස්ථානය හැරයාම අවශ්‍ය වන බව සහ ප්‍රඥාව එය බව මම සිතුවෙමි. සියලුම ව්‍යාපාර කඩිනම්ව සහ නිසි ආකාරයෙන් ඉටුකරනු ලබන, තවද දේපළ භාරදෙමින්, හෝ එම කාරණයට අවශ්‍ය වන පරිදි, වෙනත් ආකාරයකට, හෝ තත්වයන් ඉඩදෙන පරිදි, මාගේ සියලු ණය නියමිත කාලයේදී අවසන් කරන්නට වගබලාගන්නා, නියෝජිතයන් සහ ලිපිකරුවන්ට මාගේ සියලු ව්‍යාපාර කටයුතු තබා ආ බව, මා සමඟ ව්‍යාපාර කරන සියල්ලන්ටම මම පවසන්නෙමි. කුණාටුව සම්පුර්ණයෙන්ම ඉවත්ව ඇති බව මම දැනගත් විට, එවිට මම නුඹලා වෙතට නැවත පැමිණෙන්නෙමි.

2 තවද මා හට පසුකර යාමට කැඳවා ඇති එම උවදුරු දෙස බලන විට, ඒවා මා හට කුඩා දේවල් මෙන් පෙනේ, මනුෂ්‍යාගේ ඊර්ෂ්‍යාව සහ කෝපය මාගේ ජීවිතයේ සෑම දිනකම වාගේ මට පොදු දෙයක්ව තිබිණි; තවද ඒ සඳහා හේතු වූ දෙය අභිරහසක් ලෙස පෙනුනත්, නුඹලා එය හැඳින්වීමට තෝරාගන්නා ආකාරයකට, යම් යහපත්, හෝ අයහපත් අවසානයක් සඳහා ලෝකයේ අත්තිවාරමට පෙර සිටම මා නියම වී සිට ඇත්තෙමි. නුඹලාම උදෙසා නුඹලාව විනිශ්චය කරන්න. එය යහපත්ද හෝ අයහපත්ද යන වග, දෙවියන්වහන්සේ සියලු දේවල් දන්නා සේක. එහෙත් එසේ වුවද, ගැඹුරු ජලය යනු මා පිහිනීමට හුරු වී ඇති දෙයයි. ඒවා සියල්ල මට දැන් දෙවන ස්වභාවයක් බවට පත්ව ඇත; තවද මට හැඟෙන්නේ, පීඩාවෙදී මහිමවත් වන පාවුල් මෙන්ය; මක්නිසාද අද දින දක්වාම මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඒ සියල්ලෙන් මා මුදවා ඇති සේක, තවද මේ කාලයෙන් ඉදිරියටද මා මුදවනු ලබන සේක; මක්නිසාද බලන්න, තවද බලව, මම මාගේ සියලු සතුරන් මතින් ජයග්‍රහණය කරන්නෙමි, මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ එය ප්‍රකාශ කර ඇති සේක.

3 සියලු ශුද්ධවන්තයන් ප්‍රීති ප්‍රමුදිත වෙත්වා, එසේහෙයින්, තවද බෙහෙවින් ප්‍රීති වෙන්න; මක්නිසාද ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේය, තවද උන්වහන්සේ ඔවුන්ගේ සියලු පීඩාකරන්නන්ගේ හිස් මත සාධාරණීය ත්‍යාග වන්දියක් බෙදාදෙනු ලබන්නේය.

4 තවද නැවතත්, සැබවක් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මාගේ දේවමාළිගාවේ කාර්යය, සහ නුඹලා හට නියම කරන ලද එම සියලු කාර්යයන්, පවත්වාගෙන යනු ලබන්නටත් තවද අවසන් නොවන්නටත් සලස්වන්න; තවද නුඹලාගේ උද්යෝගය, තවද නුඹලාගේ ප්‍රබල උත්සහය, සහ ඉවසීම, සහ නුඹලාගේ ක්‍රියාවන් දෙගුණ කරනු ලබන්නේය, තවද නුඹලා කිසිවිටෙකත් නුඹලාගේ දීමනාව නැතිකර නොගන්නේ යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක. තවද ඔවුන් නුඹලාට හිංසා කරන්නේ නම්, එනම් නුඹලාට පෙර අනාගතවක්තෘවරුන්ට සහ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ටද ඔවුන් එසේම හිංසා කළෝය. මක්නිසාද මෙම සියල්ලට එහි ස්වර්ගයේ විපාකයක් වන්නේය.

