ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 92


92 වන කොටස

1833 මාර්තු 15, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි. මෙම එළිදරව්වෙන් එක්සත් සමාගමේ රාජකාරි පිළිබඳව, මෑතකදී ජෝසෆ් ස්මිත්ගේ උපදේශකයෙකු ලෙස පත්කර ඇති ෆ්‍රෙඩ්‍රික් ජී. විලියම්ස් හට උපදෙස් දෙනු ලබයි (78 සහ 82 යන කොටස් වල ශීර්ෂ බලන්න).

1–2, ස්වාමින්වහන්සේ විසින් එක්සත් සංවිධානයට ඇතුළත් වීමට අදාළව ආඥාවක් දෙනු ලබයි.

1 සැබවක්, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, පෙර දෙනු ලැබුවා වූ ආඥාවන්ට අනුව එකඟවූ ලෙස සංවිධානය කළ, එක්සත් සංවිධානයට, මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් සම්බන්ධව එළිදරව්වක් සහ ආඥාවක් මම දෙන්නෙමි, එනම් නුඹලා එම පිළිවෙල තුළට ඔහුව ලබාගත යුතු වන්නෝය. එක් අයෙකුට පවසන්නාවූ දේ මම සියල්ලන්ටම පවසන්නෙමි.

2 තවද නැවතත්, මාගේ සේවක ෆෙඩ්‍රික් ජී. විලියම්ස් වන නුඹ හට මම පවසන්නෙමි, නුඹ මෙම පිළිවෙලට ප්‍රාණවත් සමාජිකයෙක් වන්නේය; තවද එපමණකින් පෙරදී ලද සියලු ආඥාවන් පිළිපැදීමට නුඹ ඇදහිලිවන්ත වන තරමට නුඹ සදාකාලයටම ආශිර්වාද ලත් අයෙක් වන්නේය.