ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 67


67 වන කොටස

1831 නොවැම්බර් මුලදී, හයිරම්, ඔහායෝ හිදී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. එය විශේෂ සම්මන්ත්‍රණයක අවස්ථාවක් විය, එමෙන්ම දැනටමත් අනාගතවක්තෘවරයා තුළින් ස්වාමින්වහන්සේ දෙන ලද එළිදරව් ප්‍රකාශයට පත්කිරීම ගැන සලකාබලා තවද ඒ අනුව ක්‍රියාකර තිබුණි (1 වන කොටසේ ශීර්ෂය බලන්න). විලියම් ඩබ්. ෆෙල්ප්ස් මෑතකදී ඉන්ඩිපෙන්ඩන්ස්, මිසුරි හි, සභා මුද්‍රණාලය පිහිටුවන ලදි. එම එළිදරව් ආඥා පොත (Book of Commandments) ප්‍රකාශයට පත්කිරීමටත් එමෙන්ම පිටපත් 10,000 ක් මුද්‍රණය කිරීමටත් එම සම්මන්ත්‍රණය තීරණය කළේය (එය අනපේක්ෂිත දුෂ්කරතා නිසා පසුව පිටපත් 3,000 දක්වා අඩු කරන ලදි). එවකට ප්‍රකාශනය සඳහා සම්පාදනය කරන ලද එළිදරව් කිරීම් සත්‍ය බව, ඔවුන් මත වූ ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් බොහෝ සහෝදරයන් ගෞරවාන්විත සාක්ෂියක් දැරූහ. 1 වන කොටස ලෙස හැඳින්වෙන එළිදරව්ව ලැබීමෙන් පසුව, එළිදරව් කිරීම් වල භාවිතා වන භාෂාව පිළිබඳව යම් සංවාදයක් ඇතිවූ බව ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසය වාර්තා කරයි. ඉන්පසුව වර්තමාන එළිදරව්ව ලැබිණි.

1–3, ස්වාමින්වහන්සේ යාච්ඤාවන් අසා තවද උන්වහන්සේගේ වැඩිහිටියන්ව බලාගන්නා සේක; 4–9, උන්වහන්සේ ප්‍රඥාවන්තම පුද්ගලයාට උන්වහන්සේගේ එළිදරව් අවම වශයෙන්වත් සමාන කිරීමට අභියෝග කරන සේක; 10–14, ඇදහිලිවන්ත වැඩිහිටියන් ආත්මයාණන් මගින් ප්‍රාණවත් කරනු ලැබ දෙවියන්වහන්සේගේ මුහුණ දකිනු ඇත.

1 බලන්න තවද උවමනාවෙන් සවන්දෙන්න, අහෝ නුඹලාවම එකට එක්රැස්කරගෙන සිටින්නා වූ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, නුඹලාගේ යාච්ඤාවන් මම ඇසීමි, තවද නුඹලාගේ හදවත් මම දනිමි, තවද නුඹලාගේ ආශාවන් මා ඉදිරියට පැමිණ ඇත.

2 බලන්න තවද බලව, මාගේ දෑස් නුඹලා මත වන්නේය, තවද ස්වර්ගයන් සහ පොළොව මාගේ හස්තයන්හිය, තවද මාගේ සදාකාලික සම්පත් ලබාදෙන්නේ මාය.

3 නුඹලාට පිරිනැමූ ආශිර්වාදය ලබාගත යුතුයැයි විශ්වාස කිරීමට නුඹලා උත්සාහ කළහ; එහෙත් බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි නුඹලාගේ හදවත් වල භීතියක් තිබිණි, තවද සැබවින්ම එය නුඹලාට නොලැබුන හේතුවද මෙයයි.

4 තවද දැන් ස්වාමින්වහන්සේ වන, මම, නුඹලා ඉදිරියේ තබා ඇති මෙම ආඥා වල සත්‍යතාවය පිළිබඳ සාක්ෂියක් නුඹලා හට දෙන්නෙමි.

