ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 32


32 වන කොටස

1830 ඔක්තෝම්බර්, මැන්චෙස්ටර්, නිව්යෝර්ක් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් පාර්ලි පී. ප්‍රැට් සහ සිබා පීටර්සන් හට දෙනු ලැබූ එළිදරව්වකි. ලාමන්වරු සම්බන්ධයෙන් සභාව මොර්මොන්ගේ පොතෙන් ඉගෙනගත් ප්‍රකාශ කරන ලද ආශිර්වාදයන් ගැන මහත් වුවමනාවක් සහ ආශාවක් වැඩිහිටියන් අතර හටගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස, එනම් එම කාලයේදී බටහිර සිටියාවූ ඉන්දියානු ගෝත්‍ර වෙත වැඩිහිටියන් යැවිය යුතු දැයි උන්වහන්සේගේ කැමැත්ත දැක්වීමට ස්වාමින්වහන්සේ වෙත ඉල්ලීමක් කරන ලදි. මෙම එළිදරව්ව එවිට පැමිණියේය.

1–3, පාර්ලි පී. ප්‍රැට් සහ සිබා සහ සිබා පීටර්සන්ව ලාමන්වරුන්ට දේශනා කිරීමට සහ ඔලිවර් කවුඩ්‍රි සහ පීටර් විට්මර් කණිෂ්ඨ සමඟ යෑමට කැඳවනු ලබයි; 4–5, ඔවුන් ශුද්ධලියවිලි තේරුම්ගැනීම උදෙසා යාච්ඤා කළ යුතුය.

1 තවද දැන් මාගේ සේවක පාර්ලි පී. ප්‍රැට් සම්බන්ධයෙනි, බලන්න, මම ඔහු හට පවසන්නෙමි එනම් මා ජීවත්වන්නාක් මෙන්ම මාගේ කැමැත්ත ඔහු මාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමය සහ මාගෙන් ඉගෙනගැනීමය, තවද යටහත්ව සහ හදවතේ යටහත් බවින් සිටීමය.

2 තවද එනම් මා විසින් ඔහුව පත්කරනු ලැබ ඇත්තේ එනම් ඔහු මාගේ සේවක, ඔලිවර් කවුඩ්‍රි සහ පීටර් විට්මර් කණිෂ්ඨ සමඟ වනාන්තරය තුළට ලාමන්වරුන් අතරට යා යුතු වීමටය.

3 තවද සිබා පීටර්සන්ද එසේම ඔවුන් සමඟ යා යුතු වන්නේය; තවද මමද ඔවුන් සමඟ යන්නෙමි තවද ඔවුන් මධ්‍යයේ සිටින්නෙමි; තවද මම පියාණන්වහන්සේ සමඟ ඔවුන්ගේ මැදහත්කරුවාණන් වන්නෙමි, තවද කිසිවක් ඔවුන්ට විරුද්ධව නොපවතින්නේය.

4 තවද ඔවුහු එනම් ලියන ලද එයට ඇහුම්කන්දෙන්නෝය, තවද වෙනත් එළිදරව්වකට නොරැවටෙන්නෝය; තවද එනම් ඔවුන්ගේ තේරුම්ගැනීමට මම සියල්ල විවෘත කිරීම සඳහා ඔවුහු සැමවිටම යාච්ඤා කළ යුතු වන්නෝය.

5 තවද ඔවුහු මෙම වචන වලට ඇහුම්කන්දෙන්නෝය තවද අගෞරව නොකරන්නෝය, තවද මම ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි. ආමෙන්.

මුද්‍රණය කරන්න