ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 73


73 වන කොටස

1832 ජනවාරි 10, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. ගෙවෙමින් තිබූ දෙසැම්බර් මාසයේ මුල, අනාගතවක්තෘවරයා සහ සිඩ්නි රිග්ඩන් දේශනා කිරීම් වල යෙදී සිටියහ, තවද මේ හේතුවෙන් සභාවට විරුද්ධව නැගී තිබුනාවූ අහිතකර හැඟීම් නිවාදැමීමට බොහෝ සේ හැකිවිය (71 වන කොටසේ ශීර්ෂය බලන්න).

1–2, වැඩිහිටියන් දේශනා කිරීමෙහි නිරතවිය යුතුය; 3–6, ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් බයිබලය අවසන් වන තුරු පරිවර්තනයෙහි නිරතවිය යුතුය.

1 මක්නිසාද සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් ඔවුන් ශුභාරංචිය දේශනා කිරීමේ නොකඩවා නිරතවිය යුතුවීම, තවද සම්මන්ත්‍රණය දක්වා, ප්‍රදේශ වටේ අවට සභාවන් වල අනුශාසනා ලබාදීමෙහි නිරතවිය යුතුවීම මා තුළ යෝග්‍ය වන්නේය;

2 තවද එවිට, බලන්න, සම්මන්ත්‍රණයේ හඬ මගින්, ඔවුන්ගේ විවිධ ධර්මදූතයන් පිළිබඳ, ඔවුන් හට දන්වනු ලබන්නේය.

3 දැන්, මාගේ සේවකයන් වූ, ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නැවතත් පරිවර්තනය කිරීම යෝග්‍ය වන්නේය;

4 තවද, එය ප්‍රායෝගික වන පමණකින්, සම්මන්ත්‍රණය දක්වා ප්‍රදේශ අවට වටේට දේශනා කරන්න; තවද එයින් පසුව එය අවසන් වන තුරු පරිවර්තනයේ ක්‍රියාවෙහි නිරත වීම යෝග්‍ය වන්නේය.

5 තවද එය ලියා තිබෙන ආකාරයට, මෙය වැඩිදුර දැනුමක් ලැබෙන තෙක් වැඩිහිටියන්ට ආදර්ශයක් වන්නේය.

6 දැන් මම මෙම කාලයේදී නුඹලාට මෙයට වඩා නොදෙන්නෙමි. නුඹලාගේ ඉඟටිය බැඳගෙන තවද සිහියෙන් සිටින්න. එය එසේම වන්නේය. ආමෙන්.

මුද්‍රණය කරන්න