ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 22


22 වන කොටස

1830 අප්‍රියෙල් 16, මැන්චෙස්ටර්, නිව්යෝර්ක් හිදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්ව සභාවට දෙනු ලැබූයේ මීට පෙර බව්තීස්ම වූ සමහරක් අය නැවත බව්තීස්මය නොලැබ සභාවත් සමඟ එක්සත් වීමට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

1, බව්තීස්මය නව සහ සදාකාලික ගිවිසුමකි; 2–4, අධිකාරී බලය ඇති බව්තීස්මය අවශ්‍ය වන්නේය.

1 බලන්න, මම නුඹලා හට මෙසේ පවසන්නෙමි එනම් මෙම දෙය තුළ සියලුම පැරණි ගිවිසුම් මම ඉවත්කිරීමට සැලැස්සුවෙමි; තවද මෙය නව සහ සදාකාලික ගිවිසුමකි, එනම් එය ආරම්භයේ පටන්ම තිබූ දෙයකි.

2 එසේහෙයින්, මනුෂ්‍යයෙකු සියවරක් බව්තීස්ම වීමට සැලසුවත් එයින් ඔහුට කිසි ප්‍රතිඵලයක් නොවන්නේය, මක්නිසාද මෝසෙස්ගේ නීතිය තුළින්වත් හෝ නුඹගේ මැරුණු ක්‍රියා තුළින්වත්, පටු දොරටුවෙන් නුඹට ඇතුළත්විය නොහැක්කේය.

3 මක්නිසාද පැරණි දින වල මෙන්, මා මෙම අවසන් ගිවිසුම ඇති කළේ සහ මෙම සභාව මා හට ගොඩනැගීමට හේතු වූයේ, නුඹලාගේ මැරුණු ක්‍රියාවන් නිසාය.

4 එසේහෙහින්, මා නුඹලා හට ආඥා කළාක් මෙන්, නුඹලා දොරටුව තුළින් ඇතුල්වන්න, තවද නුඹගේ දෙවියන්වහන්සේට උපදෙස් දීමට නොසොයන්න. ආමෙන්.