ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා හැඳින්වීම පළමු සභාපතිත්වයේ පණිවිඩයගැලවුම්කරුවාණන් ඉගැන්වූ ආකාරය ගැන ඉගෙනගැනීමට මෙම පොත ඔබේ මාර්ගෝපදේශය විය හැකිය. ඔබ උන්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමට උත්සාහ කරන විට, ඔබට විය හැකි ගුරුවරයා බවට පත්වීමට උන්වහන්සේ ඔබට උපකාර කරනු ඇත. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතෙහි අරමුණමෙම පොතේ විස්තර කර ඇති මූලධර්ම තුළින්, ශුභාරංචිය උගන්වන සෑම ගුරුවරයෙකුටම, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමට උපකාර කළ හැකිය. ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීම පිළිබඳ සාරාංශයකිමෙම පොතේ විස්තර කර ඇති මූලධර්ම තුළින්, ශුභාරංචිය උගන්වන සෑම ගුරුවරයෙකුටම, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමට උපකාර කළ හැකිය. 1 කොටස: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකිරීම 1 කොටස: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකිරීම ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්නඔබ කුමක් උගන්වමින් සිටියත්, ඔබ සැබවින්ම උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේ හා සමාන වන්නේ කෙසේද කියා බව මතක තබාගන්න. ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්නස්වර්ගීය පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමට සහ උන්වහන්සේලාගේ ප්‍රේමය දැනීමට උපකාර කිරීමට වඩා, ගුරුවරයෙකු ලෙස ඔබ කරන වෙනත් කිසිවක් ඉගෙනගන්නන්ට ආශිර්වාද නොකරයි (බලන්න යොහාන් 17:3). 2 කොටස: ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම 2 කොටස: ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම ඔබ උගන්වන අයට ආදරය කරන්නගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අපගේ හදවත් තුළ ඇති විට, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේ වෙතට පැමිණීමට අන් අයට උපකාර කිරීමට හැකි සෑම මාර්ගයක්ම අපි සොයන්නෙමු. ආදරය අපගේ ඉගැන්වීම සඳහා පෙළඹවීම බවට පත්වේ. ආත්මයාණන්ගෙන් උගන්වන්නඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වන විට, ඔබට මගපෙන්වීමට සහ ඔබ උගන්වන අයගේ මනසට සහ හදවතට සත්‍යය ගැන සාක්ෂි දීමට ශුද්ධාත්මයාණන්වහන්සේව ඔබ සමඟ තබාගත හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 8:2). දහම උගන්වන්නපියාණන්වහන්සේගේ දහම ඉගැන්වීමෙන්, ගැලවුම්කරුවාණන් කළාක් මෙන්, ඔබට බලයෙන් යුතුව ඉගැන්විය හැකිය. උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්නඅපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරන විට, අප උගන්වන අයට ඉල්ලා සිටීමට, සෙවීමට, සහ තට්ටු කිරීමට—සහ පසුව සොයාගැනීමට අපි ආරාධනා කරන්නෙමු (බලන්න මතෙව් 7:7–8). 3 කොටස: ප්‍රායෝගික උපකාර සහ යෝජනා 3 කොටස: ප්‍රායෝගික උපකාර සහ යෝජනා විවිධ ඉගැන්වීම් සැකසුම් සහ ඉගෙනගන්නන් සඳහා යෝජනාමෙම කොටස මගින් විවිධ ඉගෙනගන්නන් සහ ඉගැන්වීම් සැකසුම් සඳහා විශේෂිත වූ අමතර යෝජනා ලබාදෙයි. ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහනකළ හැකි පාඩම් සැලසුම් දළ සටහනක උදාහරණයක් මෙන්න. ක්‍රිස්තුස්වහන්සේ වැනි ගුරුවරයෙකු ලෙස දියුණු වීම—පුද්ගලික ඇගයීමක්ගුරුවරුන් වශයෙන්, අපි අපගේ ශක්තීන් සහ දුර්වලතා නිතිපතා ඇගයීමට ලක්කළ යුතුය, එවිට අපට ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගාගැනීමට සහ උන්වහන්සේ මෙන් වීමට උපකාර කිරීම සඳහා අපගේ හැකියාවෙහි වර්ධනය විය හැකිය. නායකයින් සඳහා—ගුරුවරුන්ට සාර්ථක වීමට උපකාර කිරීමඔබ ගුරුවරුන් සමඟ මුණගැසෙන විට, ඔවුන්ව ශක්තිමත් කිරීමට සහ ඔවුන් කරන සේවය සඳහා කරුණාවෙන් හා කෘතඥතාවයෙන් ඔවුන්ව දිරිමත් කිරීමට හැකි මාර්ග පිළිබඳ සලකා බලන්න.