සෙමනේරි සහ ආයතනික පන්ති
ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතෙහි අරමුණ


ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතෙහි අරමුණ,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතෙහි අරමුණ,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතෙහි අරමුණ

“මෙම පොතෙහි විස්තර කර ඇති මූලධර්ම තුළින් ශුභාරංචිය උගන්වන සෑම ගුරුවරයෙකුටම ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමට උපකාර කළ හැකිය. එයට දෙමාපියන්, දේවසේවයේ යෙදෙන සහෝදර සහෝදරියන්, සෙමනේරි සහ ආයතනික ගුරුවරුන්, සහ ඔවුන්ට ඉගැන්වීමට අවස්ථාව ලබාදෙන කැඳවීමක් ඇති සභාවේ ඕනෑම අයෙකු ඇතුළත් වේ.”

ඔබට මෙම පොත ඔබ විසින්ම අධ්‍යයනය කළ හැකිය, නැතහොත් වඩා හොඳ ගුරුවරයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව අන් අය සමඟ සාකච්ඡා කිරීමට ඔබට එය භාවිතා කළ හැකිය. උදාහරණයක් ලෙස, මෙම පොත නිවාස සන්ධ්‍යාවකදී, සභාපතිත්ව රැස්වීමකදී, කොට්ඨාශ හෝ ස්ටේක මන්ත්‍රණ සභා රැස්වීම් වලදී, සෙමනේරි සහ ආයතනික සේවා රැස්වීම් වලදී, සහ ගුරු මන්ත්‍රණ සභා රැස්වීමකදී භාවිතා කළ හැකිය (බලන්න “නායකයින් සඳහා—ගුරුවරුන්ට සාර්ථක වීමට උපකාර කිරීම”).

මෙම පොත සංවිධානය කර ඇති ආකාරය

1 කොටස තුළින් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම උගන්වන සෑම අවස්ථාවකම උන්වහන්සේ කෙරෙහි අවධානය යොමුකිරීමේ වැදගත්කම අවධාරණය කරයි. මෙම කොටස තුළින් අප උගන්වන්නේ කුමක්ද කියා විස්තර කරයි.

2 කොටස තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම අවධාරණය කරයි. මෙම කොටස තුළින් අප උගන්වන්නේ කෙසේද කියා විස්තර කරයි.

3 කොටස තුළින් ගුරුවරුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම අදාළ කරගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රායෝගික යෝජනා ලබාදෙයි.

මුද්‍රණය කරන්න