ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 106


106 වන කොටස

1834 නොවැම්බර් 25, ඔහායෝ, කර්ට්ලන්ඩ් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව ඔලිවර් කවුඩ්‍රිගේ වැඩිහිටි සහෝදරයා වූ වොරන් ඒ. කවුඩ්‍රි වෙතට යොමුකරනු ලබන්නේය.

1–3, වොරන් ඒ. කවුඩ්‍රිව දේශීය මූලාසනය දරන නිළධාරියා ලෙස නම්කරනු ලබයි; 4–5, දෙවන පැමිණීම සොරෙකු මෙන් ආලෝකයේ දරුවන්ව පසුකර නොයන්නේය; 6–8, සභාව තුළ ඇදහිලිවන්ත සේවාව උදෙසා මහත් වූ ආශිර්වාදයන් පැමිණෙන්නේය.

1 නිදහසේ දේශයෙහි සහ ඒ අවට වටේට ප්‍රදේශයන්හි, මාගේ සේවක වොරන් ඒ. කවුඩ්‍රිව මාගේ සභාව මත මූලාසනය දරන උත්තම පූජකයෙකු ලෙස පත්කර තවද නියමකරනු ලැබීම මාගේ කැමැත්ත වන්නේය;

2 තවද මාගේ සදාකාලික ශුභාරංචිය දේශනා කළ යුතු වන්නේය, ඔහුගේ ස්වකීය ස්ථානයේ පමණක් නොව, එහෙත් අසල්වැසි ප්‍රාන්ත වලද, තවද ඔහුගේ හඬ ඔසවා තවද ජනතාවට අනතුරු ඇඟවිය යුතු වන්නේය;

3 තවද උද්යෝගයෙන් යුතුව ස්වර්ග රාජ්‍යය සොයමින්, ඔහුගේ සම්පූර්ණ කාලයම මෙම උසස් සහ ශුද්ධ වූ කැඳවීමට කැපකළ යුතුය, එය මම දැන් ඔහු හට දෙනු ලබන්නේය, තවද අවශ්‍ය වන්නාවූ සියලු දේවල් එහිදී එකතුකරනු ලබන්නේය; මක්නිසාද සේවකයා ඔහුගේ වේතනයට සුදුසු වන්නේය.

4 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ස්වාමින්වහන්සේගේ පැමිණීම ඉතා ආසන්නයට පැමිණෙන්නේය, තවද රාත්‍රියෙහි පැමිණෙන්නාවූ සොරෙකු මෙන් එය ලෝකය පසුකර යන්නේය—

5 එසේහෙයින්, නුඹලාගේ ඉඟටිය බැඳගන්න, එනම් නුඹලා ආලෝකයේ දරුවන් වන පිණිසද, එනම් එම දවස නුඹලාව සොරෙකු මෙන් පසුකර නොයන පිණිසදය.

6 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මාගේ සේවක වොරන් මාගේ සෙංකෝලයට හිසනැමූ විට, සහ මනුෂ්‍යයන්ගේ කපටි ක්‍රියා වලින් ඔහුව ඉවත්කරගත් විට, එහි ස්වර්ගයේ ප්‍රීතියක් ඇතිවූවෙහිය;

7 එසේහෙයින්, මාගේ සේවක වොරන් ආශිර්වාද ලද්දෙහිය; මක්නිසාද මම ඔහු මත දයාවන්ත වන්නෙමි; තවද, ඔහුගේ හදවතේ නිෂ්ඵලභාවය තිබියදීත්, මා ඉදිරියේ ඔහු ඔහුවම යටහත් කරගන්නා පමණින් මම ඔහුව ඔසවන්නෙමි.

8 තවද ඔහු සිටගන්නේ කොතැනද මම ඔහුට කරුණාවද තවද සුරක්ෂිතභාවයද දෙන්නෙමි; තවද ඔහු විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්ව තවද සභාව වෙතට ආලෝකයක්ව පවතින්නේද මාගේ පියාණන්ගේ මාළිගා තුළ මම ඔහු උදෙසා ඔටුන්නක් සූදානම් කර ඇත්තෙමි. එය එසේම වන්නේය. ආමෙන්.