සෙමනේරි සහ ආයතනික පන්ති
ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීම පිළිබඳ සාරාංශයකි


“ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීම පිළිබඳ සාරාංශයකි,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම (2022)

ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීම පිළිබඳ සාරාංශයකි

පහත ප්‍රස්ථාර මගින් මෙම පොතේ උගන්වන මූලධර්ම පිළිබඳ සාරාංශයක් සපයයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරන්න

ඔබ කුමක් උගන්වමින් සිටියත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වන්න

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අවධාරණය කරන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නම්, භූමිකාවන්, සහ ගුණාංග ගැන උගන්වන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන සංකේත සොයන්න.

ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට උදව් කරන්න

  • ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය, බලය, සහ දයාව හඳුනාගැනීමට උපකාර කරන්න.

  • ඉගෙනගන්නන්ට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාව ශක්තිමත් කරගැනීමට උපකාර කරන්න.

  • ඉගෙනගන්නන්ට උවමනාවෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උපකාර කරන්න.

ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම

ඔබ උගන්වන අයට ආදරය කරන්න

  • ඉගෙනගන්නන් දෙස දෙවියන්වහන්සේ ඔවුන්ව දකින ආකාරයට බලන්න.

  • ඔවුන්ව දැනගැනීමට උත්සාහ කරන්න—ඔවුන්ගේ තත්වයන්, අවශ්‍යතා, සහ ශක්තීන් තේරුම්ගන්න.

  • ඔවුන් වෙනුවෙන් නමින් යාච්ඤා කරන්න.

  • ගරුත්වය දක්වන සහ ඔවුන්ගේ දායකත්වය අගය කරන බව දැනෙන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න.

  • ඔබේ ආදරය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රම සොයාගන්න.

ආත්මයාණන්ගෙන් උගන්වන්න

  • ඔබව ආත්මිකව සූදානම් කරගන්න.

  • ඉගෙනගන්නන්ගේ අවශ්‍යතා පිළිබඳ ඔබට දැනෙන අධ්‍යාත්මික පෙළඹවීම් වලට ප්‍රතිචාර දැක්වීමට නිරතුරුව සූදානමින් සිටින්න.

  • ඉගෙනගන්නන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ඉගෙන ගැනීම සඳහා සැකසුම් සහ අවස්ථා නිර්මාණය කරන්න.

  • එළිදරව් සෙවීමට, හඳුනාගැනීමට, සහ ඒවා මත ක්‍රියාකිරීමට ඉගෙනගන්නන්ට උදවු කරන්න.

  • නිරතුරුව සාක්ෂි දරන්න, ඉගෙනගන්නන්ගේ හැඟීම්, අත්දැකීම්, සහ සාක්ෂි බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.

දහම උගන්වන්න

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඔබ වෙනුවෙන් ඉගෙනගන්න.

  • ශුද්ධලියවිලි වලින් සහ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ වචන වලින් ඉගෙනගන්න.

  • ඉගෙනගන්නන්ට ශුද්ධලියවිලි වල සත්‍ය සෙවීමට, ඒවා හඳුනාගැනීමට, සහ තේරුම් ගැනීමට උදවු කරන්න.

  • හැරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට තුඩුදෙන සත්‍යයන් කෙරෙහි අවධානය යොමුකරන්න.

  • ඉගෙනගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ පුද්ගලික අදාළත්වය සොයාගැනීමට උපකාර කරන්න.

උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න

  • ඉගෙනගන්නන්ට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාරගැනීමට උදව් කරන්න.

  • දිනපතා ශුභාරංචිය අධ්‍යයනය කිරීමෙන් ගැලවුම්කරුවාණන්ව දැන හඳුනාගැනීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

  • ඉගෙනීමට සූදානම් වීමට ඉගෙන ගන්නන්ට ආරාධනා කරන්න.

  • ඔවුන් ඉගෙනගන්නා සත්‍යයන් බෙදාගැනීමට ඉගෙනගන්නන්ව දිරිමත් කරන්න.

  • ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන ලෙස ඉගෙනගන්නන්ට ආරාධනා කරන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ඉගැන්වීම පිළිබඳ සාරාංශයකි

මුද්‍රණය කරන්න