ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 16


16 වන කොටස

1829 ජුනි, නිව්යෝර්ක්, ෆෙයිට් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් පීටර් විට්මර් කණිෂ්ඨ හට දෙනු ලැබු එළිදරව්වකි (14 වන කොටසේ ශීර්ෂය බලන්න). පසුව පීටර් විට්මර් කණිෂ්ඨ මොර්මොන්ගේ පොතෙහි සාක්ෂිකරුවන් අටදෙනාගෙන් එක්කෙනෙකු බවට පත්විය.

1–2, ස්වාමින්වහන්සේගේ හස්තය මුළු පොළොව මතය; 3–6, ශුභාරංචිය දේශනා කිරීම සහ ප්‍රාණයන් ගැලවීම වඩාත්ම වටිනා දෙය වන්නේය.

1 මාගේ ‍සේවක වූ පීටර්, උවමනාවෙන් සවන්දෙන්න, තවද ස්වාමින්වහන්සේද නුඹගේ මිදුම්කරුවාණන්ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනයන්ට සවන්දෙන්න.

2 මක්නිසාද බලන්න, මම නුඹට කතා කරන්නේ තියුණුව සහ බලය සහිතවය, මක්නිසාද මාගේ හස්තය සියලු පොළොව මත වන්නේය.

3 තවද එය මා මෙන් නුඹ මිස කිසිම මනුෂ්‍යයෙකු නොදන්නා වූ එය මම නුඹ හට පවසන්නෙමි—

4 මක්නිසාද බොහෝ අවස්ථාවන් වල නුඹ මාගෙන් නුඹ හට වඩාත් වටින්නා වූ එම දෙය දැනගැනීමට ආශා වූයෙහිය.

5 බලන්න, තවද මාගේ ආඥා වලට අනුව මා නුඹට දුන් මාගේ වචන කතා කිරීම ගැන, සහ මෙම කාරණය නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය.

6 තවද දැන්, බලන්න, මම නුඹ හට පවසන්නෙමි, නුඹට වඩාත් වටිනාම එම දෙය වන්නේ, එනම් නුඹ මා හට ප්‍රාණයන් ගෙන ඒම පිණිසත්, එනම් නුඹ ඔවුන් සමඟ මාගේ පියාණන්ගේ රාජ්‍යය තුළ විශ්‍රාම ගැනීම පිණිසත්, මෙම ජනතාව හට පසුතැවිල්ල ප්‍රකාශ කිරීමය. ආමෙන්.

මුද්‍රණය කරන්න