ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 71


71 වන කොටස

1831දෙසැම්බර් 1, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ එළිදරව්වකි. අනාගතවක්තෘවරයා මෙම එළිදරව්ව ලැබෙන තුරු ඔහුගේ ලියන්නා ලෙස සිඩ්නි රිග්ඩන් සමඟ බයිබලය පරිවර්තනය කිරීමෙහි යෙදී සිටි අතර, එම අවස්ථාවේදී එය තාවකාලිකව පසෙකට දමා මෙහිදී ඔවුන්ට ලැබුනු උපදෙස් සම්පූර්ණ කිරීමට සිදුවිය. ඇදහිල්ලෙන් වැටී සිටියා වූ, එස්රා බූත් ලියූ ලිපි ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සභාවට විරුද්ධව ගොඩනැගෙමින් තිබුනාවූ එදිරිවාදී හැඟීම් සමථයකට පත්කිරීමට දේශනා කිරීම සඳහා සහෝදරවරුන්ට පිටතට යාමට සිදුවිය.

1–4, ජෝසෆ් ස්මිත්ව සහ සිඩ්නි රිග්ඩන්ව ශුභාරංචිය දේශනා කිරීමට පිටතට යවනු ලබයි; 5–11, ශුද්ධවන්තයන්ගේ සතුරන්ව ව්‍යාකූල කරනු ලැබේ.

1 බලන්න, මාගේ සේවකයන් වූ ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් වන නුඹලා හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, එනම් කාලය සැබවින්ම පැමිණ ඇත, මා තුළ වුවමනාව සහ යෝග්‍ය වන්නේ නුඹලාගේ මුඛය විවෘත කර, මාගේ ශුභාරංචිය, රාජ්‍යයේ කාරණා ප්‍රකාශ කරමින්, එහි අභිරහස් ශුද්ධලියවිලි වලින්, නුඹලාට දෙනු ලබන එම කොටස ආත්මික බවින් සහ බලයට අනුව, මා මෙන් පවා, පහදා දීමය.

2 සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, ප්‍රදේශ අවට වටේටම ලෝකයට, සහ සභාවන් තුළද, කාල පරිච්ඡේදයක කාල පරාසයක් පුරාවට, එය නුඹලා හට දන්වන තුරු වුවත්, ප්‍රකාශ කිරීමෙහි යෙදෙන්න.

3 සැබවක් මෙය මම නුඹලාට කාල සීමාවකට දෙනු ලබන්නාවූ ධර්මදූතයක් වන්නේය.

4 එසේහෙයින්, නුඹලා මාගේ මිදිවත්තේ වෙහෙසවෙන්න. පොළොවේ පදිංචිකරුවන් කැඳවන්න, තවද සාක්ෂි දරන්න, තවද එහි පැමිණීමට තිබෙන්නාවූ ආඥාවන් සහ එළිදරව් උදෙසා මාර්ගය පිළියෙල කරන්න.

5 දැන්, බලන්න මෙය ප්‍රඥාවය; කියවන්නා කවරෙකු වුවද, එය තේරුම්ගෙන එසේම ලබාගනිත්වා;

6 මක්නිසාද එනම් එය ලබාගන්නා ඔහුට වඩාත් බහුලව, බලය පවා දෙනු ලබන්නේය.

7 එසේහෙයින්, නුඹලාගේ සතුරන්ව ව්‍යාකූල කරන්න; පොදුවේ සහ පුද්ගලිකව දෙයාකාරවම නුඹලාව සම්මුඛ වීමට ඔවුන්ව කැඳවන්න, නුඹලා ඇදහිලිවන්ත වන පමණකින් ඔවුන්ගේ ලැජ්ඡාව එළිදරව් කරනු ලබන්නේය.

8 එසේහෙයින්, ඔවුන්ට ස්වාමින්වහන්සේට විරුද්ධව ඇති ශක්තිමත් කාරණා පෙරට ගෙන ඒමට ඉඩදෙන්න.

9 සැබවක්, නුඹලා හට ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක—එහි නුඹලාට විරුද්ධව සාදන ලද කිසිඳු අයුධයක් සඵල නොවන්නේය;

10 තවද කිසිඳු මනුෂ්‍යයෙකු ඔහුගේ හඬ නුඹ හට විරුද්ධව ඔසවන්නේද ඔහුව මාගේ ස්වකීය කාලයෙහිදී ව්‍යාකූල කරනු ලබන්නේය.

11 එසේහෙයින්, මාගේ ආඥාවන් පිළිපදින්න; ඒවා සත්‍යයය තවද ඇදහිලිවන්තය. එය එසේම වන්නේය. ආමෙන්.

මුද්‍රණය කරන්න