ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 69


69 වන කොටස

1831 නොවැම්බර් 11, හයිරම්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මුල් ප්‍රකාශනය සඳහා අදහස් කරන ලද එළිදරව් සම්පාදනය කිරීම නොවැම්බර් 1–2 විශේෂ සම්මන්ත්‍රණයේදී සම්මත කර තිබුණි. නොවැම්බර් 3 වන දින, මෙහි 133 වන කොටස ලෙස දැක්වෙන එළිදරව්ව, පසුව උපග්‍රන්ථය ලෙස නම් කර ඇතුළත් කරන ලදි. සම්පාදනය කරන ලද එළිදරව් සහ ආඥාවන්ගේ අත් පිටපත මුද්‍රණය සඳහා ඉන්ඩිපෙන්ඩන්ස්, මිසුරි, වෙත රැගෙන යාම සඳහා මීට පෙර ඔලිවර් කවුඩ්‍රිව පත්කර තිබුණි. මිසුරි හි සභාව ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර තිබූ මුදල්ද ඔහු සමඟ රැගෙන යාමට ඔහුට නියමිතව තිබුණි. මෙම එළිදරව්ව ජෝන් විට්මර්ට ඔලිවර් කවුඩ්‍රි සමඟ යාමට උපදෙස් දෙන අතර සභා ඉතිහාසඥයා සහ වාර්තා කරන්නා ලෙස ඔහුගේ කැඳවීම අනුව ඓතිහාසික තොරතුරු සංචාරය කර එකතු කිරීමට විට්මර්ට උපදෙස් ලබාදෙයි.

1–2, ඔලිවර් කවුඩ්‍රි සමඟ ජෝන් විට්මර් මිසුරි වෙතට යා යුතු වන්නේය; 3–8, ඔහු එසේම දේශනා කරමින් තවද ඉතිහාසගත දත්ත එක්රැස් කරමින්, වාර්තා තබමින්, ලිවිය යුතු වන්නේය.

1 මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රිගේ යහපත උදෙසා, මා හට උවමනාවෙන් සවන්දෙන්න, ස්වාමින් වූ නුඹගේ දෙවියන්වහන්සේ පවසන සේක. එනම් ඔහු සමඟ අවංක සහ ඇදහිලිවන්ත අයෙකු යන්නේ නම් මිස, සයොන දේශයට රැගෙන යාමට ඔහු ගෙන යන්නා වූ ආඥාවන් සහ මුදල් ඔහුට භාරකිරීම මා තුළ ප්‍රඥාව නොවන්නේය.

2 එසේහෙයින්, ස්වාමින්වහන්සේ වන, මාගේ කැමැත්ත වන්නේ, මාගේ සේවක ජෝන් විට්මර්, මාගේ සේවක ඔලිවර් කවුඩ්‍රි සමඟ ගමන් කිරීමය;

3 තවද එසේම එනම් මාගේ සභාව සම්බන්ධව ඔහු නිරීක්ෂණය කරන සහ දැනගන්නා සියලු වැදගත් දේවල් ගැන ඉතිහාසයක් ලිවීමේ නිරත වෙමින් ක්‍රියා කරන පිණිසය;

4 තවද එසේම එනම් ඔහු මාගේ සේවක ඕලිවර් කවුඩ්‍රි සහ අනෙකුත් අයවළුන්ගෙන් උපදේශ සහ උපකාර ලබන්නේය.

5 තවද එසේම, පොළොවේ විසිරී සිටින්නාවූ මාගේ සේවකයන් ඔවුන්ගේ භාරකාරත්වයේ තිබෙන වාර්තාවන් සයොනයේ දේශයට යැවිය යුතු වන්නේය;

6 මක්නිසාද සයොන දේශය මෙම සියලු දේවල් ලැබීමට සහ කිරීමට ආසනයක් සහ ස්ථානයක් වන්නේය.

7 එසේවුවද, මාගේ සේවක ජෝන් විට්මර්ට කිහිප වාරයක් ස්ථානයෙන් ස්ථානයට, තවද සභාවෙන් සභාවට, එනම් ඔහුට වඩාත් හොඳින් දැනීම ලබාගැනීම පිණිස ගමන් කිරීමට ඉඩදෙන්න—

8 දේශනා කරමින් සහ විස්තර කරමින්, ලියමින්, පිටපත් කරමින්, තෝරාගනිමින්, සහ එම සියලු දේවල් සභාවේ යහපත සහ සයොන දේශයේ වැඩිවන පරම්පරාව ගොඩනැගීම උදෙසාද, පරම්පරාවෙන් පරම්පරාවට, සදාකාලයෙන් සදාකාලයට එය අයත් කරගන්නා පිණිසදය. ආමෙන්.

මුද්‍රණය කරන්න