1832 පෙබරවාරි 16, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට සහ සිඩ්නි රිග්ඩන් හට දෙනු ලැබූ දර්ශනයකි. මෙම දර්ශනයේ ඔහුගේ වර්තාවේ පෙරවදන තබමින්, අනාගතවක්තෘවරයාගේ ඉතිහාසය මෙසේ සඳහන් කරයි: “මම ඇම්හර්ස්ට් සම්මන්ත්‍රණයෙන් ආපසු පැමිණි පසු, මම නැවත ශුද්ධලියවිලි පරිවර්තනය ආරම්භ කළෙමි. ලැබී තිබූ එම විවිධ එළිදරව් වෙතින්, එය එනම් මනුෂ්‍යයාගේ ගැලවීම ගැන සඳහන් වූ බොහෝ වැදගත් කරුණු බයිබලය වෙතින්, එය සම්පාදනය කිරීමට ප්‍රථම එයින් ඉවතට ගෙන හෝ නැතිවී තිබූ බව පෙනීමට තිබිණි. ඉතිරි වූ සත්‍යයන් කුමක් වීද ඒවායින් එය ස්වයං-ප්රත්යක්ෂව පෙනෙන්නට තිබිණි, ශරීරයේ සිටියදී කරන ලද ක්‍රියාවන්ට අනුව දෙවියන්වහන්සේ සෑම කෙනෙකුටම විපාක දුන්නේ නම්, ශුද්ධවන්තයන්ගේ සදාකාලික නිවස සඳහා අදහස් කරන පරිදි ‘ස්වර්ගය’ යන යෙදුමේ, රාජ්‍යයන් එකකට වඩා ඇතුළත් වියයුතු බව පෙනී ගියේය. ඒ අනුව… ශුද්ධ වූ යොහාන්ගේ ශුභාරංචිය පරිවර්තනය කරන විට, මා සහ වැඩිහිටි රිග්ඩන් පහත දර්ශනය දුටුවෝය.” මෙම දර්ශනය දෙන අවස්ථාවේදී, අනාගතවක්තෘවරයා යොහාන් 5:29 පරිවර්තනය කරමින් සිටියේය.