ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 47


47 වන කොටස

1831 මාර්තු මස 8, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. ඒ වන විටත් අනාගතවක්තෘවරයාගේ ලිපිකරුවෙකු ලෙස සේවය කර ඇති, ජෝන් විට්මර් හට, ඔලිවර් කවුඩ්‍රි වෙනුවට සභා ඉතිහාසඥයා සහ වාර්තාකරු ලෙස සේවය කරන ලෙස ඉල්ලා සිටි විට මුලින් පසුබට වූයේය. ඔහු මෙසේ ලීවේය, “මම එය නොකර ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉෂ්ඨ වන තුරු නිරීක්ෂණය කරන්නෙමි, එය උන්වහන්සේගේ කැමැත්ත නම්, උන්වහන්සේ එය දර්ශන දකින්නා වන ජෝසෆ් තුළින් ප්‍රකාශ කරනු ඇතැයි මම කැමැත්තෙමි.” ජෝසෆ් ස්මිත් මෙම එළිදරව්ව ලැබූ පසු, ජෝන් විට්මර් එය පිළිගෙන ඔහුව පත්කළ තත්වයේ සේවය කළේය.

1–4, ජොන් විට්මර්ව සභා ඉතිහාසය තැබීමට සහ අනාගතවක්තෘවරයා සඳහා ලිවීමට පත්කරන ලදි.

1 බලන්න, එනම් මාගේ සේවක ජෝන් නොකඩවා ඉතිහාසය ලිවීමට සහ තැබීමට, සහ ඔහුව තවත් වගකීම් වලට කැඳවන තුරු, තවද මගේ සේවක වූ ජෝසෆ්, නුඹ හට දෙනු ලබන එම සියලු දේවල් පිටපත් කිරීමෙහි, නුඹට සහය වීම, මා තුළ යෝග්‍ය වන්නේය.

2 නැවතත්, සැබවක් මම නුඹ හට පවසන්නෙමි එනම්, එය යෝග්‍ය වේලාවකදී, එසේම ඔහුට රැස්වීම් තුළ ඔහුගේ හඬ එසවිය හැකිය.

3 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි එනම් ඔහුව සභාවේ වාර්තාවන් සහ ඉතිහාසය නොකඩවා තැබීමට පත්කරන්නෙමි; මක්නිසාද ඔලිවර් කවුඩ්‍රිව වෙනත් තනතුරකට මම පත්කොට ඇත්තෙමි.

4 එසේහෙයින්, එපමණකින් ඔහු ඇදහිලිවන්ත වන්නේද, සැනසිලිදායකායාණන් මගින්, මෙම දේවල් ලිවීමට, එය ඔහුට දෙනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

මුද්‍රණය කරන්න