5 නුඹලාගේ ඇස් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ මත විය, තවද ඔහුගේ භාෂාව නුඹලා දැන සිටියෙහුය, තවද ඔහුගේ දුර්වලතාවයන් නුඹලා දැන සිටියෙහුය; තවද ඔහුගේ භාෂාවෙන් ඔබ්බට නුඹලාට ප්‍රකාශ කළ හැකි දැනුම නුඹලා නුඹලාගේ හදවතින්ම සෙව්වෙහුය; මෙයද නුඹලා දැන සිටියෙහුය.

6 දැන්, ඒවා අතරින් අවම දේ වුවත්, නුඹලා ආඥා පොතෙන් සොයන්න, තවද නුඹලා අතරින් එනම් වඩාත්ම ප්‍රඥාවන්තයාව පත්කරන්න;

7 නැතහොත්, ඒ හා සමානව එකක් කිරීමට හැකි අයෙකු නුඹලා අතර සිටින්නේ නම්, එවිට එනම් නුඹලා ඒවා සත්‍යදැයි නොදන්නේ යැයි පැවසීමෙහි නුඹලා ධර්මිෂ්ඨ වන්නෝය;

8 එහෙත් නුඹලාට ඒ හා සමාන දෙයක් කිරීමට නොහැකි නම්, එනම් ඒවා සත්‍යය යැයි සාක්ෂි දැරීමට නුඹලාට නොහැකි නම්, නුඹලා හෙළාදැකීමකට යටත් වන්නෝය.

9 මක්නිසාද එනම් ඒවායේ අධර්මිෂ්ඨකමක් නොවන්නේ යැයි නුඹලා දන්නෙහුය, තවද එනම් ධර්මිෂ්ඨ වූ දේ පහතට පැමිණෙන්නේ ඉහළින්ය, ආලෝකයන්ගේ පියාණන් වෙතින්ය.

10 තවද නැවතත්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි එනම් එය නුඹලාගේ වරප්‍රසාදයයි, තවද එනම් මෙම දේවසේවයට නුඹලා නියම කර ඇති පොරොන්දුවක් මම නුඹලා හට දෙන්නෙමි, එනම් එපමණකින් නුඹලා ඊර්ෂ්‍යාව සහ බිය නුඹලා වෙතින් ඉවත් කරගන්නේද, නුඹලා ප්‍රමාණවත් ලෙස යටහත් නොමැති නිසා, තවද නුඹලාව මා ඉදිරියේ යටහත් කරගන්නා තරමටම, තිරය ඉරී තවද නුඹලා මා දකිමින් තවද මා දැනගනු ලබන්නෙහුය—එසේ වන්නේ කායික හෝ ස්වභාවික මනසින් නොව, එහෙත් ආත්මික මනසකින් යුතුවය.

11 මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ප්‍රාණවත් කිරීමෙන් මිස, කිසිඳු මනුෂ්‍යයෙකු මාංශයෙන් යුතුව කිසිඳු අවස්ථාවක දෙවියන්වහන්සේව දැක නොමැත්තේය.

12 එසේම කිසිඳු ස්වභාවික මනුෂ්‍යයෙකුට හෝ කායික මනසකින් යුතුව, දෙවියන්වන්සේ අභියස සිටිය නොහැක්කේය.

13 නුඹලාට දැන් දෙවියන්වහන්සේගේ සමීපයේ වාසය කිරීමට හෝ, දේවදූතයන්ගේ දේවසේවය හෝ ලැබීමට නොහැකිය; එසේහෙයින්, නුඹලාව පරිපූර්ණ කරනු ලබන තුරු දිගටම ඉවසිල්ලෙන් සිටින්න.

14 නුඹලාගේ සිත් නැවත හැරීයාමට ඉඩනොදෙන්න; තවද මාගේ ස්වකීය සුදුසු කාලයේදී, නුඹලා සුදුසු වූ විට, එනම් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ හස්තයන් මගින් නුඹලා මත දානය කළා වූ එය නුඹලා දැක තවද දැනගන්නෙහුය. ආමෙන්.