5 තවද නැවතත්, මම නුඹලා හට මළවුන්ගේ බව්තීස්මයට සම්බන්ධව වචනයක් දෙන්නෙමි.

6 සැබවක්, නුඹලාගේ මළවුන් සම්බන්ධව ස්වාමින්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක: නුඹලා කිසිවෙක් නුඹලාගේ මළවුන් උදෙසා බව්තීස්ම වන විට, එහි වාර්තා තබන්නෙක් සිටීමට සලස්වන්න, තවද ඔහුට නුඹගේ බව්තීස්මයන් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වීමට සලස්වන්න; ඔහුට ඔහුගේ කන් වලින් ඇසීමට සලස්වන්න, එනම් ඔහු සත්‍යයට සාක්ෂි දරන පිණිස යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක;

7 එනම් නුඹලාගේ සියලු වාර්තාවන් ඒවා ස්වර්ගයෙහි වාර්තා වන පිණිසය; නුඹලා පොළොවේ බඳින කවරාකාර දෙයක් වුවත්, ස්වර්ගයේද බඳිනු ලබන්නේය; නුඹලා පොළොවේ ලිහිල්කරන කවරාකාර දෙයක් වුවත්, ස්වර්ගයේද ලිහිල්කරනු ලබන්නේය;

8 මක්නිසාද මම පූජකවරය සම්බන්ධයෙන්, බොහෝ දේවල් පොළොව මත නැවත පිහිටුවාලන්නට ඉතා ආසන්නය යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක.

9 තවද නැවතත්, සියලු වාර්තාවන් පිළිවෙලට තබන්නට සලස්වන්න, එනම් පරම්පරාවෙන් පරම්පරාවට සිහිකිරීමක්ව තබන පිණිස, ඒවා මාගේ ශුද්ධ වූ දේවමාළිගාවේ සංරක්ෂණාගාරයන්හි තබන පිණිසය යැයි, සේනාවල ස්වාමින්වහන්සේ පවසන සේක.

10 පැමිණෙන්නාවූ සබතේදී, මළවුන් උදෙසා බව්තීස්මය යන කාරණය සම්බන්ධව දේශනා කූඩුව මත සිට ආමන්ත්‍රණය කරන්නට, මහත් ශ්‍රේෂ්ඨ වූ ආශාවක් සමඟින්, මම ආශා වන බව, මම සියලු ශුද්ධවන්තයන්ට පවසන්නෙමි. එහෙත් එපමණකින් එසේ කිරීම මාගේ බලයෙන් පිටත වන නිසා, මම කාලයෙන් කාලයට, එම කාරණාව සම්බන්ධව ස්වාමින්වහන්සේගේ වචනය ලියන්නෙමි, තවද එමෙන්ම වෙනත් දේවල් බොහෝමයක්ද, නුඹලා වෙතට ලිපියකින් එවන්නෙමි.

11 බොහෝ කාලයක් ගතවන නිසා, දැන් මම මාගේ ලිපිය අවසන් කරන්නෙමි; මක්නිසාද සතුරා අවධානයෙන් සිටින්නේය, තවද ගැලවුම්කරුවාණන් පැවසූ ලෙස, මේ ලෝකයේ කුමාරයා පැමිණෙන්නේය, එහෙත් ඔහුට මා තුළ කිසිවක් නොමැත්තේය.

12 බලන්න, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාව නම් නුඹලා සියල්ලන් ගැලවෙනු පිණිසය. ස්වාමින්වහන්සේ තුළ නුඹලාගේ සේවකයා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ අනාගතවක්තෘවරයා සහ දර්ශන දකින්නා ලෙස මම මාව අනුසන් කරන්නෙමි.

ජෝසෆ් ස්මිත්.