ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 70


70 වන කොටස

1831 නොවැම්බර් 12, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයාගේ ඉතිහාසය සඳහන් කරන්නේ නොවැම්බර් 1 සිට 12 දක්වා එම දිනයන්ද ඇතුළත්ව, විශේෂ සම්මන්ත්‍රණ හතරක් පැවැත්වූ බවයි. මෙම එක්රැස්වීම් වල අවසානයේදී, දහම සහ ගිවිසුම් ලෙස පසුව නම් කරන ලද ආඥා පොතෙහි (Book of Commandments) ඇති එළිදරව් වල මහත් වැදගත්කම ගැන සලකා බලන ලදි. මෙම එළිදරව්ව ලබාදී ඇත්තේ එළිදරව් “මුළු පොළොවේම ධනයටත් වඩා වටියි” ලෙස සම්මන්ත්‍රණය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවය. ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය මෙම එළිදරව්ව ගැන සඳහන් කළේ “අපගේ ගැලවුම්කරුවාණන්ගේ රාජ්‍යයේ අභිරහස් වල යතුර නැවතත් මනුෂ්‍යයන් හට පැවරූ බව පෙන්වමින්, තවද ලෝකයට ප්‍රයෝජනවත්, මෙම අවසන් දවස් වල සභාවේ අත්තිවාරම” ලෙසය.

1–5, එළිදරව් ප්‍රසිද්ධ කිරීමට භාරකරුවන් පත්කෙරේ; 6–13, ආත්මික දේවලට වෙහෙසවූවන් ඔවුන්ගේ කුලිය සඳහා සුදුසුය; 14–18, ශුද්ධවන්තයන් ලෞකික දේවල් තුළ සමාන විය යුතුය.

1 බලන්න, තවද උවමනාවෙන් සවන්දෙන්න, අහෝ සයොනයේ පදිංචිකරුවන් වූ නුඹලා, තවද මාගේ සභාවේ දුර ඈතින් සිටිනා සියලු ජනතාවෙනි, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ වෙත සහ එසේම මාගේ සේවක මාටින් හැරිස් වෙත, තවද එසේම මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි වෙත, තවද එසේම මාගේ සේවක ජෝන් විට්මර් වෙත, තවද එසේම මාගේ සේවක සිඩ්නි රිග්ඩන් වෙත, තවද එසේම මාගේ සේවක විලියම් ඩබ්. ෆෙල්ප්ස් වෙත, ඔවුන් හට ආඥාවක් ලෙස ස්වාමින්වහන්සේ වන මා විසින් දෙනු ලබන මාගේ වචන වලට සවන්දෙන්න.

2 මක්නිසාද මම ඔවුන් හට ආඥාවක් දෙන්නෙමි; එසේහෙයින් උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න, මක්නිසාද ඔවුන් හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—

3 ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ව නියම කර, තවද මා ඔවුන් හට දුන්නාවූ තවද ඔවුන් වෙතට මින්පසුව දෙන්නාවූ, එළිදරව් සහ ආඥාවන් මත භාරකරුවන් ලෙස ඔවුන්ව පත්කළෙමි.

4 තවද මෙම භාරකාරත්වය ගැන වාර්තාවක් ඔවුන්ගෙන් මට විනිශ්චය දවසේදී අවශ්‍ය වන්නේය.

5 එසේහෙයින්, මම ඔවුන් හට නියම කර ඇත්තෙමි, තවද දෙවියන්වහන්සේගේ සභාවේ ඔවුන්ගේ යුතුකම වන්නේ, ඒවා පාලනය කිරීම සහ එහි ප්‍රයෝජනය ගැන, එසේය, එයින් ලැබෙන ප්‍රතිලාභ ගැන, සැලකිලිමත් වීමය.

