ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 99


99 වන කොටස

1832 අගොස්තු 1, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් ජෝන් මොර්ඩොක් හට දෙනු ලැබූ එළිදරව්වකි. වසරකට වැඩි කාලයක් තිස්සේ, 1831 අප්‍රියෙල් මාසයේදී ඔහුගේ බිරිඳ ජූලියා ක්ලැප්ගේ මරණයෙන් පසු—මවක් නැති ඔහුගේ දරුවන් ඔහායෝ හි වෙනත් පවුල් සමඟ වාසය කරමින් සිටින විට—ජෝන් මර්ඩොක් ශුභාරංචිය දේශනා කරමින් සිටියේය.

1–8, ජෝන් මොර්ඩොක්ව ශුභාරංචිය ප්‍රකාශ කිරීමට කැඳවනු ලබයි, තවද ඔහුව ලබාගන්නා අයවළුන් ස්වාමින්වහන්සේව ලබාගන්නෝය තවද දයාව ලබාගන්නෝය.

1 බලන්න, මාගේ සේවක ජෝන් මොර්ඩොක් හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—පීඩා කිරීම් සහ දුෂ්ටකම මධ්‍යයේ, නැගෙනහිර දේශයන්ට නිවෙසින් නිවසට, ගමින් ගමට, තවද නගරයෙන් නගරයට ගොස්, එහිවූ පදිංචිකරුවන් හට මාගේ සදාකාලික ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නුඹව කැඳවා ඇත්තෙමි.

2 තවද නුඹව ලබාගන්නා කවරෙකුද මාද ලබාගන්නේය; තවද නුඹට මාගේ වචනය මාගේ ශුද්ධ වූ ශුද්ධාත්මයාණන්ගේ ප්‍රකාශ වීම තුළින් ප්‍රකාශ කිරීමට බලය ඇත්තේය.

3 තවද කුඩා ළමයෙකු මෙන් නුඹව පිළිගන්නා කවරෙකු වුවද, මාගේ රාජ්‍යය ලබාගන්නේය; තවද ඔවුන් ආශිර්වාදිත වන්නෝය, මක්නිසාද ඔවුන් දයාව ලබාගන්නෝය.

4 තවද නුඹව ප්‍රතික්ෂේප කරන්නාවූ කවරෙකුව වුවද මාගේ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේගේ ගෘහය මගින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේය; තවද නුඹ රහසිගත ස්ථානයන්හිදී ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස නුඹගේ පාද පිරිසිඳු කළ යුතු වන්නේය.

5 තවද බලන්න, තවද බලව, මට විරුද්ධව ඔවුන් සිදුකර ඇත්තාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියාවන් ඒත්තු ගැන්වීමට, එම ලියවිලි වල පොතෙහි මා ගැන ලියා ඇති ලෙස, විනිශ්චයට මම ඉක්මණින් පැමිණෙන්නෙමි.

6 තවද දැන්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි, නුඹගේ දරුවන්ට සපයන තුරු, සහ ඔවුන්ව කරුණාවන්තව සයොනයේ සභානායකවරයා වෙතට යවන තුරු, නුඹ පිටත්ව යාම යෝග්‍ය වන්නේ නැත.

7 තවද වසර කිහිපයකට පසුව, නුඹ මාගෙන් කැමතිවන්නේ නම්, නුඹට නුඹගේ උරුමය ලබාගැනීමට, නුඹටද යහපත් දේශයකට යා හැකි වන්නේය;

8 නැතහොත් නුඹව පොළොවෙන් ඉහළට ලබාගන්නා තුරු මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරිමෙහි පවතින්න. ආමෙන්.