1–5, ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් සදාකාල ජීවනයේ පොරොන්දුව වන, සැනසිලිදායකයාණන් ලබන්නෝය; 6–13, සියළු දේවල් හසුරවන්නේ සහ පාලනය කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය මගිනි; 14–16, මරණයෙන් නැවත නැගිටීම පැමිණෙන්නේ මිදීම තුළිනි; 17–31, සෙලෙස්ටියල්, ටෙරෙස්ට්‍රියල් සහ ටෙලෙස්ටියල් නීති වලට කීකරු වීම තුළින් එම රාජ්‍යයන් සහ මහිමයන් සඳහා මනුෂ්‍යයන්ව සූදානම් කරයි; 32–35, පාපයේ සිටීමට තීරණය කරන්නවුන් අපවිත්රවම පවතින්නෝය; 36–41, සියළුම රාජ්‍යයන් නීතිය මගින් පාලනය වන්නේය; 42–45, දෙවියන්වහන්සේ සියළු දේවල් හට නීතියක් දී ඇත්තේය; 46–50, මනුෂ්‍යයා දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නේය; 51–61, ඔහුගේ සේවකයන් කෙතට යවමින් තවද ඔවුන්ව බැහැදැකීමට යන මනුෂ්‍යයාගේ උපමාව; 62–73, ස්වාමින්වහන්සේ වෙතට ලංවන්න, තවද නුඹලා උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; 74–80, නුඹලාව පරිශුද්ධ කරගන්න තවද එකිනෙකාට රාජ්‍යයේ මූලධර්ම උගන්වන්න; 81–85, අනතුරු අඟවනු ලැබූ සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ අසල්වැසියාට අනතුරු ඇඟවිය යුතුය; 86–94, සළකුණු, මූලද්‍රව්‍යයන්ගේ කැලඹීම්, සහ දේවදූතයන් ස්වාමින්වහන්සේගේ පැමිණීමේ මාර්ගය සූදානම් කරන්නෝය; 95–102, දේවදූතයින්ගේ හොරණෑවන් මළවුන් ඔවුන්ගේ පිළිවෙලට අනුව කැඳවන්නේය; 103–116, ශුභාරංචියේ නැවත පිහිටුවීම, බැබිලෝනියේ වැටීම, තවද ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේ සටන, දේවදූතයින්ගේ හොරණෑවන් ප්‍රකාශ කරන්නේය; 117–126, ඉගෙනීම සොයන්න, දෙවියන්වහන්සේගේ ගෘහයක් පිහිටුවාගන්න (දේවමාළිගාවක්), තවද ප්‍රේමයේ බැඳීමකින් නුඹලාව වස්ත්‍ර ගන්වාගන්න; 127–141, පාද සේදීමේ නියෝගයද ඇතුළුව අනාගතවක්තෘවරුන්ගේ පාසලේ පිළිවෙල සකසා ඇත.