සෙමනේරි සහ ආයතනික පන්ති
පළමු සභාපතිත්වයේ පණිවිඩය


“පළමු සභාපතිත්වයේ පණිවිඩය,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“පළමු සභාපතිත්වයේ පණිවිඩය,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

පළමු සභාපතිත්වයේ පණිවිඩය

ආදරණීය සහෝදර සහෝදරියනි,

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීමට ඔබට මේ ලැබී ඇත්තේ මොනතරම් තේජාන්විත අවස්ථාවක්ද! ඔබට ඉගැන්වීමට නිශ්චිත කැඳවීමක් තිබුණත් නැතත්, ඔබ ගුරුවරයෙකි. ප්‍රධාන ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස, ඔබ යන ඕනෑම ස්ථානයකදී—නිවසේදී, සභාවේදී, ඔබ අන් අයට දේවසේවය කරන විටදී, සහ ඔබේ මිතුරන් අතරේ—උන්වහන්සේගේ ආලෝකය බෙදාගැනීමට ඔබට අවස්ථා තිබේ. ශුභාරංචිය ඉගැන්වීමට ලබාදීම ශුද්ධ වූ විශ්වාසයකි. එය ස්වාමින්වහන්සේගේ කාර්යයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, අප එය උන්වහන්සේගේ ආකාරයෙන් කරන විට එය වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත්, උන්වහන්සේ ශුභාරංචිය ඉගැන්වූ ආකාරය ගැනත් වැඩි විස්තර දැනගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. යාච්ඤාවෙන් උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ක්‍රියාවන්, සහ උන්වහන්සේගේ ගුණාංග අධ්‍යයනය කර, උන්වහන්සේව වඩාත් සමීපව අනුගමනය කිරීමට උත්සාහ කරන්න. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොත ඔබේ මාර්ගෝපදේශය වේවි.

පළමු සභාපතිත්වය

මුද්‍රණය කරන්න