6 එසේහෙයින්, මම ඔවුන් හට ආඥාවක් දෙන්නෙමි, එනම් ඔවුහු මෙම දේවල් සභාව වෙතට හෝ ලෝකය වෙතට නොදෙන්නෝය;

7 එසේවුවද, එපමණකින් ඔවුන් ඔවුන්ගේ වුවමනාවට සහ සහ අවශ්‍යතාවයට වඩා ප්‍රමාණයක් ලබන්නේ නම්, ඒවා මාගේ ගබඩා ගෘහයට දිය යුතු වන්නෝය;

8 තවද එපමණකින් ඔවුන් රාජ්‍යයේ නීති වලට අනුව එහි උරුමක්කාරයන් බවට පත්වන්නේද, එම ප්‍රතිලාභ සයොනයේ වැසියන්ට, සහ ඔවුන්ගේ පරම්පරා වලට කැපකරනු ලබන්නේය.

9 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, පත්කර ඇති ලෙස හෝ ඕනෑම මනුෂ්‍යයෙකුව මෙයින් පසුව පත්කරන පරිදි, සෑම මනුෂ්‍යයෙකුගෙන්ම ඔහුගේ භාරකාරිත්වය තුළින් ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මෙයයි.

10 තවද බලන්න, ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවට අයත්වන්නාවූ කිසිම අයෙක් මෙම නීතියෙන් බැහැර නොවන්නෝය;

11 එසේය, සභානායකවරයා වුවත්, ස්වාමින්වහන්සේගේ ගබඩා ගෘහය පවත්වන්නාවූ නියෝජිතයා වුවත්, ලෞකික දේවල් මත භාරකාරත්වයට පත්කරන ලද්දෙකු වුවත් බැහැර නොවන්නේය.

12 ආත්මික දේවල් මෙහෙයවීමට පත්කර ඇති ඔහු, ලෞකික දේවල් මෙහෙයවීමට භාරකාරත්වයට පත්කරනු ලැබූවන් මෙන් වුවත්, එවැන්නන් ඔහුගේ කුලියට සුදුසුය.

13 එසේය, වඩාත් බහුල ලෙස වුවත්, එම බහුලත්වය ඔවුන් හට ආත්මයාණන්ගේ ප්‍රකාශවීම තුළින් වැඩිකොට දෙනු ලබන්නේය.

14 එසේවුවද, නුඹලාගේ ලෞකික දේවලදී නුඹලා සමාන විය යුතු වන්නෝය, තවද මෙය අමනාපයෙන් නොවේ, නැතහොත් ආත්මයාණන්ගේ ප්‍රකාශවීම් වල බහුලත්වය වළක්වාගනු ලබන්නේය.

15 දැන්, මෙම ආඥාව මම මාගේ සේවකයන්ට දෙනු ලබන්නේ ඔවුන් සිටින තුරු ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහාය, ඔවුන්ගේ හිස මත මාගේ ආශිර්වාදයන් ප්‍රකාශවීම උදෙසාය, තවද ඔවුන්ගේ උද්යෝගය සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා විපාකයක් ලෙසය;

16 ආහාර උදෙසා තවද වස්ත්‍ර උදෙසා; උරුමයක් උදෙසා; නිවෙස් උදෙසා සහ දේපළ උදෙසා, අවස්ථාව කුමක් වුවද, තවද කුමනාකාර ස්ථානයකට වුවත්, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ව ස්ථානගත කරන්නෙමි, තවද ස්වාමින්වහන්සේ වන, මම, කුමන හෝ ස්ථානයකට ඔවුන්ව යවන්නෙමි.

17 මක්නිසාද ඔවුන් බොහෝ දේවල් මත ඇදහිලිවන්ත වී ඇත, තවද එපමණකින් ඔවුන් පාපයන් කර නොමැති තරමට, ඔවුන් යහපත්ව ක්‍රියා කර ඇත.

18 බලන්න, ස්වාමින්වහන්සේ වන, මම, ඔවුන්ට කරුණාවන්තව, තවද ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි, තවද ඔවුහු මෙම දේවල ප්‍රීතියට ඇතුළත් වන්නෝය. එය එසේම වන්නේය. ආමෙන්.

මුද්‍රණය කරන්න