ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 129


129 වන කොටස

1843 පෙබරවාරි 9, නාවූ, ඉලිනොයිස් හිදී, දේවසේවා දේවදූතයන් හා ආත්මයන්ගේ නිවැරදි ස්වභාවය පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන සාධක තුනක් පිළිබඳ දැනුම්දීම සඳහා, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මගින් දෙනු ලැබූ උපදේශයන්ය.

1–3, එහි ස්වර්ගයෙහි මරණයෙන් නැවත නැගිටි සහ ආත්මික ශරීරයන් සිටිති; 4–9, තිරයෙන් එහා වූ පණිවිඩකරුවන්ව හඳුනාගැනීමට හැකිවන පිණිස සාධක ලබාදී ඇත්තේය.

1 එහි ස්වර්ගයෙහි පුද්ගලයින් දෙවර්ගයක් වන්නෝය, නාමිකව: මරණයෙන් නැවත නැගිටි අයවලුන් වන, මාංශ සහ අස්ථි සහිත, දේවදූතයන්ය—

2 උදාහරණයක් ලෙස, යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: මා අල්ලා බලන්න, නුඹලාට මාගෙන් පෙනන ලෙස, ආත්මයකට මාංශ සහ අස්ථි නොමැත්තේය.

3 දෙවනුව: පරිපූර්ණ කරන ලද ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ගේ ආත්මයන්ය, ඔවුන් මරණයෙන් නැවත නැගිට නොමැත්තෝය, එහෙත් ඒ හා සමාන මහිමයක් උරුම කරගෙන සිටින්නෝය.

4 පණිවිඩකරුවෙකු පැමිණ ඔහුට දෙවියන්වහන්සේ වෙතින් පණිවිඩයක් ඇත්තේ යැයි පවසන විට, ඔහුට නුඹගේ අත දිගුකර තවද නුඹ සමඟ අතට අත දී ආචාර කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටින්න.

5 ඔහු දේවදූතයෙකු වේ නම් ඔහු එසේ කරනු ඇත, තවද නුඹට ඔහුගේ අත දැනෙනු ඇත.

6 ඔහු පරිපූර්ණ කරනු ලැබූ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුගේ ආත්මයක් නම් ඔහු ඔහුගේ මහිමයෙන් යුතුව පැමිණෙන්නේය; මක්නිසාද එනම් ඔහුට පෙනීසිටිය හැකි එකම මාර්ගය එය වන්නේය—

7 නුඹ සමඟ අතට අත දී ආචාර කිරීමට ඔහුගෙන් ඉල්ලන්න, එහෙත් ඔහු චලනය නොවනු ඇත, මක්නිසාද ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුට මුලාකිරීම ස්වර්ගයේ නියමයට අනුව විරුද්ධය; එහෙත් ඔහු ඔහුගේ පණිවිඩය ලබාදෙනු ඇත.

8 යක්ෂයා ආලෝකයේ දේවදූතයෙකු මෙන් පැමිණියේ නම්, අතට අත දී ආචාර කිරීමට නුඹ ඔහුගෙන් ඉල්ලූ විට ඔහු ඔහුගේ අත නුඹට දිගුකරනු ඇත, තවද නුඹට කිසිවක් නොදැනෙනු ඇත; එසේහෙයින් නුඹට ඔහුව හඳුනාගත හැකිවන්නේය.

9 යම් මෙහෙකිරීමක් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නේද යන වග නුඹට දැනගැනීම සඳහා වන ප්‍රධාන සාධක තුන මේවා වන්නේය.

මුද්‍රණය කරන්න